IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘අර්ජුන් මහේන්ද්‍රන් යළි පත් නොකරන්නැයි ජනපතිට නිර්දේශ‘

අර්ජුන් මහේන්ද්‍රන් නැවත වරක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිර්දේශ කර ඇතැයි විශේෂ කර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (16) පැවසීය.

මහ බැංකු අධිපතිවරයා පිළිබඳ රටේ සියලු පාර්ශවයන් අතර සැකයක් හෙයින් ඔහු නැවතත් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීම සුදුසු නොවන බව අමුණුගම මහතා සඳහන් කළේය.

මේ අතර පෞද්ගලික අංශය සිදුකරන වෛද්‍ය පරීක්ෂණ සඳහා දැනට අය කරන වැට් බද්ද අත්හිටුවන ලෙස රජයේ ආර්ථික කමිටුව නිර්දේශ කර ඇතැයි ද ඉදිරියේ දී සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය හා මත්පැන් සඳහා ද වැට් බද්ද අයකිරීමට නිර්දේශ කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඉදිරියේ දී ආණ්ඩුවට එකතුවනු ඇතැයි ද ඔහු පැවසීය.



අදහස් (0)

‘අර්ජුන් මහේන්ද්‍රන් යළි පත් නොකරන්නැයි ජනපතිට නිර්දේශ‘

සත්‍යයා Friday, 17 June 2016 12:45 AM

දැන්වත් ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ මොළය පෑදිය යුතුයි. මෙහිදී ප්‍රශ්නය වන්නේ අර්ජුන මහේන්ද්‍ර කවුද කියන එක නොව ඔහුව මෙහාට ගේන්න මුල්වුණ අදෘශ්‍යමාන හස්තය කවුද කියා පාලකයින් තේරුම් ගන්න එකයි. මේක තේරුම් ගන්න බැරි මිනිස්සු දේශපාලනයට සුදුසු නැතිබවයි මගේ හැඟීම. (නි)

:       0       0

නිහාල් Friday, 17 June 2016 02:35 AM

මොන පිස්සුද? මෙතුමා වරදක් කරලා නැහැ. ඉතා හදිසිව තිබූ නොකරම බැරි දෙයක් ආපු ගමන්ම කළේ ඒකයි. ඒ දේ නොකළා නම් රට මෙලහකට ඉවරයි. අනික මේ තනතුරට සුදුසු අය මෙරට තව ඉන්නවාද සැකයි. (නි)

:       0       0

උපාලි Friday, 17 June 2016 03:46 AM

ජයම්පති සමග මාත් එකඟයි. කට්ටියක් මෙයාව තියාගන්න ඕන කියනවා. කට්ටියක් එපා කියල නිර්දේශ පවා කරලා තියෙනවා. ජනාධිපතිතුමාට නිවැරදි එඩිතර තීරණයක් ගන්න වෙනවා. (බ)

:       0       0

ජයම්පති Thursday, 16 June 2016 10:16 AM

ජනාධිපතිතුමනි, නිවැරදි අභීත තීරණයක් ගන්න ඔබට හොඳ අවස්තාවක්. (ර)

:       0       0

සිසිර Thursday, 16 June 2016 11:01 AM

මේ වෙලාවේ රටට හිතකර විසදුමක් ගත යුතුයි. (ර)

:       0       0

උපාලි Thursday, 16 June 2016 12:07 PM

සමහරු තර්ක කරලා තිබුනා චෝදනා එල්ල කලාට වැරදි කාරයෙක් වෙලා නැහැනේ. ඒ හින්ද ආයෙත් පත් කරනවා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ගින්නක් නැතුව දුමක් නොනගින බව අපි විශ්වාස කරන නිසා දුම් ගහපු නැති කෙනෙක් නේද වඩා හොඳ? (ර)

:       0       0

වින්සන්ට් Thursday, 16 June 2016 12:08 PM

ජනාධිපතිතුමා වෙනුවෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටින ජනතා නියෝජිතයන්ට ඉඩ සලසා දීම ජනාධිපති තුමාගේ වගකීමකි. කාගෙත් නිර්දෝෂිභාවය දැක ගැනීමටද හොඳ මොහොතකි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 June 2016 02:34 PM

මෙයාට විරුද්ධව චෝදනා තිබෙනවානම් වහාම ඉදිරිපත් කරලා නඩු දාන්න. ආණ්ඩු මාරු වෙනකල් බලා ඉන්න එපා. සමහර 'ක්ලීන්' කියපු නායකයෝ ගැන දැන් නම් හිරිකිතක් දැනෙනවා. (බ)

:       0       0

ෆාරා Thursday, 16 June 2016 02:37 PM

ඔන්න ඔහේ නැතිවෙන්න දෙයක් නැති එකේ සුන්නද්දුලි වෙන්න දීලම දාන්න. තව මොනවා ඇතිවෙන්නද (බ)

:       0       0

රජිත් Thursday, 16 June 2016 03:36 PM

ඔක්කොටම වැඩිය මට බය අන්තිමට තියෙන ඒකාබද්ධ විපක්ෂය ගැන කතාවට (නි)

:       0       0

සේන Thursday, 16 June 2016 04:10 PM

මොහු ඉවත්කිරීම සිදුකළ යුතුම දෙයක් (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 16 June 2016 04:16 PM

එ්කටත් අහවලා බලපෑම් කරාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ධම්ම Thursday, 16 June 2016 05:14 PM

ජයම්පති මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 226 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 914 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1426 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 343 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1000 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1867 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site