IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු : පාඩුව රුපියල් කෝටි 1500යි‘

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ දී රජයට විශාල පාඩුවක් සිදුවී තිබෙන අතර ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු යැයි කෝප් කමිටු විමර්ශනයේ දී තහවුරු වූ බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.

2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී රජයට විශාල පාඩුවක් සිදුව තිබෙන බව ද කෝප් කමිටුව සකස් කළ වර්තාවේ සඳහන් වන බව සුනිල් හදුන්නෙත්ති මහතා කීවේය.

එම නිසා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අසාළව ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව අය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද කෝප් කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බව ද හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

පර්පචුවල් සමාගමට එරෙහිව ද නීතිමය පියවර ගත යුතු යැයි කමිටුව නිර්දේශ කර ඇත.



අදහස් (0)

‘අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු : පාඩුව රුපියල් කෝටි 1500යි‘

රවී Friday, 28 October 2016 11:00 AM

යහපාලනයට ජය වේවා! (නි)

:       0       0

සෙයි‍ෆ් Saturday, 29 October 2016 02:07 AM

මොහු ලෝකයේ මහබැංකු පාලනය කරන පවුලට සම්බන්ධද දන්නෙ නැහැ (නි)

:       0       0

සජී Friday, 28 October 2016 11:02 AM

විද්දේ හාවාට වැදුනේ පඳුරට (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 October 2016 11:03 AM

හොරුන්ව දුටු තැන අල්ලා දඬුවම් කර හොරුන්ට නැවත රජකම් කරන්න බැරි රටක් හදමු. (නි)

:       0       0

ශශික Friday, 28 October 2016 11:07 AM

පසුගිය වසර දෙකකට ආසන්න කාලයේ අගමැතිතුමා ඇතුළු නායකකාරකාදීන් මේ ගනුදෙනුව නිවැරදි බව කිව්වා නේද.... (නි)

:       0       0

ප්‍රියාන් Friday, 28 October 2016 11:08 AM

දැන් බලනකොට එයාල කවුද? මෙන්න හොරු... කෝ අර ස්වාධීනයි කියන ආයතන ටික? (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 02:52 AM

මහා බැංකු බැඳුම්කර වංචාව පිටුපස ඉන්න මහමොළකාරයා අර්ජුන් මහේන්ද්‍ර නොවෙයි. ඔහු අදෘෂ්‍යමාන හස්තයක අන්තේවාසිකයෙක් පමණයි. සියල්ල සැළසුමකට අනුව සිදුවුණා. මහා මොළකාරය අල්ලන්න ඉන්ටපෝල් එකටවත් බැහැ. "වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මඟුල්" කිව්වා වගේ ඔය කවුරු කවුරුත් කරන වැඩ වලින් දෙමළ ඩයස්පෝරාව තමයි හිස ඔසවන්නේ. මෙය පින්තාලියේ කිඹුලන් පිළිබඳ කතාවක්ද නොවන බව සැළකිල්ලට ගන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:19 AM

මේ හොරකමෙන් පරණ හොරු අමතක කරලා දාන්න එපා. දෙගොල්ලන්ටම දඬුවම් කරනු! මොකද දෙගොල්ලොම කම්බා හොරු නිසා (නි)

:       0       0

සිරිබිරිස් Friday, 28 October 2016 11:29 AM

ඒ කියන්නේ වැට් ගහන්නේ නැතුව අයවැය පියවන්න තිබුණා සෑහෙන දුරට. අනේ දුප්පතාගේ සල්ලි! ලංකාවේ කොච්චර මිනිස්සු දුක් විඳිනවාද? අර්ජුන අාපහු ලංකාවට ඒවිද? (නි)

:       0       0

පෙරේරා Friday, 28 October 2016 11:34 AM

ගියාට පස්සේද වැරදිකරු? ඉන්නකොට බබාද? මහජනතාව තාම කොණ්ඩ බැඳලා නැහැ. ඒ ඒ කාලේ (නි)

:       0       0

නිලූ Friday, 28 October 2016 11:35 AM

මේ රටේ දේපළ, මුදල් වංචා කරපු කෙනෙකුට කිසිම නිදහසක් දෙන්න එපා. මේ රටේ උගත් කෙනෙක් හිටියෙම නැද්ද? (නි)

:       0       0

නන්ද Friday, 28 October 2016 11:58 AM

අගමැතිතුමා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගියේ මඟුල් ගෙදරකටයි කියලා. එයාට මඟුල් ගෙවල්. අපේ දුප්පත් ජනතාවගේ මුදල් ඔයවිදිහට ගසා කෑවහම හැමදාම මඟුල් කකා ඉන්න පුළුවන්. (නි)

:       0       0

අරවින්ද Friday, 28 October 2016 12:01 PM

මේ රටේ නම් නිදහසේ හොරකමක්වත් කරගෙන ඉන්න බැහැ වගෙයි (නි)

:       0       0

ගාමිණි Friday, 28 October 2016 12:08 PM

කොහොමද අපේ වැඩ? සතුටුයි නේද දැන්? (නි)

:       0       0

අමිත් Friday, 28 October 2016 12:18 PM

සංහිඳියාවට බාධාවක් වෙයි කියලා හැමදේම ඉවසාගෙන ඉන්න අපට ඔය කෝටි 1500ත් මහ කජ්ජක්ද? (නි)

:       0       0

ලලිත් Friday, 28 October 2016 12:35 PM

අර පහුගිය කාලේ හොරා හොරා කියලා කෑගහපු කට්ටිය අවුරුදු ගානටම හොරා කෑවා කියන ගාන වගේ කිහිප ගුණයක් නේද? අවුරුදු දෙකක් රට පාලනය කරලා මෙහෙම නම් අවුරුදු තව අවුරුදු දෙකකින්? හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ. (නි)

:       0       0

හෆීල් Friday, 28 October 2016 01:29 PM

මේ පිළිබඳ අගමැතිතුමාගේ අදහස කුමක්ද? (නි)

:       0       0

ද සිල්වා Sunday, 30 October 2016 07:27 PM

රනිල්ට බලය ලැබුණාම එය ආරක්ෂා කරගන්න දන්නේ නැහැ , යුරෝපයේ මෙහෙම වුණා (ම)

:       0       0

ලංකා Friday, 28 October 2016 05:44 PM

මහජන මුදල් අයිති කරගන්න මෙහෙමත් හයියක් ආවේ කොහොමද. ඔවුන්ගේ බුදලේද. කවුරු නැතත් මිනිසුන්ගෙන් සමාවක් නම් නැහැ. හොරු ටික ගෙදර යවලා වෙන්න තිබ්බ විනාශය ටිකක් වළක්වා ගත්තා විතරයි. අනේ අපොයි !!! (නි)

:       0       0

නිශාන් Friday, 28 October 2016 10:51 PM

අප බලයට පත් කරනලද අගමැති ගැන කණගාටුයි. ඔහුගේ ඒකාධිපති ස්වරූපය පිරිහීමක සේයාවකි. මහජනතාව ඔහු පිළිබඳ මහත් කළකිරීමෙන් සිටින බව නොතේරීම ඔහුගේම අවාසනාවකි. (නි)

:       0       0

නිමල් Friday, 28 October 2016 11:19 PM

නිවැරදි තීන්දුව දෙන්නේ උසාවිය නෙමෙයිද? මම නම් හිතන්නේ කෝප් කමිටුව කරන්නේ පරීක්ෂණ සහ වාර්තාව ලබාදීම කියායි (නි)

:       0       0

බමුණුසිංහ Friday, 28 October 2016 11:48 PM

සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්න කලින් ඔවුන්ට මෙවැනි ලාබයක් ගන්න පාර සැදූ අයටත් දඬුවම් කරන්න. (නි)

:       0       0

අබය Friday, 28 October 2016 09:56 AM

ඔක්කොම හරි කියමුකෝ. ඊළඟ පියවර මොකක්ද කියලා අපි බලා ඉන්නවා (නි)

:       0       0

කෙනත් Friday, 28 October 2016 10:08 AM

දැන් අල්ලයි වලිගෙ.! අම්මපා කෝ මේ රාජපක්‍ෂලාට පැනලා යන්න නොදී ගුවන් තොටුපොල වහනවයි කිව්ව අය. මඩු වලිගෙ තිබ්බ තැන අමතක වෙලාද? වෙඩින් එකකටලු ගියේ. රනිල්ට කිවුවලු ගිය සතියේ හම්බෙලා. දැන් පේනවනේ හොරු කාගේත් එක්කද ඉන්නේ කියලා. (නි)

:       0       0

විශ්ව Friday, 28 October 2016 10:09 AM

ඔබ සැමට සතුටුද දැන්....... (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 October 2016 10:12 AM

කොහොමහරි රටෙන් පැන්නා. මොවුන්ගේ සියලුම දේපළ රාජසන්තක කරන්න (නි)

:       0       0

සුමින්ද Friday, 28 October 2016 10:21 AM

මේ පාඩුව අයකරගන්න ඕනෑ මෙයා පත්කළ අයගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන්. (නි)

:       0       0

සුමින්ද Friday, 28 October 2016 10:23 AM

බැලුවහම දැන්නේ මෙගා ඩීල් එළියට එන්නේ. අපරාදේ මහින්ද ගෙදර යැව්වේ... (නි)

:       0       0

වසන්ජය Monday, 31 October 2016 03:38 AM

හඳුන්නෙත්ති කෝප් සබාපති තුමා මේ බව කියන්න ප්‍රමාද කළේ ඇයි අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් තියෙනවද (බ)

:       0       0

මදුර Friday, 28 October 2016 10:35 AM

අතේ පයේ නොගෑවෙන්න හොරකම් කරන හැටි ඉගෙනගන්නවා නම් මෙන්න අවස්ථාව. හොරු යැයි කියමින් රාජපක්ෂලාට චෝදනා කළ අය දැන් කුමක්ද කියන්නේ? (නි)

:       0       0

විරාජ් Friday, 28 October 2016 10:38 AM

ඉතාමත්ම හොඳ තීරණයක්. ගන්න පියවර ගැන අපි බලාහිඳිමු. නීතිය ක්‍රියාත්මක වීමට මහජන බලය පෙන්වමු (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 28 October 2016 10:41 AM

බලනකොට හොරකම් නොකළ කෙනෙක් නැහැනේ (නි)

:       0       0

ලක්ෂි Friday, 28 October 2016 10:41 AM

හඳුන්නෙත්ති මහතා මේ පනත පාර්ලිමේන්තුව දක්වා ගෙන එ්මට දැරෑ උත්සාහයට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

රොමේෂ් Friday, 28 October 2016 10:47 AM

සමාගමට විතරක් නෙමෙයි මාමව අධිපති කරපු කෙනාටත් දඬුවම් දෙන්න හැකියාව සොයා බැලිය යුතුයි. හැබෑවටම ඔහු ඉල්ලා අස්වී ගෙදර යා යුතුයි. දැන්ම යන්න බැහැ බැහැ වගේ නම් මේ කම්බා හොරුන්ව උසාවියකින් වැරදිකරු කළ දවසට අපි ඔබව ගෙදර යවනවා. (නි)

:       0       0

අජිත් Friday, 28 October 2016 10:50 AM

කෝ දැන් මෙතන මහින්දව පතුරුගහපු යහපාලන ඔස්තාර්ලා ටික? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 565 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1128 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 719 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1189 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 813 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site