IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අරණායකට මඩ වතුරෙන් බොන වතුර

අරණායක එළඟිපිටියේ සාමසර කන්ද (සාමසර කන්ද) , අම්බල කන්ද ඇතුළු නායගිය ප්‍රදේශවල වැසියන් රැඳී සිටින අවතැන් කඳවුරුවලට අවශ්‍ය ජලය ලබා දීම සඳහා ගම මැදින් ගලා බසින ඔයේ වතුර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ‘ජර්මනියේ බ්‍රිජෝන් ස්ටෙයිගර් පදනම සිදු කරගෙන යයි.

විදේශ අමාත්‍යංශයේ, අාපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හා ජල සම්පාදන මණ්ඩලයේ සහයෝගයෙන් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි ලංකාවේ ප්‍රධානී සමන් නාවින්න මහතා කීවේය.

වතුර පිරිසිදු කරන යන්ත්‍ර සමඟ කිලෝ 5000ක බඩු රැගෙන පසුගිය 29 වැනි දා එම ජර්මන් කණ්ඩායම ලංකාවට පැමිණියහ. ජර්මනියේ අට දෙනෙක් සහ ලංකාවේ තිදෙනෙක් එම කාර්යයට දායක වෙති.

දිනකට වතුර ලීටර ලක්ෂයක් පමණ පිරිසිදු කරන බව සමන් නාවින්න මහතා කියයි.

බට යොදා මෝටර් ආධාරයෙන් ගඟෙන් ගන්නා ජලය ටැංකි දෙකකට යෑමට සලස්වා ඒවායේ මඩ තැන්පත් වන තුරු සාමාන්‍ය වේලාවක් තබා ඉන් පසු යන්ත්‍ර ආධාරයෙන් පිරිසිදු කර නැවතත් ටැංකි වලට පුරවයි.

මෙම ක්‍රියාවලිය සිදු කරනුයේ උස්සාපිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අවතැන් කඳවුරේදී ය.

IMG_0353[1] IMG_0495[1] IMG_0594[1] IMG_0619[1] IMG_0651[1] IMG_0653[1]



අදහස් (0)

අරණායකට මඩ වතුරෙන් බොන වතුර

කුමාර් (ගල්ෆ්) Wednesday, 01 June 2016 12:48 PM

ජර්මනියට අපේ ස්තුතිය! (නි)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 02 June 2016 06:37 AM

ජර්මන් මිනිසුන් කළ යුතු දේ කල යුතු අයට ඉටු කරන රටක්.පසුගිය කාලේ අපිත් සමග හිත හොඳ මදි, මොකද අපේ රටේ එදා සුනාමියත් හොරකම් කළා. (ම)

:       0       0

සමන්තිකා Wednesday, 01 June 2016 07:20 PM

ඉතාම උතුම් ක්‍රියාවක් (නි)

:       0       0

දබී Wednesday, 01 June 2016 05:38 AM

ජර්මනියට මගේ ස්තූතිය (ම)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 02 June 2016 12:24 AM

ශ්‍රී ලංකාවේ පාලකයෝ බුද්ධිමත්ව ක්‍රියාකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආපදා විපත් වලදී පමණක් නොවෙයි සංවර්ධන කටයුතු වලදීත් මුල්‍ය වශයෙන් මෙන්ම තාක්ෂණිකවද ජර්මනියෙන් බොහෝ ආධාර ලබාගන්න පුළුවන්. පසුගිය කාලයේ සිදුවූ දුෂණ හා අක්‍රමිකතා නිසා රටවල් දෙක බොහෝ දුරට ඈත්වුණා. ජර්මන් ආයතනයක් මේ අවස්ථාවේ අසරණ ගැමියන්ට උදව් කිරීමට පැමිණීම අප කවුරුත් අගය කළයුතුයි. (නි)

:       0       0

චන්දික Wednesday, 01 June 2016 05:45 AM

මේවා ඉතාම හොද වැඩ...(ම)

:       0       0

නදුන් Wednesday, 01 June 2016 06:00 AM

ඉතා හොද වැඩක්. (ර)

:       0       0

ග්‍රේරෝ Wednesday, 01 June 2016 06:00 AM

පින් ලැබෙන වැඩක් . (ම)

:       0       0

හෂාන් Wednesday, 01 June 2016 06:25 AM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 01 June 2016 06:44 AM

ඔන්න හොඳ වැඩක්. මුළු රටටම හඳුන්වා දෙන්න (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 June 2016 07:51 AM

ලංකාවේ අය ඔක්කොම පිටරටින් එවනතුරු උඩ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 01 June 2016 08:00 AM

බොහෝම හොඳ කාලීන ව්‍යාපෘතියක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 01 June 2016 08:18 AM

වතුර බෝතල් බෙදනවට වඩා මේක ඵලදායී වැඩක් (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 01 June 2016 08:30 AM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 01 June 2016 09:05 AM

මෙහෙම බඩු බාහිරාදිය වලින් කෙළින්ම උදව් කරපු එක ලොකු දෙයක්. ඕවා කරන්නට එම රටවලින් සල්ලි දුන්නා නම්, ඉන්න අපේ කට්ටියට බෙදා ගන්නත් මදි. මතකනේ පසුගිය සුනාමිය? (නි)

:       0       0

සංජීව Thursday, 02 June 2016 01:00 PM

ජර්මන් රජය විසින් ලංකාවේ කොළඹ නගරයේ පානිය ජල නළ පද්ධතියක් ලබාදීමට ව්‍යාපෘතියක් අාරම්භ කරලා මොකද දැනට තියන පද්ධතිය වසර ගානක් පැරණි නිසා මිනිසුන්ට පිරිසිදු ජලය ලබා දීමට, නමුත් ටෙන්ඩර් කැදවීමේදී මෙය එක්තරා සමාගමකට ලබානොදීම නිසා නඩුවක් පැවරුවා, පරක්කු වුන නිසා ජර්මන් රජය යන්න ගියා, අපි වගේ එයාල කාලය නාස්ති නොකර යන්න ගියා අපිට ඉතාම වටිනා නොමිලේ ලැබෙන්න ගිය දෙයක් නැතිවුණා (බ)

:       0       0

අනුල Wednesday, 01 June 2016 10:06 AM

පින් සිදුවේවා හොඳ වැඩක් (හේ)

:       0       0

ප්‍රියානී වීරකෝන් Wednesday, 01 June 2016 10:07 AM

අගය කළ යුතු දෙයක්.මහඟු පින්කමක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 851 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 468 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 609 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1113 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site