IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායකට හිතුමතේ ආධාර ගෙනියන්න එපා

අරණායක නාය යාමෙන් අවතැන් වූවන්ට ආධාර සපයන්නට කැමති අය මුලින්ම ඒ ගැන  ප්‍රාදේශීය ලේකම්ගේ හෝ කෑගල්ල දිසාපතිගේ හෝ මග පෙන්වීම යටතේ  එසේ කළයුතු බව අපදා නිලධරයෝ කියති.

අද ආධාරා රැගෙන ආ පිරිස් වලට අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු වලට පවා යාමට නොහැකි විය. එයට හේතුව දැඩි වාහන තදබදයයි.

බොහෝ දෙනෙක් කිසිදු විමසීමක් නොකර ආධාර ගෙන එන නිසා ඇතැම් අතිරික්ත වී ඇතැයි ද, අත්‍යවශ්‍ය ඇතැම් දෑ තවමත් හිඟ යැයි ද සහන සේවකයෝ කියති.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය කියනුයේ 035 2222237 අංකයට හෝ 071-4514680 අංකයට කතා කර ආධාර ලබා දිය යුතු ස්ථාන ගැන කල් තියා දැන ගන්නා ලෙසයි. 

 ආධාර වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා එසේ ක්‍රියා කරන ලෙස නිලධරයෝ ඉල්ලති. 

13235811_1291363864225869_1608177133_n 13249374_1291353184226937_831445957_n 13249526_1291353217560267_1427824616_n 13249595_1291353140893608_2084461991_n 13275901_1291363974225858_518705013_n



අදහස් (0)

අරණායකට හිතුමතේ ආධාර ගෙනියන්න එපා

ප්‍රංශය -සුජීව Sunday, 22 May 2016 11:31 AM

මේ වගේ අපේ රටේ උදව් කරන ජනතාවක් දැක්කහම අපිට හරි සතුටක්. මේ සියලු දෙනාට ජේසු පිහිටයි! (නි)

:       0       0

රෝහිනී Saturday, 21 May 2016 12:06 PM

ඉදිරියට දෙන වියළි ආධාර මෙහෙයුම් මධ්‍යස්ථානය දැනුවත් කර ලබාදෙන්නේ නම් තමයි වටින්නේ. සෑම ප්‍රදේශයකම ප්‍රාදේශීය ලේකම් හා සම්බන්ධවන්න. ඔවුන් තමයි වැඩි වෙලාවට සම්බන්ධීකරන කමිටු මෙහෙයවන්නේ. නැත්නම් එකම තැනට ගොඩක් අය යන්න පුලුවන්. නොලැබෙන අයට නොලැබෙන්න ඉඩතියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 May 2016 09:44 PM

හදිසි ආපදාවකදී සහන සැළසීම සඳහා තාමත් අපට ජාතික කළමනාකරණයක් නැතිකම මේවා තුළින් පෙන්නන අතරම ලැබෙන සහන අධික වීමෙන් අපතේයෑමක්ද සිදුවෙයි. රජය මේ සඳහා ජාතික ආපදා කළමනාකරන අමාත්‍යංශයක් පවා නිර්මාණය කළත් නිසි කළමනාකරන වැඩපිළිවෙලක් තවමත් අපට නොපෙනේ. හදිසි ආපදාවකදී පරිහරණය කළ හැකි ජංගම වැසිකිළි වැනි ඉතාම අත්‍යවශ්‍ය දේ සඳහා තවමත් අපේ අවදානය නොමැතිකමින් නොයෙකුත් වසංගත තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ ඇත. මේ සඳහා රජයේ අවදානය යොමු වේවා! (නි)

:       0       0

පුෂ්පා Sunday, 22 May 2016 09:54 AM

ව්‍යසනයකදී කවුරු හරි එක ආයතනයක එක බලධාරියෙක් දිනපතා උදේ සවස නිවේදන නිකුත් කල යුතුයි. වෙබ් අඩවියක් හරහා මෙය පහසුවෙන් කල හැකියි. එවිට සියලු ජනමාධය වලට එමගින් විස්තර ලබාගෙන අනෙක් මිනිස්සුන්ට ලබා දිය හැක. ඔහේ ගාල කඩා ගත්තා සේ හැමෝම දුවන්නට ගොස් ඇති වන්නේ තත්වය තවත් ව්‍යාකුල වීමයි. ආපදා කමිටු ව්‍යුහය සෑදීමට ආපදාවක් එන තෙක් සිටිය බලා සිටීම අතිශය අනුවණ කමකි. ආපදාවකදී ආයතන විශාල ප්‍රමාණයක් එකවර ක්‍රියාත්මක වීම සිදුවේ. නිසඟයෙන්ම මිනිසුන්, නිලධාරින් සහ දේශපාලකයින් සියලු දෙනා කලබල වෙයි. සමහර වෙලාවට කරන්නේ කුමක්ද යන්න සිතාගත නොහැක. එබැවින් තම තමන්ගේ කාර්යය කුමක්ද යන්න පැහැදිලිව සරලව දැක්වෙන සටහන් හැම ආයතනයකම තිබිය යුතු වෙයි. එක ආයතනයක එක නිලධාරියෙක් විසින් නිතර-නිතර, සරල භාෂාවෙන් සන්නිවේදනය නොනවත්වා කල යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 17 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 378 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 169 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 328 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 756 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 307 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site