IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායක කන්ද බලන්න පෝලිමේ ඇවිත්

‘මෙතන වෙනමම ව්‍යාපාරයක් යන්නේ. බඩු බෙදද්දි සැලකිල්ලෙන් බෙදන්න.’ යැයි කීවේ අරනායක දෙබත්ගම විහාරස්ථානයේ සහන කඳවුරේ සිටි නිලධාරිනියකි.  ඇය එලෙස කියා පැත්තකට යද්දී එතැන සිටි පිරිමියෙක් මෙසේ කීවේය.  ‘මේ පැත්තේ කඩවල මේ දවස්වල බඩු නෑ. නාය ගියේ නැති වුණාට අපිත් ජීවත් වෙන්න එපායෑ. ඒ නිසා අපිටත් ආධාර ඕනෑ.‘

වෙසන් පොහොය දා විශාල පිරිසක් ආධාර බෙදා දීමට අරනායක දෙබත්ගම විහාරස්ථානයට ආහ. ඔවුන් ආධාර බෙදද්දී පිරිසක් පොර කකා ඒවා ගත්හ. නිලධාරිනියට එලෙස කීමට හැකියාව තිබුණ ද ආධාර රැගෙන නොනවත්වා එන පිරිස නැවැත්වීමට හැයට හැකියාවක් තිබුණේ නැත.

සහන කදවුරු අසල බඩු බාර ගැනීමට රජයේ නිලධාරීන් සිටියද ආධාර රැගෙන යන ඇතැමෙක් ඒවා අවතැන්වූවන්ගේ අතටම දීමට කැමැත්ත පළ කළහ.

සම්බන්ධීකරණයේ තිබූ දුර්වලතා නිසා පසුගිය දින කිහිපයේ ආධාර කොල්ල කෑම වැනි තවත් ගැටළු සහගත අවස්ථා කිහිපයක් සිදු වූ බව සහන සේවකයෝ කියති.

අරනායක නාය යෑමෙන් පසු සහන සැලසීමේ කාර්යයේ වැඩි කොටසක් සිදුකරනු ලැබුවේ ස්වේච්ඡා සේවකයන් විසිනි.  අරණායක අවධානම් කළාප වලින් ඉවත්වී තාවකාලිකව විහාරස්ථාන වල සිටි පිරිස් ගැන තොරතුරු සොයමින් ආධාර නිසි ලෙස බෙදා හැරීමට ඔවුහු ලොකු වෙහෙසක් ගත්හ.

‘අපි ගමේ නිසා මේ පැත්ත ගැන හොඳට දන්නවා. ඒ නිසා අපි තවත් තරුණ තරුණියන් රැසක් එකතු කරගෙන සහන සැලසීමේ වැඩකටයුතුවලට දායක වුණා. අවතැන් කඳවුරු බාර නිලධාරීන් සුහදව අප සමග කටයුතු කළා. කඳවුරුවලට තියෙන අඩුපාඩු ඔවුන් අපට දැන්වූවාම  අපි ආධාර ගෙන එන පිරිස් හරහා අවශ්‍ය දේවල් ලැබෙන්න සැලැස්සුවා.’ යැයි ස්වේච්ඡා සහන සේවකයෙක් පැවසීය. ඔහුගේ නම හෙළි කරනවාට ඔහු අකමැති විය.

“නිලධාරීන් අතර මනා සන්නිවේදනයක් තිබුණේ නෑ. ඒ නිසා ප්‍රශ්න ඇතිවුණු හිත් රිදීම් වුණු අවස්ථා තිබෙනවා. කොළඹ ප්‍රදේශයෙන් ආපු තරුණයන් පිරිසක් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කළා. නිලධාරීන්ට සහ ගමේ යට වඩා ඔවුන් වැඩ කළා. පොලිසියත් දැක්කා ඔවුන් වැඩ කළ ආකාරය. වෙසක් පෝය දවසේ රෑ ඔවුන්ට ගිමන් හරින්න පාසලක තිබුණු කාමරයක් සකස් කර දුන්නා. ඒ කාමරේ කළින් දවසේ පොලිසියේ පිරිසක් ඉදලා තිබ්බේ. මධ්‍යම රාත්‍රී 12ට එකට විතර එතනට ගිය පොලිසියේ පිරිසක් මේ තරුණයන්ට බැණලා එළවලා. පිටස්තර ප්‍රදේශයක ඉදන් ඇවිත් මෙච්චර මහන්සි වෙලා වැඩ කළාට ලැබුණු සංග්‍රහය තමයි ඒක. පසුව අපි ඒ තරුණයන්ව වෙනත් මධ්‍යස්ථානයකට කැඳවාගෙන ගියා. සිත් රිදීම් නිසා ඔවුන් නුවර යාළුවකුගේ නිවසකට යන බව කියා යන්න ගියා.” යැයි අරණායක ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙක් කීවේය. නාය ගිය මොහොතේ සිට ඔහු ද ඉතා මහන්සි වී සහන කටයුතුවල නිරත වනු දක්නට ලැබිණි.

නගරයෙන් ඈත ඇති මධ්‍යස්ථාන වලට ද ගොස් ඒවායේ අඩුපාඩු සොයා බලා සහන සැලසීමට ඔහු පියවර ගෙන තිබිණි.

වෙසක් පෝදා මධ්‍යම රාත්‍රී කොළඹ තරුණයන් පිරිස මුහුණ දුන් සිදුවීමෙන් පසු ඇතිවූ කළකිරීම් මත මෙම තරුණයා ඇතුළු බොහෝ දෙනෙක් සහන සැලසීමෙන් ඉවත්වී තිබුණු අතර ඔහු නැවත සම්බන්ධ වී තිබුණේ අද (25) දිනයේය. ඒ හෙම්මාතගම අවතැන්වූවන්ට සහන සැලසිමට සම්බන්ධ වෙමිනි.

අවතැන්වූවන්ට සහන සැලසීමට ආධාර රැගෙන එන ඇතැම් කණ්ඩායම් වල රුචිය වූයේ නාය යෑම සිදුවූ ස්ථානයට ආසන්න මධ්‍යස්ථාන වලට ආධාර සැපයීමටය. ඉන් එහා ඈත මධ්‍යස්ථානවලට ආධාර සැපයීමට ඔවුහු මැළි වූහ.

මෙසේ ආධාර රැගෙන ආ සහ නාය යෑම සිදුවූ ස්ථානය බැලීමට ආ දහස් සංඛායත පිරිස නිසා අරනායක සිට දෙබත්ගමට යන අතුරු මාර්ගයේ පසුගිය දින කිහිපයකදීම (විශේෂයෙන් වෙසක් පෝය දින) දැඩි වාහන තදබදයක් ඇති විය.

දෙබත්ගම විහාරස්ථානය අසල සිට අරනායකට කිලෝමීටර පහක් හයක් පමණ වූ දුර යෑමට වාහනයකට පැය හතරක් පහක් පමණ ගත විය. කඳවුරුවල සිටින හදිසි රෝගීන් රැගෙන යෑමට ගිලන් රථයක් යාම පවා අසීරු වූ අතර එලෙස ගිලන් රථයකට ගමන් කිරීමට මාර්ගයේ ඉඩ අරගෙන දීමට ගම්මුන්ට සහ පොලසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

විශාල රථවාහන තදබදය අතරතුර ‘ඉස්සරයා ලොකු ට්‍රැෆික් එකක්. එහෙට ගිහින් බෙදන්න බෑ. අපි බෙදන්නම්.’ යැයි කියමින් වාහන තුනක ආධාර කොල්ල කෑ සිදුවීමක් ද අරණායකින් වාර්තා විය.

නිසි සම්බන්ධීකරණයක් නැතිව ආහාර පාන බෙදා දීම නිසා ඇතැම් ස්ථාන වල විශාල වෂයෙන් ඒවා අපතේ ගියේය. අරණායක එක් අවතැන් කඳවුරක් පවතින මධ්‍යස්ථානයකට බත් පර්සල විෂාල ප්‍රමාණයක් ලැබුණු නිසා පාර්සල 400ක් පමණ එක් වේලකට අපතේ දැමීමට සිදු විය.

‘අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ගොඩක් අය ගෙන්නේ. කාන්තා යට ඇඳුම් වගේ දේවල් අත්‍යවශ්‍යයි කිව්වට ඒවා ලැබුණේ ඉතා අඩුවෙන්. අවතැන් කඳවුරුවල ඉන්දි කාන්තා යට ඇඳුම් හෝදලා වේලන්න තැනක් නෑ. ඒ නිසා අලුත් ඇඳුම් රැසක් ඕනෑ වෙනවා. නමුත් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.’ යැයි අවතැන්වූවන් සිටින මධ්‍යස්ථානයක් බාර නිලධාරියෙක් කීවේය.

මෙවැනි ගැටළු නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ලැයිස්තුවක් නිකුත් කිරීමටද දිසාපති කාර්යාලයයට සිදු විය.

පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු, කොට්ට, ලන්තෑරුම්, ළිං පිරිසිදු කිරීමට වතුර මෝටර, පාසල් ළමයින්ගේ උපකරණ කට්ටල, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා, පිරිමින් සඳහා ඇඳුම්, මුළුතැන්ගෙයි උපකරන කට්ටල, ටෙන්ට්රෙදි, නිවාස තැනීමට තහඩු සහ තාවකාලික වැසිකිලි අත්‍යවශ්‍ය ආධාර ලෙස ලැයිස්තු ගර කර තබේ.

ලැබෙන ආධාර අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය අවතැන් කඳවුරුවලට ලැබෙනවාදැයි සොයා බැලීමට වෙනම කණ්ඩායමක් පත් කිරීම සුදුසු බව අවතැන් කඳවුරක් බාර නිලධාරිනියක් ලංකාදිපයට පැවසීය.

ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කටයුතු කළ හොත් සහන සැලසීම පහසු වනු ඇතැයි ද ඇය කීවාය.

නාය ගිය තැන බැලීමට ආ විශාල පිරිස නිසා ද සහන සේවකයෝ මෙන්ම සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටි යුද හමුදා සෙබළු ද දැඩි අපහසුතාවට පත්වූහ. ස්ථානය බැලීමට හා පිරිස මඩේ එරෙද්දී ඔවුන් බේරා ගැනීමට ද යුද හමුදාවට සිදු විය. 

වෙසක් සමයේ වෙසක් බැලීමට වාහනවල යන ආකාරයට නාය ගිය පෙදෙස බැලීමට ද විශාල පිරිසක් ආහ. ඇතැමුන් මඩේ එරුණු ත්‍රීවීලර් අසල සෙල්ෆි ගත්හ. තවත් අය නාය ගොස් ඉතුරු වූ ගෙවල් අසල සිට සෙල්ෆි ගත්හ. සිය ගණනක් වැළලී ඇති ස්ථානය බොහෝ දෙනෙකුට විනෝද වන තැනක් බවට පත්වී තිබිණි.  මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ ආකාරය ගැන කල් තියා ජනතාව දැනුම්වත් කර තැබීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව එය දුටු බොහෝ දෙනෙක් මතු කළහ.

විනෝදයට නාය යෑම බැලීමට ආ ඇතැමුන් ද අවතැන්වූවන්ට බෙදන බත් පාර්සල ලබා ගත් බව සහන සේවකයෙක් කීවේය.

අරණායක මෙහෙයුම් වලදී යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය මෙන්ම ශ්‍රී ලංකා රතුකුරස සංවිධානය ද මහත් වෙහෙසක් ගත්තේය. සම්බන්දීකරණයේ ගැටළු සහ අරණායකදී මුහුණ දුන් ගැටළු ගැන රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතාගෙන් විමසීමු.

‘‘ආපදාවක් වුණ අවස්ථාවකටදී කටයුතු කරන ආකාරය ගැන රජයේ ක්‍රමවේදයක් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය වගේ ආයතන එකිනෙක සම්බන්ධ වෙමින් සහන කටයුතු සිදු කළ යුතු වෙනවා.

අරණායක සිදුවීමෙදි බොහෝ දෙනෙක් ආධාර රැගෙන අරණායක ගියා. ඇත්තටම එය අනවශ්‍යයි. ආධාර එකතු කරන රජයේ ක්‍රමවේදයට දායක වුණා නම් හරි. කොළඹත් තිබුණා ආධාර එක් රැස් කරන ස්ථාන.

ඒවගේම තමයි බොහෝ දෙනෙක් අදාළ ස්ථාන බලන්න ගියා. හොඳම උදාහරණය තමයි අම්බල කන්ද නාය ගිය ස්ථානය. අම්බරකන්ද හදිසියේ නාය ගියා. ඒ අසල රතුකුරසයේ සහන කඳවුරක් තිබුණා. එම කඳවුරේ ගම්වැසියන් 300ක් පමණ හිටියා. කන්ද නාය යද්දි ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න අවශ්‍ය වුණා. නමුත් ඒ පැත්ත බලන්න ආපු සහ ආධාර අරගෙන ආපු පිරිසේ වාහන නිසා ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වුණා. අවතැන්වූවන් ඉවත් කරන්න ලොකු වෙලාවක් ගියා.

ඒවගේම තවමත් කන්ද බලන්න මිනිසුන් යනවා. කොච්චර යන්න එපා කිව්වත් අහන්නේ නෑ. විටින් විට ඇද හැළෙන වැස්සත් සමග උඩ ඉඳන් මඩ හෝදගෙන පල්ලෙහාට එනවා. ඒ සමග මිනිසුන්ගේ කොටස් එනවා. මේවා ශරීරයට අහිතකරයි. බලන්න යන අයත් ලෙඩ වෙන්න පුළුවන්.

ජනතාවට දෙන්න තියෙන උපදෙස තමයි මේවගේ අවස්ථාවකදී අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආදී ආයතන දෙන අපදෙස් පිළිපදිමින් නිසි ආකාරයට කටයුතු කරන්න කියලයි.”

13250548_1289910601037862_1301204033_n 13250564_1289910151037907_719261644_n 13266129_1170922559606268_4327818104520541069_n

IMG_20160519_100123 IMG_20160519_104056 IMG_20160519_120421 IMG_20160519_120453 IMG_20160521_150908 IMG_20160521_150927



අදහස් (0)

අරණායක කන්ද බලන්න පෝලිමේ ඇවිත්

රංජන් Wednesday, 25 May 2016 02:42 PM

යුද්ධය කලේ බෝම්බයක් තියෙනවා කීව්වම එක බලන්න ගිය අපේ ජාතිය නතර කරන්න බැහැ. එ්ක නිසා මඩේ එරෙන්න අරින එක තමයි හොදම දේ මේ වගේ කට්ටිය (හේ)

:       0       0

කුමාර් Wednesday, 25 May 2016 03:24 PM

අසරණ වූ මිනිස්සුන්ට වඩා සහනාධාර ලැබන්නේ වටේ ඉන්න මිනිස්සුන්ට.(හේ)

:       0       0

මුදලිගේ Wednesday, 25 May 2016 03:25 PM

දැන්වත් රජය නිසි වේද පිළිවෙලක් සකස් කරලා දැඩි නීති දාල අනවසරයෙන් පස් කපන (දෙසපලුවෝ ඇතුළුව), ගල් කඩන, මැණික් ගරන, පහත බිම් ගොඩ කරන, ගස් කපන මිනිසුන්ට අමතක නොවෙන දඬුවමක් දෙන්න බලන්න එවිට මේ වගේ පොලොව නුහුලන දුක් ගැන අපිට ආයෙත් අසන්න නොලැබෙනවා අපේ රටත්, පරිසරයත් අපේ ජනතාවත් නිදහස් වෙනවා මේ වගේ විපත් වලින් (හේ)

:       0       0

මගලි Wednesday, 25 May 2016 03:27 PM

සමහර අය යන්නේ එකතු කරන්න මොන මොනා හරි අරගෙන එන්න කන බොන දේවල් හරි ඇදුම් පැළදුම් \(හේ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 25 May 2016 04:48 PM

ආණ්ඩුවට මොනම දෙයක්වත් පිළිවෙලකට කරන්න බෑ (බ)

:       0       0

ඇන්තනි Wednesday, 25 May 2016 05:02 PM

අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට වගකීම් සහිත රැකියාවක් හෝ කිසිම රැකියාවක් නැති බව මේ වගේ වෙලාවල් වලට පෙනෙනවා . ඕන තැනක මොන දෙයක් වුනත් එතන හෝ ගාල සෙනග . දෙන්නෙක් මහා පාරේ ගහගත්තොත් තමන් යන ගමන නවත්වල බලන් ඉන්න කොච්චර නම් පිරෙනවද ? (බ)

:       0       0

ටෙෂාන් Thursday, 26 May 2016 07:08 AM

තව කෙනෙකුගේ දුකක් තවත් කෙනෙකුට සතුටක් වෙන හැටි? (නි)

:       0       0

බෙනට් Wednesday, 25 May 2016 05:25 PM

ජපානේ මේ වගේ කරදර හැම අවුරුද්දෙම මොන තරම් ප්‍රමාණයක් වෙනවද ? එ්වලින් වෙන හානියත් ලංකාවේ වෙනවට වඩා දරුණුයි . එහෙ ආපදා කළමනාකරණය කළේ හමුදාව , පොලිසිය , ගිනි නිවන හමුදාව , රතු කුරුසය සහ එම පළාතේ රජයේ ආයතන එකතු වෙලා . එහෙ මිනිස්සුන්ට ඕන උනේ නැහැ තමන් දෙන දෙය ලැබෙන්නේ කාටද කියල දැකබලාගන්න .. ඔවුන්ට ඕන වුනේ දෙන්න විතරයි (බ)

:       0       0

ප්‍රසංග Thursday, 26 May 2016 07:45 AM

අරණායක අවතැන් අයට එන ආධාර හොර පාරෙන් ලොරි ත්‍රීවීලර් වලින් වෙනම තැන් වලට අදින සංවිධානාත්මක පිරිසක් ඉන්නවා. මේ අය පිළිබඳ පොලිසියෙන් නීතිමය කටයුතු සිද්ධ වෙන්නේ නෑ (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 26 May 2016 08:09 AM

බලන්න එන එකේ ඇති වරදක් මම නම් දකින්නේ නැහැ. නමුත් විපතටපත් ගහකොළ මිනිසුන් හා සතා සිවුපාවට කරදරයක් නොවී. (නි)

:       0       0

රංග Wednesday, 25 May 2016 11:25 PM

ඔන්න ඕකයි සිංහලයගෙ වැරැද්ද. වැඩපල සේරම පැත්තකර දාලා, ආච්චිලා සීයලා, අම්මලා තාත්තලා, පොඩි උන් ඔක්කොම යනවා ඕප දූප හොයන්න (නි)

:       0       0

පෙරේරා Thursday, 26 May 2016 12:36 AM

තම තමන් මේ ආත්මේ හරියට හිටියහම ඔක්කොමගේම මේ අාත්මෙටවත් සුගතියක් වෙයි (නි)

:       0       0

සුනන්ද Thursday, 26 May 2016 02:57 AM

ආපදාවකදී උදව්වෙන මෙහෙම ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. ඒවගේම ඒ අතරට ජරා මිනිස්සුත් ඉන්නවා අහිංසක මිනිසුන්ට දෙන ආධාරත් හොරකන (නි)

:       0       0

රංග Thursday, 26 May 2016 03:06 AM

ලංකාවේ ඉන්නවා වඳුරු පුරුදු තියන කණ්ඩායමක්. මේ වගේ වෙලාවට පොලිසිය හෝ හමුදාව මැදිහත්වෙලා මේ මිනිස්සු මඟදීම අාපහු හරවා යවන්න ඕනෑ (නි)

:       0       0

මාලක Thursday, 26 May 2016 03:07 AM

කාටහරි කියන්න පුලුවන්ද ගූගල් මැප් එක අනුව අරනායක කන්ද පිහිටි තැන? (නි)

:       0       0

මාලක Thursday, 26 May 2016 03:16 AM

නායයාමට කලින් පින්තූරයක් තිබුනා නම් එතකොට වෙනස බලාගන්නත් පුළුවන්. ඉදිරියේදී එන කඳු ආශ්‍රිත ආපදාවන් ගැන විමසිලිමත් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

රොහාන් දයාදර Thursday, 26 May 2016 04:29 AM

අපේ රට පින්බිමක් වුණත් අවාසනාවකට එ්කේ ජීවත්වෙන්නේ පවුකාරයෝ (නි)

:       0       0

ෆසීර් Wednesday, 25 May 2016 02:00 PM

මේ විදිහට මේ ආත්මේ පස් කන්දකට යටවෙලා මේ මිනිස්සුන්ට මැරෙන්නේ වුනේ, ඒ අය කරපු පව් නිසා. මට වුනත් ඒ ධර්මතාව පොදුයි. හැබයි ඒ ආධාර කොල්ල කන අයටත් මේ ආත්මේ හරි ඊගාව ආත්මෙක හරි පස් කන්දකට හරි, වතුරට හරි එහෙම නැත්නම් දේපොළ හානි වෙනවා. එ්ක නවත්තන්න බැහැ. (බ)

:       0       0

ෆසීර් Wednesday, 25 May 2016 02:04 PM

තව මිනිහ්ක්ගේ ගින්දරක් අැවිලෙද්දී ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කරන එවුන්ට අායෙ මනුස්ස ආත්මයක් වත් ලැබෙන්නේ නැහැ. මේ මේ මිනිස්සු යන්නේ අවීචි මහා නරකාදියේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 424 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 522 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 710 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site