(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පවුල් කිහිපයක දරුවන් සිව් දෙනෙක් පාසලට පැමිණීමෙන් අරණායක ප්‍රදේශයේ මහා විද්‍යාල තුනක් හා ප්‍රාථමික විද්‍යාලයක් පංති හතරක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (2) පැවසීය.
සිය මව පියා කොව්ඩ් 19 ආසාදිතයින් වීමෙන් එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස දරුවන් සිව් දෙනෙකු හදුනා ගැනීම නිසා එම දරුවන් පැමිණි පාසල්වල අදාළ පංතිය පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද වෛද්‍යවරයා කීය.
උස්සාපිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 11 ශ්‍රේණිය ද, පොල්අඹේගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද, දිප්පිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද, දිප්පිටිය මහා විද්‍යාලයක 9 - ඩී ශ්‍රේණියද, එම පාසලේම ප්‍රාථමික අංශයේ 2 - සී ශ්‍රේණිය ද මෙසේ තාවකාලිකව වසා දමා තිබේ.
පාසල් වලට පැමිණි කොව්ඩ් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා ද යොමු කර තිබේ. එම පාසල් 4 අදාළ පංති පමණක් වසා දමා අනෙකුත් සියලුම පංති සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරණායක මහ විද්‍යාල තුනක් වහයි