IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අර්ථසාධක අරමුදලෙන් බදු අයකළොත් බලාගෙනයි

විනීතා එම් ගමගේ

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 28 ක බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා හකුලා නොගතහොත්  රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්කරගෙන දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අන්තර් සමාගම් සේවත සංගමය කියයි.

 සේවක අර්ථසාධක අරමුදලේ ආයමෙන් සියයට 14 ක් ආදායම් බදු ලෙස ලබා ගැනීමටත්, සාමාජිකයන් විසින් අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ දී රඳවාගැනීමේ බදු ලෙස තවත් සියයට 14 ක් අයකර ගැනටත් දැනට සැලසුම් කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

විසිවැනිදාට පෙර මෙම යෝජනාව ඉවත්කර නොගත හොත් විරෝධතා  ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවද සමරසිංහ මහතා කීවේය. වැඩකරන ජනතාවගේ විරෝධතා නොතකා පනත සම්මත කළහොත් වැඩකරන ජනතාව සමඟ පැමිණ මුදල් අමාත්‍යංශය වටලන බව පැවැසූ සභාපතිවරයා මේ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාට ද දන්වා යැවූ බව ද පැවැසීය.



අදහස් (21)

අර්ථසාධක අරමුදලෙන් බදු අයකළොත් බලාගෙනයි

Chanak los anjalis Sunday, 27 August 2017 10:54 AM

සියයට 28 නෙවෙයි.. හරිනම් සියයට 50ක් බදු ගහන්න ඕනේ.. නැතිනම් රාජපක්ෂවරු ගත්ත ණය ගෙවන්නේ කොහොමද?

:       2185       1591

AbeSunday, 27 August 2017 11:50 AM

මම නම් හිතන්නේ මුළු අර්ථසාධක අරමුදලම 100% ක් කපාගෙන ඒ සල්ලිවලින් ඇමතිවරුන්ට වාහන අරන් දීලා ඉතිරි සල්ලිවලින් හිතවතුන්ට බැඳුම්කර, ගෙවල් වැනිදේ අරන්දිය යුතුයි.

:       428       799

lalithSunday, 27 August 2017 12:26 PM

එ්ක ඇත්ත. යුද්ධ කරන්න කොයි තරම් එඩිතර, ජාති මාමක නායකයෙක් වුණත් හොරකමට ඇබ්බැහි වුණු නිසා සහ අර විජය කුමාරයා වගේ දරුවෝ ටිකක් හදපු නිසානේ මිනිස්සු පැන්නුවේ. දැන් මේ පාර දීලා තියෙන්නේ අනාගතය දකින, පරචිත්ත විජනන ඥානය ඇති කෙනෙකුට. වෙන එකක් තියා ඇවිදින කොටත් බයත් හිතෙනවා සංකල්පන වලට සහ දර්ශනයට හානි වෙයි කියලා. එයාල අර මහබැංකුවෙන් වන්චාකරපු බිලියන ගාණත් ඔය රාජපක්ෂලාගේ ණය වලට එකතු කරන්න. එතකොට තමයි අපි ණයවෙලා තියෙන නියම ගණන එන්නේ.

:       196       318

nishanath dombagoda Sunday, 27 August 2017 01:27 PM

අවුරුදු ගාණක් කොතන හෝ ආයතනයකට කඹුරලා හොයගත්ත තුට්ටු දෙකෙන් ජීවිතයේ අවසාන භාගය ගෙවන්න ඉතිරිකරගත්ත සොච්චමෙන් සියයට 50ක බද්දක් ගහන්න යෝජනා කරන ඔබ වැනි අය ලොස් අැන්ජලීස් වල නොරට්ටුන්ට පාච්චල් වෙවී සදහටම ඔය රටේම ඉන්න එක අපේ රටේ මිනිස්සුන්ට ආශීර්වාදයක්...

:       33       1079

සුනිමල් ප්‍රනාන්දු ලොස් ඇන්ජලිස්Sunday, 27 August 2017 03:08 PM

දොඹගොඩ මහත්මාගේ කතාව හරියට හරි. ඔය චානක් ලොස් ඇන්ජලිස්ලා වගේ අපේ ශ්‍රී ලංකාවෙන් පැනලා ඇවිත් ලංකාවට ගරහන අය ඊනියා ශ්‍රී ලාංකිකයන් මෙහෙ ඉන්නවා මහත්මයා. මම ඔබතුමාගේ පැත්තේ... ලංකාවේ දැන් තියෙන රජය දුප්පත් රජයේ සේවකයාගේ රීරී මාංශය උරා බොනවා.

:       1       363

රත්නායකSunday, 27 August 2017 03:34 PM

මෙහෙමත් අනුවණයෙක්... දැන් ඔය ණයගෙවන්නේ රටම විකුණලා තමයි.

:       1       75

maru siraa Sunday, 27 August 2017 11:14 AM

මරුසිරාගේ පාලනයෙන් මිදෙන ඔබ... සුවර්ගය කරා යනවා ඇත...

:       108       303

abimaani Sunday, 27 August 2017 11:26 AM

බොරු කරන්න එපා.

:       21       5

buba Sunday, 27 August 2017 12:16 PM

සුළු බදු ප්‍රමාණයක් ගැනීම සාධාරණයි. එය සියයට 10 ක් නොඉක්මවිය යුතුයි.

:       782       325

Danushka Sunday, 27 August 2017 12:53 PM

මොනවා කරන්නද? බඩුත් ආණ්ඩුවේ... හොරුත් ආණ්ඩුවේ...

:       2       147

nimmi Sunday, 27 August 2017 01:11 PM

හොඳ වැඩේ මේ රටේ සමහරක් අයට නම්....

:       30       156

Chandana F Sunday, 27 August 2017 01:28 PM

මහන්සිවෙලා වැඩකරන සේවකයාගේ විශ්‍රාමයෙන් පසු ලැබෙන අර්ථසාධකයට බදුගහන්නේ නැතුව, රජයෙන් කරන වැඩකට නැති උත්සව, අමාත්‍යාඅංශ කාර්යාල නවීකරණ මුදල්, කුලී, මන්ත්‍රීන්ට ගන්න රථවාහන හා වුවමනා නැති දේවල් අවම කළොත්, රජයට මුදල් හොයාගන්න පුළුවන්. අනේ අපේ මහන්සියෙන් හම්බකරගත් දේට බදු ගහන්න එපා.

:       135       295

thamindu dulvan Sunday, 27 August 2017 02:17 PM

ආණ්ඩුවේ රස්සා කරන අයට මේක දැනෙන්නේ නෑ. මේක වුණොත් පෞද්ගලික අංශයේ වැඩ කරන අපි කම්මුතුයි. ජනතාව ගැන හැමදාම හිතන ජවිපයට ආණ්ඩුවක් නුදුන්නත් අඩු තරමින් රටේ "විපක්ෂය" කරලා වත් ඔවුන්ට ලබන මැතිවරණෙදී කල ගුණ සලකමු.

:       90       153

Nimal Sunday, 27 August 2017 03:54 PM

චාන්ක් මහතාණෙනි, ඔබ කී දේ ගැන ඔබම ලැජ්ජා විය යුතුයි. ලොස් ඇන්ජලීස්වල සිට ලංකාවේ ප්‍රශ්න ගැන ලොකු ලොකු කමෙන්ට්ස් නොදා කිච නොවී සිටීම ඔබට වඩාත් උචිත වේ. ඔබ වැන්නවුන්ට මෙරට පොදු ජනතාවගේ හදගැස්ම කවදාකුදු නොදැණෙනු ඇත. නැවත මේ පින් බිමේ පය නොතබා සුද්දන්ටම කඹුරමින් ඔහේම සිටිනු මැනවි...

:       42       477

de silva berlin Sunday, 27 August 2017 03:59 PM

ඔය අැමැතිලට සහ නියෝජ්‍ය අැමැතිලට තමන්ගේ මන්ත්‍රි වරප්‍රසාදෙට දෙන තීරුබදු රහිත වාහනයට අමතරව දෙන ප්‍රාඩෝ වී 8 වැනි අධිබලැති ජීප් රථ වැනි සැප වාහන කපාහැර ඒ ගොල්ලන්ට මන්ත්‍රි වරප්‍රසාදයෙන් හම්බවුණු සැප වාහනෙන් යන්න කිව්වා නම් ඔහොම දුප්පතුන්ගේ පැන්ෂන් එකටත් බදු ගහන්න වෙන්නේ නැහැ...

:       43       200

Chanak los anjalis Sunday, 27 August 2017 06:22 PM

ලංකාවේ මිනිස්සු ඔක්කොම කියන්නේ රාජපක්ෂලාගේ ණය ගෙවන්න කියලයි. යහපාලනය රජය පත් වීමෙන් පසු සියලු දෙනාගේම අත මිට සරු වුන නිසා මේ බදු ගෙවන්න අමාරු නැහැ.

:       13       4

lalith Monday, 28 August 2017 12:29 AM

හොඳයි බලමු මේ දෙසම්බරේ විතර රටපුර චන්දයක් පවත්වනවා කියනවනේ. ඔය වැඩේට බනින පිරිස මේ ගොල්ලන්ට චන්දෙ නොදී ඉඳියිද කියල? නැට්ට උස්සගෙන පෝලිමේ යයි කතිරේ ගහන්න.

:       0       18

de silva berlin Monday, 28 August 2017 12:57 AM

දුප්පත් මිනිහගේ විශ්‍රාම වැටුපටත් බදු ගහන්න හදනකොට අධි සුඛෝපභෝගී සිලින්ඩර් අටේ ලෑන්ඩ් කෘෂර් ජීප් වල ජනතා මුදලින් ඉන්ධන පුරවාගෙන රට වටේ මගුල් ගෙවල් මල ගෙවල් වල ඇවිදින දේශපාලකයන්ට මනාපේ ගහන්නෙත් යන්තන් එදාවේල පිරිමහගන්න දිළින්දන් වීම කණගාටුවට කරුණකි, ජර්මනියේ සහ යුරෝපයේ ගොඩක් රටවල සමහර ඇමතිවරු පාර්ලිමේන්තු එන්නෙත් පොදු ප්‍රවාහන සේවා වලින්, සමහරු එන්නේ පාපැදි වලින් , එතකොට සාමාන්‍ය ජනතාවට තිබෙන අඩුපාඩුකම් ඔවුන්ට පෙනෙනවා , අපේ රට දියුනු කරන්නනම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට දෙන සීමාවක් නැති තීරුබදු සහන සහිත වාහන දීමනාව අහෝසි කල යුතුය

:       33       11

DSJ Monday, 28 August 2017 01:19 AM

වසන්ත මහත්තයෝ, නිකන් බොරු හද හද කියන්නේ නැතිව ජනප්‍රිය වෙන්න ඕන නම් ඇත්ත කතාවක් කියලා බලන්න. ජනතාව හැමදාම ඔබලා කියන දේවල් විශ්වාශ කරන්නේ නැත.

:       6       0

nisa Monday, 28 August 2017 05:27 AM

දැනටම ETF එකට බදු ඇත. විශ්‍රාමිකයන්ගේ බැංකු පොලියටද බදු පනවා ඇත. කවුරුවත් ඒවා ගැන කතා නොකරන්නේ කුමක් නිසාද?

:       0       4

Chanak los anjalis Monday, 28 August 2017 07:21 AM

යහපාලන රජය රාජපක්ෂ කාලෙට වඩා දහගුණයක සංවර්ධනයක් මේ ටික කාලෙට කරා. මුළු ලෝකයම අද උදව් කරන්නේ දුෂණ වංචා මැරකම් නැති පිරිසිදු පාලනයක් තියෙන නිසයි.

:       63       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 244 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 190 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 365 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 149 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site