IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අර්ථ නිරූපණ තීන්දුව

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට සම්බන්ධ පෙත්සම් වලින් පැන නැගුණු ප්‍රශ්න වලට පිළියම් සොයමින් අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයක් පතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතීය.

නිමල් ගාමිනී අමරතුංග ප්‍රධාන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අර්ථ නිරූපනය අනුව විනිසුරුවරියට එරෙහිව ක්‍රියා කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොහැකිය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නීතියක් නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය තුන්වැනිදා තීන්දු කළේය. එම තීන්දුව කොටස් වශයෙන් එසේ  පළ කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදීය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය යටතේ හා ඊට අනුකූල නිර්දේශනය සම්බන්ධයෙනි.


ශ්‍රේෂ්ඨාධිකරණ
සැඳැහුම් අංකය 3/20/2012
අභියාචනාධිකරණ (රිට් ආඥා)
ඉල්ලීම . අංකය 358/2012
චන්ද්‍රා ජයරත්න
2, ග්‍රීන්ලන්ඩ්ස් ඇවන්‍යු, කොළඹ 5.
පෙත්සම්කරු

එදිරිව


1. ගරු අනුර ප්‍රියදර්හන යාපා, පා.ම
ඊරියගොල්ල, යක්විල.

2. ගරු නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.
93/20, ඇල්විටිගල මාවත, කොළඹ 8.

3. ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත. පා.ම.
123/1, දුම්රිය පොළ පාර, ගංගොඩවිල
නුගේගොඩ.

4. ගරු වෛද්‍ය රාජිත සේනාරත්න පා.ම.
සීඩී ¡ 85, ග්‍රෙගරි පෙදෙස, කොළඹ 7.

5. ගරු විමල් වීරවංස පා.ම.
18, රොඩ්නි පෙදෙස, කෝට්ටේ පාර,
කොළඹ 8.
6. ගරු ඩිලාන් පෙරේරා පා.ම.
30, බණ්ඩාරනායක මාවත,
බදුල්ල.

7. ගරු නියෝමාල් පෙරේරා, පා.ම.
3/3 රොක්වුඩ් පෙදෙස,
කොළඹ 7.

8. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පා.ම.
121/1, පහළවෙල පාර, පැලවත්ත,
බත්තරමුල්ල.

9. ගරු ජෝන් අමරතුංග පා.ම.
88 මීගමු පාර,
කඳාන.

10. ගරු රාජවරෝදියම් සම්පන්දන් පා.ම.
2 ඩී., සමිට්ස් තට්ටු නිවාස,
කැප්පෙටිපොළ පාර,
කොළඹ 5.

11. ගරු විජිත හේරත්, පා.ම.
44/3, මැදවත්ත පාර,
මුදුන්ගොඩ, මිරිස්වත්ත,
ගම්පහ.

වගඋත්තරකරුවෝ . වග උත්තරකරුවෝ


ජයසූරිය අලංකාරගේ පීටර් නෙල්සන් පෙරේරා,
22/51, චමිකර ඇළ පාර,
හලාවත.


මැදිහත් වන්නා - පෙත්සම් කරු - වග උත්තරකරු


ඉදිරියේ: අමරතුංග විනිශ්චකාරවරයා
ශ්‍රී පාවන් විනිශ්චයකාරවරයා
ඩෙප්, පී.සී. විනිශ්චකාරවරයා


නීතිඥවරු: කේ. කානග් ඊස්වරන්, ජනාධිපති නීතිඥ - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012¡3 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ලිලන්ත ද සිල්වාගේ උපදෙස් මත බී. ඉලංගතිලක, ටී. වේරගොඩ සමග.
එස්.එල්. ගුණසේකර ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012¡4 අනුව පෙත්සම්කරු වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත, චානක ද සිල්වා, සුරේන් ද සිල්වා, රියාද් දමීන් සමග. ජ්‍යොෆ්‍රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳහුම් අංක 2012¡5 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ලිලන්ත ද සිල්වාගේ උපදෙස් මත ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි, (කණිෂ්ඨ) මොහොමඩ් ආදමලි හා ලසන්ත් ගරුසිංහ සමග.
ශිබ්ලි අසීස් ජ.නී. - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳහුම් අංක 2012-6 අනුව පෙත්සම්කරු වෙනුවෙන් විජය වික්‍රමරත්න, ජ.නී. උදිත ඒගලහේවා, ජ.නී. රාජා ඩෙප් හා ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමග උදිත ඒගලහේවා, ජ.නී. රාජා ඩෙප් හා කි්‍රස්මාල් වර්ණසූරිය සමග. උදිත ඒගලහේවා, ජ.නී. -  ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012-7 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය, අමරනාත් ප්‍රනාන්දු, ගිහාන් ගලබඩගේ, හේමන්ත ගාර්දිහේවා සහ රාජා දයානන්ද සමග ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012¡8 අනුව පෙත්සම්කරු වෙනුවෙන් මොහාන් බාලේන්ද්‍රගේ උපදෙස් මත දුෂන්ත කුලරත්න හා නාලක ජයසූරිය සමග සංජීව ජයවර්ධන ජ.නී. ශ්‍රේෂ්ාධිකරණ සැඳැහුම් අංක 2012¡9 අනුව පෙත්සම්කරු වෙනුවෙන් මොහාන් බණ්ඩාරගේ උපදෙස් මත ශාන්ත ජයවර්ධන, පුලස්ති හේවාමාන්න, හා වර්ධනී කුරුණාරත්න සමග.


වග උත්තරකරුවෝ පෙනී නොසිටියහ. නියෝජනය නොවුහ.


නීතිපති පාලිත ප්‍රනාන්දු, ජ.නි. අතිරේක සොලිස්ටර් ජනරාල් ඒ. ඥානදාසන්. ජ.නී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවින්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සන්ෙජ් රාජරත්නම්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඒ.එච්.එම්.ඩී. නාවාශ්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා, නෙරින් පුල්ලේ, එස්.එස්.සී. ආචාර්ය අවන්ති පෙරේරා, එස්.සී. සුරේන් ඥානරාජ්, එස්.සී. සහ මනෝහර ජයසිංහ, එස්.සී සමග නීතිපති වෙනුවෙන්.
චාන්දනී ලියනපටබැඳි, ජ.නී - අතුල ද සිල්වාගේ උපදෙස් මත හර්ෂන රණසිංහ හා සමන් සිල්වා සමග ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2012¡3 මැදහත්කරු - පෙත්සම්කරු - වග උත්තරකරු වෙනුවෙන් මහාචාර්ය එච්.එම්. සෆ්රුල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2012-4 අනුව කේ.ඩබ්ලිව්. බන්දුලගේ උපදෙස් මත මැදහත්කරු - පෙත්සම්කරු - වග උත්තරකරු වෙනුවෙන් රශික් ශරූක් ජ.නි. - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012-5 අනුව, මේරි ටී. ඩික්මන්ගේ උපදෙස් මත මහේෂ් කටුලන්ද සමග මැදහත්කරු - පෙත්සම්කරු - වගඋත්තරකරු වෙනුවෙන්.
බී.මානවඩු - ශ්‍රේෂ්ඨාධිකරණයේ සැඳැහුම් අංක 2012-6 අනුව සාගල අබේවික්‍රමගේ උපදෙස් මත අසංක දිසානායක සමග මැදහත්කරු -  පෙත්සම්කරු - වගඋත්තරකරු වෙනුවෙන්.
නිගෙල් හච් ජ.නි. - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2015-7 අනුව, සාගර කාරියවසම්, එස්. ඉලංගගේ මහත්මිය හා සුමුදු කාන්තහේවගේ සමග මැදහත්කරු - පෙත්සම්කරු - වග උත්තරකරු වෙනුවෙන්.
ඩී.පී. මෙන්ඩිස් ජ.නී. ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012-8 අනුව ඩිලාන් ද ආබෘෘ සමග මැදහත්කරු - පෙත්සම්කරු - වග උත්තරකරු වෙනුවෙන්.
කුෂාන් ද අල්විස් ජ.නී. - ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012-9 අනුව මැදහත්කරු වෙනුවෙන්.
තර්ක කරන ලද්දේ: 2012 දෙසැම්බර් 13 හා 14 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 4-9 දක්වා.
තීරණය: 2013-01-01 වැනිදා.

අධිකරණ නියෝගය

අභියාචනාධිකරණය, ඒ වෙත ඉදිරිපත් වුණු රිට් ආඥා ඉල්ලීම් කීපයක් සලකා බැලීමේදී 2012.11.20 වැනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තියට අනුකූලව එම ව්‍යවස්ථාවේ 107 (3) වැනි වගන්තියේ අර්ථ නිරූපණය පිළිබඳ මෙම ප්‍රශ්නය මෙම අධිකරණය වෙත යොමු කර ඇත.
‘චෝදනා සාධනය අධිකරණයක් අබියසදී සිදු විය යුත්තක් නිසා එවැනි අධිකරණයකට අදාළ කටයුතු සම්බන්ධයෙන් හෝ සාධන ප්‍රකාරය, සාධන භාරය, සාධන සම්මතය යනාදී කිසිවක් සම්බන්ධයෙන් හෝ සිදුවිණැයි කියන අපචාර හා අශක්නුතා සම්බන්ධයෙන් හෝ එවැනි අපචාර හා අශක්නුතා පිළිබඳ පරීඬණ සම්බන්ධයෙන් හෝ පාර්ලිමේන්තුව නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ නියෝගානුකූල?‘

අභියාචනාධිකරණය විසින් එදින සලකා බලන ලද රිට් ආඥා ඉල්ලීම් හතම සම්බන්ධයෙන් එම ප්‍රශ්නය යොමු කරන ලද්දේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) අනුව අග්‍රවිනිශ්චකාර ගරු (ආචාර්ය) ශිරා‚ ඒ. බණ්ඩාරනායකට එරෙහිව කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ 2012.11.06 වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වුණ යෝජනාවෙහි අඩංගු වූ අපචාර හා අශක්නුතා පිළිබඳ චෝදනා විභාග කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් එකොළොස් දෙනාට තහනම් කරන ලෙස පෙත්සම්කරුවෝ රිට් ආඥා අයැදුම් හතෙන්ම ඉල්ලා සිටියහ.

1978 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවල 64 (1) (බී) අනුව අභියාචනාධිකරණය කටයුතු කර නැති බව, අභියාචනාධිකරණයේ නිර්දේශන හත (ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2012-3 සිට 9) මෙම අධිකරණය හමුවට 2012.11.22 වැනි දින පැමි‚ විට දක්නට ලැබි‚. එහෙයින්, මෙම අධිකරණය, ඉහත දැක්වුණු නියෝගය අනුව නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට නියම කළ අතරම නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසද නියම කළේය. ඒ අනුව, නීතිපතිවරයා එදිනම ප.ව 1.30ට අධිකරණය නැවත රැස්වුණු විට වහාම එහි පෙනී සිටියේය. මෙම අධිකරණය දුන් නියෝගය අනුව, 64 (1) (බී) රෙගුලාසියට අනුකූලව අදාළ පාර්ශව වෙත නොතීසි නිකුත් කර ඇති බව අභියාචනාධිකරණය එහි ලේකම්වරයා මගින් මෙම අධිකරණයට වාර්තා කළේය.
වග උත්තරකරුවන් මෙම අධිකරණය හමුවට නොපැමි‚ අතර ඔවුහු 64 (1) (බී) රෙගුලාසිය අනුව ලිඛිත කරුණුද ඉදිරිපත් නොකළහ. පෙත්සම්කරුවන් ඔවුන්ගේ ලිඛිත කරුණු ඉදිරිපත් කළ පසු නීතිපතිවරයා යථොක්ත 64 (2) රෙගුලාසිය අනුව ලිඛිත කරුණු ඉදිරිපත් කර ඇත.

2012.12.13 වැනි දින නිර්දේශන හතම එකට විභාග කිරීමට ගන්නා ලද අවස්ථාවේ පෙත්සම් හා දිවුරුම් පත් ඉදිරිපත් කර ඇති පාර්ශව හත එක් එක් නිර්දේශනය සඳහා මැදහත්කාර වග උත්තරකරුවන් වශයෙන් මැදහත් වීමට බලාපොරොත්තු වූහ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය යටතේ මෙම අධිකරණයට ඉදිරිපත්ව ඇති නිර්දේශන සඳහා එසේ මැදහත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනිි වගන්තියෙන් හෝ 1978 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් හෝ අවසර නොලැබේ. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ º¹¸ වැනි පරිච්ඡේදය යටතේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පුද්ගලයකුට හෝ ඔහුගේ නීත්‍යානුකූල නියෝජිතයකුට ඇහුම්කන් දීම අවශ්‍යයැයි අධිකරණයට පෙනී යන්නේ නම් එසේ කිරීමේ අභිමතය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 134 (3) හා 134 (1) එකට ගෙන කියැවුණු විට අධිකරණයට හිමි වන්නේය. ඒ අනුව, සිය කරුණු ඉදිරිපත් කරනු පි‚ස මැදහත් වීම අපේඬා කළ පාර්ශවවලට ඔවුන්ගේ නීතිවේදීන් මගින් එසේ කිරීම සඳහා අවස්ථාව සලසා දීමට අධිකරණය තීරණය කෙළේය. මෙම අධිකරණ කාර්ය පටිපාටියට මැදහත් වීම අපේඬා කළ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල අන්තර්ගත වූ ඇතැම් නිශ්චිත ප්‍රකාශ සැලැකිල්ලට ගත් අධිකරණය, මෙම විනිශ්චයකාර මණ්ඩලය මෙම නිර්දේශන විභාග කිරීම ගැන කිසියම් විරුද්ධත්වයක් තිබේදැයි මැදහත් වීම අපේඬා කළ සියලූ පාර්ශවවලින් විශේෂයෙන් විමසුවේය. එහෙත් මැදහත් වීම අපේඬා කළ පාර්ශවද ඇතුළු කිසිදු පාර්ශවයකින් විරුද්ධත්වයක් නොදැක්වි‚. එහෙයින්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සියලූම උගත් ජනාධිපති නීතිඥයන්ගේත් අනෙක් උගත් නීතිඥයන්ගේත් මැදහත් වීම අපේඬා කළ පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේත් උගත් ජනාධිපති නීතිඥයන්ගේ හා අනෙක් සියලූ උගත් නීතිඥයන්ගේත් දේශනවලට අධිකරණය ඇහුම්කන් දුන්නේය. දේශන අවසානයේදී අධිකරණය එහි අභිමතය පරිදි ඒ සියලූ දෙනාටම 2012.12.18 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දුන්නේය.

මෙම විභාගය ආරම්භ වීමට කලින් නීතිපතිවරයා ඔහුගේ ලිඛිත කරුණු මගින් ‘අභියාචනාධිකරණය නිසි නිර්දේශනයක් කර නැත‘ යනුවෙන් ඔහුගේ තර්කයට අනුබල වශයෙන් ඉදිරිපත් කළ කාරණය ආරම්භයේදීම සලකා බැලීමට අපි කැමැත්තෙමු. නීතිපතිවරයා ඔහුගේ වාචික කරුණු ඉදිරිපත් කිරීමේදීද අවධානය යොමු කළ පළමුවැනි කාරණය වූයේද එයයි.

125 (1) වගන්තියේ විධිවිධාන මේ අවස්ථාවේදී මෙසේ ඉදිරිපත් කිරීම යෝග්‍යය.

‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ සෑම ප්‍රශ්නයක්ම විමර්ශනය කොට තීන්දු දීමේ තනි හා සුවිශේෂී අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබිය යුතු අතර, එවැනි ප්‍රශ්නයක්, වෙතත් කවරම අධිකරණයක හෝ විනිශ්චය සභාවක හෝ යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් බලයලත් වෙනත් ආයතනයක හෝ අධිකරණ හෝ අර්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇති ආයතනයක හෝ කාර්ය පටිපාටියේදී ඉස්මතු වන හැම අවස්ථාවකදීම ඒ පිළිබද තීරණය කිරීම සඳහා එම ප්‍රශ්නය වහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුය.‘
අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 (1) අනුව යෝග්‍ය නිර්දේශනය කර නැතැයි සිය කරුණුවලට අනුබල වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කිරීමේදී හෙතෙම, බිලිමෝරියා, එරෙහි ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමැති හා තවත් දෙදෙනකුගේ (1978-79-80) නඩුවේදී අග්‍රවිනිශ්චයකාර සමරකෝන් කළ ප්‍රකාශය මත පිහිටා ඇත්තේය.

මතු සම්බන්ධයි.

 



අදහස් (0)

අර්ථ නිරූපණ තීන්දුව

සිරි Tuesday, 08 January 2013 05:10 AM

බිය නොවන්න මැතිණියනි, අපි ඔබ සමගයි. (නි)

:       0       0

සන්ද්‍යා Monday, 07 January 2013 06:37 PM

මෙහි අවසානය කොහිද (දී)

:       0       0

හිල්ම් Monday, 07 January 2013 06:43 PM

මොනවා වෙන්න යනවාද මට නම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ලකී Tuesday, 08 January 2013 08:33 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට‍ (ස)

:       0       0

ප්‍රසන්න Monday, 07 January 2013 09:33 PM

වරදට දඩුවම් කරන ක්‍රමයක් පමණයි මෙතනට අවශ්‍ය වෙන්නේ. (නි)

:       0       0

චන්න Monday, 07 January 2013 10:08 PM

අධිකරණය හරි (දී)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 07 January 2013 10:06 PM

මතු සම්බන්ධයි. (නි)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 11:26 AM

පාර්ලිමේන්තුවෙන් අපිට අසහනකාරී පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව අපි උසාවි ගියා කියලා වැඩක් තියෙනවද? (නි)

:       0       0

විජය Tuesday, 08 January 2013 12:37 PM

සන්තෝසයි

:       0       0

ජීව Tuesday, 08 January 2013 02:28 AM

ඔය ඇති, අපිට දැන් තේරුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 5 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 171 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 202 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 317 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site