IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා

පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

ජාතිය අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය.

ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා.

මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.

මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා.

අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා.

මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.

අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි.

රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව, මේ අවුරුද්දේ ‍අපේක්‍ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.

පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.

මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා.

අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.

එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.

ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා.

මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්.

ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.

පසුගිය කාලයේ මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.

ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා.

මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.

ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා.

ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා.

අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා.

ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.

මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.

 



අදහස් (12)

අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා

සනත් බණ්ඩාර Thursday, 17 March 2022 02:04 PM

අවුරුදු දෙකෙන් රට බංකොලොත් කරලා ඉවරවෙලා දැන් මිනිස්සුන්ට බත් කන එක තහනම් කරලා බතල, මඤ්ඤොක්කා වවාගෙන කන්න කියලද කියන්නේ...?

:       0       4

godfrey Thursday, 17 March 2022 02:10 PM

අනේ නිකන් ඉන්න මහත්තයෝ, මේ වෙනකන්ම ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. එකම කළදේ රට හොම්බෙන් යැවීම පමණයි.

:       0       4

පිටිගල මිලානෝ Thursday, 17 March 2022 02:42 PM

අර්බුදයෙන් ගොඩ යන්න ඉස්සෙල්ලාම සීනි සමග පොල්තෙල් කෑවා. නමුත් ගොඩ ගියේ ගජමිතුරෙක් පමණයි. අර්බුදයෙන් ගොඩයන්න කියලා මිනීමරුම් දඬුවම් විඳින පුද්ගලයෙක්ව නිදහස් කළා සහ ඒ මදිවට වියත්මගෙන් ආවා කියන ඔබ ඒ නූගතාට ලංකාවේ ලොකුම තනතුරකුත් දුන්නා. ඔබ දැන් කරන්න යන්නේ කුමක්ද? මේකෙන් අයින්වෙලා තීන්ත ගාන වැඩක්, ගෙවතු අලංකාරය වගේ දෙයක් කරගෙන ඇමරිකාවට වෙලා හිටියොත් නරකද වෙන ආණ්ඩුවක් ඇවිත් සිතාසි එවනකල්?

:       0       5

Soma dubayi Thursday, 17 March 2022 03:05 PM

විශිෂ්ඨ කතාවක් ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කතාව අහලා ඇස්වලට කඳුළු ආවා.

:       10       1

මෝ Thursday, 17 March 2022 03:17 PM

බයිලා තමයි...!

:       1       5

ගමේ එකාලා. Thursday, 17 March 2022 03:41 PM

ජනපතිතුමා ජාතිය අන්දයි වගේ....

:       11       23

Ajith Friday, 18 March 2022 12:51 AM

දුමින්ද නිදහස් කරා වගේ තීන්දුද ගන්න හිතාගෙන ඉන්නේ..?

:       1       16

NM Friday, 18 March 2022 05:59 AM

මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්... ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. ජනතාව ඡන්දය ලබා දුන්නෙත් ඔබ ගැන බලාපොරොත්තු තබාගෙන.. නමුත් ඔබව බලයට පත්කිරීමට සහ ජනාධිපති වීමෙන් පසු ඔබ වටා සිටි පිරිස ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිසක්.. එම නිසා නිසා ඔබට ඔබලා පොරොන්දු වූ කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. රට මේ වනවිට අර්බුදයෙන් අර්බුදයට යමින් සිටියි. මෙය ජනාධිපතිවරයා වශයෙන් වගකීම ගත්තද නියම වගකිවයුත්තන් වනුයේ අසමත් ඇමතිවරුන් සහ අසමත් රාජ්‍ය සේවය වේ. මේ වනවිට ඔබටද මෙය හොඳින් අවබෝධ වී තිබෙන්නට පුළුවනි. ඔබ බලාපොරොත්තු වූ අප බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව අනාගතයේදී බිහිකිරීමට නම් වර්තමානයේ දේශපාලනයේ සිටින්නා වූ දූෂිත කණඩායම් ඉවත්විය යුතුම වේ. අලුත් පරම්පරාවකට දේශපාලනය හුවමාරු විය යුතුම වේ. නායකයා කොපමණ අවංක වුවද, අදහස් තිබුණද, සැලසුමක් තිබුණද අවංක, බුද්ධිමත්, නිර්මාණශීලි කණඩායමක් නොමැති නම් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලබාදීමට නොහැකිය...

:       0       6

Lalith M Friday, 18 March 2022 06:28 PM

පළමුව පවුලේ හොරු දේශපාලන පිටියෙන් පන්නලා දාන්න. 50%ක් හරියයි. 25% ජොනියා. එයත් යවන්න. ඉතිරිය පාලනය වෙයි.

:       0       6

nm Friday, 18 March 2022 06:02 AM

නායකයා කොපමණ අවංක වුවද, අදහස් තිබුණද, සැලසුමක් තිබුණද අවංක, බුද්ධිමත්, නිර්මාණශීලි කණ්ඩායමක් නොමැතිනම් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලබාදීමට නොහැකිය. බලය තනතුරු සඳහා නොව වෙනසක් වෙනුවෙන් අවංකවම ඉදිරිපත්වන කැපවන පිරිසක් එක්විය යුතුම වේ. රටේ ඇති බහුතර පුරවැසියන් මෙතෙක් දේශපාලකයින් නොවන දේශපාලනය පිළිබඳ අවබෝධයක් තිබෙන්නා වූ පිරිසකගේ පාලනයක වෙනසක් පිළිබඳ අද්දැකීමක් ලබා නොමැත. එවැනි වෙනසක් ලබාදුනහොත් ජනතව යළිත් කිසිදිනෙක එම ක්‍රමය වෙනස් නොකරනු ඇත. එම පසුබිම නිර්මාණය කිරීමට ශක්තිමත් පදනමක් දැමීමට සුදුසුම කාලය සහ අවස්ථාව පැමිණ ඇත.

:       0       2

ජගත් Friday, 18 March 2022 01:01 PM

වගවීම හරියට කරනවා නම්, අයියා මලෝ හොරකන් කරපු ඒවා ආයි රාජ්‍ය භාණ්ඩාගාරයට දෙනවා නම් තමයි හරිදේ... ඊට අමතරව අනිත් හොරුත් හොරකම් කරපුවා එකතු කළානම් ඔහොම හිඟාකන්න ඕනෑ නෑ.

:       0       17

Perera Saturday, 19 March 2022 12:39 PM

අර බයික් රැළිය තිබ්බා වගේ තීන්දුද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 150 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 312 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 393 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1333 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1736 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2173 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 740 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site