IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවා

(අංජුල මහික වීරරත්න)

මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේ දී පැවසීය.

සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ අද  (12) පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි.

 දියවඩන නිලමේ සාම්ප්‍රදායානුකූල සංදේශය ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීමෙන් අනතුරුව පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද ජනාධිපතිවරයා  අතින් සිදු විය. 

අනතුරුව චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපති ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත  තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් එහිදී ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි. 

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපති ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි. 



අදහස් (19)

අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවා

මැක්ස් Friday, 12 August 2022 09:50 PM

අලගල අප්පුහාමිලා තොලොංච් කරලා ගෝල්ෆේස් එක සුද්ද කරපු එකම ඇති ජනාධිපතිතුමා රට ගොඩගන්න- පුලුවන් නම් අනුර කුමාරට තනතුරක් දීලා වැඩ කරන්න කියමු. ගිය පාර හොරැ අල්ලන සභාවක හිටිය වගේ. එතකොට රට්ටු දැන ගන්නවා උන්දැගෙ තරම. පරණ මිනිස්සුන්ට නම් මතකයි මෙයා කටින් වැව් හදපු හැටි

:       21       154

$ $ ඉල්ලුම !!Friday, 12 August 2022 11:51 PM

අරගල විශ්ව විද්‍යාලයක්... ගෝල්ෆේස් ආරම්භ කරලා අනුර කුමාරට ඒකේ පීඨාධිපති තනතුර බාරදෙන්න..! පුදුම විදියට විදේශ ළමයි එයි ඉගෙන ගන්න... මොකද ලෝකෙම ප්‍රසිද්ධ වුණානේ රැට්ටලගේ වැඩ දැකලා...!

:       6       44

chathuriSaturday, 13 August 2022 02:47 AM

ඔබ හොඳින් මතක තියාගන්න මීළඟට ඡන්දෙකින් (රනිල් වගේ පල් හොරු 134 දෙනෙකුගේ ඡන්ද වලින් නොවේ) පත්වන ජනාධිපතිවරයා වන්නේ අනුර කුමාර දිසානායකයි. මේ අය අවුරුදු 70ක් තිස්සේ රටට කරපු එක දෙයක් කියන්න බලන්න. ඔබ පැළඳගෙන සිටින පාට කණ්ණාඩි අයින් කරලා බුද්ධිය (තිබේනම්) මෙහෙයවලා හිතන්න පුරුදු වෙන්න. වැසිකිළි පෝච්චියක්, විලි වහගන්න රෙදි කැල්ලක්, අරක්කු භාගයක්... ටකරමක් ලැබුණු පළියට හොරුන්ට ඡන්දෙ දීලා ඔබගේ දරුවන්ගේ ආත්මයම පාවාදුන්නු ඔබවැනි මිනිසුන්ට කියන්නේ යටත් වැසියන්... ඔබ ගැන ලැජ්ජයි... අප්පිරියයි... වමනෙට එනවා.

:       55       8

ලපයාSaturday, 13 August 2022 03:54 PM

වැඩවසම් යුගයේදී සමහර කාන්තාවන් ඇඳපු හැටියට ඇඳුම් ඇඳලා අනුරගේ පාලන කාලයේ සලාක පොත අරගෙන පාන් ගේන්න පෝලිමේ යනකොට කොහොමද අනුරට වඩා අපේ රටේ ආදීවාසීන්ගෙන් පැවතෙන උරුමක්කාරයා ජනාධිපති වුණොත් නරකද?

:       5       42

sadunSaturday, 13 August 2022 08:02 AM

ඔය පරණ මනුස්සයාට මතක නැද්ද රනිල් හිටවපු බතල ගැන....

:       17       8

sweneSaturday, 13 August 2022 08:50 AM

අනුර කුමාර විතරක් නොවෙයි. සමන් රත්නප්රියත් අරගලයට සහාය දැක්වූ බව අමතක නොකරන්න.

:       3       21

විපරමා Saturday, 13 August 2022 02:03 AM

රනිල්ට ඡන්දේ දීපු පොහොට්ටුවෙ දුශිත දේසපාලුවෝ සෙට් එකම බලාගෙන ඉන්නේ රනිල් ගේ කරපිටින් ගොඩ යන්නේ කොහොමද කියලා?

:       47       11

බුද්දික Saturday, 13 August 2022 03:33 AM

ඔය කම්බ හොරුත් එක්කද රට ගොඩගන්න යන්නේ...? අර පගා ඉල්ලා අස්වෙන්න කිව්ව පගා මස්තාන් සිරිපාල, බොරු කොමිටි දාලා, සුදු ගාලා එළියට ගත්තේ මනුස්සයත් රට ගොඩ ගන්න සටනට එක්කර ගන්නද? මිනිසුනේ මේ තනි බොරු කාරයින්... මේ රට ගොඩගන්න යන මිනිහා අවුරුදු 43ක් පාර්ලිමේන්තුවේ.., 6 සැරයක් අගමැති, රට මේ තත්වයට ගෙනා ප්‍රධාන හවුල් කාරයෙක්...!

:       3       36

sunil Saturday, 13 August 2022 09:00 AM

කුලියාපිටියේ වොක්සගන් පැක්ටරිය ඉදිකෙරුවා වගෙයිද දන්නේ නැහැ.

:       11       15

seneSaturday, 13 August 2022 03:17 PM

ඒක විතරද? කෝ හම්බන්තොට තෙල් පිරිපහදුව? සංචාරක පුරවර... අනේ මගේ කට... මෙයා කටින් හිටවපු බතල...!

:       3       6

Perera Saturday, 13 August 2022 09:19 AM

තවම ගොඩගන්න සැලැස්මක් නම් පෙනෙන මානයක නැහැ.

:       6       7

VipulaSaturday, 13 August 2022 08:53 PM

තව මාස 6ක් දෙන්න. අර කිව්වේ ඊළඟ මාස 6 හෙන අමැරුයි කියලා. මාස 6න් පස්සේ මේක හැදෙන්නේ රොකට් එකක් වගේ...

:       0       0

Nimal Saturday, 13 August 2022 09:51 AM

දවල් හීන... මෙයා කවද්ද කරනවා කියපු වැඩක් හරියට කළේ...?

:       7       6

SL Saturday, 13 August 2022 09:53 AM

රුසියාවෙන් තෙල් ගෙනෙන්නේ නැත්තේ මොකද කියලා රටේ නායකයා විදියට ප්‍රකාශයක් කළයුතුයි. මෙච්චර කෙලවෙලා තියෙද්දිත් CPC එකේ අයට ඔයතරම් OT ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා විදියට ප්‍රකාශයක් කළයුතුයි. මෙච්චර කෙලවෙලා තියෙද්දිත්, ප්‍රමාද ගාස්තු විදියට ඩොලර් මිලියන ගණන් නැවුවලට ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා දැනගතයුතු අතර ඒ ගැන ප්‍රකාශයක් නිකුත්කළ යුතුමයි. වැල් බයිලා කියකියා හිටියට වැඩක් නැහැ.

:       4       12

ජගත් ලියනගේ Saturday, 13 August 2022 09:54 AM

දවල්ද?

:       4       5

Bamunuarachchi Saturday, 13 August 2022 09:56 AM

රට ගොඩගන්න දෙමළුන්ටයි, හම්බයින්ටයි... රට, ජාතිය පාවාදෙන්න ලැහැස්ති වෙන්න එපා. 2005 කරන්න හැදුවේ රට බේරාගන්න මේ යුද්ධය දිනන්න බැහැ කියලා... උතුරු, නැගෙනහිර පළාත් ප්‍රභාකරන්ට පවරන්න ISGA ගිවිසුම සකස් කළබව රටම දන්නවා. ඒ කාලේ ඒවාට අරගල කරන්න අරගල කාරයින් හිටියේ නැහැ. මොකද මුදල් සම්පාදනයට ඩයස්පෝරාවක් නොසිටි නිසා...!

:       8       39

Indika Saturday, 13 August 2022 11:50 AM

සුනිල් කුලියාපිටියේ කාර් කම්පැණි එක හදලා තියෙන්නේ ඇවිත් බලන්න. රනිල් කියන්නේ කියපු දේ කරන කෙනෙක්.. එයාට කරන්න නොදී බාධා කරපු එක තමයි රටේ පුරවැසියනුුත් කළේ...!

:       5       7

CiscoSaturday, 13 August 2022 03:07 PM

වොක්ස්වැගන්ද? කීයක් රට යැව්වාද?

:       1       16

sena Saturday, 13 August 2022 12:18 PM

මහබැංකුවේ රුපියලක්වත් නැතිලු...

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 33 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 77 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 1301 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 337 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1387 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 322 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 283 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 593 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site