IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අරමුදල් වෙනුවෙන් ‘මුදල’ අමතක කළ සොඳුරු දිනයක්

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගත් එකම කී‍්‍රඩා කණ්ඩායම වන 96 ලෝක කී‍්‍රකට් ශූරයෝ පසුගිය සෙනසුරාදා කොළඹ එන්. සී. සී. කී‍්‍රඩාංගණයට එක්වූයේ ආර්ථික හේතූන් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යාම  සඳහා ආධාර කෙරෙන ‘බිග් හාට්’ ව්‍යාපෘතියේ අරමුදල තර කරගැනීම සඳහා වූ ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයකට සහභාගි වීමේ අරමුණ ඇතිවය.

ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් කීඩකයින්ගෙන් සමන්විත ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායම සමග එම තරගය පැවැති අතර කලෙකදී වෘත්තීය කී‍්‍රඩකයන් වූ නමුත් දෙපිලේම කී‍්‍රඩකයන් මෙම තරගයට සහභාගි වූයේ සම්පූර්ණ සමාජ සත්කාරයක් වශයෙන් විනා රුපියල හෝ ඩොලරය සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් කරමින් නොවේ. ඔව්හු ඊට නොමිලයේම සිය දායකත්වය දැක්වූහ.

96 ලෝක ශූර කණ්ඩායමට ක‍්‍රීඩා කල කීඩකයින්ගෙන් මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු සහ කුමාර් ධර්මසේන තිදෙනාට මෙම තරගයට සහභාගී වීය නොහැකි විය. මුරලිදරන්ට  ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා කලින් අත්සන් කළ ගිවිසුමක් හෙයින් නිවාඩු ලබාගත නොහැකි වූ අතර මාවන් අතපත්තු ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටී. අන්තර්ජාතික විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන කුමාර් ධර්මසේන මේ දිනවල දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටී.

එහෙත් ලෝක ශූර කණ්ඩායමේ සෙසු සියලුම කී‍්‍රඩකයෝ ඊට සහභාගි වූ අතර සනත් ජයසූරිය පැමිණියේ සිය දණහිසේ සැත්කමක් කිරීමෙන් දින කිහිපයකට පසුව, සම්පූර්ණ සුවය ලැබීමටත් පෙරාතුවය.

කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ කණ්ඩායම් දෙකේ කී‍්‍රඩකයින්ට සුබපැතීමෙන් අනතුරුව කී‍්‍රඩාංගණයෙන් නික්ම ගියේය.

තරගය වෙනුවෙන් නිර්මාණය කර තිබූ ඇඳුම් 96 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම භාවිතා කල නිළ ඇඳුමම විය. එහිදී  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම භාවිතා කල නිළ ඇඳුමටම බොහෝ සෙයින් සමාන වූ ඇඳුමක් ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායමේ නිළ ඇදුම ලෙස භාවිතා කෙරිණ. වෙනසකට වූයේ ජනකාන්ත කි‍්‍රකට් තරු ඇඳුමේ ‘ශී‍්‍ර ලන්කන්’ යන්න ලියැවී තිබීම පමණි.

කී‍්‍රඩාංගණයේ සියලූ ආසන පේ‍්‍රක්ෂකයින්ගෙන් පිරී තිබූ අතර ඔව්හු 96 දී දුටු ඒ චමත්කාරජනක විස්මිත ජයග‍්‍රණය නැවතත් වරක් දැකගැනීමට නොඉවසිල්ලෙන් පසුවූහ. 96 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සියැසින් දැක ගැනීමට නොහැකිවූ පේ‍්‍රක්ෂකයින් ටද එය කදිම පුනරූපනයක් විලස දැනෙන්නට ඇත.

96 දී කළ පරිදිම කාසියේ වාසිය දිනාගත් අර්ජුන රණතුංග පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප‍්‍රතිවාදි පිලට ආරාධනා කළේය. පසුව පාකිස්තානයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලූ 7 ක ජයග‍්‍රණයට නොදෙවෙනිව, කඩුලූ 5 ක විශිෂ්ඨ ජයක් ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායමට එරෙහිව ලබාගත්තේ පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සියලූදෙනාගේ බලාපොරොත්තු මුදුන්පත් කරමිනි.

පේ‍්‍රක්ෂකයින් හට කළුවිතාරණගේ මෙන්ම හේමන්ත දේවප‍්‍රියගේ වේගවත් පිතිහරඹයත්, අර්ජුනගේ උපක‍්‍රමශීලී පිතිහරඹයත්, අශෝක ද සිල්වාගේ විශිෂ්ඨ දඟ පන්දු යැවීමත් පියවි ඇසින් දැකගැනීමට අවස්ථාව උදාවිය.

එදා සුපරික්ෂාකාරී ලෙස ලකුණු 107 ක් වාර්තා කරමින් අරවින්ද හිමිකරගත් තරගයේ වීරයාට හිමි කුසලානය මෙවර වේගවත් ලකුණු  52 ක් වාර්තා කල කළුවිතාරණ හිමිකරගත්තේ 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පැළදි පා ආවරණ යුගලයම පැළදගෙන කී‍්‍රඩා කිරීමෙනි.

හතරේ සීමාව අසලදීම රැකගත් විශිෂ්ට උඩපන්දුවකින් දැවී ගිය නමුත් සනත්ගේ ජවසම්පන්න පුල් පහරත්, චමන්ද වාස් සුපුරුදු පරිදි කඩුල්ල ඉලක්ක කරමින් පන්දු යැවීමත්, හෂාන් තම සුවිශේෂී හැකියාව මොනවට කියාපාමින් දෙඅතින්ම පන්දු යැවීමත්, හයේ පහරකින් තරගයේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කිරීමත් නිසා පේ‍්‍රක්‍ෂකයෝ මහත් උද්දාමයට පත්වූහ.

අර්ජුන එවූ පන්දුවකින් එරික් උපශාන්ත දවා ගනීම සඳහා අසංක ගුරුසිංහ අසීරු උඩපන්දුවක් රැකගත්තේද, එරික් උපශාන්තගේ පන්දුවකට පිටියෙන් ඉවතට ඇදී ලෙස ගුරුසිංහ ගැසූ යෝධ හයේ පහර පිටියෙන් ඉවතට ඇදී සැගවී ගියේද පේ‍්‍රක්‍ෂකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.

රොජර් විජේසූරිය යැවූ  ඕවරයකදී අර්ජුන පිට පිටම හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් ද සමගින් ලකුණු 21 ක් ලබා ගත් අතර ඔහුගේ ප‍්‍රියතම පහරක් වන ස්වීප් පහරද කිහිප වතාවක් ප‍්‍රදර්ශනය කරමින්  තවමත් ඔහුට එය පෙර පරිදිම හසුරුවාගත හැකි බව මැනවින් කියාපෑවේය.

තරගයේ පළමු භාගය අවසන් වූ වහාම තරගය නැරඹීමට පැමිණ සිටි ආබාධිත රණවිරුවන් වෙත ගිය කී‍්‍රඩකයෝ ඔවුන්ගේ සුවදුක් විමසා සිටි අතර ඔවුන් සමග සමූහ ඡයාරූපයකට පෙනීසිටීමටද අමතක නොකළහ. අනතුරුව කී‍්‍රඩකයින් සියලු දෙනා එක්ව ‘බිග් හාට්’ ව්‍යාපෘතිය සංඛේතවත් කරමින් තෝරාගත් ළමුන් පිරිසකට පාසල් උපකරණ කට්ටල බෙදා දුන්හ.

කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයින්ගේ පවුල් වල සාමාජිකයෝද කී‍්‍රඩකයින්ට වෙන්වූ කී‍්‍රඩාගාරයේ සිට තරගය නැරඹූ අතර ගුරුසිංහගේ පුතා සහ දියණියද, අර්ජුනගේ පුතාද ඒ අතර වූහ. තරගය අවසන් වීමෙන් පසු ඔවුන් සියලුදෙනාම කී‍්‍රඩා පිටියට පැමිණ කීඩකයින් හා පේ‍්‍රක්ෂකයින් සමග ඡයාරූප වලට පෙනීසිටියහ.

තරගය නැරඹූ සැමට පොදුවේ දැකගත හැකි දෙයක් වූයේ මෙම තරගය සඳහා සහභාගීවූ සියලුම කී‍්‍රඩකයින් පෙනුමෙන් වියපත් වුවද ඔවුන් සිතින් මෙන්ම කි‍්‍රකට් දස්කම් වලින් නම් තවමත් වයසට ගොස් නැති බවයි.

තරගය ආරම්භ කල මොහොතේ සිට අවසන් වූ මොහොත දක්වාත්, ඉන් පසුවත් ලෝක ශූර කී‍්‍රඩකයන්ට සමරු අත්සන් තැබීමේ නිමක් නොවූවද කී‍්‍රඩකයෝ එය කරදරයක් ලෙස නොසලකා පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සමග ඉතාමත් සතුටින් කාලය ගතකර සතුටින්ම විසිර ගියේ විවිධ හේතූන් මත අධ්‍යාපනය නොලබන පාසල් යන වයසේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් වැය කිරීම සඳහා ‘බිග් හාට්’ ව්‍යාපෘතියට තවත් මුදල් ප‍්‍රමාණයක් රැස්කර දෙමිනි.

 

 

 

 



අදහස් (0)

අරමුදල් වෙනුවෙන් ‘මුදල’ අමතක කළ සොඳුරු දිනයක්

ජගත් Monday, 14 January 2013 09:17 PM

එදත් අදත් අපේ සැබෑ ක්‍රිකට් වීරයන්ට අ‍පගේ උත්තමාචාරය . ඔබ අපිට ලොවක් වටී (ස)

:       0       0

උපුල් Monday, 14 January 2013 10:46 PM

ව්‍යාපෘතියේ නමට වගේම මෙවන් විශිෂ්ට කාර්යයක් කරන්නට ඔබ වැනි ක්‍රීඩකයන්ටත් ලොකු හදවතක් (බිග් හාර්ට්) තිබීම ගැන ඔබ සැමට හද පිරි තුති. ගොඩක් පින්. දැන් ක්‍රිකට් වැටී තිබෙන තැනින් ගොඩ ගන්නටත් ඔබ සැම එකතු වෙන්න කියා ඉල්ලීමක් කරනවා. (නි)

:       0       0

දුලිප් Tuesday, 15 January 2013 12:31 AM

ඔවුන්ට දීර්ඝ සුභ ගමනක්! (නි)

:       0       0

මාර්ක් Tuesday, 15 January 2013 01:42 AM

මින් මතුවටත් මෙවැනිම දේවල් අසන්නටත් දකින්නටත් ලැබේවා! (නි)

:       0       0

උපුල් Tuesday, 15 January 2013 01:56 AM

ඔබ සියලු දෙනාගේ මේ සද් ක්‍රියාවට බෙහෙවින්ම ස්තූතියි. පින්සිදු වේවා (ස)

:       0       0

ශානි Tuesday, 15 January 2013 02:18 AM

හොඳ අදහසක් ,සුබ පැතුම් 1996 වීරයන්ට !!!!!!!!!! (ස)

:       0       0

වජිර Tuesday, 15 January 2013 12:33 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

ශශික Tuesday, 15 January 2013 04:48 PM

කොපමණ අය සිටියත් 96 කණ්ඩායම වගේ අමරණීය මතකයන් ගෙනෙන්න කිසි කෙනෙකුට බැහැ. (නි)

:       0       0

උපුල් Monday, 14 January 2013 04:04 PM

ව්‍යාපෘතියේ නම බිග් හාට් වගේම ක්‍රීඩකයන්ටත් බිග් හාර්ට් එකක් තිබිලා මේ වගේ පුණ්‍ය කටයුත්තකට දායක වන්නට. ස්තූතියි ඔබ සැමට. (නි)

:       0       0

චින්තක Monday, 14 January 2013 04:17 PM

හොද වැඩක්. (නි)

:       0       0

සුමිත් Tuesday, 15 January 2013 07:35 AM

වැඩේනම් නියමයි. ඔහොම යන් (ස)

:       0       0

රොශාන් Monday, 14 January 2013 04:20 PM

නියම වැඩක් ,96කණ්ඩායම ලංකාව ලබා දුන් කීර්තිය වසර සිය ගණනක් පවතීවි. ඔබ සැමට සදා ජය (ස)

:       0       0

අරුණ Monday, 14 January 2013 04:20 PM

චමත්කාර ජනකයි. උතුම් ක්‍රියාවක් වගේම හරිම ආශ්චර්‍යමත් ක්‍රියාවක්. සියලුම ක්‍රීඩකයන්ට මාගේ ස්තූතිය සහ සුබ පැතුම් (ස)

:       0       0

දිලූ Tuesday, 15 January 2013 07:54 AM

හරිම ආශාවෙන් ලිපිය කියෙවුවා. ස්තූතියි (ස)

:       0       0

මනූෂ Tuesday, 15 January 2013 07:57 AM

සල්ලි වලට කරන්න බැරි දේවලුත් තියෙනවා නේද ?.....(ස)

:       0       0

කිත්සිරි Tuesday, 15 January 2013 08:04 AM

අනර්ඝයි! ඔබ තමයි තවමත් අපේ වීරයෝ (ස)

:       0       0

කල්ප Tuesday, 15 January 2013 08:04 AM

ලෝක ශූරයින්, ඔබට දීර්ඝායුෂ (ස)

:       0       0

සන්ජීව Tuesday, 15 January 2013 01:41 PM

දැන් ඉන්න කට්ටියනම් නිකන් සෙල්ලම් කරන්න බෑ කියාවි (ස)

:       0       0

සාගර Tuesday, 15 January 2013 09:01 AM

ඔබලාගේ මෙම කර්තව්‍ය වෙනුවෙන් මම සුභ පතනවා ....(ස)

:       0       0

නිරාන් Monday, 14 January 2013 04:56 PM

හරිම ආශාවෙන් ලිපිය කියෙවුවා. සැමට ස්තූතියි. (නි)

:       0       0

සිල්වා Monday, 14 January 2013 05:01 PM

අපිට කාලෙකින් දැක ගන්න ලැබුණා අපේ පරණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකමුතුකම. (ස)

:       0       0

සමරතුංග Tuesday, 15 January 2013 09:33 AM

අති විශිෂ්ඨයි සර් (ස)

:       0       0

රවීන්ද්‍ර Monday, 14 January 2013 05:13 PM

විශිෂ්ට අදහසක්. විශිෂ්ට කාර්යයක්. ඉදිරියටම යන්න. (නි)

:       0       0

අසෝක Monday, 14 January 2013 05:34 PM

මෙහි විනිවිද භාවය ගැන සැකයි (ස)

:       0       0

කමල් Tuesday, 15 January 2013 02:40 PM

ලස්සන වැඩක් . ලස්සනට ලියලා තියෙනවා.ස්තූතියි (ස)

:       0       0

සිල්වා Monday, 14 January 2013 06:07 PM

අපිත් සතුටු උනා (දී)

:       0       0

මැක් Monday, 14 January 2013 08:16 PM

තරගය බලන්න "ලින්ක්" එකක් නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 734 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 430 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site