IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘අරියාදු නොකළා නම් ආණ්ඩුවට සහාය දෙන්නත් තිබුණා‘

ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත්, ඇමෙරිකාවේ සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්අයි හය ඔත්තු සේවා තමා පසුගිය ජනපතිවරණයේ දී පරාජය කිරීමට කුමන්ත්‍රණය කර ඇතැයි ද, එහෙත් නරේන්ද්‍ර මෝදි අගමැති හෝ ඔහුගේ රජයට ඊට සම්බන්ධයැයි තමා නොසිතන්නේයැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හින්දු පත්‍රය සමඟ සාකච්ඡාවකදී පැවසීය.

‘ශ්‍රී ලංකාවේ රෝ නියෝජිතයා ඉවත් කළ යුතු යැයි මා එදා කිව්වා. ඔවුන් එකඟ වුණා. නමුත් ඉවත් කළේ අන්තිම මොහොතේ. එතකොට ප්‍රමාධ වැඩියි.‘

රාජපක්ෂට එරෙහිව විපක්ෂ කණ්ඩායම් එකමුතු කිරීමට යතියි කියන චෝදනාවක් මත පසුගිය ජනවාරියේ දී කොළඹ ඉන්දියා තානාපති කාර්යාලයයේ නිලධරයකු මාරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළැයි හින්දු පත්‍රය කියයි.

එහෙත් ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ එය සාමාන්‍ය මාරුවක් පමණක් බවයි.

යළි දේශපාලනයට එන බවත් හින්දු පත්‍රය සමඟ තහවුරු නොකළ රාජපක්ෂ කියා සිටියේ සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ තම පවුලේ සහෝදරයන්ට හා සගයනට එරෙහිව නඩු පවරන බවයි.

‘ඔවුන් මෙහෙම නොකළා නම් මම ඔවුන්ට සහාය දෙන්නට තිබුණා. නමුත් දැන් ඔවුන්ට ඕනෑ අපට විරුද්ධව පරීක්ෂණ පවත්වන්නැයි. අප හිරේ දාන්නයි. සාක්කි නැතිව අපගේ ගමන් බලපත්‍ර තහනම් කරන්නයි. තත්ත්වේ එහෙම නම් මම කොහොමද විශ්‍රාම යන්නේ? විශ්‍රාම ගන්නා බවක් මම කවදාවත් කිව්වේ නෑ. දැන් මම විවේක ගන්නවා.‘



අදහස් (0)

‘අරියාදු නොකළා නම් ආණ්ඩුවට සහාය දෙන්නත් තිබුණා‘

ලෙස්ලි ලෝව් Friday, 13 March 2015 04:42 PM

මොන 'රෝ'ද මහත්තයෝ? අපේ ඡන්දෙන්නේ ඔබව පැරදුවේ.අපේ වටිනා ඡන්දයට අපහාස කරන්න එපා (නි)

:       0       0

එස් කල්පගේ Saturday, 14 March 2015 11:37 AM

සත්‍ය ජය ගන්නවා . ඔය වැඳපු තරමට පරදින්න බැහැනේ. පව් කලාම පඩිසන් දෙනවා. රජ උනත් කළකම් පලදේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 13 March 2015 04:57 PM

ඩුබායි තිලක්ලා වගේ කුහකයින් ගුණමකුවන් එදත් අදත් හෙටත් අපි අතර හිටියා වගේම ඉදිරියටත් ඉඳීවී. ඒ හින්දා කට්ටියගේ ප්‍රතිචාර ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.මේ රටේ මිනිසුන්ට දේශපාලනය කරන්න නිදහසේ හුස්මක් ගන්න අපේ දරුවන්ට යුධ බිය නැති මරබිය නැති හෙටක් හදාදුන් ඒ උතුම් නායකයාට මේ රටේ ලක්ෂ 57ක් කෘතගුණ දක්වා කැමැත්ත දුන් බව බව අමතක කරන්න එපා.ඒවා පිරිසිදු තනි පුද්ගලයෙක් සඳහා ලැබුණු කැමැත්ත. මනස විකෘති කරගත් ඩුබායි තිලක්ලා ඔලුවෙන් හිටගෙන මඩ වැපුරුවත් මහින්ද මහත්තයා හැමදාමත් මිනිසුන්ගේ හදවත් වල ජීවමානයි. (නි)

:       0       0

සුනිල් Friday, 13 March 2015 05:20 PM

තමන්ට සහ පවුලේ අයට හිරිහැර නොකළ නම් සහය දෙන්න තිබුනා කියන්නේ ප්‍රතිපත්ති මත වැඩ නොකරණ බවයි (නදී)

:       0       0

වාසනා-යු.එස්.ඒ Friday, 13 March 2015 05:25 PM

මෙතුමා පහුගිය කාලේ රට පාලනය කරන කොට බලයෙන් මත් වෙලා හිටියේ. අඩි දෙකක් එලියට බහින්නත් හෙලිකොප්ටර් කරකවන්න ඕනා. දැන් මේ කිසිම දෙයක් නැහැ. එයා හිතන් හිටියේ බලය සාදා කාලිකයි කියලා.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 05:34 PM

ගමක "ග්‍රාමසේවක" තනතුරක්වත් දෙන්නනම් එපා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 05:35 PM

දහම්, හීන දකින්න තහනමක් නැහැනේ. ඒ නිසා තව හොදට හීන දකින්නකෝ.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 05:48 PM

විශ්ව විද්‍යාලයේ ඉඳලම රටම හමුදාකරණය කරන්නයි ගියේ. එතකොට පුළුවන්නේ දේශපාලකයෙක් දකිනකොට කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන සමාජයක් හදන්න.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 05:50 PM

දෙවියෝ බැලුව වගේ රට අවරුදු 2 කකට කලින් නිදහස් කරගන්න ලැබුනේ. තවත් අවරුදු දෙකක් ගියානම් ලංකාවක් කියල දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. ඉතිරි කරන්නෙත් නැහැ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 05:52 PM

බැරි වෙලාවත් මහින්ද දිනුවා නම් මේ වෙනකොට විපක්ෂ නායකයන් සියල්ලම "සමාදානයේ සැතපෙනවා". තවත් දහස් ගානක් හිරේ ලගිනවා. මෛත්‍රී හොඳ වැඩියි.(නදී)

:       0       0

අතුල Friday, 13 March 2015 08:22 PM

ඔය තොත්ත බබාගේ ඇඩිල්ල නවත්වන්න කවුරුහරි කිරි ටිකක් පෙව්වොත් නරකද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 13 March 2015 10:41 PM

තිලක්, ජනාධිපති නැත්නම් අපේ සිතියම උතුරින් පැත්තකුයි නැගෙනහිරින් පැත්තකුයි නැතුවයි අඳින්න වෙන්නේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රසික Saturday, 14 March 2015 01:00 AM

මොහුට අධක්ෂක මණ්ඩලම 4 ක විතර තනතුරු දුන්නා කියලා එයාම කියනවා නම් අනෙක් අයට සළකපු හැටි අපට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

යොහාන්‍ Saturday, 14 March 2015 01:12 AM

ඔව් ඉතින්, දැන් ඕනෑ දෙයක් කියන්න පුලුවන්නේ! (නි)

:       0       0

නිවුටන් Saturday, 14 March 2015 01:55 AM

දැන්නේ මට වැඩේ තේරුනේ. (නි)

:       0       0

නිව්ටන් Saturday, 14 March 2015 02:07 AM

ඔය යහපාලන මාධ්‍ය නිදහස යොදාගෙන අපි අදහස් දක්වනවා. ඒවා කප්පාදු කරන්න එපා. දැන්නේ මට තේරුනේ. (ස)

:       0       0

දිනේෂ් Friday, 13 March 2015 09:17 AM

එ් කියන්නේ මහින්ද මහත්තය ආයේ දේශපාලනේට එන්නේ පළිගැනිමේ චේතනාවෙන් එහෙම නැතුව රටට ජනතාවට සේවය කිරීමට නොවේ (බ)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 14 March 2015 02:40 AM

ඩුබායි තිලක් කලින් දත්මිටි කකා සුභ අනාගතයක්න් දිහා බලන් හිටිය වගේ අපිත් දැන් යහපාලානේ පිවිතුරු හෙටක් බල බල දත් මිටි කනවා..වෙනසකට තියෙන්නේ ඩුබායි තිලක් අවුරුදු විස්සක් බලන් හිටියට අපිට බලන් ඉන්න වෙන්නේ මාස තුනක් පමණක් වීමයි.... (ස)

:       0       0

ලියොන් Saturday, 14 March 2015 02:45 AM

තිලක්-ඩුබායි ගේ කතාව හරියටම නමින් සුමනදාස වුවත් හිතින් දුම්මන වෙච්ච කවුදෝ වගේ නේ. (ස)

:       0       0

සුමුදු හේවගේ Saturday, 14 March 2015 02:49 AM

දැනගෙන කතා කරන්න විකුම්. ෆොන්සේකා මුලින් වීරයෙක් වුනාට ඇමෙරිකාවේදී අපේ රටට විරුද්ධව යුද්ධ අපරාධ ගැන පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වීමට එකඟවූ ද්‍රෝහියෙකි. සුදුකොඩි කතාව මතක ඇති නේද? ඕනෑම රටක් එවැනි අයට දඬුවම් කරනව. මහින්ද විරුද්ධවදින්ගෙන් පළි ගත්තේ නැහැ. එය ඔහුගේ දුර්වලකමක් විය හැකියි. ඔහු එහෙම කළා නම් අද රනිල්ලාට රවී කරුනනයකලට සහ චන්ද්‍රිකා ආදීන්ට ඔවුන් කළ දුෂණ භීෂණ වල හැටියට හොඳින් ඉන්න වත් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නවත් ලැබෙන්නේ නැහැ. (ඔයාලා නොදැන හිටියාට 1971 දී ජවිපෙ කැරැල්ල පිටුපසත් විදේශික බලවේග තිබුණා. )1971 දී ජවිපෙ කැරැල්ල මැඩීම මැතිනි විතරක් නෙවෙයි කවර රාජ්‍ය නායකයෙක් හිටියත් කළයුතුව තිබුණා. එහෙත් එවක මැතිනි ජිවිත හානි අවම වන පරිදි හැකිතාක් කැරලිකරුවන්ට ජිවිතදානයත් පුනරුත්ථාපනයත් ලබාදුන්නා. එහෙත් දැන් යහපාලනය ගැන කෑගහන අයගෙන් තරුණයන්ට ලැබුනේ පුනරුත්පත්තිය විතරයි. (ස)

:       0       0

සංජීව Saturday, 14 March 2015 07:02 PM

විවේකයක් නොවේ , විරේකයක් (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 14 March 2015 07:19 PM

සිරිසේන මහත්තයට ලැජ්ජා නැද්ද රට බේරා ගත් මහින්ද මැති තුමාට රිද්දවන්න. මට පරණ කතාවක් මතක් වෙනවා. (නදී)

:       0       0

දුමින්ද Friday, 13 March 2015 09:44 AM

කව්රුත් කාටහරි මුලින්ම එරෙහි වන්නේ පුද්ගලික පීඩනයක් මත බව ඇත්තක් (ම)

:       0       0

සුමුදු හේවගේ Saturday, 14 March 2015 03:03 AM

ලෙස්ලි, වෙන රටවල ආණ්ඩු වෙනස් කරන්න ජහමනයාගේ මනස වෙනස් කරන්න ඔත්තු සේවා කටයුතු කළ හැටි දින වකවානු සහිතව ඇමරිකානු සහ ඉන්දියානු වෙබ් අඩවිවල තියෙනවා. ටිකක් හොයලා බලන්න. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් පාලන යුග වලට වඩා සාමයක්, ආරක්ෂාවක්, අදහස් දැක්වීමේ නිදහසක් ඔයාලට මහින්දගේ පාලන කලේ ලැබුනා. රටේ ආර්ථික වර්ධනය අඛණ්ඩව වර්ධනය වුනා. කවුරු වුනත් සර්වසම්පූර්ණ නැහැ. සුළු අඩුපාඩු වල සිට ඔහු වග කිවයුතු සහ නොයුතු දේත් හුදෙකලා සිදුවිමුත් ඔහුට විරුද්ධව පාවිච්චි කෙරුනා. සියලුම පෞද්ගලික මාධ්‍ය පාහේ ඔහුට විරුද්ධව කලක් තිස්සේ වැඩ කළේ ඔහුට විරුද්ධව ඔයාලගේ මනස සකසන්නයි. අපට වුන දේ ඔයාලට තේරෙනකොට ප්‍රමාද වැඩියි. ඇත්තටම පැරදුනේ අපි මිසක් ඔහු නොවෙයි. අද යහපලකයෝ ලෝකයට විහිළු සපයමින් එදිරිවාදීන් දඩයමේ යනවා. යටත් විජිතවාදීන්ට දරදිය අදිනවා. රණවිරුවන් දන්ගෙඩියට යවන්න කටයුතු කරනවා. (ස)

:       0       0

තෝමස් Friday, 13 March 2015 10:02 AM

පළිගැනීමේ චේතනාවෙන් නොවේ තමන්ට සහ තම සමීපතමයන්ට එරෙහිව එල්ලවන පදනම් විරහිත චෝදනා වලට නිසි පිළිතුරු දීමට. එය පලිගැනීමක් නොවේ .(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 14 March 2015 09:00 PM

ඩුබායි තිලක් තමුසේ ඔහේ ඉඳන් කෑ ගහන්නේ මෙහෙ ඇවිත් ඕක කියනවකො. ප්‍රභාකරන් ගෙන් මැරුම් කෑ සිංහල රණ විරුවන්ගේ දරුවෝ තමුසෙව පට්ට ගහයි. කොහෙන් හරි මිශ්‍ර වුන ලේ ටිකක් තමුසෙගෙ ඇඟේ තියෙනවා.(නදී)

:       0       0

රන්ජන් Friday, 13 March 2015 10:10 AM

මේ ප්‍රකාශ බොහොම භයානකයි . වගකීමකින්ද මේවා කියන්නේ නැත්නම් පිස්සුවෙන්ද ?(හේ)

:       0       0

කැනඩා දිසා Saturday, 14 March 2015 03:22 AM

බුදු අම්මෝ, ආයේ නම් නැවතත් ඡන්දෙකට එන්න තියා හිතන්නවත් එපා.(නදී)

:       0       0

අමරකෝන් Saturday, 14 March 2015 03:47 AM

බල්ලන්ට බුරන්න රටක් තියෙන්නේ එතුමා හිටිය නිසා.(නදී)

:       0       0

කිර්ති Friday, 13 March 2015 10:36 AM

පළිගැනීමේ චේතනාවෙන් නොවේ, තමන් සහ තම සමීපතයන් හොරකම් කල මහා ධනස්කන්දය යහපාලනයෙන් ආරක්ෂා කරගැනීමට දගලන දැගලිල්ල තමයි ඔය පෙන්නන්නේ. (ස)

:       0       0

විජය Friday, 13 March 2015 10:37 AM

තෝමස් .... පසුගිය ආණ්ඩුවෙන් පදනම් විරහිත චෝදනා එල්ල කරලා නැද්ද? තමන්ට විරුද්ද උන අයට හිරිහැර කලේ නැද්ද. ගරු සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු දා ඉඳල අද දක්වා බලයට ආපු හැම කෙනාම මේ සෙල්ලම නැටුවා. ....අපි නොදන්න මොනණරතැන්න.......(ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 March 2015 04:29 AM

පිවිතුරු යමපාලට ඉතා ඉක්මනින්ම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවනම් බලන්න පුළුවන් වේවි. (ම)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 04:39 AM

ලෝකයේ සිටින "දරුණුගනයේ හොරෙකුට" වුනත් ගෞරව සම්මානයෙන් පිදුම් දෙන/ලබන රටක් ලංකාව කියන්නේ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 04:40 AM

පිවිතුරු යහපාලට ලංකාවේ දැන් කුඩු හිගය දරුනුවටම බල පාල වගෙයි. (ස)

:       0       0

දොන් ජුවන් Friday, 13 March 2015 10:55 AM

රන්ජන් කියන එක හරි වගේ. හිටපු ජනාධිපති තුමාට පරාජය දරාගන්න බැරි වෙලා ඔබතුමාව ගෙදර යැව්වේ අමෙරිකාවවත් බ්‍රිතාන්‍යවත් ඉන්දියාවවත් නෙවෙයි. ඔබතුමායි පවුල් සමාගමත් එක්කහු වෙලා රටේ ධනය හොරාකාල, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට පයින් ගහල, නීතිය බල්ලට දාපු එක ගැන කලකිරුණු මේ රටට ආදරය කරන ලාංකික ජනතාවයි.(ම)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 04:51 AM

"මොළ හෝදපු මෝඩයන්ට" යුද්දයෙන් ගසා කාපු හැටි තේරුම් ගන්න තව ගොඩාක් කල් යනවා.එකනේ සත්‍ය කියපු/ලියපු ලසන්තට සමාදානයේ සැතපෙන්න සිද්ද වුනේ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 04:59 AM

"සාමයක්, ආරක්ෂාවක්, අදහස් දැක්වීමේ නිදහසක් ඔයාලට මහින්දගේ පාලන කලේ ලැබුනා".හිනෙන්ද?සත්‍ය අදහස් දක්වපු අය දැන් ජිවතුන් අතර නැහැ. (ස)

:       0       0

විමල් Friday, 13 March 2015 11:00 AM

පහුගිය කාලේ රටේ ධනය කාපු හොරු රකින්න තමයි ආයිත් එන්න හදන්නේ. (ස)

:       0       0

මගලී Friday, 13 March 2015 11:00 AM

මෙයා දැන් තොත්ත බබා වගේ කතා කරන්නේ.කිසි වරදක් කරලා නැති ගානට . (ස)

:       0       0

පුෂ්පකුමාර Friday, 13 March 2015 11:05 AM

විජය මහත්තයෝ, මෙතන අපිට ඔය මොනරාගේ තැන්න පෙන්වන්න එන්න එපා. පසුගිය සමයේ ෆොන්සේකා මහත්මයාගෙන් පටන් ගෙන සිරිසේන මහත්මයාගෙන් අවසන් කිරීමට නියමිතව තිබුණු " ඔවුන්ගේ වයිරය" සම්මානනීය සිනමා පටය අපි මේ මෑතකදිත් නැරඹුවා. අනේ! අපි නොදන්නා අරියාදු? (ස)

:       0       0

සංජීව Friday, 13 March 2015 11:05 AM

රුපියලක් වත් හොරකන් නොකළ හිටපු ජනාදිපති තුමා අපායට යන්න දඟලන බව පෙනෙනවා. පුදුම අහිංසක මිනිහෙක්නේ. රට ජාතියට තියෙන පුදුමකැක්කුම නිසා වෙන්න ඇති එන්න හදන්නේ .අමතක උනා විමල් විරවන්සගේ ටේප් එක මෙයත් දානවනේ. (ස)

:       0       0

වින්සන්ට් Friday, 13 March 2015 12:23 PM

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පවුලේ ආරක්ෂාව සඳහා නැවත දේශපාලනයට පැමිණෙන නායකයන්ද දකින්නට ඇත. තමන් විසින් වැරදියට භාවිතා කළ බලයේ විපාක තමන් වෙතද පැමිණෙන බව තේරුම් ගැනීමකි. ඉන් ගැළවීමට යම් ජනතාවක් උදව් කරන බවද පෙනෙන්නට ඇත. (නි)

:       0       0

දිල්හාන් Friday, 13 March 2015 12:28 PM

මතක නැද්ද එතුමා කොටියාගෙන් රට බෙර ගත්තා එතකොට මේ අය හිටියේ වෙන රටකද? (අ)

:       0       0

දර්ශන Friday, 13 March 2015 12:31 PM

මම නම් කාගෙන්වත් පළිගන්නේ නැහැ (නි)

:       0       0

ශාන්ත Friday, 13 March 2015 12:32 PM

රෝ ඔත්තුකරු මාරුකරන්න නෙමෙයි, කියන්න තිබුනේ අපිට රෝ එපා කියලා නොවේද? වෙන රටවල ඔත්තු සේවා කොහොමද අපේ ජනතාවගේ ඡන්දය වෙනස් කරන්නේ? මේවා මොනවගේ කතාද? තවම තමුන්ගේ වරද පිළිගන්න අකමැතියි වගේ. (නි)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Friday, 13 March 2015 12:44 PM

දිනේෂ්, පළිගන්නේ කව්ද කියලවත් නොතේරන බබෙක්ද ඔයා? (නි)

:       0       0

රුවන් Friday, 13 March 2015 12:53 PM

ඔබ එන්න තුරු අපි බලන් ඉන්නවා .(හේ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 08:16 AM

අපේ හදවත වුනු වෙලා අපි සුනාමියෙන් අසරණ වුන මිනිසුන්ට බත් පැකට් බෙදනකොට. හදවතක් නැති මිනිසුන් අසරණ මිනිසුන්ගේ සුනාමි ආදාරත් කෑවා (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 14 March 2015 08:23 AM

ජිවිත හානිය අවම කරගෙන ඒකාධිපතිවාදයෙන් නිදහස් කර ගත්තු රට, මේ ලබා ගත්තු නිදහස, ජයග්‍රහණය පාවල දෙන්න ඉඩ දෙන්න එපා. (නදී)

:       0       0

වීරකෝන් Friday, 13 March 2015 01:17 PM

ජනාධිපතිතුමා අනිවාර්යෙන් ආපසු එනවා (නදී)

:       0       0

දසුන් Friday, 13 March 2015 01:41 PM

අපිට ඕන මහින්ද, ඔය කියන දේවල් කිසිම දෙයක් තාමත් ඔප්පු වුනාද? (හේ)

:       0       0

රනිල් Friday, 13 March 2015 02:12 PM

අනේ ඔබතුම අවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වන්න එපා (අ)

:       0       0

ඩී.එම්.පී අබේරත්න Saturday, 14 March 2015 08:59 AM

කවුරු මොනවා කීවත් නුබලා කකුල් දෙකින් හිටගෙන ඉන්නේ කට හැකර කතා කියන්නේ ඒ මනුස්සය නිසා (නදී)

:       0       0

රනිල් බබා Friday, 13 March 2015 02:15 PM

මහින්දටත් රටටත් ජයවේව...යහ පාලනය රගෙට පේනවා;.... (අ)

:       0       0

සමන් පුෂ්ප කුමා Saturday, 14 March 2015 09:12 AM

තව ටිකක් ඉවසන්න. අපේ හිටපු ජනාදිපති තුමනි, කාලය මිනිසුන්ට ඔබගේ වටිනාකම කියා දේවි (නදී)

:       0       0

සන්වානි Friday, 13 March 2015 02:24 PM

දිනේෂ් ශ්‍රීලනිප මහලේකම් තම සභාපතිවරයාට එරෙහිව ඡන්දෙ ඉල්ලුවෙත් පලිගැනීමේ චේතනාවෙන්. ඒ මේ කුහක දේශපාලනයේ හැටි. ජවිපෙ තම ඝාතකයින්ට සහාය දුන්නෙත් විමල් වීරවංශගෙන් පලිගන්න. එහෙම නැතිව ප්‍රතිපත්ති මත පිහිටා නොවෙයි. මේ සියළුම දෙයින් මුළාවෙන්නේ සාමාන්‍ය ජනතාවයි. (අ)

:       0       0

සෙත්මා Friday, 13 March 2015 02:32 PM

මහින්දව ඕනේ අය ගෙනල්ල (අ)

:       0       0

විකුම් Friday, 13 March 2015 03:00 PM

සන්වානි, එතකොට 2010 දී ජනාධිපති මැතිවරණයට තරඟ කල ෆොන්සේකා මහත්මයාව ඇදගෙන ඉහින් සිරගත කලේ කරුනාවටද? එතුමාගෙන් විතරක් නෙමේ එතුමාගේ දරු පරම්පරාවෙන්ම පළිගත්තේ ප්‍රේමෙටද? ඒතකොට විමල් විරවංශ 1971 තම සගයන්ව ඝාතනය කල ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එකතු වුණේ වයිරයටද? නැහැ. බඩ වඩා ගන්න හා ඔහුගේ මඩිය තර කර ගන්න. මේවා බොරුද? (අ)

:       0       0

චම්පි Saturday, 14 March 2015 09:43 AM

රටක් ජාතියක් විනාශ කළ 30 වසරක යුද්දය අවසන් කල ඔබ වගේ අයෙකුට නිගා කරන නොමිනිසුන් ගැන සිත කම්පා නොවන්න. (නදී)

:       0       0

දහම් Friday, 13 March 2015 04:06 PM

මඩ ගහල චෝදනා එල්ල කරලත් සිංහල බහුතරය ඡන්දෙ දුන්නේ මහින්දට. ඒ ජනතාව මහින්ද වෙනුවෙන් ජීවිතය දෙන්න වුණත් සූදානම්. මේ රට නිදහසේ හුස්ම ගන්නේ ඔහුට කොන්දක් තිබුන නිසා. ඡන්දෙකට අවොත් මේ සැරේ දිනන්නේ උඩින්. (අ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 04:14 PM

දහම්.දත් මිටි කකා තව චිරත් කාලයක් බලන් ඉන්න වේවි . (අ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 04:15 PM

නීතියක් කියල තිබෙන රටකනම් මේ වෙනකොටත් ජිවිත කාලෙටම හිරේ යවල ඉවරයි.(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 13 March 2015 04:18 PM

ලංකාවේ සතර දික්භාගයේ "ජනාධිපති මන්දිර" කීයක් ගහලා තිබෙනවද?හිතුවේ නැහැ මේ වගේ ගෙදර යන්න වේවි කියලා. (නි)

:       0       0

තෙන්නකෝන් Friday, 13 March 2015 04:26 PM

අනේ මන්දා මහත්තයෝ මේ කතා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 34 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 326 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 468 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 537 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 315 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 175 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site