IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අරලිය කුමන්ත්‍රණය ගැන සතියකින් වාර්තාවක් ‘

ඡන්දයෙන් දිනන පාර්ශ්වයට ජයග්‍රහණය ලබා නොදීමට ඡන්දය දින රාත්‍රියේ කළැයි කියන කුමන්ත්‍රණය ගැන අද පෙරවරුවේ රැස්වූ ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව ජාතික විධායක සභාව පිහිටැවිණි. එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අනුර දිසානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා, ආර්  සම්බන්ධන්, රවුෆ්  හකීම්, රිෂාද් බදුයුදීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.

‘එම කුමන්ත්‍රණය ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි යන ස්ථාවරයට සහ එම පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කළ යුතුයි කියන ස්ථාවරයට ආවා.

යෝජිත ව්‍යවස්ථා සංශෝධන ගැනත් ධීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

පසුගිය කාලයේ අපේ රටේ මිනිසුන් පැහරගෙන යෑම, ඝාතන හා පහරදීම් ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් සකසන්න එකඟතාවකට ආවා.

අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කරන්නත් එකඟතාවකට ආවා. යුද්ධෙන් පස්සේ ඒ ප්‍රදේශවල වාහන, දේපළ, රත්තරන්වලට මොකද වුණේ කියා සොයාන්නත් තීරණයක් ගත්තා.

මෙවැනි වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගන්න අද රැස්වුණු ජාතික විධායක සභාවට හැකි වුණා.‘

 



අදහස් (0)

‘අරලිය කුමන්ත්‍රණය ගැන සතියකින් වාර්තාවක් ‘

ආනන්ද ආර් Tuesday, 20 January 2015 12:06 PM

සරත් ෆොන්සේකා මැතිඳුනි, එදා කොටින්ගෙන් රට බේරා දුන්නා වගේම මේ ව්‍යසනවලින් ද රට බේරා දෙන්න. (ර)

:       0       0

සුජිත් Tuesday, 20 January 2015 12:26 PM

ඔතන අධිකරණයට ගල් ගැසූ රිෂාඩ් බද්යුදීන් ඉන්නවනේ. ඒ පරීක්ෂණය මග හැරෙයි වගේ. (බ)

:       0       0

සිහින Tuesday, 20 January 2015 12:27 PM

අනේ ඉතින් රට බේරා ගත්තානේ. කුමන්ත්‍රණ කළාම මොකද. මහජන මුදල් පවුල අතර බෙදා ගත්තම මොකද. මිනී මැරුවම මොකද. චොපර් ගත්තම මොකද. අනේ මේවා දකින්න ලැබුනේ මොකටද..(බ)

:       0       0

ගයාන් Tuesday, 20 January 2015 12:51 PM

එතකොට හෙට (21/01/2015) ගේනවයි කියපු 19 වෙනි සංශෝධනේ ගැන කතා උනා විතරද? ඒක හෙට ගේන්නෙ නැද්ද? (බ)

:       0       0

අෆ්සාල් Tuesday, 20 January 2015 12:57 PM

අපි අද සිටින්නේ ඉතාමත් ම තීරණාත්මක සන්ධියක. මේ දවස් 100 වැඩපිළිවෙලින් සකස්වෙන අඩිතාලම උඩ උපේ අනාගත ආණ්ඩු පාලන පද්ධතිය නීතිගත වෙයි. අනාගතයේ දී ආයෙත් මෙහෙම තත්වයක් අත්වෙන්නේ නැතුව තියෙන්න අපි වග බලා ගන්න ඕන. (ර)

:       0       0

චාමර කාරියවසම් Wednesday, 21 January 2015 07:32 PM

අනේද කියන්නේ? "පිවිතුරු යහපාල" යහපාලනයක් ගැනයි, දවස් අසුවක් ගැනයි හරිම වේදනාවෙන් ලියා තිබෙනවා. හැබැයි මට තිබෙන ප්‍රශ්නය නම්, එයා යුද්ධය දිනපු එක අවුරුදු පහමාරකටත් වැඩි කාලයක් තිස්සේ ගැලරියේ ඉඳලා විසිල් ගසමින් බැලුවේ කොහොමද කියලයි (නි)

:       0       0

සලිත ප්‍රසාද් Tuesday, 20 January 2015 02:45 PM

වහාම කොමිසමක් පත්කරලා මේ ගැන පරීක්ෂණ කරන්න. එහි වාර්තාව රටට හෙළි කළ යුතු අතර එමගින් චෝදනාවන්ට ලක්වන පුද්ගලයන්ට සිදුවන අපහාසයන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 January 2015 10:21 AM

අපි යහපාලන නාඩගම බලනවා. නළුවෝ ටික රඟනවා. පිටපත අධ්‍යක්ෂණය වගේම රගපෑමත් හරියට රන්ජන් රාමනායක මහත්තය රඟපාන සිංහල චිත්‍රපටියක වගෙයි. බලන්න අප්පිරියයි. ඒ වුනත් තව දින අසු අටක් ඉවසන්න වෙනවා. වමනේ දදා හරි බලමු මොකද වෙන්නේ කියලා. කප්පරක් ඇගේ කුණු තියාගෙන අනෙක් එව්වෝ නාලද කියල ඉඹල බලන අය මේ රටේ දේශපාලනයට අරුමයක් නෙමෙයි. (නදී)

:       0       0

සයිමන් Tuesday, 20 January 2015 10:43 AM

කවුරුත් මේ ගැන කතා කරනවා අපට ඇත්ත දැනගන්න ඕන.(හේ)

:       0       0

කීර්ති Tuesday, 20 January 2015 11:17 AM

පරණ ගැන්සියක් අයෙමත් සෙට් වෙලා... අනේ මන්ද මොනා කරයිද කියලා මේ අය...(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 20 January 2015 11:24 AM

වාහාම කොමිසමක් පත්කරලා මේ ගැන පරීක්ෂණ කරන්න,එහි වාර්තාව රටට හෙළි කළ යුතු අතර එමගින් චෝදනාවන්ට ලක්වන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි!(දිල්)

:       0       0

සලිත Tuesday, 20 January 2015 11:32 AM

මේකට තව ස්වාධීන උගත් කීපදෙනෙක් ඇතුළත් වුණොත් හොඳයි කියන එකයි මගේ අදහස. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 677 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1389 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2614 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1520 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site