IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘

‘මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ භාරව සිටි නිලධාරීන් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අද අරලිය ගහ මන්ධිරය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. ‘ යැයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවසීය.

‘උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ජගමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු.‘ මැයෙන් පුරවැසි බලය සංවිධායන මෙම රැලිය සංවිධානය කර තිබිණි.

වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වූහ.

මාදුළුවාවේ සෝභිත හිමි -

‘ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු, දළදා මාලිගාවට බෝම්බ ගහමු, හාමුදුරුවරු මරා දැමූ පිරිස් අද ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. යුද්ධය ඉවර කළ හමුදාපති හිරේ දැම්මා. මිනීමරුවන් නිදහස් වෙනවා, වීරයන් හිරේ යනවා.

අධිවේගී පාරවල් එකකටත් ටෙන්ඩර් කැඳෙව්වේ නෑ. මේවාට ගිය වියදම් ගණන් හදලා බැලුවොත් පාරේ රත්තරන් අතුරන් පුළුවන්.

අද මේ රැස්වීම තියන්නේ විධායක ජනාධිපතිවරණයට එරෙහිව පළමු වෙඩි මුරය තබපු තැනයි. එදත් මෙතනට මේ විදියටම විශාල පිරිසක් රැස් වුණා. විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ලොකු හඩන් නැගුවා. වාසුදේව නානායක්කාර අත්අඩංගුවට ගත්තා. වික්‍රමභාහු කරුණාරත්නගේ රැකියාව නැති කළා.

එදා මහින්ද රාජපක්ෂ මහත්මයා කොළඹ සිට කතරගමට පයින් ගියේ මේ විධාය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලයි. ‘

නීතීඥ ජේසී වැලිඅමුණ -

‘2012 අද වගේ දවසක තමයි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට   ගෙනාවේ. ඒ සමඟම නීතීඥ ප්‍රජාව එළියට බැස්සා. නීතියේ සාධාරණත්වය අගවිනිසුරුවරියටත් ඉල්ලුවා. මෙවර ඡන්දයට නාම යෝජනා දෙන්න තියෙන්නේ දෙසැම්බර අට වැනි දා. 2012 දෙසැම්බර 08 වැනි දා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයෙන් ඇය වැරදි කාරිය කළේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනවාරි අට වැනි දා. 2013 ජනවාරි අට වැනි දා අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් දවසක්. මේ හැම දවසක්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්න මොනයම් හෝ දෙයක් වුණු දවසක්. ජනාධිපතිගේ කේන්දරේ අනුව නැකත් හදලා තියෙන්නේ මේවා නැවත මතක් වෙන්න.

සමහරුන් කියනවා දින 100න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ කියා. මෙය කරනවා නම් දිස 100ක් හොදටම ඇති. ‘

ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර -

‘මම සඳුදා විශ්ව විද්‍යාලයයේ පුස්තකාලයට යනකොට එය වහලා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වසා තබන බව සඳහන් වුණා. මොකක් ද මේ නොවැලැක්විය හැකි හේතුව? ජනාධිපතිතුමා අරලියගහ මන්ධිරයට විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය කැඳවලා. හදිසියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්. ජනාධිපතිවරණයක් ළං වෙනකොට තමයි ප්‍රගති සමාලෝචනය මතක් වෙන්නේ. 2012 අපි පාරේ ඇවිදිනකොට එතුමාට ප්‍රගති සමාලෝචනය මතක් වුණේ නෑ.

දැන් අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉන්නේ. එහි ප්‍රථිපලය ජනවාරි අට වැනි දාට ලබා දෙනවා. දැන් ජනාධිපතිතුමා මහන්සි වුණා හොඳටම ඇති. ලබන ජනවාරි අට වැනි දා ඔහු විශ්‍රාම ගැන්විය යුතුයි.

දැන් නැවත වරක් යුද්ධය විකුණන්න පටන් අරගෙන. එතුමාට මතක නැහැ එතුමාම 2009 යුද්ධය සහ මුලින්ම ඉවර කළා කියලා.  යුද්ධය අවසන් කළ හමුදාව අද කාණු සුද්ධ කරන්න දාලා. ඇමැතිවරුත් අපිත් එක්ක බස් වල ගිය රටක් මේක. ‘

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා -

‘පසුගිය වකවාණුව මාධ්‍යවේදීන්ට බිහිසුණු වුණා. මාධ්‍ය වේදීන් රැසක් මරා දැමුණා. ජනාධිපති වරණය පැවැත්වෙන ජනවාරි අට වැනි දා තමයි ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දැමුවේ. ඔහුගේ මිනීමරුවන් කවුරුන්දැයි කියා අපට දැන ගන්න අවශ්‍යයි. සිරස ගිනි තිබ්බේ කවුදැයි කියා දැන ගන්න අවශ්‍යයි. ‘

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, නීතීඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය චන්ද්‍රගුප්ත තේණුවර, මාධ්‍යවේදී සුනිල් ජයසේකර, ගාමිණී වියන්ගොඩ සහ මනෝ ගනේෂන් මහත්වරු ඇතුළු දේශකයෝ රැසක් අදහස් දැක්වූහ.

RDS_1622 RDS_1677 RDS_1714 RDS_1743 RDS_1770 RDS_1791

RDS_1728

 



අදහස් (0)

‘අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘

ජිලාන් Wednesday, 03 December 2014 02:36 AM

සුදු රෙද්ද ගැන කිවුවහම මට අර ටෙන්ට් එකට වුණ දේ මතක්වුණා (නි)

:       0       0

උදාර Wednesday, 03 December 2014 02:40 AM

අපිටත් ඔය ටිකම අර සමහර සේනා වල ඇත්තන් කතා කරන විලාශයෙන්ම හිතුනා පෙරේරා. (නි)

:       0       0

කස්තුරි Wednesday, 03 December 2014 02:40 AM

තම නායකත්වය, පක්ෂය පාවාදුන් පුද්ගලයන් ගැන මම පෞද්ගලිකව සිතන ආකාරය නම්, එවැන්නකු රටක නායකත්වයකට සුදුස්සකු නොවන බවත් ඔහු කෙදිනක හෝ රටත්, ජාතියත් පාවාදෙනු ඇති බවත්ය. (නි)

:       0       0

කපිල Wednesday, 03 December 2014 02:42 AM

එතකොට පාර්ලිමේන්තුවේ? එහෙ ඔය දාලා නැහැ කියලා මෙතන කට්ටිය කියන සුදු රෙද්ද දානවද? (නි)

:       0       0

කුමාරි Wednesday, 03 December 2014 11:36 PM

අපේ මිනිසුන්ට මුල මතක නැහැ .අනේ 9 වැනිදා බලාගන්න බැරියැ.අපිත් නෝර්වේ ඉඳලා සුබ පතනවා මහින්ද මහත්තයාට. ඔබට ජයවේවා! (නි)

:       0       0

ගිහාන් Wednesday, 03 December 2014 02:48 AM

මෙහෙමනේ දිලාන්, දැන් අනෙක් පාර්ශව වලත් ඉන්නවා නේද දේශපාලනය කරන පුජ්‍ය පක්ෂය. ඒ නිසා මේ පාර්ශවයට විතරක් දොස් කියන්න බැහැ නේද? (නි)

:       0       0

ජනක Wednesday, 03 December 2014 02:52 AM

මේක නම් මෛත්‍රී මහත්තයාගේ පුදුම කාලයක්. ඔෆිස් එකට ගියත් ඔක්කොම මෛත්‍රී.බස් එකට නැග්ගත් ඔක්කොම කියන්නේ මෛත්‍රී.වැඩපළට ගියත් මෛත්‍රී.(නි)

:       0       0

ටොම් Wednesday, 03 December 2014 12:24 PM

අනේ අපොයි! හරිම දුකයි (නි)

:       0       0

චේතිය Wednesday, 03 December 2014 02:57 AM

අද අරලියගහ මන්දිරය දුක් අඳෝනා වලින් පිරුණු තැනක් බව කියන අයට රටක් බාරදෙන්න පුළුවන්ද මන්දා. (නි)

:       0       0

රෝහිත Wednesday, 03 December 2014 03:02 AM

අපේ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට හොඳ කථිකයන් අවශ්‍යයයි. මඩ කතා අහන්න දැන් මිනිස්සු එන්නේ නැහැ (නි)

:       0       0

රුවන් Wednesday, 03 December 2014 03:07 AM

ස්වාමින් වහන්සේගේ පුටුවට සුදු රෙද්දක් දැම්මා නම් හොඳයි නේද? (නි)

:       0       0

අසේල Wednesday, 03 December 2014 03:11 AM

ජනක ,ඒ විතරක් නෙමෙයි පාසලකට ගියත් ඡන්දෙ නැති පොඩි උන් පවා කියන්නෙත් මෛත්‍රී කියලා.හොඳ කාලය ආවිට බඹරය වැල්ලෙත් කැරකෙනවාලු. (නි)

:       0       0

පණ්ඩුක Wednesday, 03 December 2014 03:13 AM

සුදු රෙදි ගැන මොන කතාද? (නි)

:       0       0

භද්දිය Wednesday, 03 December 2014 03:15 AM

සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

සුරංග Wednesday, 03 December 2014 03:18 AM

ඔක්කොටම කලින් අර සමහරු අධ්‍යාපනය සම්බන්ධව ප්‍රසිද්ධ වේදිකාවේ කියන කතා නවත්වා ගත්තේ නැත්නම් පාඩුවෙන වැඩක් සිද්ධවේවි. (නි)

:       0       0

ජිලෝ Tuesday, 02 December 2014 02:16 PM

යන්තරය කැඩුනට දිනන්නේ පරණ ජනාදිපතිමයි . (ස)

:       0       0

දිනේෂ් Tuesday, 02 December 2014 02:18 PM

කකුළුවා නටන්නේ වතුර රත් වෙනකන්ලු.අපිත් බලන් ඉන්නේ 8 වෙනිදා වෙනකන්.හාමුදුරුවනේ ඔබ වහන්සේ රට බේරාගත් නායකයට ද්‍රෝහී උනා නේද?මට නම් හිතාගන්නවත් බෑ. (ස)

:       0       0

රත්නායක Wednesday, 03 December 2014 03:19 AM

මේ ආණ්ඩුව කොච්චර මොනවා කළත් ඔය පාරවල් ටික හදපු පිනම ඇති අපේ ජනාධිපතිතුමා මතු බුදුවෙන්න.මට වහානයක් නැති වුණත් ඔය කාපට් පාරක පයින් ඇවිදගෙන යන එකත් සැපක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 December 2014 01:15 AM

රනිල්, චන්ද්‍රිකාලා, හෙළ උරුමය දැන් මේ මොකක්ද කරන්නේ? ප්‍රභාකරන් සමඟ නැතිවුණ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතිය ගොඩගන්න හදනවා. ඒ වගේම ප්‍රභාකරන් නැතිකරගෙන ආ දූෂණය පගාව නැතිකරන්න හදනවා. ඔබ කැමති නැද්ද? 2009 ම ජීවත්වෙන්න එපා. ලෝකය සමඟ ඉදිරියට යන්න හැමතිස්සෙම දැනුවත් වෙන්න. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 02 December 2014 02:23 PM

අනේ අපොයි අයෙත් නුවර නයිට් රේස් සහ රුසියානු නළගණන් බලන්න බැරිවෙයිද අපට? අනේ මෛත්‍රී මහත්තයෝ නයිට් රේස් වලට නම් කැපිල්ල දාන්න එපා. (ස)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 December 2014 01:18 AM

ඔයාලා හැමෝටම වැරදි කියන්න මතක්වෙන්නේ දැන් නේද? ඔව් වැරදි කියලා කියන්න කෙනෙක් නොසිටි නිසා. ඉස්සර වැරදි වෙනවා කියලා කියන්න වුණේ වැරදි කරන අයටමයි (නි)

:       0       0

මෙවන් Tuesday, 02 December 2014 02:26 PM

ජන හමුවකදී පුජනීය මහා සංඝයා වහන්සේලාට වෙනම අසුන් පනවන සම්ප්‍රදාය වත්මන් දේශපාලනය තුළින් සෝදාපාලුවට ලක්වීම කනගාටුදායකයි.(නදී)

:       0       0

සිරිසෝම Wednesday, 03 December 2014 03:21 AM

දැන්නම් තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 December 2014 01:22 AM

''ගෙදර යන ගමන් '' කියලාත් ලිව්වා නම් තමයි හරි යැයි කිව්වා කියන අදහස කියවලා හිනාවෙලා මගේ දවසම ලේ පිරිසිදු වුණා (නි)

:       0       0

රුවන් Tuesday, 02 December 2014 02:32 PM

පේනවා නේද දැනටම මෙයාලගේ වැඩ හාමුදුරුවෝ එක්ක එකට වාඩිවෙලා කදේ දාගෙන ඉන්න හැටි. පුටුවට සුදු රෙද්දක්වත් දාලා නැහැ ඔහොම වඩිමු අපේ හාමුදුරුවනේ. බල්ලොත් එක්ක සැතපුනාම මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ කියලා කියමනකුත් තියනවානේ. (නදී)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 01:25 AM

කස්තුරි, 1953 වසරේ හිටපු පක්ෂය කඩාගෙන නේද එළියට ගියේ. දියුණු රටවල සංවර්ධන තීරණ ගන්නේ දේශපාලකයන් නොව විවිධ ක්ෂේත්‍ර වල නිපුණ අයයි. කොළඹ නගරයත් ගියවසරේ අන්තිම චෝගම් වලට හදලා අවුරුද්දක් යන්නට පෙර නැවත හදනවානේ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 December 2014 01:26 AM

හැමකෙනෙක්ම හැමදේම කරන්නේ තමාගේ වාසියට මිසක් රටට ආදරේට නොවෙයි. (නි)

:       0       0

නිමල් Wednesday, 03 December 2014 03:24 AM

දුප්පත් විශ්‍රාමිකයාගේ, වැටුප් විෂමතාවය ඉවත් කළ එක නම් නවත්වන්න හදන්න එපා (නි)

:       0       0

මධුක Wednesday, 03 December 2014 01:04 PM

රත්නායක මහත්තයා, ඔයා ඔය කියන පාරවල් වල සතුටින් යනකොට ඔයාගේ දරුවන්ට යන්න වෙන්නේත් සතුටින්ම තමයි. ඕවට ගත් ණය ගෙවනකොට තේරෙයි. කමක් නැහැ ඔබතුමා හරි තාවකාලික සතුටක් ලබන්න. ඔහොම යමු (නි).

:       0       0

නිශාධි Thursday, 04 December 2014 01:27 AM

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජයගන්නා බව ස්ථිරයි (නි)

:       0       0

ලාල් Tuesday, 02 December 2014 02:38 PM

මහින්ද ලග අන්තීමට ඉතුරුවෙන්නේ එනතෝල්කාරයෝයි, කුඞු ගෙන්වන එවුන්ටිකයි, දූෂකයෝටිකයි විතරයි. ෆයිල් කේස්එ ක නිසා එවුන් පැනගන්න බයයි. බුද්ධිමත් රටට ආදරය කරන කට්ටිය මෛත්‍රී මැතිතුමා ළග. මෛත්‍රීපාල මැතිතුමාට ජයවේවා. (නදී)

:       0       0

සිරී Tuesday, 02 December 2014 02:39 PM

කෝ චන්ද්‍රිකාගේ කට්ටිය ඇවිත් නැද්ද? (නදී)

:       0       0

ජගත් Tuesday, 02 December 2014 02:40 PM

ලැජ්ජාව වන්නේ 2010 දී රනිල්ගේ ඇම කාපු ෆොන්සේකා අද පොදු අපේක්ෂකත්වයෙන් ප්‍රතික්ෂේප වී එකට වේදිකා ගත වී මෛත්‍රීව එම තත්වයට ඇද දැමීමට සහය දීමය.(නදී)

:       0       0

අනුර Wednesday, 03 December 2014 03:25 AM

උදාර, වෙනත් නම් වලින් පෙනී සිටින්න එපා (නි)

:       0       0

ගමගේ Tuesday, 02 December 2014 02:44 PM

ඔයා තමයි මැතිවරණ යාන්ත්‍රනය දැනගෙන හිටියේ. නිකම් පච කෙලින්න එපා.(නදී)

:       0       0

සේන Tuesday, 02 December 2014 02:52 PM

මෙහෙයුම බිඳ වැටිලා නැහැ, අරලියග මන්දීරයේ සාමාන්‍ය ක්‍රමය ටිකක් නිශ්ශබ්දව ඉදලා විරුද්දවාදියාට හිතාගන්න බැරි පැත්තකින් පහර දීලා ප්‍රතිවාදියාව බිම හෙලීම. (නදී)

:       0       0

රන්දුනු Thursday, 04 December 2014 01:41 AM

රට ආරක්ෂා කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති ගැනයි අපිට දැනගන්න ඕනෑ. පාලනයේ වැරදි අපි දන්නවා. වෙනස ජනාධිපති බලතල විතරද? (නි)

:       0       0

නදීක Wednesday, 03 December 2014 03:33 AM

ඉතා‍ හොඳ කතාවක් (නි)

:       0       0

සෞම්‍යා Wednesday, 03 December 2014 08:09 AM

ඔයාලා හැමෝටම වැරදි කියන්න මතක් වෙන්නේ දැන් නේද? (නි)

:       0       0

අකලංක Thursday, 04 December 2014 01:47 AM

අරලියගහ මැඳුර ගැන අපි දන්නවා (නි)

:       0       0

යමුනා Wednesday, 03 December 2014 03:33 AM

කවුරු මොනවා කිවුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගන්නවා (නි)

:       0       0

චමීර Wednesday, 03 December 2014 03:41 AM

තනිකරම වාසිය දැන් තියෙන්නේ පොදු අපෙක්ෂකතූමාට. හැමතැනම යන්නේ මේ රටේ ඉදිරි පෙරළිය ගැන කතා. (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 02 December 2014 02:57 PM

නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැප වූ ඔබ සැමට තුති (නදී)

:       0       0

කපිල Tuesday, 02 December 2014 03:01 PM

දිනුවොත් ඉවරයි (නදී)

:       0       0

ජානක Tuesday, 02 December 2014 03:03 PM

මොකද කරු අප්සෙට් එකේ වගේ අායෙමත් පනීවිද ..? කව්රු කෑ ගැහුවත් මහින්ද මහත්තය දිනනවා.(නදී)

:       0       0

රන්දිම Tuesday, 02 December 2014 03:09 PM

කෝ සෙනඟ නැහැනේ (නදී)

:       0       0

දාම් Tuesday, 02 December 2014 03:11 PM

ඔබතුමාට විස්නු දෙවි කතරගම දෙවි පරාක්‍රමබාහු දෙවි රැකවරණ ලැබේවා (නදී)

:       0       0

ලසන්ත මාරවිල Wednesday, 03 December 2014 03:47 AM

මේ අදහස් දිහා බලනවිට මට පෙනෙනවා පොදු අපේක්ෂකයාට කැමැත්තෙන් සිටින පිරිසක් ලියන බව. පොදු අපේක්ෂකයා වටා සිටින කණ්ඩායමට අකමැති පිරිසකුත් තව ඉන්නවා. (නි)

:       0       0

කිත්සිරි එදිරිසිංහ Tuesday, 02 December 2014 03:13 PM

දිනුවොත් හොඳයි පුැරදුනොත් මොකද වෙන්නේ ? (නදී)

:       0       0

මනෝජ් Tuesday, 02 December 2014 03:14 PM

බම්බුව තමා.

:       0       0

කවිඳු Wednesday, 03 December 2014 03:49 AM

රෝහිතගේ කතාව ඇත්ත. මඩ විතරයි දැන් ඇහෙන්නේ. (නි)

:       0       0

නිලාන් Thursday, 04 December 2014 02:12 AM

පුද්ගලික ස්ථාන වල අවසර නැතුව දේශපාලන ප්‍රචාරක පුවරු බැනර් දාන්න පුලුවන්ද? ගමේ තිබෙන අපේ ඉඩමක එහෙම කරලා කියලා ගමේ අසල්වැසියෙකුගෙන් ඊයේ දැනගන්න ලැබුනා. අපි කොළඹ කාර්යබහුලව ඉන්නේ. ගමේ ගිහින් ඕවාට රණ්ඩු කරන්න වෙලාවක් නැහැ. නමුත් වැඩේ හරිම කැතයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 02 December 2014 03:17 PM

රට හදන්න නම් ජනතාව මුලික අවශ්‍යතාවන් බුද්දීමත්ව තේරුම් ගන්න ඕනි. තම තමන්ගේ පෞද්ගලික වාසි තකා කිසිම දෙයක් ගොඩ නගන්න බැහැ එකමුතු වී වෙහෙස වී වැඩකර ඉදිරිය දිනාගත හැකියි. පටු වාසි තකා මුදලට තනතුරට වහල් උවවොත් වෙන්නේ එකතැන පල්විමක් විතරයි.(නදී)

:       0       0

නුවන් Wednesday, 03 December 2014 03:55 AM

අනේ දිලාන්, ඔයා ලංකාවේද? අපි බස් එකේ යන්නේත් ස්වාමීන් වහන්සේලා සමඟ එකටනෙ. ගෞරවය තියෙන්නේ හිතේ. (නි)

:       0       0

කුමාර Wednesday, 03 December 2014 03:56 AM

ප්‍රභාකරන් මේ රටේ සිංහල, දෙමල මුස්ලිම් මිනිස්සු මරනකොට, මේ රටේ පොදු දේපළ විනාශ කරනකොට, මේ රටේ පොදු හතුරා වූ ප්‍රභාකරන් විනාශ කරලා දාන්න එකට එකතු නොවූ රනිල්, චන්ද්‍රිකාලා, හෙළ උරුමය දැන් මේ මොකක්ද කරන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 December 2014 02:24 AM

"අපේ සේනාධිපතිතුමාට හැර වෙන කිසිම කෙනෙකුට රට පාලනය කරන්න සිද්ධවෙන්න එපා කියලා" සමහරු කිවුවට ඔය අදහස රටේ බහුතර මිනිසුන්ගේ අදහස නොවෙයිනේ (නි)

:       0       0

උෂාන් Wednesday, 03 December 2014 03:57 AM

‍හැමකෙනෙක්ම හැමදේම කරන්නේ තමාගේ වාසියට මිසක් රටට ආදරේට නොවෙයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 08:17 AM

අපි ඉන්නවා ලලිත් මහත්තයෝ. ඒ වුණාට 9 වෙනිදා වෙනතුරු මගේ නිදහස ඇහිරිලා (නි)

:       0       0

විදානගේ Thursday, 04 December 2014 02:26 AM

මහින්ද මහතාට මාගේ සුබ පැතුම්! (නි)

:       0       0

විමල Wednesday, 03 December 2014 04:02 AM

ඇත්ත. හාමුදුරු කෙනෙක් මෙහෙම සම ආසන වල සිටීම මමත් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ලක්මාලි Tuesday, 02 December 2014 03:25 PM

අරලියගහ මැදුරේ මෙහෙයුම් බිද වැටිලද නැද්ද කියල 8 වෙනිදට මිනිස්සු ඡන්දෙන් පෙන්නයි. මේකේ කතාකරන උන්දල දැක්කහම මිනිස්සු දන්නවා කවුද කට්ටිය කියල එතකොට අමුතු මෙහෙයුම් ඕනැ වෙන්නෙ නැ. (ස)

:       0       0

අජිත් Wednesday, 03 December 2014 04:04 AM

මේගොල්ලෝ පවුල් වාදය ගැන කතාකරනවා. ඒත් එයාලත් එක්ක ඉන්න සමහරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 03 December 2014 04:13 AM

මම පසුගිය දවසක බසයක් එනතුරු බොරැල්ල හන්දියේ බස් නැවතුම් පොළට වී සිටින අතරතුර මා අසළ සිටි තවත් මඟියෙක් ඒ අසළ සවිකර තිබෙන යෝධ කටවුට් එකක් දිහා බලලා මදෙසට හැරී සිනාසී, මේකේ යටින් ''ගෙදර යන ගමන් '' කියලාත් ලිව්වා නම් තමයි හරි යැයි කිව්වා. (නි)

:       0       0

ජනිත් Wednesday, 03 December 2014 04:13 AM

කුමාර, ඔයාලා මියගිය උදවිය මත්තෙන් අනාගතය දකින කොට්ඨාශයක්. එහෙත් අපිට අවශ්‍ය අනාගතයේදී අපේ ළමයින්ට ජීවත් වෙන්න ලැබෙන රට ගැන. අපි අතීතය මතක තියාගත්තත් ඒ මත්තේ හැපිලා අනාගතය අවුල් කරගන්න කැමති නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 02 December 2014 03:30 PM

මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගත්තු තීරණය බොහොම වැදගත් ලොකු ආදර්ශයක්. පොස්ටේර් සහ කටවුට් වලට රුපියල් ලක්ෂ ගානක් වියදම් කර නාස්තිකරනවට වඩා වැදගත් වන්නේ කාලින අවශ්‍යතාවයක් වන වකුගඩු රෝගීන් වෙනුවෙන් අවංකව පෙනී සිටීමයි. මෙය ලොකු පුන්‍ය කර්මයක් සේම හොඳ ආදර්ශයක් බාලයන්ට. (නදී)

:       0       0

එරංග Wednesday, 03 December 2014 04:14 AM

අනේ අම්මපා! අපේ රටේ සි‍ටි එක්තරා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට ගිය කලක්! (නි)

:       0       0

අනුර Tuesday, 02 December 2014 03:31 PM

අරලියගහ මැදුර නොවේ ඒක අරලියගහ දන්සැල. මහජනයාගෙන් මුදලින් දන්සැල් දීමේ විපාක ළඟදීම බලාගන්න පුළුවන්. මැතිතුමනි ! ඔබට ජය. ! (නදී)

:       0       0

වින්දික Wednesday, 03 December 2014 04:15 AM

කිසිවක් නොකියමි. කොයිතරම් කෑගැහුවත්, කොතරම් වෙරදැරුවත් කියන්නට ඇත්තේ 9 වෙනිදා උදේ වනවිට සියලුදෙනා ඔබ හැරයනු ඇත. ළඟ නොබලන්න දුර බලන්න (නි)

:       0       0

කාන්ති Wednesday, 03 December 2014 04:16 AM

සම ආසන වල ඉන්න අකැපයි. එහෙත් සමහරුන්ට ප්‍රසිද්ධ රැස්වීම් වල පුජ්‍ය පක්ෂයට නොහොබිනා වචන භාවිතා කරන්න කැපයි (නි)

:       0       0

දයාවතී Wednesday, 03 December 2014 04:20 AM

කුමාර, ඔබ හරි. එදා ප්‍රභාකරන් ඉදිරියේවත් ජාතික ආණ්ඩු හදන්න එකතු නොවුණු කට්ටිය දැන් මොකද්ද කරන්න යන්නේ කියලා දන්නෝ දනිති. ඕවාට ඉතින් හැමෝම රවටන්න බැහැ. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 December 2014 04:22 AM

දැන් බන්දුල පෙරේරා සත්‍යපාල එනතුරු බොරැල්ල හන්දියේ රැකගෙන ඉඳීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

යසිරු Wednesday, 03 December 2014 04:25 AM

රත්නායක මහතා මතුගම පැත්තේ එහෙම යන්න නැතුව ඇති මගේ හිතේ. (නි)

:       0       0

කසුන් Wednesday, 03 December 2014 04:29 AM

ජාතික ආණ්ඩු හදන්න මිනිස්සු එකතුවෙන්න එයිද දිනපු යුද්ධය මෙහෙය වූ සමහරුන්ට සිදුවූ දේ දැක්කට පස්සේ? (නි)

:       0       0

හේරත් Tuesday, 02 December 2014 03:49 PM

අපට මේවට හිනා යාලුවේ. ජනවාරි 9 වෙනකම් මටත් කට පියාගෙන ඉන්ට බැරි කමට කියවුනා අප්පා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 03:20 AM

සත්‍යපාල මහත්තය ඇතුළු ගොඩක් අය එදා ඉදල හැම ඡන්දෙකදිම මහින්ද මහත්තයව ගෙදර යවන්න හදනවා. අනේ එ්ත් අන්තිමට මහින්ද මහත්තය ඉන්නවා අනෙක් කට්ටිය ගෙවල් වල යනවා. (නදී)

:       0       0

සුනෙත් Tuesday, 02 December 2014 03:53 PM

ඕව වැඩක් නැහැ. කෝ අර ගේනවා කියපු කට්ටිය..(නදී)

:       0       0

දිලාන් Thursday, 04 December 2014 03:38 AM

මහින්ද මැතිතුමාගේ ආණ්ඩුවක අගමැති කම හරි නම් මාසෙකට හරි ලැබෙන්න ඕන බන්දුල පෙරේරාට . මේ තරම් පක්ෂයට දත් කාගෙන දර දිය ඇද්ද කෙනෙක් මම කොහෙවත් දැකල නැහැ. (නදී)

:       0       0

සේනාදීර Tuesday, 02 December 2014 03:54 PM

අගමැති කම දුන්න නම් අද මේ මොකුත් නැහැ. අනේ ඉතින් අපිට ආදරේට නේ මේ සේරම (නදී)

:       0       0

අබේපාල Tuesday, 02 December 2014 03:55 PM

දාපු තේමාව නම් පංකාදුයි. එ්ත් ඉන්න උදවිය දැක්කම තමා තරු පේන්නේ. (නදී)

:       0       0

අජිත් Tuesday, 02 December 2014 03:57 PM

එක එක්කෙනාගේ හිතේ අමාරු කෝන්තර පිරිමහගන්න ගියොත් අපේ රටට මොකද වෙන්නේ..(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 02 December 2014 03:59 PM

මේවා කියවල අපිට කව්රු කවුරුත් ඉන්න තත්වය හොදටම පැහැදිලියි. (නදී)

:       0       0

වික්ටර් Tuesday, 02 December 2014 03:59 PM

මට නම් මෙයා කියන කතා එකිනෙකට පරස්පරයි කියලයි හිතෙන්නේ. වෙලාවකට කියනවා මීළඟ පාලකයා රජරටින් කියලා. එතකොට දින 100 කින් විධායක ජනාධිපති ධුරය නැතිකලාම රජරට පාලනය එතනින් ඉවරද? රනිල් අගමැති කරනවා කියන්නේ මුහුණට මුහුණ දීලා තරඟයක් කරන්න බැරි ජන ප්‍රසාදයක් නැති කෙනෙකුට පාලන බලය අරන් දෙනවා කියන එකද? එතකොට දින 100 කින් පස්සේ මෙයාට මොකද වෙන්නේ? නාමික ජනාධිපතිද, රනිල් යටතේ ඇමති කමක්ද, නැතිනම් දේශපාලනෙන් අයින්වෙනවද? එතකොට මීළඟ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ප්‍රමාණය කොච්චරක් වෙයිද? දැනට එජාපයේ ඉන්න අයයි, ශ්‍රීලනිපෙන් ආපු සහ එන අයයි, සුළු ජාතික පක්ෂයි ඔක්කොම සතුටු වෙන විදිහේ මෙගා ඇමති මණ්ඩලයක්ද? (නදී)

:       0       0

දුෂාන්ත තෙන්නකෝන් Tuesday, 02 December 2014 04:10 PM

වෙනසක් ඇරඹුනා (නදී)

:       0       0

මෙහොමඩ් ඛාන් Monday, 08 December 2014 08:04 AM

බන්දුල පෙරේරා ලග හිටියා නම් මීපැණි වක්කරනවා කටට. සහතික ඇත්ත කතාව කිව්වේ (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Tuesday, 02 December 2014 04:45 PM

ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අති ගරු මාදුලුවාවේ සෝභිත හිමිපාණන්ගේ චීවරයට ගෞරව වනසේ සුදුසු අසුනක් පැනෙව්වනම් හොඳ නේද? (ස)

:       0       0

මිත්‍රපාල Thursday, 04 December 2014 04:12 AM

කෝ රැජින නෝනා පේන්න නෑනේ මේකේ (දිල්)

:       0       0

ලංකා තිලක් Tuesday, 02 December 2014 04:50 PM

අනේ මහින්ද මහත්තයට මොන ඡන්ද මෙහෙයුම්ද..එතුමාට තියෙන්නේ 9 වෙනිදට දිවුරුම් දෙන්න විතරයි. ඔයාට තියෙන්නේ 9න් පස්සේ ඔය කට්ටියත් එක්ක දේශපාලන කටුගෙට යන්න විතරයි ...(ස)

:       0       0

නිශාන්ත Tuesday, 02 December 2014 04:56 PM

අපි නම් මේ දවස් ටිකේම දැක්කා උදේ ඉදලා රෑ හත අට වෙන තුරුම එතන රැස්වීම් වලට දහස් ගනන් මින්ස්සු එනවා යනවා. කවුරුවත් බොරු කියලා මෛත්‍රීපාල මහත්තයා අන්දනවද මන්දා? එක්කො හීනෙන් කථා කරනවා වෙන්න ඕන. (ස)

:       0       0

අසිත් Tuesday, 02 December 2014 05:17 PM

අරලිය ගහ මැදුරේ වැඩ වැඩක් නැහැ. අනුන් විවේචනය නොකර තමන්ගේ කැම්පේන් එක කරා නම් තමා ආදර්ශවත් (ම)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Tuesday, 02 December 2014 05:19 PM

මෛත්‍රී හිතන් ඉන්නේ ජනාධිපති වෙන එක නිකම් ග්‍රාමසේවක කෙනෙක් වෙනවා වගේ ලේසියි කියා (නදී)

:       0       0

රකිත Thursday, 04 December 2014 04:36 AM

මහා සක්කරයා ආවත් අපේ රටේ දේශපාලනය වෙනස් නොවේ. මෙය තේරුම් ගැනීමට අපහසු අය හැමදාම දෙපසට වී ඇන කොටා ගනිති. (හේ)

:       0       0

දුෂාන්ත Tuesday, 02 December 2014 05:42 PM

ජය වේවා ! (නදී)

:       0       0

සමන්ති Wednesday, 03 December 2014 03:06 PM

පබසර, සමන්, බස් එකේ සුදුරෙදි එළලාද ඉඳගන්නේ? අසුනේ ගිහියෝ සමඟ වාඩිවෙන්නේ නැද්ද? (නි)

:       0       0

ලියනගේ Tuesday, 02 December 2014 06:04 PM

මහින්ද මහත්තය කලකිරිලා ඇති ඔයා ගියපු නිසා. සමහර විට ඡන්දෙ නැතුවම ගන්න කියාවි කට්ටිය නැති නිසා. අාසයි නේ. (නදී)

:       0       0

සමන් Tuesday, 02 December 2014 06:24 PM

ගරුතර සංඝරත්නයට අසුන් පැනවීමවත් හරියට කරලා නැහැ (නි)

:       0       0

නඩරාජා Tuesday, 02 December 2014 06:32 PM

හාමුදුරුවන්ට සුදු රෙද්දක් දාලා නැති එක තමයි දැන් මෙතන සමහරුන්ට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ (නි)

:       0       0

ධම්මික Wednesday, 03 December 2014 09:53 AM

බැලුවම අරලියගහ මන්දිරයේ මීට ඉස්සර හැමදෙයක්ම කරලා තියෙන්නේ මෙතුමා නම් ඔය කියන වැරදිත් ඔබතුමාම වෙන්න ඇතිනේ එහෙනම් කරලා තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 03:54 PM

හැබැයි දිනන්නේ අපි. ඒ කියන්නේ කළගුණදත් රටට ආදරය කරන බහුතර ජනතාව. කට්ටිය ඒ වෙනතුරු පාලු ගෙවල් වල වළං බිඳින්නකෝ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 03:56 PM

එහෙම තමයි පබසරෝ, සාධාරණ සමාජයේ උස් මිටිකම් නැහැනේ (නි)

:       0       0

චමින්ද Wednesday, 03 December 2014 06:27 AM

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැන නම් විවාදයක් නැහැ.අනිත් අය ගැන නම් පැහැදීමක් නැහැ අපිට. (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 02 December 2014 07:33 PM

යුද්ධයෙන් අපිව බේරාදුන් මහින්ද මහතාට මාගේ සුබ පැතුම් නෙදර්ලන්තයේ සිට! (නි)

:       0       0

බුද්ධීක Wednesday, 03 December 2014 04:36 PM

සුද්දා රේල් පාර හැදුවාට පස්සෙ රටට දැනෙන්න සංවර්ධනයක් කළ එකම නායකයා කවුද ? තරඟයක ජය පරාජය කියලා 02 ක් තිබෙනවා. සාර්ථක නායකත්වයක් පරාජය කරන්න හදන්නේ ඊර්ෂ්‍යාවෙන් බලන පුද්ගලයන්. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 02 December 2014 07:54 PM

මේ කට්ටිය මාරුවුණාට ජනතාව මාරුවුණේ නැහැනේ (නි)

:       0       0

ගුණරත්න Tuesday, 02 December 2014 08:00 PM

අනේ ඉතින් ඔය කරගන්න බලාපොරොත්තු වෙන වැඩ කන්දරාව දැක්කම දින සීය නෙමෙයි ජීවිත කාලයම ගියත් කරගන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය දින සීයම වැඩ කරන්න තියෙන්නේ සන්ධාන ආණ්ඩුවක් එක්ක නේද? (නි)

:       0       0

රංජිත් Tuesday, 02 December 2014 08:18 PM

හංසයාට මනාපය දී මෛත්‍රී දේශයක් ගොඩනඟමු. (නි)

:       0       0

ටියුඩර් Tuesday, 02 December 2014 08:28 PM

එහෙම ලේසියෙන් ඒවා බිඳවැටෙන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 02 December 2014 08:32 PM

අනේ මන්දා මොනවද කියලා සමහරුන්ගේ මේ කතා? (නි)

:       0       0

වීරසිංහ Tuesday, 02 December 2014 08:39 PM

මම නම් හිතන්නේ නැහැ එහෙම වෙලා ඇති කියලා (නි)

:       0       0

මොහමඩ් Wednesday, 03 December 2014 05:03 PM

මම නම් කියන්නේ අපේ සේනාධිපතිතුමාට හැර වෙන කිසිම කෙනෙකුට රට පාලනය කරන්න සිද්ධවෙන්න එපා කියලා (නි)

:       0       0

සිසිර Tuesday, 02 December 2014 08:52 PM

මටත් පනින්න හිතයි මේවා දකිද්දී (නි)

:       0       0

ඩිලාන් Tuesday, 02 December 2014 10:46 PM

අපිටත් පවු පිරෙනවා මේවා නිසා. හාමුදුරුවොත් සමඟ සම සමව ගිහියො වාඩිවෙනවද? (නි)

:       0       0

මොරිස් Tuesday, 02 December 2014 11:45 PM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි ලෝදම් කැරකෙනවා.... (නි)

:       0       0

සිරිසෝම Wednesday, 03 December 2014 12:05 AM

උගුලෙන් ගැළවෙමු. උගුලක අහුවෙමු. දෙකම එකයි. හැබැයි වෙනස්. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 December 2014 12:31 AM

එන්න එන්න එන්න ...‍ සතර දිගින් එන්න... (නි)

:       0       0

සිරිමෙවන් Wednesday, 03 December 2014 12:34 AM

ඇයි ඔය බන්දුල පෙරේරලාට බැරිද අපේ මහිලා සමිති කට්ටිය එක්ක ගිහින් එතනට සපෝට් එකක් දෙන්න? ශ්‍යාමා, කුමාරිලා, සෙත්මිලා, සඳුනිලා, ඇසිලින් නෝනලා බලාගෙන ඉන්නේ අවස්ථාවක් එනතුරු. (නි)

:       0       0

මේනක Wednesday, 03 December 2014 12:41 AM

මට නම් අන්තිම ඡායාරූපය දකිනකොට හිනාත් යනවා. දක්ෂ කැමරාකරුට නම් සම්මානයක් දෙන්න වටිනවා. හැබැයි ඉතින් කොහොම කැමරාවට පෙනුනත් රට වෙනුවෙන් කරන වැඩ කටයුතු තමයි අපිට වැදගත්. (නි)

:       0       0

ලලිත් Wednesday, 03 December 2014 07:02 AM

මොකද අද බන්දුලාගමනය පරක්කු ?. එයා නැති සභාව නිකන් කොහොල්ල නැති කොස් ගෙඩිය වගේ නේ. ! (ස)

:       0       0

ජෙනී Wednesday, 03 December 2014 12:45 AM

ඇයි ඉතින් පසුගිය දවස් වල හැටට හැටේ පැමිණි කට්ටිය කොහෙද එතකොට? (නි)

:       0       0

නිලංග Wednesday, 03 December 2014 12:51 AM

ඔය පවුල්වාදය නිසා තමයි බහුතරයක් ලාංකිකයන්ට දේශපාලකයන් එපා වුණේ. තනතුරට සුදුසුද නැද්ද කියලා සිතා බැලිල්ලක් නැහැ. ඕක බොහොමයක් දේශපාලකයන් සම්බන්ධයෙන් තිත්ත ඇත්තක්. මම මේ මධ්‍යස්ථ කෙනෙක් ලෙසයි මේක කියන්නේ. (නි)

:       0       0

නුවන් Wednesday, 03 December 2014 12:56 AM

ඔය හැමදේකම අවසන් ප්‍රතිඵලය තව ටික දවසකින් බලාගන්න පුළුවන් (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 06:27 AM

සත්‍යපාල මහත්තයා ඇතුළු ගොඩක් අය එදා ඉදල හැම ඡන්දෙකදිම මහින්ද මහත්තයව ගෙදර යවන්න හදනවා. අනේ එ්ත් අන්තිමට මහින්ද මහත්තයා ඉන්නවා අනෙක් කට්ටිය ගෙවල් වල යනවා. මෙදා පාරත් ඒක එහෙමම තමයි (නදී)

:       0       0

නලින් Wednesday, 03 December 2014 12:59 AM

මහත්තයට තේරෙයි මිනිස්සු කතිරය ගහලා තියෙන විදිය දැක්කහම (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 03 December 2014 07:12 PM

බලන්නකෝ මූහුණුවල තියන සිරියාව.කොච්චර කාලෙකටද? (නි)

:       0       0

පාලිත Wednesday, 03 December 2014 01:19 AM

අපිටත් ආරංචියි මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන හොඳ හොඳ ආරංචි (නි)

:       0       0

උමේෂ් Wednesday, 03 December 2014 01:31 AM

මොන සම්භාෂණ, උපක්‍රම තිබුණත් ඒවාට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. (නි)

:       0       0

සෙත්මි Wednesday, 03 December 2014 01:34 AM

ඇයි බැරි සිරිමෙවන්? අපි මේ බලාගෙන ඉන්නේ 8 වෙනිදා වෙනකම්. මොකද දැන් ඔය වේදිකාවල තිබෙන තත්වය එදාට වෙනස් වෙනවනේ. (නි)

:       0       0

මෙලනි Wednesday, 03 December 2014 01:40 AM

මැතිවරණ ප්‍රචාරයට කියලා කට හොඳ නැති කථිකයන් යොදා ගැනීමෙන් කිසිම පාර්ශවයකට යහපතක් වෙන්නේ නැහැ. මට මේවට අදහස් කියන්න හිතෙන්නෙත් නැති තරම්. එහෙත් සමහර තනතුරු දරන දේශපාලකයන් කතා කරන්නේ හරියට මුඩුක්කු පරිසර වලින් ආ අයවත් කතා නොකර තරමේ පහත් පෙළේ නීරස , අප්‍රියජනක දේවල්. මෙවැනි කථිකයන්ට ප්‍රචාරක කටයුතු භාරදීමෙන් අනිත් අයට මඩ ගසා වැඩේ හරියාවි යයි සිතනවා ඇති. එ්ත් එයින් සිද්ධ වෙන්නේ ලැබෙන්න තිබෙන ඡන්දයත් නැතිවීමයි. (නි)

:       0       0

කුෂි Wednesday, 03 December 2014 01:48 AM

මෙතන ලියන තමන්ගේ අදහස් අවංක නම් මොන දේශපාලන මතයක් දැරුවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමහරු ඉපදුනේ හැදුනේ වැදුනේ කොටි ගහපු ගම්වලලු. ඒත් අදහස් ලියන්නේ කොළඹ වෙසෙන දේශපාලන විද්‍යාව හැදෑරූ උදවිය පරිගණකයෙන් ලියන විදියට. අපි ඔය දේවල් වලට රැවටෙන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 December 2014 02:09 AM

හමුදුරුවොත් හිහියොත් දැන් එක සමානවෙලා වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

පියල් Wednesday, 03 December 2014 02:10 AM

අනේ දෙවියනේ! කෝ හාමුදුරුවන්ගේ පුටුවේ සුදු රෙද්ද? (නි)

:       0       0

සුසිර Wednesday, 03 December 2014 09:05 PM

බන්දුල පෙරේරා නැත්තේ කටවුට් ගහන්න ගිහිල්ලද? (නි)

:       0       0

සඳමාල් Wednesday, 03 December 2014 02:21 AM

ඔය මොනවා වුණත් අන්තිමේදී දිනන්නේත් එතුමාම තමයි (නි)

:       0       0

මොහාන් Wednesday, 03 December 2014 02:21 AM

බන්දුල පෙරේරාට කවුරු නැතත් මේ දවස් වල කඩේ යන නෝනලා ටිකක් නම් එකතුවෙලා ඉන්න හැඩයි. (නි)

:       0       0

පබසර Wednesday, 03 December 2014 11:47 AM

හාමුදුරුවොත් සමඟ ගිහියො සම සමව අසුන් ගන්නවද? (නි)

:       0       0

තිළිණ Wednesday, 03 December 2014 02:24 AM

මම නම් මේ කතාව විශ්වාස කරන්නෙ නැහැ. අද අරලියගහ මන්දිරය දුක් අඳෝනා වලින් පිරුණු තැනක් බවට පත්වෙලා කියලා නම් මම කොහොමටවත් හිතන්නෙ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 07:34 AM

මේ යන ගමනේදී මෛත්‍රී මහත්තයා අනිවාර්යයෙන් දිනයි. (නි)

:       0       0

කෙවින් Wednesday, 03 December 2014 02:35 AM

කවුරු කවුරුත් තවමත් කතා කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල සහ ඉලක්ක මොනවාද ඒ සඳහා ගන්න යන ක්‍රියාමාර්ග මොනවද යන්න නෙමෙයි. අනෙක් පාර්ශවයේ එක්කෙනා රටේ නායකකමට නුසුදුසු ඇයි කියන එක විතරයි. ඇත්තට මේ අයට තේරෙන්නේ නැද්ද බහුතරයක් අපිට දැනගන්න අවශ්‍ය මේ අපේක්ෂකයන් රටේ අනාගතය වෙනුවෙන් ඉදිරියට කරන්න යන දේවල් මිසක් අනෙක් එක්කෙනා සමඟ තිබෙන පුද්ගලික කෝන්තරය මොකද්ද කියන එක නෙමෙයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1240 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2706 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1678 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2884 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1938 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site