IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘අරලිය මැදුර ළඟදීම අත්පත් කරගන්නවා‘

මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට සැලසුම් කළ, ජනතවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට තීන්දු කළ ජනතාවගේ ගහල මන්දිරය වූ අරලිය ගහ මන්දිරය නුදුරේදීම අත්පත් කරගෙන ජනතාවට එළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (1) කොළඹ බීආර්සී පිටියේ පැවැති මැයි දින රැලිය අමතමින් පැවැසීය.

‘සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට අරලිය ගහ මන්දිරයේ කාමරයක් තියෙනවා කියලා. අපි කාමරයක් නෙමෙයි ඔය මුළු මන්දිරයම අත්පත් කරගන්නවා. සහතික වශයෙන්ම අපි ඒ මන්දිරය අත්පත් කරගන්නවා. කෝකියෝ 40ක් හිටිය කුස්සිය. මැච් බලන්න අගල් 200කට වැඩි පුළුල් තිර, බල්ලන්ට ඒ.සි කරපු කාමර, සතුන් වතු, මේ මන්දිරය ජනතාවගේ ගහල මන්දිරය. ජනතාවට පීඩාවට පත් කරපු මන්දිරය තමයි අරලිය ගහ මන්දිරය’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කීය.

‘ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් අසාධාරණයට පීඩාවට පත් වූ ජනතාව සමඟයි සිටගත්තේ. අපි කි‍්‍රයාවෙන් ඔප්පු කරලා තියෙනවා. අපි කරන්නේ මොනවාද කළේ මොනවාද කියලා අටුවාටීකා අවශ්‍ය නැහැ. අපේ කි‍්‍රයාමාර්ග භාවිතය, ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. අපි එක එක පිට්ටනිවල ගාල් කරන්න බොහෝ අය උත්සාහ කරනවා. එහෙම කරන්න උත්සාහ කරන මහත්වරුන්ට අපි කියන්නේ සොරි මහත්තයෝ කියලා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නගන අවලාද රැල්ල අපි අලූයම ලූ කෙළ පිඩක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ඒක හීන් කෙඳිරියක් පමණයි. සහතිකයි. පැවැති පාලනයත් පවතින පාලනයත් කළේ ජනතාව පීඩාවට පත් කිරීම පමණයි. එදා සිදුවුණු දේවල් අද සිදුවෙමින් පවතින දේවල් ගැන නැවත නැවත කියන්න  ඕනේ ද ? පැවැති හැම ආණ්ඩුවමක්ම මේ රටේ ජනතාව පීඩාවට පත් කළා. අද අපි සහතික වෙනවා. මේ ගෙන යන පීඩාවන් අපේ පරම්පරාව විසින් අවසන් කරනවා. මේ පීඩාවන්, මේ දුක, මේ අසාධාරණකම්, මේ අවනීතිය අපි අවසන් කරනවා’ යැයි ඔහු තවදුරටත් කීය.

jvp_rally_201651 jvp_rally_201652 jvp_rally_201653 jvp_rally_201654 jvp_rally_201655 jvp_rally_201657

ඡායාරූප - ගයාන් අමරසේකර

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

‘අරලිය මැදුර ළඟදීම අත්පත් කරගන්නවා‘

ජගත් ලියනගේ Monday, 02 May 2016 02:44 AM

දවල් හීනයක්ද මේ දකින්නේ? (නි)

:       0       0

ගාමිණි Monday, 02 May 2016 08:04 AM

ඕවා කියන්න නමුත් අහන්න අය දැන් නැහැ අපේ රටේ, ඒ නිසා බොරු නොකිය ඉන්න (හේ)

:       0       0

මහේෂ් Monday, 02 May 2016 08:05 AM

දැන් ඔතන ඉන්න කාටවත් ධනය නැත්ද? (ර)

:       0       0

අරවින්ද Monday, 02 May 2016 08:58 AM

ශාන් බණ්ඩාර කියන දේ හරි. මේ වගේ සමාජයකට ජවිපෙ වගේ දියුණු දේශපාලනයක් කරන පක්ෂයක් දිරවගන්න බෑ. (ර)

:       0       0

සිරි Monday, 02 May 2016 03:21 AM

දිය බොරකර මාළු බාන්න දක්ෂ කණ්ඩායමක් ලෙසයි ජවිපෙ මම දකින්නේ (නි)

:       0       0

රොෂාන් Monday, 02 May 2016 03:21 AM

සිහිනයෙන් පවසනවා වැනිය (නි)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 09:13 AM

දියුණු දේශපාලනයක නොදියුණු කතා. (ර)

:       0       0

අර්ජුන රණවන Monday, 02 May 2016 03:27 AM

සහෝදරයා, අරලියගහ මන්දිරය අල්ලන්න පෙර පක්ෂයේ සිටි නායකයෝ සිටින සාමාජිකයෝ රැක ගන්න බලන්න. (ර)

:       0       0

කෝනාර Monday, 02 May 2016 03:31 AM

හිටිය සහ දැන් ඉන්න දෙගොල්න්වම ජනතාවට එපාවුනු කාලෙක ඇයි ජවිපෙ ජනතාව තමන් පැතත්ට නම්මවා ගන්න වැඩපිලිවෙලක් හදන්නෙ නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. රතු කමිස, කැට හෙලවිම, කැම්පස් වල අරගල, වැඩවර්ජන වගේ දේවල් තියෙන කල් අපිට මතක් වෙන්නේ පරණ ජවිපෙයි. එකයි ඡන්දෙ දෙන්නෙ නැත්තේ. මේවා වෙනස් කරලා එන්න. ඔයාලගෙ තියෙන හොර නොකරන ගතියට, කෙලින් කතාවට ජනතාව කැමතියි. (ර)

:       0       0

කවී Monday, 02 May 2016 03:39 AM

දැන් මහින්ද නැති හින්ද මොනවත් කියන්න දෙයක් නැහැ (ර)

:       0       0

නලින් යහම්පත් Monday, 02 May 2016 09:38 AM

අතීතයේ මගේ සිත් ගත් සහ සාමාජික වශයෙන් සිටි පක්ෂය , එහෙත් කලකට පසු මම තේරුම් ගත්තා මේවා සිහින කතා සහ ක්‍රියා පමණක් බවත් , මොවුන්ගෙන් සිදු වන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ නෙති කිරීම පමණක් බවත් ,(හේ)

:       0       0

සුසන්ත Monday, 02 May 2016 10:03 AM

රටක රාජ්‍ය නායකයට ඒකට සරිලන වාසස්ථානයක් තිබිය යුතුයි - එතනට විදේශවල රාජ්‍ය නායකයෝ, තානාපතිවරු යන එන තැනක්. ඒක අරලිය ගහ මන්දිරේ නෙවෙයිනම් වෙනත් තැනක් වේවි. (හේ)

:       0       0

රුවන් Monday, 02 May 2016 04:15 AM

හීනයක් වත් දෑක්කද හලෝ අපිට මතකයි බාරගත්ත අමාත්‍යාංශ කල හෑටි අනික ආපු 7000 සෙනග එක්ක වෙන්න ඈති (ම)

:       0       0

හංස Monday, 02 May 2016 04:26 AM

ජනතාවට ඕනෑ යක්ෂයින් මිසක් දෙවිවරු නෙමෙයි. (ම)

:       0       0

නිමල් Monday, 02 May 2016 10:43 AM

නිර්දන පන්තියේ දියුණු දේශපාලනයක් කරන්න ගියපු කියුබාවත් අන්න ධනපති ඇමෙරිකාව දිහාවට හැරිලා. ඕගොල්ලන්ටත් තියෙන්නේ ඉක්මනට යුඑන්පී එකත් එක්ක එකතු වෙන්න.(හේ)

:       0       0

සිරිසේන Monday, 02 May 2016 11:08 AM

රාජ්‍ය බලයක් නැතුව කරපු ටික හොදටෝම ඇති අපේ රටට බලයක් ලැබුනොත් කොහොම තියෙයිද?(හේ)

:       0       0

අකිල Monday, 02 May 2016 11:09 AM

එවැනි බලයක් ඔබතුමන්ලාට තියෙනවද?(හේ)

:       0       0

ජයරත්න Monday, 02 May 2016 04:43 AM

අත්පත් නෙවෙයි අරලියගහ මැදුර අස්පස් කරනව කියල වෙන්න ඇති කිව්වෙ. (ර)

:       0       0

කමනි Monday, 02 May 2016 04:48 AM

සිහින හතක් මැද විමනක් තැනුවයි....(ම)

:       0       0

උපාලි Monday, 02 May 2016 05:27 AM

ඔබලා මහින්ද මහත්තයාගේ වැරදි පමණක් උලුප්පා දක්වන්නේ නැතිව ඒවා නිකම් වචන වලට පමණක් සිමා නොකර, සියලුම හිටපු දේශපාලකයෝ කල වැරදි විද්‍යාත්මක ව සහ සන්ක්‍යලේකන ඇතුව ඔප්පු කරන්න ඉදිරිපත් වෙන්න . අවිට ඔබලාට ඒ ඉලක්කයට යන්න මග හැදේවි. (ර)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 05:34 AM

සිහිනෙන්... සිහිනෙන්.... මා අමතනවා... (ර)

:       0       0

අමරජීව එදිරිසිංහ Monday, 02 May 2016 05:48 AM

වසන්තය එනවාමයි. (ර)

:       0       0

රංජිත් Sunday, 01 May 2016 04:20 PM

ආයෙත් අමුතුවෙන් මොනවා අත්පත් කරගන්නද? දැනුත් වැඩි වෙලාවක් ඉන්නෙ එහෙ කියලයි අපිට නම් ආරංචි (නි)

:       0       0

රජිත් Sunday, 01 May 2016 04:22 PM

වහල්ලු ඉන්නාතුරු ඒවා කොහෙද සහෝදරයා? (නි)

:       0       0

චින්තක Sunday, 01 May 2016 05:27 PM

ඔබතුමා ඕවා බලෙන් අල්ලන්න යන්න ඕනෑ නැහැ. දැනටමත් ඔබතුමාට ඔය කියන ගහල මන්දිරෙන් පක්ෂයේ වැඩකටයුතු කරගෙන යන්න කාමරයක් දීලා තියනවා කියලා ඔය කියලාම තියෙන්නේ (නි)

:       0       0

කරුණාපාල Sunday, 01 May 2016 05:33 PM

මහා බැංකු බැඳුම්කර වංචාව, වැට් බදු වගේ භයානක හීන නොපෙනී, අරලිය ගහ මන්දිරය වගේ සුන්දර හීන පෙනෙන එක, එකඅතකට නරකමත් නැහැ. (නි)

:       0       0

කැටවල Sunday, 01 May 2016 05:37 PM

හීනයක් දකිනවාද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 01 May 2016 06:17 PM

මේවා සිහින කතා පමණයි. ළඟදි අයර්ලන්තයට ගියේ අරලියගහ මන්දිරය අත්පත් කරගන්න එහෙන් උදව් ගන්නද? (නි)

:       0       0

කුමාර් Monday, 02 May 2016 06:19 AM

කොහොමද දැන් වටලන්න හිතාගෙන ඉන්නේ.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 01 May 2016 06:35 PM

මේ අය දවල් හීන දකිනවා. (නි)

:       0       0

සුසන්ත Sunday, 01 May 2016 06:36 PM

මේ කතා අහලා දැන් තිත්තවෙලා තියෙන්නේ. (නි)

:       0       0

සිරිල් Monday, 02 May 2016 06:34 AM

මේවට රැවටුන කට්ටිය දැන් නැහැ (හේ)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 01 May 2016 06:43 PM

සෙනඟ ටිකක් දැක්කහම හිටපු නායකයො සමහරුත් මෙවැනි විහිළු ප්‍රකාශ කළා මතකයි. ලක්ෂ හතරක් වැනි ඡන්දදායකයින් ඉන්න පක්ෂයකට පුලුවන්ද එවැනි දෙයක් කරන්න. (නි)

:       0       0

සිල්වා Sunday, 01 May 2016 07:24 PM

බිම වාඩිවෙලා ඉන්න නිසා ඔලුගෙඩි ටික ගණන් කරගන්න පහසුයි. ඔය ප්‍රමාණයම දැන් අවුරුදු 50 ක් තිස්සේ ඉඳලා ඉන්නවා. කලින් හිටිය අයත් ඒ අයගේ පරම්පරාවේදී ඔය කතාවම කිව්වා. හැබැයි එ්ක එහෙම වුණේ නම් නැහැ. වචන වල ලස්සන විතරයි. (නි)

:       0       0

ඔෂාන් Sunday, 01 May 2016 09:08 PM

අනේ මහත්තයෝ, නිර්ධන පන්තියේ ඔයාලට මොකටද මන්දිර? (නි)

:       0       0

රංග Sunday, 01 May 2016 09:34 PM

අනාගතය ඔබ සමඟයි. ජය වේවා...! (නි)

:       0       0

කවින්ද Sunday, 01 May 2016 09:39 PM

මෙයාලට තාමත් මහින්ද හැර වෙන දෙයක් කියන්න නැහැ (නි)

:       0       0

සත්‍යයා Sunday, 01 May 2016 11:16 PM

ටිල්වින් මහතාගේ පෙනුමට මම නම් කැමතියි. නියම නිර්ධන පන්ති පෙනුමක් තිබෙන්නේ. (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 02 May 2016 06:46 AM

පොඩි ආසාවක් තියනවා නේද අරලිය ගහ මැදුර පැත්තේ යන්න (බ)

:       0       0

ශාන් බණ්ඩාර Monday, 02 May 2016 06:50 AM

ප්‍රතිචාර දක්වා ඇති වහලුන් ගණන එක්ක බැලුවම සමාජ සාධාරණත්වය හදන එක ඔබට ලෙහෙසි වැඩක් නෙවෙයි. එ්ත් සුබ පතනවා. උත්සාහ කරන්න. (බ)

:       0       0

ලුම්බිණි Monday, 02 May 2016 06:51 AM

අපි කරන්නේ මොනවාද කළේ මොනවාද කියලා අටුවාටීකා අවශ්‍ය නැහැ... 1971 සහ 1988-89 මතක අයට කළේ මොනවද කියල මතක තිබුනට තවමත් කරන්න යන්නේ මොනවද කියල නම් අපට පැහැදිලි නැහැ. (බ)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 01:19 AM

සමහරු නම් බලාගෙනම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ දිනනතුරුයි. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 02 May 2016 01:39 AM

මන්දිරය ගැන කියන සමහර දේ ඇත්ත වුණත් මන්දිරය අත්පත් කරගැනීම නම සිහිනයක් පමණි. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 02 May 2016 07:12 AM

සිහින ලොවක් දුටුවා මතකයි....(ම)

:       0       0

කපිල Monday, 02 May 2016 01:50 AM

දැනටත් අරලියගහ මැදුරේ ඔයාලට කාමරයක් තියෙනවලු නේද? කමක් නැහැ. මුළු පක්ෂයම යූඑන්පීයට විකුණලම දාමු. එතකොට වැඩේ ඉවරයිනේ (නි)

:       0       0

ඇසළ Monday, 02 May 2016 01:54 AM

එතකොට පදිංචි වෙන්නේ කවුරු එක්කද? (නි)

:       0       0

රංජිත් Monday, 02 May 2016 07:19 AM

දවල් හීන දකින්නේ නැතුව ඉන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 118 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 137 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 60 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1862 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site