IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අරවින්දගෙ සේප්පුව කඩලා

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද සිල්වාගේ නිවසේ සේප්පුවෙන් රට සල්ලි තොගයක් හා රන් බඩු තොගයක් සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහු හා බිරිය එතෙර ගොස් සිටිය දී මේ සොරකම සිදුවී ඇත.

නිවසේ සේවකයන් අට දෙනාගෙන් පොලිසිය ප්‍රකාශ ලියාගෙන ඇත.

සේප්පුවේ රහස් අංකය දැන සිටියේ තමාත් බිරියත් තව කෙනකුත් බව ඔහු පොලිසියට පවසා තිබේ.

 

 



අදහස් (0)

අරවින්දගෙ සේප්පුව කඩලා

රූපවති Wednesday, 22 October 2014 09:34 AM

අපේ ගෙදර තියන රත්තරන් බඩු ටික ඔහේ අහු වුණ තැන්වල .ගමනක් ගිහින් ඇවිත් ගලවලා දැම්ම තැන, අය ගමනක් යන දාට, දූවගෙන යනවා ඒක හොයා ගන්න.(හේ)

:       0       0

ලලිත් Wednesday, 22 October 2014 08:52 PM

මේක නම් සහගහන අපරාධයක්. පගාගහලා සොරකම් කරලා ගත් සල්ලි නෙමෙයි, ගිනි අව්වේ දාඩිය මහන්සියෙන් උපයාගත් සල්ලි මේවා. (නි)

:       0       0

රත්න Wednesday, 22 October 2014 09:47 AM

අරවින්ද උපන් ගෙයි ධනවතෙක්. දන්නා තරමින් අයතා අන්දමින් මුදල් උපයලා නැහැ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 22 October 2014 09:47 AM

ඉතාලියේ සිටින ලාංකිකයින් නිවාඩුවට ලංකාවට යනවද වෙනත් රටකට යනවද කියා දෙවරක් සිතා බැලිය යුතුයි. ලංකාව යනු කිසිම හැදියාවක් නැති මිනිසුන් විශාල වශයෙන් සිටින රටකි. (නදී)

:       0       0

කෝහිනූර් Wednesday, 22 October 2014 09:52 AM

අන්තිම නරක වැඩක් (නදී)

:       0       0

කරුණාපාල Wednesday, 22 October 2014 09:34 PM

ඔය සේසතට වැඩක් දුන්නේ කවුරු වෙන්න පුලුවන්ද මහත්තයෝ? (නි)

:       0       0

නන්ද Wednesday, 22 October 2014 09:53 AM

ඔන්න ඕක තමයි කියන්නේ, තමන්ට ලැබෙන මුදලින් තමනුත් සැප විඳින ගමන් තමන්ට වඩා අසරණ අය වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කොපමණ මුදලක් උපයනවද? එම මුදලින් සුභ සාධන වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 October 2014 10:08 AM

මිලියන 10 යක් සේප්පුවේ තිබුනා නම් බැංකුවල කොච්චර තිබුනද කියා හිතාගන්න පුලුවන් (නදී)

:       0       0

උපාලි Wednesday, 22 October 2014 10:15 AM

අපි ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. සේවකයෝ අට දෙනෙක් ඉන්න බංගලාවක සේප්පුවේ විදේශ සල්ලිත් තියනවා කීව්වම ටිකක් හිත ගැස්සුනා විතරයි.(හේ)

:       0       0

නලීන් Wednesday, 22 October 2014 11:44 PM

අරවින්ද සල්ලි හම්බකළේ කොමිස් ගහලා, කප්පම් අරගෙන නෙමෙයි. තමන්ගේ මහන්සියෙන්, කැපවීමෙන්, රටට කීර්තියක් අත්කර දෙනගමන්. (නි)

:       0       0

මනෝජ්- සාජා Wednesday, 22 October 2014 10:34 AM

බලාගෙන රූපවති අක්කේ. ගෙදර අතු ගානකොට හොද කල්පනාවෙන් අතු ගාන්න. (නදී)

:       0       0

රංග Thursday, 23 October 2014 12:02 AM

රූපවතිගේ සේප්පුවත් පරිස්සම් කරගන්න එක හොඳයි නේද? ධනවතුන් හැමෝගෙම වගේ ගෙවල් වලට දැන් හොරු පනින ආරංචිනේ එන්නේ. (නි)

:       0       0

සරසි Thursday, 23 October 2014 12:07 AM

මහත්මා විදියට ක්‍රීඩාකරලා මහත්මයෙක් විදියට ගෙදර ගිය කෙනාගේ සේප්පුවට තමයි විදලා තියෙන්නේ. ඇත්තට අර ක්‍රීඩාකරලා ගත් නම්බුවත් නැතිකරගෙන තමන්ට අත්පුඩි ගහපු මිනිසුන්ටම චණ්ඩි පාට් දාගෙන ඉන්න අයගේ සේප්පු වලට මොකුත් වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ජෙහාන් Thursday, 23 October 2014 12:17 AM

ඇත්තටම කට පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා කියන්න පුළුවන් චරිතයක්. ඔය හොරුන්ට සේප්පුව කඩන්න තිබුනේ මෙයාගේ නෙමෙයි, අන්න අර ....... (මෙතන නම කියන්න අමාරුයි) (නි)

:       0       0

ටානියා Wednesday, 22 October 2014 10:38 AM

රූපවති අක්කා කලින් නයි ඇරලා අහගත්ත හරිය මදිද ? තාමත් මට්ටු වුනේ නෑනේ හැබෑටම. (නදී)

:       0       0

සම්න්ති Thursday, 23 October 2014 12:22 AM

නන්දන, ඔයා ලංකාවේ කෙනෙක්ද ?මිලානෝ වල හොරකම් සිදුවෙන්නේ නැද්ද? (නි)

:       0       0

මලික් Thursday, 23 October 2014 12:40 AM

අපේ අදහස් දමන රූපවතීගේ සේප්පුව හොරු කැඩුවේ නැත්නම් කොහොමද එයාගේ රත්තරන් බඩු ගැන ප්‍රසිද්ධියක් ලැබෙන්නේ. (නි)

:       0       0

සෙහාන් අමරිසිංහ Wednesday, 22 October 2014 10:57 AM

ඇයි සී.සී.ටී.වී තිබිල නැද්ද ? කෙසෙල් ගෙඩි විකුණන කඩවලත් දැන හයිකරලා තියෙද්දී අරවින්දගේ ගෙදර නැනෙති වෙන්න බැහැනේ. අඩු ගානේ 10ක් 15 ක් වත් හයි කරලා තියෙන්න ඇති. එ්ක බලල කව්ද හොරා කියල හොයාගන්නකෝ. (නදී)

:       0       0

ශශී Thursday, 23 October 2014 12:51 AM

අරවින්දලා යමක් කමක් තිබෙන වැදගත් පවුල් වල උදවිය. තමන්ගේ දාඩිය මහන්සියෙන් දක්ෂකමින් උපයාගත් ධනයත් එකතු වුණාම එතන සෑහෙන වත්කමක් ඇති. (නි)

:       0       0

යාපා Thursday, 23 October 2014 12:55 AM

මොනවා වුණත් මේ කළ දේ නම් හරිම පිළිකුල්සහගතයි (නි)

:       0       0

මදු Wednesday, 22 October 2014 11:13 AM

චමින්ද, නදී මහත්තයෙක් නෙමෙයිනේ

:       0       0

ධනුක Thursday, 23 October 2014 01:24 AM

මේවා මේ පුද්ගලයා තමන්ගේ දක්ෂකමින් මහන්සියෙන් ධාර්මිකව උපයාගත් දේවල්. නැතුව දේශපාලනයෙන් හම්බ කරගත් ඒවා නෙමෙයි.ඒ නිසා පොලිසියේ නිලධාරින් මේ ගැන උනන්දුවෙන් සොයා බලා කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

කමල් Wednesday, 22 October 2014 11:31 AM

ටානියාට නම් රූපවතී අක්ක එක්ක මොකක් හරි පොඩි අවුලක් තියනවා වගෙයි. පස් භාෂා පරමෙශ්වරලාභී කියල ප්‍රසිද්ධ කල දවසේ ඉඳන් පස්සෙන්ම පන්නන්නවා. ඔහොම තමයි කිලෝ ගණන් රත්තරන් බඩු ගැන කියවනකොට සභාවේ බවලතියන්ට ටිකක් හිතට අමාරුයි කියල දැන දැනමනේ රූපවති අක්ක මෙහෙම කරන්නේ. (නදී)

:       0       0

ජිලෝ Wednesday, 22 October 2014 11:33 AM

බලාගෙන රූපවති ඔයාගේ රත්තරන් බඩු ටික පරිස්සම් කර ගන්න. අන්න බන්දුල කඩේ යනකොට දාගෙන යන්න අරුංගල් ජෝඩුවක් හොයනවලු. (නදී)

:       0       0

තිලින Wednesday, 22 October 2014 11:36 AM

රූපවති ඔයාට රත්තරන් බඩු ලැබුනේ බැරි වෙලාවත් අර ප්‍රදේශ මුදා ගත්ත කාලයේ නෙවෙයිනේ. (නදී)

:       0       0

පාලිත Wednesday, 22 October 2014 11:57 AM

රූපවතිගේ රත්තරන් බඩු ගොඩේ පා සළඹ දෙකක් නැද්ද අපේ කඩේ යන භවතාට හරි යන. ස්ත්‍රී ආභරණ ලැබුනාට පස්සෙවත් පිළිවෙලක් වේවිද කියල බලමු. (නදී)

:       0       0

රකිත් Thursday, 23 October 2014 01:51 AM

දාඩිය මහන්සියෙන් හම්බ කරන දේ වගේම වැඩි මහන්සියක් නොවී කෙළින්ම එන පන්දුව ඕනෑකමින් කකුලේ වද්දාගෙන කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණ පිතිකරුවොත් අප අතර නැතුවා නොවේ. කරුණාකර වරදවා වටහා නොගන්න. අරවින්දට ඉදිරිපත් කරන චෝදනාවක් නොවේ. (නි)

:       0       0

නෙලුම් Wednesday, 22 October 2014 12:12 PM

සේවකයන් 8 දෙනෙක් තියා ගත්ත එකේ හොරුන්ට හොඳට සලකන බලු සුරතලෙකුත් තියා ගන්න තිබුනානේ. (නදී)

:       0       0

ධනුක Wednesday, 22 October 2014 12:15 PM

ගෙදර උදවිය පිට රට යන දින වකවානු එහෙම හොඳට දන්නා කෙනෙක් තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. (නදී)

:       0       0

කාන්ති Wednesday, 22 October 2014 12:19 PM

පිටරට ගමන විතරක් නෙවෙයි සේප්පුවක් තිබෙනවා කියල හොඳට දන්නා කෙනෙක් තමයි. රහස් අංක කලින් දැනගෙන වෙන්න ඇතිනේ ගෙට පනින්න ඇත්තේ. (නදී)

:       0       0

තුසිත Thursday, 23 October 2014 02:58 AM

රකිත් දැන් මොකද්ද ඔය කියපු පන්දුවෙයි මේ කඩපු සේප්පුවෙයි අතර සම්බන්ධය ? (අ)

:       0       0

ටානියා ෆොන්සියානු Wednesday, 22 October 2014 12:32 PM

බන්දුල අයියලාට, රූපවති නංගිලාට ඕක එතරම් දෙයක් නොවෙයිනේ. ඕන වෙලාවක රත්තරන් බඩුවක් අතමාරුවකට ගන්න පුළුවන්නේ. (නදී)

:       0       0

යසිරු Wednesday, 22 October 2014 12:38 PM

ඡන්දයක් මග එනවා නම් නම් අරවින්ද නෙවෙයි කාටත් තම තමන්ගේ සේප්පු පරිස්සන් කර ගන්න වේවි. (නදී)

:       0       0

නලින් Wednesday, 22 October 2014 12:53 PM

රූපවති තරම් පම්පෝරි කාරියක් ,මේ තුන් ලෝකෙම නැතුව ඇති (නදී)

:       0       0

විචාර Thursday, 23 October 2014 03:13 AM

මේ කොමෙන්ට් දකින කොට අරවින්දට හොඳටම හිනා ඇති. ලංකාවේ මිනිස්සු ගැන අරවින්දටත් හිතන්න පුළුවන් වේවි.(අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 October 2014 01:29 PM

මිට කාලෙකට ඉස්සරත් ඔය වගේම අරවින්දගේ රෙස්ටුරන්ට් එකේ හරි මොකක හරි සේප්පුවේ සල්ලි හොරකම් කලා. අරවින්ද මහත්තයෝ ඔයා වැරදි පිලේ නෙවෙයි නේද ඉන්නේ? මොකද ලංකාවේ නීතියේ හැටියට ඔයාට විදේශ මුදල් ගොඩක් ලග තියාගන්න නොහැකියි. මතකනේ ප්‍රසිද්ද හිටපු හමුදාපති කෙනෙකුට ගැටළුවක් ආවා. හැබැයි ඔයා හරි පිලේ හිටියොත් මොකුත් ගැටළු වෙන්නේ නැහැ. අර අපේ ගුවන් සේවයේ ප්‍රධානියාට වගේ. (නදී)

:       0       0

රුවන් Wednesday, 22 October 2014 01:34 PM

අනේ මන්දා හොරු කැඩුවේ අරවින්දගේ සේප්පුව වුනාට ගැරඬියා රිංගලා තියෙන්නේ රූපවතිගේ ගෙදරටනේ. (නදී)

:       0       0

රකිත Thursday, 23 October 2014 04:05 AM

ඔබ සේප්පුව සහ පන්දුව අතර සම්බන්ධයක් විමසනවානම් මට කියන්න පුළුවන් සේප්පුවෙන් ආරක්ෂා කරන්නෙත් මුදල් ඒ වගේම පන්දුවට පහර දීම හෝ නොදීම මත ලැබෙන්නෙත් මුදල් කියලා. (හේ)

:       0       0

චමින්ද Wednesday, 22 October 2014 01:41 PM

රත්න හරි. අරවින්දව මම පොඩි කාලේ ඉදන් දන්නවා. අපි එක ඉස්කෝලෙට ගියේ. අරවින්දගේ තාත්තා ඒ කාලෙත් ධනවතෙක්. (නදී)

:       0       0

පසිදු Wednesday, 22 October 2014 02:12 PM

මෙයා ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්.(හේ

:       0       0

සිසිර කුමාර Wednesday, 22 October 2014 03:51 PM

මටනම් මොනවත් හිතගන්න හිතා ගන්න බැරිව ඉන්නේ.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 22 October 2014 04:18 PM

මට නම් හිතෙන්නේ මෙතන සැඟවුණ යමක් තිබෙනවා කියලයි (නි)

:       0       0

කුමාරි මාකාවිට Wednesday, 22 October 2014 04:18 PM

මෙපමණ මුදලක් ගෙදර තබාගැනීම වැරදියි. අඩුම ගානේ බැංකුවක තැන්පත් කළා නම් රටටවත් පොඩි ප්‍රයෝජනයක් ලැබෙනවා , මුදලුත් රැකෙනවා. සමහර රටවල විදේශ මුදල් සහ රටේ මුදල් ළඟ තබාගැනීමට නීතියෙන් සීමා තිබෙනවා (නි)

:       0       0

ජයනි Wednesday, 22 October 2014 07:18 AM

කියන්න බෑ ගෙදර කෙනෙක්ද කියලත්.(හේ)

:       0       0

භානු Wednesday, 22 October 2014 07:23 AM

මේ සොරකම කල කෙනා අරවින්දලා මේ කාල සීමාවේ පිටරට යන බව හොදින්ම දන්නා කෙනෙක් විය යුතුයි.(හේ)

:       0       0

සේනාදීර Wednesday, 22 October 2014 04:38 PM

පොලිස් නිල සුනඛයෙකුගේ සහය ගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

ශාලිනි Wednesday, 22 October 2014 07:33 AM

අද කාලයේ බොහොමයක් සොරකම් වලට ඔත්තු සපයෙන්නේ තමන් දන්නා කියන අයමයි.(හේ)

:       0       0

චානක. Wednesday, 22 October 2014 07:39 AM

දහඩිය මහන්සියෙන් උපයන වස්තුව සොර සතුරන්ට ,ගින්නට අසුවන්නේ නැහැ.(හේ)

:       0       0

ජීනේන්ද්‍ර Wednesday, 22 October 2014 07:47 AM

සේවකයන් සංඛ්‍යාවෙන්ම සිතා ගන්න පුළුවන් රත්තරං බඩු සංඛ්‍යාව.(හේ)

:       0       0

චාන්දනී Wednesday, 22 October 2014 07:51 AM

අද කාලයේ කවුරුවත් අත්‍යාවශ්‍ය වෙලාවක ඇරෙන්න රත්රන් බඩු ගෙවල් වල තියාගන්නේ නැහැ. බැංකු වල ආරක්‍ෂිත සේප්පු වලට යම් මුදලක් අය කළාට එතන ආරක්ෂාවක් තිබෙනවා.(හේ)

:       0       0

ලලනි Wednesday, 22 October 2014 07:57 AM

මෙච්චර සංක්‍යාවක් සේවකයන්. අනේ මන්දා ක්‍රීඩකයන්ගේ නෝනලා ඉවුම් පිහුම් ආදී ගෙවල් වල වැඩ දන්නේ නැද්ද කියලා.(හේ)

:       0       0

චම්ම - එස්.ටී.එෆ් රත්මලාන Wednesday, 22 October 2014 07:59 AM

අරවින්ද මොනවා උනත් හොඳ එකා. කාගේ උනත් දේවල් හොරකම් කරන එක කැත වැඩක්. අල්ලලා අත පය කඩන්න ඕනේ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 22 October 2014 05:12 PM

දුප්පත් මිනිහාගේ සල්ලි ටික හොරාකන ලොකු හොරු සිටියදී මේ අවංක මිනිසාගේ සේප්පුවම කැඩුවේ ඇයි. (නි)

:       0       0

යසින්ත Wednesday, 22 October 2014 05:21 PM

ඇයි මිනිස්සු මෙහෙම අපරාධ කරන්නේ? (නි)

:       0       0

බුද්ධික Wednesday, 22 October 2014 08:02 AM

නැති බැරි මනුස්සයෙක් වෙන්න ඇති. අරවින්දට ඕනි තරම් සල්ලි තියනවනේ. පිනට දුන්න කියල හිතාගන්න. සල්ලි විතරක් මදි. පින් කරන්නත් එපායැ (නදී)

:       0       0

ටිරාන් Wednesday, 22 October 2014 05:29 PM

කවුද මේක කරන්න ඇත්තේ? (නි)

:       0       0

සමන්ත Wednesday, 22 October 2014 08:05 AM

එතකොට අර රහස් අංකය දන්නා තුන්වැන්නා ගැන ප්‍රශ්න කරලා නැද්ද ? එහෙම නැති නම් ඔහු හෝ ඇයත් මේ පිටරට සවාරියේ ගිහිල්ලද හිටියේ ? (නදී)

:       0       0

ශ්‍යාමා Wednesday, 22 October 2014 08:10 AM

මෙච්චර සල්ලි, රත්තරන් ගොඩක් කිවුවාම මට නම් ආසාවත් ඉරිසියාවත් ඇතිවෙනවා. අපේ තාත්තා ක්‍රිකට් පිට්ටනිවල නඩත්තු කම්කරුවෙක්. මම උ.පෙළ ඉගෙන ගන්නවා උනාට අපිට ඉහළ තැනකට යන්න ලැබෙයි කියා නිච්චියටම හිතන්න බැහැනේ. (නදී)

:       0       0

ධම්ම Wednesday, 22 October 2014 08:10 AM

සේප්පුවේ රහස් අංකය තව කෙනකුත් දැනගෙන ඉඳලා තියෙනවා. දෙදෙනෙක් අතරට මොනම දේකටවත් තුන්වෙනියෙක් ඕනෑම නැහැ. (නදී)

:       0       0

සුනෙත් Wednesday, 22 October 2014 08:18 AM

විශ්වාසේ රකින්න බැරි අයට වැදගත් දේවල් කියන්න හොද නෑ.(හේ)

:       0       0

කිර්ති Wednesday, 22 October 2014 08:29 AM

රටේ, ලෝකයේ මෙච්චර බැංකු තියෙද්දී ඊ සේප්පුවේ සල්ලි දැම්මේ? මේවා කළු සල්ලි වත්ද?(හේ)

:       0       0

ලසන්ත Wednesday, 22 October 2014 06:58 PM

නන්දන පනාගොඩ ඉතාලියට ආවේ කොහේ ඉඳලද කියලා මතකද? අපිත් ඉන්නේ ඉතාලියේ (නි)

:       0       0

සූරියසේන Wednesday, 22 October 2014 07:45 PM

පොහොසත් අයගේ මුදල් රටේ දුප්පත් අයටත් බෙදාදෙනවා නම් තමන්ගේ දේපල වත්කම් දෙවියන්ගේ නාමයෙන් ආරක්ෂා වෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 22 October 2014 09:22 AM

කවුද 'තව කෙනා' කියල මම බැලුවේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 150 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1022 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 274 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 165 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 929 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site