හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකතනය ගාල්ල මහාධිකරණයේ දී අද (30) නාද වීයැයි උසාවියේ රාජකාරි කරන පොලිස් නිලධාරියා ඔහුට නඩුවක් ගොනු කළේය.
තමා ඊට නිවැරදිකරු බව අර්ශකුලරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරු කේ බී කේ හිරිඹුරේගම මහතා ලබන ජනවාරි මාසයට නඩුව කල්තැබීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙසේ කියයි.
‘මට විරුද්ධව ගත් අනිසි ක්‍රියාමාර්ගය සම්බන්ධව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අල්ගරත්නම් මහතා දැනුම්වත් කළා.
ඔහු අගවිනිසුරුතුමා සමගද සාකච්ඡා කර තිබෙනවා. මම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හරහා නියමිත ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරනවා.‘‘
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අර්සකුලරත්නගේ හලෝව උසාවියේ නාද වෙයි
ඉසුරන්දි Monday, 30 November 2015 01:18 PM
පහු ගිය දවස්වල ඇනුම් අරිය හා හලෝව නාද කල සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව නිතිය ක්‍රියාකළ ආකාරය මට යාන්තම් වගේ මතකයි. ඒ නිසා මෙයත් ඒකට නොදෙවෙනි ප්‍රශ්නයක්නේ. නිතියනම් නිතිය කාටත්. (ර)
කවින්ද Monday, 30 November 2015 01:36 PM
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
රෝහිත Tuesday, 01 December 2015 06:42 AM
කවුරු වුණත් කමක් නැහැ, නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක කළයුතුයි. මෙතුමාගේ නොසැළකිල්ල නිසා සිදුවුණ දෙයක්නේ. පොඩි මිනිහාට එක නීතියක් මෙයාට තව නීතියක් වෙන්න බැහැනේ. කරුණාකර සියලු දෙනාම අවධානයෙන් ඉන්න අපේ නිතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස. මෙයාට හරියට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිටත් පුළුවන් වෙයි අපේ ජංගම දුරකතනය උසාවියකට ගිය වෙලාවක ක්‍රියාත්මක කරගෙන ඉන්න. (නි)
ජයනාත් Monday, 30 November 2015 02:56 PM
නීතිවේදීයාද මේ රටේ පුරවැසියෙක්. (නි)
පිටිගල Monday, 30 November 2015 03:49 PM
නැහැ ඉසුරන්දි ඔබට වැරදිලා. අපේ රටේ නීතිය පොඩි මිනිහට වැඩියෙන් බලපානවා. (නි)
ඉන්දික ගාලේවත්ත Monday, 30 November 2015 04:40 PM
නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ..(රේ)
ඉන්දික ගාලේවත්ත Monday, 30 November 2015 04:40 PM
නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ.. (රේ)
කල්පගේ Tuesday, 01 December 2015 08:24 AM
නීතීඥවරු පළමුවෙන්ම විනයගරුක වියයුතුයි. නීතීඥ සංගමය මේවා සොයා බැලිය යුතුයි. (නි)
කෝසල Monday, 30 November 2015 05:29 PM
ඉසුරන්දි ඔය හරියට හරි. මේකෙන් පෙන්නන්න හදන්නේ පොඩි මිනිහට නීතිය තද බවත් ලොක්කන්ට වැරදි කල හැකි බවත් නේද? ඇනුමක් යැවීම ස්වභාවික සංසිද්දියක්. දුරකථනය ක්‍රියා විරහිත නොකිරීම නොසැලකිල්ල නිසා සිදුවන දෙයක්. නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිනම් මෙන්න මේ සිද්දියේදී නේද?. (රේ)
අනුර Monday, 30 November 2015 06:26 PM
නීතිය කාටත් එකයි. වැදගත් විදිහට නීතියට ගරු කළයුතුයි (නි)
සමන්ති Tuesday, 01 December 2015 07:57 PM
සෙල් දුරකතනයේ පියා තමාගේ 1973 වසරේ සොයාගැනීම ගැන මොනවා හිතයිද? (නි)
හේමන්ත Monday, 30 November 2015 11:02 PM
ඈනුම යවපු කෙනා උසාවියේදී වරද පිළිගත්තා. මොකද එයා සාමාන්‍ය මනුස්සයෙක්. නඩු කියන්න, තව නඩු දාගන්න පුළුවන්කමකුත්, නීතිය පිළිබඳ එතරම් දැනීමකුත් නැති නිසා. මෙයා නීතිවේදියෙක්. වැරැද්ද පිළිගත්තේ නැහැ. වැරැද්ද පිළිගන්නේ නැතුව වැරදිකාරයා වුණොත් කලින් කෙනාට මාස 8 නම් මෙයාට අවරුදු 3 ක්වත් දෙන්න ඕනෑ. මොකද වැරැද්ද පිළිගැනීමේදී කිසියම් සුළු සහනයක් හෝ දියයුතු නිසා. තාම නඩුව යනවනේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
මල්කාන්ති Sunday, 06 December 2015 09:02 AM
මේ දේ සාමන්‍ය කෙනෙක්ට වුනා නම් මේ වෙන කොට දඩයකුත් ගහලා.(හේ)
ටෙනිසන් Wednesday, 02 December 2015 03:19 AM
නීතිය උගත් නීතිඥයන් උසාවියේ බොරු කිවට වෙනම දඩුවම් කළ යුතුයි. (බ)
මනෝරි Tuesday, 01 December 2015 04:31 AM
පොලිසිය සහ නීතිවේදියෝ යන දෙගොල්ලොම සාමාන්‍ය මිනිසුන්ට ලොකුකම් දාන එකනේ කරන්නේ. (නි)
මනෝරි Tuesday, 01 December 2015 04:44 AM
නඩු කාරයාගේ ෆෝන් එක රින්ග් වුණොත් පොලිසියෙන් එයටත් නඩු දානවද.(ම)