IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අල්කයිඩා දකුණු ආසියාවට පනී?

ඉන්දියාවේ තම ශාඛාවක් පිහිටුවා, දකුණු ආසියාව ආක‍්‍රමණය කර ජිහාද් ධජය ඔසවනවා යැයි කලක් නිහඬව සිටි අල් කයිඩා ත‍්‍රස්ත නායක අයිමාන් අල් සවහීරී අනතුරු අඟවයි.

අල් කයිඩා නායකයා මෙම අනතුරු ඇඟවීම කළේ විනාඩි 55 ක් දිග එම වීඩියෝ පණිවුඩයක් අන්තර් ජාලයට මුදා හැරීමෙනි.

වීඩියෝ පණිවුඩයේ සඳහන් අන්දමට අල් කයිඩාව ඉන්දියාවේ සිය ශාඛාවක් පිහිටුවීමට සැරසෙන්නේ අසල්වැසි පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ සහාය ඇතිවය.

ඔසාමා බින් ලාඩන් නායකත්වය දැරූ අවදියේ දී අල් කයිඩාව ලොව අංක එකේ බිහිසුණුම ත‍්‍රස්ත සංවිධානය විය. එහෙත් ඇමෙරිකාව බින් ලාඩන් සොයා මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල විය. නව නායක ලෙස පත් කෙරුණු අල් සවහීරී කි‍්‍රයාකාරී නොවන නායකයකු බවට ප‍්‍රචලිත විය.

අල් කයිඩාව සමඟ එක් වී, ඉරාකයේත් සිරියාවේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අයි.එස්.අයි.එස් එසේත් නැතිනම් ‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩි සිරියා’ නමැති ත‍්‍රස්ත සංවිධානය, දැඩි අන්තවාදී මඟකට යොමු වූයේ එම දුර්වල නායකත්වය නිසා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දැඩි මතධාරීන් ලෙස අන්තවාදී මඟකට යොමු වී සිටින හෙයින්, අල් කයිඩාව, අයි.එස්.අයි.එස් සංවිධානය සමඟ සියලූම සබඳතා අත්හැර දැම්මේය. අද වනවිට ලොව අංක එකේ ත‍්‍රස්ත සංවිධානය වී ඇත්තේ අයි.එස්.අයි.එස් සංවිධානයයි.

අල් කයිඩා නායකයා ඊයේ එම වීඩියෝ පටය නිකුත් කළේ තමන්ට අභියෝගයක් වී ඇති අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව තම බලය තහවුරු කර ගන්නා බව පෙන්වීමට යැයි ඇමෙරිකානු විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අල් කයිඩා නායකයාගේ වීඩියෝ පණිවුඩය විශ්ලේෂණය කළ ඉන්දීය බුද්ධි සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ, මෙය පුදුමයට කරුණක් නොවන බවත් අල් කයිඩා නායකයාගෙන් මෙවැනි ප‍්‍රකාශයක් තමන් බලාපොරොත්තු වුණු බවත්ය. කෙසේ නමුත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා ඇත.

Ayman-al-Zawahri-Reuters-hh

(ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය)



අදහස් (0)

අල්කයිඩා දකුණු ආසියාවට පනී?

කමල් Thursday, 04 September 2014 09:10 AM

ශත වර්ෂයක් පමණ ලංකාවේ විදිහට ජීවත් වුනු තම දහම ඇදැහූ මිනිසුන් කොට්ඨාශයක් දහමේ අන්තවාදී ලක්ෂණ මුසු කරගනිමින්, අධිකරණය හරහා සාධාරණීකරණය කර ගනිමින් යන ගමන ගැන අවධානයෙන් පසු විය යුතුයි (නදී)

:       0       0

රත්න Thursday, 04 September 2014 03:10 PM

අපේ රටේ අයත් යථාර්ථවාදීව මේ ප්‍රශ්නය දෙස බලවනවා නම් හොඳයි (නි)

:       0       0

ගාමිණී Thursday, 04 September 2014 09:14 AM

කොහෙන් නොකෑවත් ලංකාවෙදී කට්ටිය කනවා. ඥානසාර හාමුදුරුවනේ කොඩිය අතට ගම්මු. (නදී)

:       0       0

කුමාර් Thursday, 04 September 2014 09:26 AM

සුන්නි අන්තවාදීන් ෂියා අයව මරල කෑ ගහනවා. ෂියා අය සුන්නි අයව මරල ඒ වගේම කෑ ගහනවා. දැන් අල්කයදා හා අයි.එස්.අයි.එස් මරාගන්න හදනවා. කාටද පිස්සු? (නදී)

:       0       0

රෙක්ස් Thursday, 04 September 2014 04:09 PM

ශ්‍රී ලංකාව තුළ අල්කයිඩාවට අවස්ථාවක් නොමැත (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 04 September 2014 04:14 PM

මීට වැඩිය ලොකු කෙනෙකුටත් වැඩ වැරදුනා. හරි එන්නකෝ බලන්න (නි)

:       0       0

චානක. Thursday, 04 September 2014 05:03 PM

ත්‍රස්තවාදීන්ගේ මම දකින ප්‍රධාන වෙනස නම් කොපමණ අන්සතු ජීවිත අහිමි කළත් තමාටත් තම දරුවන්ටත් ආදරය කිරීමයි.මොවුන් බියගුළු මානසික රෝගීන්. (නි)

:       0       0

රෝහණ Thursday, 04 September 2014 09:46 AM

අපිට නම් බය වෙන්න දෙයක් නැහැ. අපේ සේනාව ඉන්නවනේ. (නදී)

:       0       0

රජිව් Thursday, 04 September 2014 05:03 PM

බණ්ඩාර, ඔයා හරි (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 04 September 2014 05:20 PM

කවදාහරි ලෝකය විනාශ වෙන්නේ මේ වැඩ නිසා තමයි (නි)

:       0       0

සදුනි Thursday, 04 September 2014 10:23 AM

සමන් අහල තියෙන්නේ වැදගත්ම ප්‍රශ්නයක්. සර්වාගමික පුට්ටු කාරයින්ට මෙන්න හොද අවස්තාවක්. ඉන්දියාවට ගිහින් අල්කයිඩාව සමග සහජීවනය පතුරන්න. (නදී)

:       0       0

රුවන්තිකා Thursday, 04 September 2014 10:25 AM

ලෝකෙම යුද පිට්ටනියක් වෙයි මෙහෙම ගියොත්.අසරණ මිනිසුන් කොච්චරනම් දවසකට මියයනවද යුද්ධය නිසා. හැම යුද්ධයකටම මුල්වෙලා ඉන්නේ මේ අන්ත්වාදින්නේ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 September 2014 10:25 AM

මෙයාල එනවා නෙමෙයි දැනටමත් ඇවිත් ඉන්නේ. කට්ටිය බෙලි කපන කොට ඔය සර්ව ආගමික ලේබලය පිටේ ගහගෙන බේරෙන්න ලැබෙන්නේ නැහැ. මෙයාල සර්ව ආගමික නැහැ. මෙයාලට තියෙන්නේ එක ආගමයි. ඒකට ගියොත් නම් යන්තම් බෙල්ල බේර ගන්න පුළුවන් වේවි. හැබැයි ඉතින් වටරැක හාමදුරුවෝ කරගත්ත එක කරගන්න නම් වෙනවා අමාරුවෙන් හරි. (නදී)

:       0       0

ජනක Thursday, 04 September 2014 10:32 AM

නිසාර්, ඔයගොල්ලෝ ඊශ්‍රායලයට විරුද්දව පාරට බැහැල මහා විප්ලවයක් වගේ එකක් කළා. (නදී)

:       0       0

චතුරංග Thursday, 04 September 2014 07:27 PM

ලෝක විනාශය අත ළඟයි වගේ. (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 04 September 2014 10:46 AM

මේ වැඩේටත් දේශපාලන බල පෙරේතයන් සිටින ලංකාවම තෝරා ගනීද දන්නේ නැහැ. එහෙම කලත් එ්කටත් ආවඩන්න කට්ටිය මෙහෙ ඉන්නවනේ. සහජීවනයේ නාමයෙන් අපිට කටවහගන ඉන්න පුළුවන්නේ. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 September 2014 07:53 PM

අහිංසක සාමකාමී මුස්ලිම් ජනතාවත් මේ සිදුවීම් නිසා කුපිතවෙනවා (නි)

:       0       0

හසන්ත Saturday, 06 September 2014 03:15 AM

දැන් මේක වසංගතයක් වගේ වෙලා (නි)

:       0       0

සත්‍යපාල Thursday, 04 September 2014 10:53 AM

මේක ඇමෙරිකාව විසින් අමෙරිකාවේ උවමනාවට හදපු සංවිධානයක්. අද ඒ අය ඇමෙරිකාවටම විරුද්ධවෙලා නිසා තමයි මේ අවුල. මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් අතර කෙරෙන කුරුස යුද්ධය අද දකුණු ආසියාවේ හින්දු , බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණ කරන බවට කරන තර්ජනයක් තමයි ඔය තියෙන්නේ. විශේෂයෙන් මැදපෙරදිග තම වාසස්ථාන අහිමිවීම නිසා හා අනාරක්ෂිත වීම නිසා වඩාත්ම ලගින් හා වඩාත්ම ආරක්‍ෂිත දකුණු ආසියාවට පසුබසින්න කල තීරණයක් හැටියට තමයි ඔය තීරණය(තර්ජනය) සලකන්න වෙන්නේ. (නදී)

:       0       0

ඉන්ද්‍රා Thursday, 04 September 2014 08:09 PM

පක්ෂ බේදයකින් තොරව ආගම් ජාති බේදයකින් තොරව ලාංකික අපි එකට එකතු වුණොත් මේ බලවේග පරදවන්න පුළුවන්. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 04 September 2014 08:15 PM

අපිත් ඉක්මනින් නිවැරදි තීරණයක් නොගත්තොත් ඉදිරියේදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් (නි)

:       0       0

බටු ගෙදර Thursday, 04 September 2014 11:23 AM

ඔක්කොටම පිස්සු වෙන්න ඕන දේ නැති කරන්න බැහැ (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 04 September 2014 08:43 PM

බන්දුල පෙරේරා කියන කතාව හරි. (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 04 September 2014 09:29 PM

රට රටවල නායකයින් තම තමන්ගේ කේන්දරය බලාගත්තොත් හොඳයි වගේ (නි)

:       0       0

ජය Thursday, 04 September 2014 11:48 AM

දැන් ෆොන්සේකා ගේ අගේ දැනෙනවා. (නදී)

:       0       0

හේවා Thursday, 04 September 2014 12:12 PM

මෙච්චර කාලයක් නොදැක්කා වගේ හිටියා නේද? (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Friday, 05 September 2014 12:01 AM

ඔය එනවා කියන්නෙ නිල වශයෙන්නෙ. මේ වෙනකොට මෙයාලා දකුණු ආසියාවෙ විතරක් නෙමෙයි, හැමතැනම වගේ ක්‍රියාත්මකයි. මුලු ලෝකයටම විනයක් වූ අන්තවාදී ත්‍රස්තවාදයටත් හොඳ පිළිතුරක් දෙමු. (නි)

:       0       0

නිහාල් Thursday, 04 September 2014 12:29 PM

මම නම් දකින්නේ මෙය සිදුවිය යුත්තක් ලෙසයි (නි)

:       0       0

නිහාල් Thursday, 04 September 2014 12:37 PM

අල්කයිඩාව බිහිකළේ කවුද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 September 2014 12:40 PM

අනේ එන්න අපිත් මේ බලන් ඉන්නේ ඔයාලව පිළිගන්න. එක්කෙනක් අවුරුදු 30 දඟලලා සෙත්තපොචිචි උනා. ඊලඟ වාරේ ඔයාලට වෙන් කරලා තියෙන්නේ. පාඩමක් ඉගෙන ගත්තොත් ඒ ඉන්දියාවෙන් සහ අපෙන් තමයි (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 04 September 2014 12:46 PM

මීට වඩා අයියා කෙනෙකුටත් අපි පාඩමක් ඉගැන්නුවා. ඔයත් එන්නකෝ (නි)

:       0       0

අරුණ Friday, 05 September 2014 03:06 AM

හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තවාදියෙක් නොවෙයි. (නදී)

:       0       0

බටුගෙදර Thursday, 04 September 2014 01:09 PM

ඔක්කොම කටින් තමා පාකිස්තානෙත් (නි)

:       0       0

බන්දුල පේරේරා Friday, 05 September 2014 03:19 AM

ජයා මහත්තය දැකපු පොන්සේකා හිටියේ ඉස්සර. දැන් ඉන්නේ වෙනම චරිතයක්. දර්ඝා ටවුන් එකේදී සාමකාමී බොදු බලේ පෙරහරට අන්තවාදීන් පහර දුන්න එක ගැන මෙයා කියපු කතාව ඇහුවනම් හතර විලි ලැජ්ජාවේ පන යනවා. ඒ එයාලගේ බල ප්‍රදේශ ලු මොකටද ඒ මැදින් පෙළපාලි ගියේ කියල අහනවා. ගියානම් ඉතින් කොහොමත් කන්න වෙනවලු. තරු පටි නෙමෙයි තියෙන අනෙක් ඒවත් ගැලවිලාද කියල හිතුන මට නම් ඒ කතාවට. (නදී)

:       0       0

මාලි Friday, 05 September 2014 03:33 AM

අල්කයිඩාවට කඩේ යන්න එපා (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 04 September 2014 08:00 AM

ආගමේ නමින් අපරාධ කරන එක අද ලෝකයේ සියලුම දෙනා එක්වී නැවැත්විය යුතු දෙයක්. (නදී)

:       0       0

රනිල් ආරියරත්න Thursday, 04 September 2014 08:08 AM

එහෙනම් අපේ ලංකාවෙත් කට්ටිය සුදානම් වෙලා ඇති. මේ එන පොට හොද නැහැ... (ස)

:       0       0

තේජාන්විත Thursday, 04 September 2014 08:16 AM

නානා ඔය දජය ඉන්දියාවේ එසව්වට කමක් නැහැ හැබැයි ලංකාවට නොපෙනෙන උසකට. එහෙම නැති උනොත් ඔයාට වෙන්නේ ප්‍රබකරන්ට උන එකේ අනිත් එක (නදී)

:       0       0

දීන් අලුත්කඩේ Thursday, 04 September 2014 01:47 PM

අල්කයිඩාව මට්ටු කරන්න තවම එකෙක් ඉපදිලා නැහැ. ඇමෙරිකාවටත් රිදෙන්න දුන්න කට්ටිය තමා ඔය (නදී)

:       0       0

ගල් බණ්ඩාර Thursday, 04 September 2014 08:22 AM

අන්තවාදය මුලු ලෝකයටම පිළිලයක් වෙන හැඩයි. (ස)

:       0       0

නිසාර් Thursday, 04 September 2014 08:21 AM

මේ මිනිසුන්ගේ එක එක වැඩ නිසා කැපෙන්නේ අපේ ආගම විතරයි. ඉස්ලාම් ආගමේ උතුම් භාවය කන පිට දාපු ගෞරවයත් මෙයාලට තමා අයිති වෙන්නේ. (ස)

:       0       0

කැළුම් Thursday, 04 September 2014 08:22 AM

අපේ බුද්ධිඅංශ අවදියෙන් සිටිය යුතුයි. බොහෝ දේවල් අප රටට එන්නේ අසල් වැසියාගෙන්. (ස)

:       0       0

නුවන් Thursday, 04 September 2014 08:27 AM

ලංකාවේ ඉන්න මේගොල්ලන්ට සහය දෙන අයත් දත් මැද මැද ඉන්නේ! (ස)

:       0       0

සමන් Thursday, 04 September 2014 08:29 AM

මේගොල්ලෝ ලංකාවට එනව,ඉන්නවා කියපු අයට අන්තවාදී ලේබලය අපේ සර්වාගමික මෝඩයෝ ගැහුවා.දැන් මේකට මොකද දන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ? (ස)

:       0       0

පිටිගල Friday, 05 September 2014 05:24 AM

බන්දුල පෙරේරා හරි. ස්තුතියි!(දිල්)

:       0       0

රාණා Thursday, 04 September 2014 08:37 AM

එන්න කියමු. දරුණු කොටින්වත් නැති කරපු අපිට ඔය අල් කයිඩා හරි පල් කයිඩා හරි එකෙක්වත් ලොකු නැහැ (නදී)

:       0       0

වාන් Thursday, 04 September 2014 08:35 AM

ලෝකයටම හිසරදයක් වූ ත්‍රස්ථවාදය අතුගා දැමිය යුතුයි. අදම එය කළයුතුයි. සියළුම රාජ්‍ය නාකයන් එකට නැගී සිටිය යුතුයි. ලොව හලාල් මාපියාව කුඩු සිගරට් හොර ක්‍රෙඩිට් කාට් සහ මොවුන්ට ආධාර දෙන රටවල්ද අවසන් කළ යුතුයි.(නදී)

:       0       0

රාසික් කටාර් Thursday, 04 September 2014 08:35 AM

ලුම්බිණි කතාව නම් මසුරන් දහසක් වටිනවා. ඔයා හරි ඕක දැන් මුලු ලෝකෙටම ඔඩු දුවල තියෙන්නේ. අන්තවාදී කොටස් හැම ජාතියකම ඉන්නවා. අපිත් අනුමත කරන්නැහැ. නිස්කාරනේ මිනිස්සු මරන්ඩ හෝ වධ දීම හෝ මනුස්සයෝ වශයෙන් කොහොමද එ්කට සහයෝගය දෙන්නේ (නදී)

:       0       0

රොෂාන් Thursday, 04 September 2014 02:08 PM

ගස මුල් අද්දිනට පෙර උදුරලා දැම්මොත් අපි දිනුම්. බොහෝ දුරට දැනටමත් ලංකාවෙ මොවුන් සිටීමට පුළුවන. ඕනෑම කෙනෙකුට කිසිම කරදරයකින් තොරව ලංකාවට පැමිණිය හැකිය. හමුදාවේ දක්ෂ නිලදාරීන් එකතු කර බුද්දි අංශයක් රටපුරා ව්‍යාප්ත කිරීමට කාලය එලඹ ඇත. (නදී)

:       0       0

ඉන්දික Thursday, 04 September 2014 08:41 AM

එන පොට හොඳ නැහැ, අපි සුදානම් වෙලා ඉමු අපේ පුංචි ලංකාව රැක ගන්න. (නදී)

:       0       0

තරංග Thursday, 04 September 2014 08:41 AM

මේ ලොක්ක අන්තිම කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව මොනවා කරන්න හදනවද මන්දා. අපේ සීයටත් වඩා නාකි පොරක්නේ (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 04 September 2014 08:45 AM

අන්තවාදීන්ට (ත්‍රස්තවාදයට) පිළිතුරු දිය යුත්තේ අවියෙන් මිස සාමයෙන් නොවෙයි. මේ මගේ මතයයි. (නදී)

:       0       0

කුමාරණ Thursday, 04 September 2014 08:46 AM

බංකොලොත් වෙන රට වල උපක්‍රමයක් වෙන්න බැරිද? (නදී)

:       0       0

ගයාන් Thursday, 04 September 2014 08:48 AM

පකිස්ථානයේ අස්ථාවරත්වය නිසා උතුරු ඉන්දියාවට ප්‍රහාර එල්ල වෙන්න ඉඩකඩ වැඩ්යි. බටහිර පැත්තේ අරාබි මුහුද. මේ නිසා ඉන්දියාවටත් තියෙන්නේ පරණ දේවල් අමතක කරලා ලංකාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. අඩුම තරමින් දකුණු පැත්තෙන් හරි යම් අස්වැසිල්ලක් තියෙනවනේ. (නදී)

:       0       0

නිමේෂ් Thursday, 04 September 2014 08:48 AM

මම නම් කියන්නේ අපේ නැගෙනහිර පළාතෙත් ආරක්ෂක හමුදාව වැඩියෙන් යොදවන්න කියලා. දෙයක් උනාට පස්සේ කියවලා වැඩක් නැහැ වෙන්න ඉස්සෙල්ලා වල්ක්වා ගන්නවා මිසක්.(නදී)

:       0       0

සෞදි නුවන් Friday, 05 September 2014 06:43 AM

මෙයාලා ලංකාවේ නම් කොඩි ගහන්න එන්න හිතන්නෙ නැහැ අපේ කොල්ලන් ප්‍රභාකරන් ගෙනා හැටි මතක තිබේ නම්.අපේ කොල්ලන්ගෙන් තමයි මේ අය මට්ටු වෙන්නේ (නි)

:       0       0

හර්ෂ Thursday, 04 September 2014 08:51 AM

අපේ රටත් සීරුවෙන් තැබිය යුතුයි. අරාබිකරයෙන්, පකිස්ථානයෙන් එන අයව විශේෂයෙන් සෝදිසි කරන්න ඕනේ. (නදී)

:       0       0

භානු Thursday, 04 September 2014 08:51 AM

මට නම් අර ජයලලිතා නෝනව සත පහකට විස්වාස නැහැ. (නදී)

:       0       0

සේන Thursday, 04 September 2014 08:58 AM

කොහේ හිටියත් කමක් නැහැ ලංකාවට නම් එන්න එපා අපිට තියෙන ප්‍රස්න හොදටම ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 86 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 130 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 690 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 475 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3146 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1736 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site