IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලුත්කඩේට කැරලි මර්දනෙත් එයි

කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වටා පොලීසිය, කැරලි මර්දන බළඇණි, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුද හමුදාව දැඩි ආරක්ෂක මුර යොදා තිබේ. නව අගවිනිසුරු මොහාන් පීරිස් දිවුරුම් දී වැඩ බාර ගැනීම හා ජනපති විසින් පහකැරුණු ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය උසාවි එතියි රාවයක් ඇති බව ද ආරක්ෂක අංශ කියයි.

නම හෙළි නොකළ ආරක්ෂක නිලධරයකු කීවේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය උසාවියට එනවාදැයි සෝදිසියෙන් සිටින බවයි. ඇය පැමිණියහොත් ඇතුළුවීමට ඉඩ නොදෙන තත්ත්වයක් පවතින බව ඔහු නොකියා කීවේය.

උපාරිමාධිකරණයේ ප්‍රධාන ගේට්ටු දෙකම වසා ඇත.

හඳුනාගත් වාහනවල  විනිසුරු දොරටුවෙන් ඇතුළුකරන බවත්, ඒවායේ සිටින විනිසුරුවරුන්ට පොලීසිය ආචාර කරන බවත් දැකගත හැකි විය. නීතීඥවරුනගේ වාහන සෝදිසි නොකරන නමුත් එහි යන එන්නන් ගැන දැඩි විමසීමක් කැරෙන බව දැකගන්නට ඇත.

ඡායාරූප මාධ්‍යවේදීනට හා වීඩියෝ ශිල්පීනට අධිකරණයට ඇතුළු වීම පොලීසියෙන් තහනම් කැර ඇත. දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් උසාවියෙන් එළියේ රැස්ව සිටිති.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුසමයේ දෝෂාභියෝගයට විරුද්ධව ගොනු කළ පෙත්සමක්  අද විභාගයට ගැනීමට නියමිතය.

 



අදහස් (0)

අලුත්කඩේට කැරලි මර්දනෙත් එයි

සමන් Tuesday, 15 January 2013 10:37 AM

මොහාන් පීරිස් මහතාට ජය වේවා‍ . එතුමා රටට ආඩම්බරයක්. කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි (ස)

:       0       0

ඩිලාන් Tuesday, 15 January 2013 10:36 AM

ජනාධිපතිවරයා පත්කළ නිලයකින් ජනාධිපතිවරයාම ඉවත් කළ පසු, සටන් කරන්නේ ඇයි . මෙය ජේෂ්ඨත්වය මත හෝ විභාගයක් සමත්වීම මත ලැබෙන නිලයක් නෙමයි. (ස)

:       0       0

දෝහා Tuesday, 15 January 2013 03:09 PM

අනේ මැඩම්, ඔබතුමිය මෙතැනින් ඉවත් වෙන්න. (නි)

:       0       0

රත්නායක Tuesday, 15 January 2013 10:41 AM

සාමෙට කැමති නැහැ වගේ (දී)

:       0       0

දුලාන් Tuesday, 15 January 2013 10:44 AM

බය හිතෙනවා නේද (දී)

:       0       0

නයෝමි Tuesday, 15 January 2013 10:42 AM

වැඩේ සාම කාමිව විසදා ගනිමු (දී)

:       0       0

ආශාමා Tuesday, 15 January 2013 10:47 AM

මොකද්ද ඔය තරම් බය (දී)

:       0       0

කෝකිල Tuesday, 15 January 2013 10:54 AM

කවදා වෙච්ච දේවල්ද (දී)

:       0       0

අජිත් Tuesday, 15 January 2013 10:54 AM

වීරෝධාර කාන්තාවක් නවත්වන්න හමුදාවක් නැතුව බෑ (ස)

:       0       0

චමල් Tuesday, 15 January 2013 10:59 AM

කැරලි මර්දනය උසාවියට අනවශ්‍යයි. (දී)

:       0       0

අනු Wednesday, 16 January 2013 06:00 AM

අනේ දෙවියනේ මේ කරදර කවදාද ඉවර වෙන්නේ (දී)

:       0       0

නිරෝෂන් Tuesday, 15 January 2013 11:01 AM

කොයි දේටත් කල් ඇතිව ලෑස්ති වෙන එක හොදයි නේද? (දී)

:       0       0

පැතුම් Tuesday, 15 January 2013 11:05 AM

කැරලි මර්දනය මේ ස්ථානයට අවශ්‍ය නොවේවා .......... (දී)

:       0       0

අනුර Tuesday, 15 January 2013 03:32 PM

අපි දන්නා විදියට නම් ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි තීරණ වෙනස් වෙන්නේ ජීව විද්‍යාත්මක ලැදිකම් වලදී තමා. ඒවා කවුද උසාවියට දාලා තීරණය කරන්නේ? (නි)

:       0       0

නාලක Tuesday, 15 January 2013 03:34 PM

ඔබට නිදහසේ කතා කරන්න පුළුවංද? නිදහසේ ලියන්න උද්ඝෝෂණය කරන්න දැං පුළුවංද?(නු)

:       0       0

දසුන් Tuesday, 15 January 2013 11:14 AM

ඇයි කාන්තාවකට මේ තරම් බය (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 15 January 2013 11:24 AM

"අත්දැකීම් ඇති පිරිමි කෙනෙක් තමයි අගවිනිසුරු කම වගේ වගකිවයුතු නිලයකට ගැලෙපන්නේ" ලංකාවේ අපරාධකරුවන් ගත්තම සීයට අනූනවයක්ම පිරිමිනේ... ඒ වගේ අපරාධමය හා වංචනික අත්දැකීම් ගැන වෙන්නැති ඔබතුමා කියන්නේ. වෙන නම් අපි දන්නා විදියට ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි තීරණ වෙනස් වෙන්නේ ජීව විද්‍යාත්මක ලැදිකම් වලදී තමා. ඒවා කවුද උසාවියට දාලා තීරණය කරන්නේ?(ස)

:       0       0

කමල් Tuesday, 15 January 2013 11:30 AM

අනේ මේ කේතුමතී නුවරට මොකටද මේතරම් ආරක්ෂාවක්..!(නු)

:       0       0

සිරිසුමන Tuesday, 15 January 2013 11:33 AM

කෝකටත් පෙර සුදානම හොදයි නේ ........ (දී)

:       0       0

කමල් Tuesday, 15 January 2013 11:31 AM

මේ ප්‍රශ්නය සාමදානයෙන් බේරගන්න ඕනේ (දී)

:       0       0

රංග Tuesday, 15 January 2013 11:51 AM

තව ටික දවසක් යනකල් තියල තියන්න කට්ටිය (දී)

:       0       0

කෙවින් Tuesday, 15 January 2013 11:54 AM

මේ රටට යමක් ක‍රේ යටත් විජිත සමයෙදි සුද්දා විතරයි (ස)

:       0       0

ජයා Tuesday, 15 January 2013 12:11 PM

ඒ ගහන වතුර කොහෙන්න්ද ගන්නේ (දී)

:       0       0

ලාල් Tuesday, 15 January 2013 09:06 PM

අනේ මගේ රට (දී)

:       0       0

රංගන Tuesday, 15 January 2013 12:26 PM

කැරලි මර්දන හමුදාව ගෙන්වන්න තරම් වැඩේ දරුණුද? (දී)

:       0       0

තිලක් සෙනෙවිරත්න Tuesday, 15 January 2013 09:29 PM

වීරෝධාර කාන්තාවක්ට මෙතරම් බය ඇයි? මැතිනිය ඔබට වඩා ඔබ අපිට වටිනවා... (නි)

:       0       0

රාජු Tuesday, 15 January 2013 12:41 PM

තොටිල්ල පදවන අත ලොව පාළනය කරයි කියන්නෙ ඔන්න ඕකට තමා. එක් ගැහැණියකට බයෙන් ත්‍රිවිධ හමුදාවම ගෙනල්ලා. (ස)

:       0       0

සමන් Tuesday, 15 January 2013 12:51 PM

දැන් නීතිය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ (ස)

:       0       0

කුමාර් Tuesday, 15 January 2013 12:58 PM

ඩිලාන්, නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 15 January 2013 12:59 PM

ලංකාවේ යකඩ ගැහැණිය කියලා කියන්නේ නිකන්ද? (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 15 January 2013 01:02 PM

හොදටම තේරෙනවනේ වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

ජනක Tuesday, 15 January 2013 01:05 PM

සමන් ලංකාවේද හිටියේ (දී)

:       0       0

බබා Tuesday, 15 January 2013 01:05 PM

ඒ මාමාලා මොකටද එන්නේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 15 January 2013 01:11 PM

ඔය ප්‍රශ්නේ ඔහොම්මම විසදා ගනිමු. කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

තිලක් Tuesday, 15 January 2013 01:11 PM

අපේ රට අපි රක ගන්න ඕනේ (දී)

:       0       0

අරුණි Tuesday, 15 January 2013 01:16 PM

නැති ප්‍රශ්න දාගන්න එපා (දී)

:       0       0

කිර්ති Tuesday, 15 January 2013 01:18 PM

කොහෙන් නතර වෙයිද (දී)

:       0       0

විමුක්ති Tuesday, 15 January 2013 01:19 PM

මේ එන කට්ටිය නවත්වන්න හමුදාවක් නැතුව බෑ.(දී )

:       0       0

චමින්ද Tuesday, 15 January 2013 01:17 PM

ඉතින් ආපුදෙන් අපිට මොකෝ (දී)

:       0       0

උපුල් Tuesday, 15 January 2013 01:20 PM

මමනම් ගෙදරින් හෙල්ලෙන්නේ නැහැ මේ වගේ දවස් වලට (දී)

:       0       0

අප්පු Tuesday, 15 January 2013 01:23 PM

මොකටද දන්නේ නැහැ ඒ එන්නේ නේද (දී)

:       0       0

සංක Tuesday, 15 January 2013 01:28 PM

රටට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

සංජිව Tuesday, 15 January 2013 01:30 PM

ගහයි ඔන්න අපි දන්නේ නැහැ (දී)

:       0       0

සුමිත් Tuesday, 15 January 2013 01:30 PM

රට ගිනිගන්නවෝ (දී)

:       0       0

රිසාක් Tuesday, 15 January 2013 11:41 PM

ජනතාවට සැම දෙයකම ඉවසිල්ලෙ සීමාවක් තියෙනවා (දී)

:       0       0

නාමල් Tuesday, 15 January 2013 01:58 PM

මොකද්ද මේ වෙන්න යන්නේ (දී)

:       0       0

සම්පත් Tuesday, 15 January 2013 02:13 PM

මගෙත් නඩුවක් තියෙනවා පාර්ලිමේන්තුවෙ අහන්න බැරිද?(නු)

:       0       0

ගයාන් Wednesday, 16 January 2013 10:13 AM

අපේ රටේ මේ ප්‍රශ්න ඉවර වෙන්නේ කවදා ද (දී)

:       0       0

පෙරේරා Wednesday, 16 January 2013 02:12 AM

පීරිස් මහතාට ජය වේවා‍! එතුමා රටට ආඩම්බරයක්. කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

නිශ්ෂන්ක Tuesday, 15 January 2013 10:20 AM

අත්දැකීම් ඇති පිරිමි කෙනෙක් තමයි අගවිනිසුරු කම වගේ වගකිවයුතු නිලයකට ගැලෙපන්නේ . ජෛව විද්‍යත්මකවත් තීරණ ගැනීමේදී ගැහැණු, පිරිමි බ‍වේ වෙනස්කම් තියනවා.(ස)

:       0       0

ජනක Tuesday, 15 January 2013 10:25 AM

මොනවද මේ විකාර වැඩ (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 15 January 2013 10:34 AM

ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුනු නිදහස කියන්නේ හරියටම දැලිපිහියක් වගේ දෙයක්. මේ දැලිපිහිය හරියට පාවිච්චි නොකරන අයට අහු උනෝතින් වෙන විනාශය අනන්තයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 429 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site