IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අලුත්ගමත් දුම්රිය දෙකක් හැපෙයි

අද අලුයම 12.38ට අලුත්ගම දී දුම්රිය දෙකක් ගැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

අලුයම 3.50ට පමණ හලාවත බලා පිටත් වීමට නියමිත දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ දෙවැනි වේදිකාවේ නවතා තිබිය දී මුහුදු බඩ මාර්ගයේ පැමිණි තෙල් දුම්රියක් නවතා තිබූ දුම්රියේ පිටුපස ඇන්ජිමේ ගැටී ඇත.

අනතුරෙන් රියදුරකු පමණක් සුළු තුවාල ලබා ඇතැයි ද, දුම්රිය මැදිරි කිහිපක් පීලි පැන ඇතැයි ද කියති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එවැනි සිද්ධියක් වාර්තා වූ බවයි. ඒ ගැන සොයා බැලීමට පොලිසිය එම ස්ථානයට ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෑතක දී දුම්රිය අනතුරු කිහිපයක් වාර්තා විය.

පසුගිය ඉරිදා රාත්‍රී 11ට පමණ උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී  පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකින් මැදරි ආපස්සට ඇද පීලි ගත කළ අතර එම දුම්රිය කොළඹ බලා පිටත් වුයේ  අලුයම 1.30 ට පමණය.

කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ  මැදිරි දෙකක්  ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී  මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගියේ පසුගිය හතර වැනි දා ය.

අප්‍රේල් 30 වැනි දා පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දැයටකිරුළ දුම්රියේ රජරට රැජන දුම්රිය ගැටී මගීහු විශාල පිරිසක් තුවාල ලැබූහ. අනතුරින් පසු පස් දෙනකුගේ වැඩ තහනම් කැරිණි.

රියදුරකු නොමැතිව දුම්රිය ඇන්ජිමක් ධාවනය වූ සිද්ධියක් මීට මාස කිහිපයකට පෙර වාර්තා විය.



අදහස් (0)

අලුත්ගමත් දුම්රිය දෙකක් හැපෙයි

ද සිල්වා බර්ලින් Wednesday, 07 May 2014 04:17 AM

ආශ්චර්යය කරා යනකොට මෙවැනි දේවල් වෙනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා.සමහර දියුණු රටවල තවම රියදුරන් නැති දුම්රිය ගැන පරීක්ෂණ කරනවා. අපේ රටේ නම් දැනටම රියදුරන් නැති දුම්රිය ධාවනය වෙනවා. සතියකට වතාවක් දෙකක් මේවා පීලි පනිනවා හැපෙනවා. ගණන් ගන්න එපා. කමිටුවක් පත් කරලා ප්‍රශ්නය යට ගහමු (නි)

:       0       0

කමල් Wednesday, 07 May 2014 02:39 PM

දැන් ඉතින් කවුද මේ ප්‍රවාහන ප්‍රශ්න වලට වග කියන්න ඕන ? ලුම්බිණි කියන්නකෝ බලන්න. (දී)

:       0       0

දයා Wednesday, 07 May 2014 02:42 PM

වැඩ කරන සියලුම දෙනා රට ගැනත් ජනතාව ගැනත් සිතා වැඩ කරොත් තමා රටක් දියුණු වෙන්නේ. තමන්ගේම වාසිය ගැන සිතීමෙන් රටත් ජනතාවත් විනාශ වෙනවා. මේවා වල පාඩුව පියවන්නේ කාගෙන්ද ජනතාවගෙන්. තව තවත් බදු මුදල් වැඩිවෙන කොට ජනතාව තමා දුක් විදින්නේ. (ස)

:       0       0

නවින් Wednesday, 07 May 2014 02:45 PM

පලවෙනි පරාක්‍රම බාහු ගේ කාලයේ ඉඳන් පැවතගෙන එන දුම්රිය පද්ධතියක් තියාගෙන තව කොතරම් කල් මේ අනතුරු දැක දැක ඉන්නද ? අධිවේගී මාර්ග හදන අතරේ නිතර දෙවේලේ මිනිස්සු යන එන දුම්රිය සේවය පිළිවෙලක් වෙනවා නම්. (නදී)

:       0       0

සමන්ති Wednesday, 07 May 2014 05:54 AM

දුම්රිය "ටැබ්ලට්" සංඥා මගින් ධාවනය වීමේදී දුම්රියක් නවතා තිබියදී එම මාර්ගයේම දුම්රියක් ධාවනය කළ නොහැක. මන්දයත් සංඥා ක්‍රියාත්මක නොවේ(නි)

:       0       0

පුබුදු Wednesday, 07 May 2014 06:26 AM

බොහෝ විට දුම්රිය අනතුරු වන්නේ නවතා ඇති දුම්රිය සම්බන්ධයෙනි. මෙය නවතා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි නම් දුම්රිය පැදවීමේ වේග සීමාව පැයට කි.මී.10 තෙක් අඩු කරන්න (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 07 May 2014 02:55 PM

ලංකා දුම්රිය සේවය පසුකරමින් සිටින්නේ වාර්තා ගත වන කාලයක්. (ස)

:       0       0

නිහාරා Wednesday, 07 May 2014 06:31 AM

මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගෙම වැඩක් වෙන්න පුලුවන්. පහුගිය මාසයේ වැඩ වර්ජනයේ ප්‍රතිඵල තමා! (නි)

:       0       0

කවිඳු Wednesday, 07 May 2014 03:09 PM

මට පේන්නේ මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මේ දුම්රිය වලට බවලතුන්ගේ නම් දමා තිබීම. ප්‍රශ්නයක්, ගැටුමක් තියෙන්නේ කොතනද එතන මුලට කුමාරි කෙනෙක් මැණිකේ කෙනෙක් දේවී කෙනෙක්. නැද්ද මම අහන්නේ ? (ස)

:       0       0

පිටිගල Wednesday, 07 May 2014 07:14 AM

ඒ පාර මොකද දුම්රියට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

චම්පි Wednesday, 07 May 2014 07:32 AM

මෙවැනි දේ සිදුවන්නේ සේවකයින්ගේ වැරදි නිසයි (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 07 May 2014 07:32 AM

ප්‍රවාහන ඇමතිතුමත් කළුතර දිස්ත්‍රික්කයේනේ. දැන් බලමු කව්ද මේකට ඉල්ලා අස්වෙන්නේ කියලා (නි)

:       0       0

ගැමී Wednesday, 07 May 2014 07:36 AM

තාක්ෂණය දියුණු මෙවන් යුගයක මේ සිදුවන දේ අරුමයක් නොව කරුමයකි. දුම්රිය දුවන්නේ පරණ සංඥා ක්‍රමයක් පදනම් කරගෙන නේද? සිග්නල් නැත්නම් දුම්රිය රියදුරොත් හොල්මන් නේද? ඇයි එයාලට අඩුම තරමේ තමන් ඉදිරියේ තිබෙන බාධකයකට ළං වෙන වේගය වැඩියි කියලවත් හිතන්න ඕනෑ "දුර පෙනෙන ඇස් දෙකක් නැද්ද?" අද පවතින අඩුම වියදම් සහිත ජංගම දුරකතනයක්වත් ළඟ පිහිටි දුම්රිය නැවතුම් දෙකක් අතර භාවිතා වෙනවා නම් මේ අනතුරු අඩුකර ගන්න පුළුවන් නොවේද? ඔය නියම ආකාරයට පුද්ගලික බස් රියදුරෝ බස් එළවන්නේ. "මචන් උඹ කොහෙද මම අහවල් කිලෝ මීටරේ පහුකළේ, උඹ ගානට වරෙන්, අරූ නම් කපාගෙන යයි වගේ....." කියලා. එහෙම පොඩි දෙයක් ගැනවත් හිතන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට මොළයක් නැද්ද? මේවා දැකලා කෝටි ගානක් වියදම් කරලා කොහේ හරි රටක විසි කරන තාක්ෂණයක් ළඟදීම ගෙනේවි. පුරාජේරු ගහන්න පුළුවන්නේ. (නි)

:       0       0

ආර්.ජී. සමන්ත කොත්මලේ Monday, 12 May 2014 09:09 PM

රටේ සල්ලි කනවා (නි)

:       0       0

කෝසල Wednesday, 07 May 2014 07:36 AM

සමන්ති, ටැබ්ලට් නැහැ' දැන් මේවට තියෙන්නේ සිග්නල් (නි)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 07 May 2014 11:29 PM

රජයෙ දේපල යනු මුලු මහත් මහජනයාගෙ දේපලයි. එනිසා එය රෑකගන්න ,කඩාකප්පල්කාරීන් හදුනා ගන්න බුද්ධි අංශ අනුයුක්ත කරන්න. නෑතිනම් අනාගතයේදී විශාල ප්‍රස්ණ රෑසකට ජනතාවට මූණදෙන්න සිදුවේවි. ගරු ප්‍රවාහන ඈමති තුමනි, කටින් කියන තරම් ක්‍රියාව ලේසි නොවේ. කාගේත් සුබසිද්ධිය සදහා ගන්නා තීරණ ඉතාමත් කාලෝචිත වනු ඈත. (දී)

:       0       0

රංජිත් Wednesday, 07 May 2014 08:24 AM

ජී.පී.එස් වගේ අලුත් දේවල් පාවිච්චි කරන්නේ නැත්තේ මොකද ? ටෙස්ට් කලා ට කොමිස් නොලැබෙන නිසා කල් ගියාද ? (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 07 May 2014 08:24 AM

අපි යන්නේ අස්චර්යයට නේ නැතිව තාක්ෂණයට හෝ දියුණුවෙන්න නෙවෙයිනේ ගණන් ගන්න එපා. අනික ඇමැතිතුමාත් ටී.වී එකේ කීවනේ ප්‍රස්න තියනවා කියලා. දැන් බලමු අනිත් එක වෙන්නේ කොහෙද කියලා.(නදී)

:       0       0

ලෙස්ලි Wednesday, 07 May 2014 08:28 AM

නියමයි. ඔහොම යමු! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රී Wednesday, 07 May 2014 08:49 AM

ආශ්චර්යමත් දුම්රිය සේවය ! (නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 07 May 2014 08:49 AM

ශ්‍රී ලංකා දුම්රිය සේවයට වැදුනේ කාගේ සාපයද. වහා සොයා බැලිය යුතුය. නැතිනම් සාමාන්‍ය ජනතාවගේ ජිවිත අනතුරේ ,වෙනත් රටවල මෙවැනි දේ සිදුවුවිට ඉල්ලා අස්වන ලොකු ලොක්කන් සිටියාට මේ රටේ එහෙම අය නැහැනේ.(නදී)

:       0       0

දොන් රොෂාන් දී සොයිසා Thursday, 08 May 2014 12:45 AM

මෙය අලුත් දෙයක් කරගෙන දැන් කී වතාවක් හැපුනද නීතියෙන් දඩුවම් දෙන්න මේ මහාජන මුදල් (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 May 2014 09:02 AM

මේ ගැන සොයා බලන්න මහ දැන මුත්තට එන්න කියමු.(නදී)

:       0       0

ලක්ෂිත - දඹුල්ල Wednesday, 07 May 2014 09:09 AM

බලධාරීන් නිදිද?? සොයා බලන්න තවත් කමිටුවක් පත් කරයිද?? (ස)

:       0       0

නිශාන්ත Wednesday, 07 May 2014 09:14 AM

රියදුරු මහත්වරු කාලයක් "පයිලට්" කියලා තනතුරු නාමය වෙනස් කරගන්න සටන් කරා. හරි ගියේ නැහැ. සමහරවිට දුම්රියක් තව දුම්රියකට උඩින් ගුවන් ගත කරලා පෙන්නලාම ඒක ගන්න හදනවද දන්නෙ නැහැ? කොහොම වුණත් සියලුම වෘත්තිකයන් තමන් කරන රාජකාරිය වග කීමෙන් නොකිරීම නිසා තමයි මේවා වෙන්නෙ.අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා විතරක් මදි. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 07 May 2014 09:25 AM

දුම්රිය පෞද්ගලිකකරණය කරන්න ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කරන්න නම් රටේ ජනතාවගේ දුම්රිය දෙපාර්තුමේන්තුව ගැන තියෙන විස්වාසය නැතිවෙන්න ඕනා. මේ වෙන්නේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමක්ද කියල හිතල බලනෙක බුද්දිමත් ජනතාවගේ වගකීම.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 07 May 2014 09:30 AM

කවුද කියන්නේ මේවට ඇමතිතුමා වග කියන්න ඕනා කියලා. වෙන වැඩ නැද්ද බස් කේච්චි ගැන හොයල බලනවට වඩා.(නදී)

:       0       0

කුමාරි Wednesday, 07 May 2014 09:31 AM

අනේ මන්ද දැන් දැන් අහන්න ලැබෙන්නෙම දුම්රිය බස්රිය තියන ඔක්කොම රියවල් වල අනතුරු,වර්ජන,උත්ගෝසන, මිනිස්සුන්ගේ ඔලුවල් කොලොප්පන් වෙලාද මන්දා. (නදී)

:       0       0

නන්ද Wednesday, 07 May 2014 09:45 AM

අපේ පරණ ගම....අලුත්ගම ......යන්නත් ඇසි....(නදී)

:       0       0

විජේ Wednesday, 07 May 2014 09:51 AM

මේක කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

නිමාලි Wednesday, 07 May 2014 09:53 AM

බබා පාට් දාන පාලක මැදිරිය හා බලධාරීන් මීට වග කිව යුතුයි.(නදී)

:       0       0

මහී Wednesday, 07 May 2014 10:04 AM

අර නිළි නෝනා කෙනෙක්ට දුම්රිය ඇමති කම දුන්න නම් ඕව ඔක්කොම එයාගේ මොලේ පාවිච්චි කරලා විසදනවනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 07 May 2014 10:08 AM

මොකද අපේ දුම්රිය සේවයට වෙලා තියෙන්නේ. දවස ගානේ අනතුරු. ගැමි, කියනව වගේ පහසු දුරකතන සේවයක්වත් පාවිච්චි කරන්න බැරිද. යන්නන් වාලේ ගිහින් අනතුරු ඇති කර ගන්නේ නැතිව. ගමන් කරන ජනතාවගේ ජීවිත වගේම මෙයින් සිදුවන අලාභය. ඒ හැමදෙයකටම අන්තිමේට වග කියන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවට.බලධාරින් මේවා බලන්නේ දකින්නේ නැද්ද.? (ස)

:       0       0

ගුණරත්න- ඩුබායි Wednesday, 07 May 2014 10:43 AM

කෝසල, සමන්ති කියල තියෙන එක හරි.ඔයා නොදන්නාකම ඒක. ටැබ්ලට් තාම පාවිච්චි කරනවා.සිග්නල් කියන්නේ වෙනම දෙයක්. ටැබ්ලට් එකයි සිග්නල් එකයි කියන්නේ දෙකක්. මේ අනතුරු වලට මුලික වැරදිකරුවා එන්ජිමේ රියදුරු. මෙයාට පුළුවන් මොන සිග්නල් වැරදී වුණත් අනතුරකින් දුම්රිය බේරාගන්ට. (ස) .

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 07 May 2014 10:57 AM

අදක්ෂ පරිපාලනයේ ප්‍රතිපල. (ස)

:       0       0

මාලි Wednesday, 07 May 2014 11:08 AM

සිදුවෙන දුම්රිය අනතුරු අනුව , 17,000 පමණ වන දුම්රිය සේවකයෝ සියල්ලගේම වැඩ තහනමට ලක්වේවි. (නි)

:       0       0

සමන්ත Wednesday, 07 May 2014 11:29 AM

දැන්නම් වගකිව යුත්තන් ඉල්ලා අස්වේවි ද? (ස)

:       0       0

රත්නසිරි Wednesday, 07 May 2014 11:32 AM

යුධ සමයේදිත් දිනපතාම අපේ හෙලිකොප්‍ටර් කාර්මික දෝෂ වෙලා යුධ පිටිවලත් බාන්න සිදු වුනා. අද දුම්‍ රිකින් ගමනක් අවසානය දක්වා යන එකත් ජීවිතයේ එක් ජයග්‍රහනයක්. වැරදි නිවරදි කර ගන්නවා නම් හොදටම ඇති. ප්‍රවාහන ඇමති තුමා ඇතුලු මේවට වැරදි කරුවන් වහාම ජාතියෙන් සමාවගෙන ඉල්ලා අස්විය යුතුයි. කරන්න පුලුවන් සුදුස්සන්ට බාර දිය යුතුයි. අවශ්‍ය සංඥා පද්දති නැති නම්, කෝච්චි ටික විනාශ කිරීම ජාතික අපරාධයක්. ඇමැති ගානටම අමාත්‍යාංශ මේවා නඩත්තුවට කරන්න වියදම් පමණි. හරියට වැඩක් නැත.(නදී)

:       0       0

අසිත Wednesday, 07 May 2014 11:43 AM

වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි වගෙයි දැන්නම් (නි)

:       0       0

කුසුම් Wednesday, 07 May 2014 07:28 PM

අනේ! කවුරුත් කලබල වෙන්න කාරී නැහැ, මේ දුම්රිය අනතුරු ගැන. සම්පුර්ණයෙන් වගකිවයුත්තේ ලංකාවට දුම්රිය සේවය හඳුන්වා දුන් සුද්දෝමයි. පසු කාලයේ මෙවැනි අනතුරු සිදුවීමට එදා ඔවුන් විසින් සැලසුම් කළ දරුණු කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් තමයි මේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 07 May 2014 12:16 PM

කෝච්චි පාරේ පීලි ගලවල තියෙන ගල් උඩ තාර දාලා මහා මාර්ග කරමු. දුම්රිය පොළවල් බලාගන්න ඕනේ නැහැ. බයිසිකල් වලිනුත් අපට පරෙස්සමෙන් යන්න පුළුවන්නේ. එතකොට ඔය සිග්නල් කණු ටෙලිපෝන් නඩත්තු වැඩ අඩු වෙනවනේ. ලංකාවට සුද්දෝ දුම්රිය ගෙනාවේ උන්ගේ තේ කෝපි නිෂ්පාදන කොළඹට අදින්න මිසක් මගී ප්‍රවාහනයට නෙමේ..(ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 May 2014 12:18 PM

අන්දරේ, මහාදැනමුත්තා, කැකිල්ලේ රජු ගෙන් සැදුම්ලත් තුන් පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කරන ලදී. (ස)

:       0       0

දම් Wednesday, 07 May 2014 12:37 PM

"ද සිල්වා බර්ලින්" ඔයා ඉන්න රටේ මේ වගේ අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? නිකන් මෝඩ අදහස් දාන්න එපා. පිට රටකට ගියාම ඒ රටවල් ලොකු කරගෙන තමුන්ගේ රටට ගරහනවා. (ස)

:       0       0

විමල් Wednesday, 07 May 2014 12:44 PM

මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. අපි සටන් කරමු,එකමුතුවෙමු,අධිරාජ්‍යවාදීන්, ඇමරිකන් රුකඩ එලවමු. . (දී)

:       0       0

සරත් ගමගේ Wednesday, 07 May 2014 01:22 PM

මේවා නම් අනිවාර්යෙන්ම කඩාකප්පල් කාරී දේවල්. අපි නම් රටට බරක් නැතිව කාන්තාරේ අනෙක දුක් කරදර විදගෙන ධනය සොයා දෙන්න උත්සහයක් ගන්නවා. මේ මිනිසුන් වර්ජනය කර කර ධනය නැති කර කර රටත් ජාතියත් ධනයත් විනාශ කර දානවා. (ස)

:       0       0

නිහාල් Wednesday, 07 May 2014 02:19 PM

මම ඉන්නෙත් මේ ද සිල්වා ඉන්න රටේ. මේ රටේ ඔයවගේ අනතුරු මහ මග අදිවේගී මාර්ගවල හා දුම්රිය මාර්ගවල වෙන්නේ නැහැ. ලංකාවේ වගේ දිනපතා අනතුරුවලින් මිනිස්සු මැරෙන්නෙත් නැහැ. මාර්ග වල වාහන පදවන අය නීතිය ගරුකරන අය වගේම වරදක් කලාම දඩුවම් පිළිගන්න අතර සැම කෙනෙකුටම නීතිය එකවගේ. මෙහෙ දුම්රිය. පැයට කිලෝමිටෙර් 300 වේගයෙන් යනවා අදිවේගයේ තමන්ට හැකි වේගයකින් වාහන පදවන්න පුළුවන්. ඉතින් මේ වගේ රටක තත්වයට අපිට කිසිම දිනක එන්න ලැබෙන්නේ නැහැ කණගාටුවෙන් හරි කියන්න වෙනවා.(නදී)

:       0       0

ධම්මික Wednesday, 07 May 2014 02:31 PM

කෝසල, ඔබ රඹුක්කනින් එහාට දුම්රියෙන් ගිහින්ම නැද්ද? ගියානම් ඔය ටබ්ලේට් ක්‍රමය ගැන දැනගන්න පුළුවන්.(නදී)

:       0       0

දිනා Wednesday, 07 May 2014 09:56 PM

අම්මෝ දැන් කෝච්චිවල යනවාට වඩා හොදයි පයින් යන එක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 157 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 114 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 63 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site