IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘අලුත්ගමදි ජාතිවාදය ඇවිස්සුවා‘

බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.

‘ අලුත්ගම වෙළෙඳසලකට පහර දීමේ සිද්ධියක් හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අලුත්ගම රැස්වීමට කළින් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වන සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානි ද සිදුවී ඇති බවයි අපට දැනගන්නට තිබෙන්නේ.‘

ජුනි 15 වැනි දා අලුත්ගම දී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ බවත්, එම රැස්වීමට පිට ප්‍රදේශවල සිට බස්වලින් සෙනඟ රැගෙන ගොස් ඇති බවත්, රැස්වීමේ කතා මගින් ජාතිවාදය අවුලුවා අනතුරුව පෙළපාළියක් ලෙස   මුස්ලිම් ජනතාව ජීවත් වන ධර්ගා නගරය ඔස්සේ ගමන් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

 ‘ප්‍රදේශයේ සංඝරත්නය රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය පළාතේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.‘

‘එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජන පීඩා වන්නේයැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.‘

‘ගැටුම් පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ කවර හේතු නිසා දැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් දැන ගැනීමට කැමතියි.‘



අදහස් (0)

‘අලුත්ගමදි ජාතිවාදය ඇවිස්සුවා‘

එරංග Wednesday, 18 June 2014 08:08 AM

අලුත්ගම ගැටුමට මුල් වුණ හේතුව හරියටම හොයලා බැලුවා නම් තමයි හොඳ. (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 18 June 2014 08:47 AM

මොනවා වුණත් අපේ පුංචි රට අපිට වටිනවා. මේ රටේ අපි සියල්ලන්ටම එකට ජීවත්වෙන්න පුලුවන් (නි)

:       0       0

විජයසිරි Wednesday, 18 June 2014 08:48 AM

දැන් වැදගත් වන්නේ සැවොම එකමුතු කරවන ආකාරයේ කතාබහයි (නි)

:       0       0

සමන් Tuesday, 17 June 2014 08:13 PM

අපි සැවොම ඉතාම කල්පනාවෙන් සිටිය යුතුයි. ලෝකේ අපි දිහා බලන්නේ වැරදි විදිහට. ඒ අස්සේ මේ වගේ දේවල් කෙරුවහම තවත් ප්‍රශ්න. මේක රටට හොද දෙයක් නෙවේ. මොලේ නැද්ද මන්දා (නදී)

:       0       0

නිර්මාල් Wednesday, 18 June 2014 08:50 AM

ඉවසීමෙන් කටයුතු කරන්න නොහැකිකම නේද මේ හැම ප්‍රශ්නයකටම මුල? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 18 June 2014 08:50 AM

රනිල් මහත්තයා කියන්නේ සාමකාමී බොරු නොකියන නායකයෙක් (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 18 June 2014 08:53 AM

මෛත්‍රිය, කරුණාව, ඉවසීම, ආදරය නැති තැන වෛරය, ඊර්ෂ්‍ය‍ාව, ක්‍රෝධය, විනාශය සහ දුක තමයි ඉතුරුවෙන්නේ. (නි)

:       0       0

නිමල් ලලිතා Wednesday, 18 June 2014 09:17 AM

අනේ රනිල් මහත්තයෝ බොදු බල සේනාව ජාතිවාදය අැවිස්සුවේ නැහැ. රජය අනුබල දුන්නෙත් නැහැ. රටේ බලයට පැමිණිය හැකි පක්ෂ දෙකේ දේශපාලන බල ලෝභී කම නිසයි මෙහෙම වෙන්නේ. (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 17 June 2014 08:52 PM

83 ජුලි කලබල වෙලාවේ පොලොසියට නිවාඩු දීල මුළු රටම විනාස කරපු හැටි . මේ වෙලාවේ ගැටුම පිටට යන්න නොදී පාලනය කරා...ආරක්ෂක අංශවලට කෘතඥ වෙමි (අ)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:04 PM

විපක්ෂ නායක තුමා මගේ හොඳ යහළුවෙක්.ඒ උනත් 1983 ජුලි කලබලයේදී දී ඔබතුමා ගේ රජය කුන්භාකර්ණ සේය්යාවෙන් නිදාගෙන හිටිය හැටිත් වරද ජේ,වී,පී. එක පිටින් යවා රජය ඇත සෝදා ගත හැටිත් මේ වෙලාවේ මතක් කර ගන්න. ප්‍රශ්නය රට පුරා යන්න නොදී වලක්වා ගැනීම ගැන අදාළ අයට ස්තුති කරන්න, වාසි ගන්න වෙලාවක් නෙවෙයි මේක. මේවගේ ප්‍රකාශ වලින් ඔබතුමාගේ හොඳ නමට අවැඩක් වෙන්න පුළුවන් (අ)

:       0       0

නිශාන්ත චන්දන Wednesday, 18 June 2014 09:52 AM

ඔබ තුමා ඔය වගේ දෙයක් නොකිව්වා නම් තමයි මම පුදුම වෙන්නේ..(නදී)

:       0       0

ප්‍රවීන් Tuesday, 17 June 2014 09:15 PM

අපිට අතීතයත් හොඳට මතකයි (නි)

:       0       0

නිමල් Tuesday, 17 June 2014 09:16 PM

මොකක් හරි වැරැද්දක් වුණහම බොර දියේ මාලු බාන්න දක්ෂ කට්ටියකුත් ඉන්නවා (නි)

:       0       0

සිරංවංශ සිල්වා Wednesday, 18 June 2014 10:23 AM

මුල ඉඳල වෙච්ච දේවල් දැක්කේ නැද්ද? මුලදිම හැම පක්ෂයක්ම එනකු වෙලා මේ දේවල් නවත්වන්න බල කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔක්කොම දේශපාලකයෝ එකයි. අන්තිමට විඳවන්නේ අහිංසක මිනිස්සු විතරයි. දර්ගා ටවුන් එකේ අන්තවාදීන් ඉන්නවා. එ්ත් හෙමෝම එහෙම නැහැ සාමදානෙන් ඉන්න පතමු (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 June 2014 09:22 PM

කවුද මුලින්ම මේ ප්‍රශ්න ඇවිස්සුවේ කියලා හොඳට සොයාබලන්න. බෞද්ධයින් කවදාවත් කාටවත් හිරිහැර කළේ නැහැ. (නි)

:       0       0

උදය Tuesday, 17 June 2014 09:26 PM

ඔබතුමාම මමත් එකඟයි (නි)

:       0       0

නුවන් Tuesday, 17 June 2014 09:28 PM

සමහර ලොකු තැන් වල අය අන්ධ වුණාට හාමුදුරුවරුන්ට හොඳට ඇස් කන් තිබෙනවා (නි)

:       0       0

අරවින්ද Tuesday, 17 June 2014 03:48 PM

මම ඔබ තුමා කියන දේ පිලි ගන්නවා, (දී)

:       0       0

වෙනුර Tuesday, 17 June 2014 09:32 PM

ඇත්ත මහත්තයෝ, ඇත්ත. (නි)

:       0       0

පෝල් Tuesday, 17 June 2014 03:48 PM

බොහොම හරි විපක්ෂ නායක තුමා බොහොම හරි , සිංහල නොවේ කවුරු උනත් නිතිය අතට ගන්න අයට තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි . (දී)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 17 June 2014 09:33 PM

මේ සියල්ලටම දැන් අපිට උත්තර අවශ්‍යයි (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 17 June 2014 09:36 PM

සම්පත්, ඒ කාලේ මේ ඔයා කියන කට්ටියට නින්ද ගිහිල්ලාද හිටියේ? මම මේ නොදන්නා නිසා අහන්නේ (නි)

:       0       0

ලාල් Tuesday, 17 June 2014 03:53 PM

දැන් ඒ ප්‍රශ්නය ඉවරයිනේ (දී)

:       0       0

රනේෂ් Tuesday, 17 June 2014 09:39 PM

පිටිගලගේ ප්‍රකාශය හරි (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 18 June 2014 10:52 AM

අපි එකමුතු වෙමු (නදී)

:       0       0

රන්දික Tuesday, 17 June 2014 04:00 PM

ලාල් - එහෙම හිතන්නත් මම කැමතියි. නමුත් මේ සිදුවුණු ගැටලුව නිසා වෙනදා වගේ අපිට සැකෙන් බයෙන් තොරව ජීවත් වෙන්න බෑ නේද? අපිත් සැකෙන්, ඔවුනුත් සැකෙන්. දෙගොල්ලොන්ගෙම හිත්වලින් මේ ප්‍රශ්නය ඉක්මනටම අයින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 June 2014 09:41 PM

හරි හරි, මේ සිදුවීම වලට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ අපි. අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

හසන්ත Tuesday, 17 June 2014 09:54 PM

ඔබතුමා තමයි අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

නුවන්ගි Tuesday, 17 June 2014 04:05 PM

එහෙම කියන්න එපා, මිනිස්සු මුලින් කියුවේ මේ ප්‍රශ්නයට පොලිසිය මැදිහත් වෙන්න කියලයි (දී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 17 June 2014 04:05 PM

එක්කෙනෙකුට ඔබ හරි වෙනකොට තව කෙනෙකුට ඔබ වැරදියි, මෙන්න මේක තමයි මත ගැටුම් කියන්නේ (දී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Tuesday, 17 June 2014 10:04 PM

කරුණාකර, කවුරුන් වුවත් රටේ ප්‍රශ්න පිටට දෙන්නට උත්සාහ කරන්න එපා (නි)

:       0       0

රවී Tuesday, 17 June 2014 04:08 PM

හැම දෙනාම කුමන හෝ අයුරකින් යම් කිසි සිද්ධියකින් වාසි ගන්න තමා බලන් ඉන්නේ. මේකත් අන්න ඒ වගේ එකක් කියල තමා පෙන්නේ. (දී)

:       0       0

රමණි Tuesday, 17 June 2014 10:05 PM

විපක්ෂ නායකතුමාට ජයවේවා! (නි)

:       0       0

රවිදු Tuesday, 17 June 2014 10:05 PM

ඔබතුමාට ජය! (නි)

:       0       0

දහම් Tuesday, 17 June 2014 04:10 PM

මට හරිම කණගාටුයි මේ ඇතිවුණු සිද්ධිය ගැන.එය සිදු නොවියයුතු දෙයක්.නැතිවූ ජිවිත නැවත ලබා දිය නොහැකියි.දැන්වත් මෙය තේරුම් අරගෙන සාමකාමිව සහ ආදර්ශමත්ව හැසිරෙනමෙන් සියලුම සංවිධානවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. (දී)

:       0       0

රත්නායක Tuesday, 17 June 2014 10:05 PM

ඔබතුමා බලයට පත් වුණොත් කවදාවත් මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්න ඉඩදෙන්නේ නැතිවෙයි කියලා මම මම හිතනවා (නි)

:       0       0

සිල්වා Tuesday, 17 June 2014 04:11 PM

තමන්ගේ ආගමට අනුව ජිවත් වෙන්න,ඔය කිසි ආගමකින් වෛරය කියා දී නැහැ (දී)

:       0       0

සිල්වා Tuesday, 17 June 2014 10:12 PM

අපි කාටවත් නීතිය අතට ගන්න බැහැ (නි)

:       0       0

සිල්වා Tuesday, 17 June 2014 10:16 PM

විපක්ෂ නායක තුමා හරියට හරි !!!! පටු දේශපාලන වාසි ලබාගන්න ගියාම අහිංසක ජීවිත වලින් වගකියන්න වෙන්නේ. හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා. ජාති වාදය තුලින් වෙන්නේ රටක් තව තවත් අඳුරට ගමන් කිරීමක් විතරයි.නොහැකියි.දැන්වත් මෙය තේරුම් අරගෙන සාමකාමිව සහ ආදර්ශමත්ව හැසිරෙනමෙන් සියලුම සංවිධානවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. (දී)

:       0       0

සෝමා Tuesday, 17 June 2014 04:17 PM

කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා ජාති වාදය මේ කාලේ මාතෘකාව (දී)

:       0       0

කසුන් Tuesday, 17 June 2014 10:19 PM

පිටිගල ලෝකේ ගමන් කරන්නේ අනාගතේට !! නමුත් ඔබ ගමකරන්නේ පස්සට මනෝ වයිධ්‍ය වරයෙක් හමුවෙන්න.

:       0       0

බමුණු Tuesday, 17 June 2014 04:19 PM

"සිංහල නොවේ කවුරු උනත් නිතිය අතට ගන්න අයට තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි " ගන්න තරම් නීතියක් රටේ තිබෙනවද. නීතිය ක්‍රියාත්මක වන හැටි බලන්න ඔබත් පළාත්සබා මෙම්බර් කෙනෙක් සමග ගැටුමක් ඇතිවෙන්න ඕනේ. (දී)

:       0       0

කැළණි Tuesday, 17 June 2014 10:20 PM

තමන්ගේ පැත්තට වාසි වෙන විදිහක් තමයි ඉතින් (දී)

:       0       0

මිතිල Thursday, 19 June 2014 11:54 PM

අනේ! එහෙම කියන්න එපා (නි)

:       0       0

පුෂ්පා Tuesday, 17 June 2014 04:20 PM

ජාති වාදය කියන නමවත් නැවතකියන්න එපා (දී)

:       0       0

ඩිමන්ත Tuesday, 17 June 2014 04:20 PM

මම ඔබගේ ඒ ප්‍රකාශයට විරුද්දයි (දී)

:       0       0

බිනර Tuesday, 17 June 2014 04:20 PM

මෙවන් හැල හැප්පීම් තුලින් අපේ ජන සමාජය ගමන් කරන්නේ කොහාටද (දී)

:       0       0

ශාන්ති Tuesday, 17 June 2014 04:21 PM

අපේ ඇමති තුමා ගැන මම මේ ආඩම්බරෙන් කතා කරනවා (දී)

:       0       0

ශලනි Tuesday, 17 June 2014 04:22 PM

විපක්ෂ නායක තුමා හරියටම හරි (නදී)

:       0       0

කරුණාරත්න Tuesday, 17 June 2014 10:28 PM

අපේ විපක්ෂ නායකතුමා හැම වෙලාවේම ඇත්ත කතාකරන කෙනෙක් (නි)

:       0       0

අමිල Tuesday, 17 June 2014 10:28 PM

කවුරු කළත් රටේ ජාතිවාදය අවුලුවාලීම හරිම වැරදියි. (නි)

:       0       0

නුවන් Tuesday, 17 June 2014 10:31 PM

විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීම වැරදියි. මේ විනාශයට වගකියන්නේ කවුද? (නි)

:       0       0

තරංග Tuesday, 17 June 2014 04:28 PM

වරදට වරද කියන්න බැරි නායකයන් අප අතර සිටින නිසයි මේවා වෙන්නේ. හැම දේශපාලන පක්ෂයකම නායකයින් මේවට වගකියන්නත් ඕනේ. කාලයක ඩිංග ඩිංග ඇවිත් එකපාරටම අවසානෙදි පුපුරලා යනවා. දැන්වත් වැරදි දේ වැරදියි කියන්න පුරුදු වෙයල්ලා (නදී)

:       0       0

අජන්ත Tuesday, 17 June 2014 10:57 PM

රනිල් මහත්තයා හරි (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Tuesday, 17 June 2014 11:00 PM

මේ ප්‍රශ්නයේදී අපි හැමෝම එක්විය යුතුයි (නි)

:       0       0

රොශාන් Tuesday, 17 June 2014 04:31 PM

තියෙන ප්‍රශ්නය සරලයි, කාටත් එක නීතියක් නැති එක තමයි හැම එකකටම හේතුව. අලුතෙන් නීති ඕනෙ නෑ, තියෙන නීතිය හරි සමානව ක්‍රියාත්මක කලානම් මෙහෙම වෙන්නෙ නෑ. (දී)

:       0       0

රොෂාන් Tuesday, 17 June 2014 04:32 PM

සිල්ව මොකුත් දන්නේ නැහැ (දී)

:       0       0

තිලක Tuesday, 17 June 2014 04:32 PM

මේ වගේ අදහස් නිසා මිනිසුන් වැරදි මතවලට එනවා (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 04:34 PM

කගේ කාගේත් වැරදි නිවැරදි කරගෙන වැඩකලොත් රටට අනාගතයක් තියේවි. (දී)

:       0       0

ස්ටෙෆාන් Tuesday, 17 June 2014 11:18 PM

මම මේ වෙලාවේ ඔබතුමාට එකඟ නොවෙමි (නි)

:       0       0

චන්දන Tuesday, 17 June 2014 04:37 PM

ඔබතුමා කියනදේ 100% නිවැරදි නැහැ (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 17 June 2014 11:18 PM

අනේ විපක්ෂ නායකතුමනි, මේ වගේ අවස්ථාවකදී කෙළින් කතා කරන්න.සාමාන්‍ය ජන ජීවිතයට හිරිහැර වෙන මොනම උද්ඝෝෂණයකටවත් ඉඩදෙන්න එපා. (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 04:45 PM

ප්‍රශ්නයට මුල හොයන්නේ නැතුව මෙහෙම කතාකරන එක වැරදියි නේද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 17 June 2014 04:50 PM

දැන් කාට දොස් කියුවත් වැඩක් නැහැ (දී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 18 June 2014 12:20 AM

මොහු නිර්භයව ඇත්ත කියනා මහතෙකි. නමුත් ඔහුට මෙම රට යහමඟට ගැනීමට ඉඩක් නොමැත (නි)

:       0       0

දුෂ්යන්ත Tuesday, 17 June 2014 04:56 PM

අලුත්ගම ? (නදී)

:       0       0

පියසේන Wednesday, 18 June 2014 12:15 PM

එහෙම කියන්න එපා මහත්තයෝ (නි)

:       0       0

සම්පත් Tuesday, 17 June 2014 05:05 PM

හාමුදුරු නමකට ගැහැව්වහම මිනිස්සු කුපිත වෙන එක ජාතිවාදයද? (නදී)

:       0       0

නලින් Tuesday, 17 June 2014 05:19 PM

අපිට දැන් හිතා ගන්ඩ පුළුවන් දෙමල සිංහල ප්‍රස්නේ ඇතිවුනෙත් කොහොමද කියලා (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 18 June 2014 12:45 AM

මට හරිම කණගාටුයි මේ ඇතිවුණු සිද්ධිය ගැන. (නි)

:       0       0

සමාධි Tuesday, 17 June 2014 05:25 PM

අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න හරි අමාරුයි සම්පත්. වැරද්දක් උනාම එ්කට දඩුවම් දෙන්න රටේ නීතියක් තියෙනවා කියල මුලින්ම තේරුම් කරලා දෙන්න ඕන. වැරද්දක් උනාම රටේ පවතින නීතිය තමන්ගේ අතට අරගෙන ක්‍රියා කරන්න කියල බුදුහාමුදුරුවෝ නෙමෙයි අල්ලාහ් දෙවියෝවත් කියල නැහැ කියා අපේ අයට අමතක වෙලා. (නදී)

:       0       0

තේජා Wednesday, 18 June 2014 12:23 PM

මෙහෙම ප්‍රශ්න ඇතිවීම ඉදිරියටවත් වළක්වා ගැනීම නේද කරන්න ඕනෑ? (නි)

:       0       0

නිර්මාල් Wednesday, 18 June 2014 12:25 PM

මොනවද මහත්තයෝ මේ කතා? (නි)

:       0       0

හරේන්ද්‍ර Wednesday, 18 June 2014 11:12 PM

මේ රටේ මිනිසුන්ගේ මනස අවුල්වෙලා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ලංකා තිලක් Tuesday, 17 June 2014 05:37 PM

මෙන්න මේ වගේ එලොවටත් මෙලොවටත් නැති අපේ නායකයින්ගේ අදහස් නිසා තමයි බොදු බල සේනාවේ ශක්තිය හා පිරිස් ප්‍රමාණය දවසින් දවස වැඩි වෙන්නේ.බොදුබල සේනාව ගියේ සාමකාමී පෙළපාලියක්..මේ සිංහල බෞද්ධ රටේ සාමකාමිව පෙළපාලියක් යන්න විරෝධතාවක් දක්වන්න සිංහල බෞද්ධයට ඉඩක් නැද්ද? මේ රථ පෙළපාලියට පහර දුන්නේ බොදු බල සේනාවද? මේක පුදුම අසාධාරනයක්නේ. සුළු ජාතින් තමන්ගේ වර්ගයා වෙනුවෙන්ම තමන්ගේ වර්ගයාගේ යහපත වෙනුවෙන්ම තමන්ගේ වර්ගයාගේ අයිතිය වෙනුවෙන් ම පමණක් කතා කරන අන්ත ජාතිවාදී ආගම්වාදී සංවිධාන දේශපාලන පක්ෂ වශයෙන්ම ලියාපදිංචි කරගෙන ඉන්න රටේ සිංහල බොදුනුවන්ට වන අසාධාරනකම් වලට කතා කරන්න බොදු බලයට විතරක් අයිතියක් නැද්ද? ජාති වාදේ පැතිරෙන්නේ එතනින් විතරද? (ස)

:       0       0

සදජිත් Wednesday, 18 June 2014 01:53 AM

දේශපාලඥයින් ප්‍රශ්න දෙස බලන්නේ විවිධ කෝණ වලින් (නි)

:       0       0

හසන්ත Wednesday, 18 June 2014 02:15 AM

මොනවද මහත්තයෝ මේ කියන්නේ? (නි)

:       0       0

උදාර Tuesday, 17 June 2014 06:01 PM

හැමදෙනාම තමන්ගේ ආගමට අනුව ජීවත් වෙනවා නම් ප්‍රශ්නයක නැහැ (දී)

:       0       0

යසිත් Tuesday, 17 June 2014 06:03 PM

කතාව හරි (දී)

:       0       0

කල්හාර Wednesday, 18 June 2014 03:12 AM

මොනවා වුණත් මම මේ වෙලාවේ නම් ඔබතුමාට විරුද්ධයි (නි)

:       0       0

ඉමල් Tuesday, 17 June 2014 06:06 PM

මේවට ඉක්මනින් පියවර ගන්න

:       0       0

රවී Wednesday, 18 June 2014 12:53 PM

නිශාන්ත, චන්දන හරියටම හරි ඔබ. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 18 June 2014 03:44 AM

මේ රජයටත් ,ආරක්ෂක අංශ වලටත් ස්තුතියි! 2014 තවත් 1983ක් නොකිරීම ගැන අපි සතුටු වෙනවා. (නි)

:       0       0

නිමල් Tuesday, 17 June 2014 06:14 PM

දැනටමත් මේ කලබලය රට ට අහිතකර විදියට ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙලා ඉවරයි. අන්න ඔස්ට්‍රේලියාව ලංකාවට එන තමන්ගේ රටේ සංචාරකයන්ට අනතුරු අඟවලා . (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 05:55 AM

විපක්ෂ නායකතුමා හරි. (නි)

:       0       0

ශානක Wednesday, 18 June 2014 06:04 AM

මම විපක්ෂ නායකතුමාට එකඟයි (නි)

:       0       0

කුෂාන් Wednesday, 18 June 2014 06:41 AM

එහෙම කියන්න එපා මහත්තයෝ (නි)

:       0       0

වික්‍රම Tuesday, 17 June 2014 07:16 PM

විපක්ෂ නායක තුමා කියපු දේ හරියටම හරි.

:       0       0

ඩයස් Tuesday, 17 June 2014 07:35 PM

කල්පනාවෙන් වැඩකරමු. ජාතිවාදය වපුරපු අය අද නිහඩයි. දෙමල සිංහල, මුස්ලිම් බර්ගර් මැලේ අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මහා ජාතිය සහ ආගම සිංහල බෞද්ධ එයත් රැක ගත යුතුමයි. (නදී)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 17 June 2014 07:39 PM

රනිල් මහතා වයසින් මුහුකුරා ගිය නායකයෙකු බැවින් ඔහුගේ උදව් හා උපදෙස් ලබා ගත යුතුය. එය කාලෝචිතය (නදී)

:       0       0

අකාල් Tuesday, 17 June 2014 07:44 PM

ඔබ තුමා නිවරදියි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 June 2014 08:07 AM

මේ සිදුවීමෙන් බොදු බල සේනාව තව තවත් සිංහල බොදුනුවන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2523 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1679 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2420 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3327 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site