IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලුත්ගම අනතුරින් තව අයෙක් මරුට

අද අළුයම නාගොඩ රෝහ‍ලේ දී මියගිය තරුණියක ඇතුළු කාන්තාවන් හය දෙනකු අලුත්ගම දුම්රිය අනතුරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 හැවිරිදි පාසල් දැරියක ද මියගිය අය අතර සිටින බව රෝහල් අරංචිමාර්ග පවසයි. තුවාල ලැබූ පිරිමි හතර දෙනකු නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇත.



අදහස් (0)

අලුත්ගම අනතුරින් තව අයෙක් මරුට

චාමර Wednesday, 26 June 2013 10:57 AM

ලංකාවේ නව නිපැයුම්කරුවෝ බොහොම දෙනෙක් මේකට විසදුම් හොයාගෙන තිබුනා. නමුත් බලදාරින් නොසලකා සිටියා. (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 26 June 2013 10:59 AM

අවුරුදු 30 ක් අහිංසක මිනිස්සු බෝම්බ වලින් මළා. දැන් සැමදිනම දෙතුන් දෙනෙක් කෝච්චි වලට හැප්පිලා මැරෙනවා (නි)

:       0       0

විජේසිංහ Wednesday, 26 June 2013 11:10 AM

ලංකාවේ නිපැයුම්කරුවන්ගේ උපකරණ ලාබ වැඩිලු (නි)

:       0       0

රුෂාන් Wednesday, 26 June 2013 12:01 PM

මිය ගිය සැම දෙනාට නිවන් සුව ලැබේවා. මෙවන් අනතුරු කිසි දිනක කිසිවෙකුටත් නොවේවා.(නදී)

:       0       0

ටුං Wednesday, 26 June 2013 12:14 PM

ආණ්ඩුව මොනවා හැදුවත් අත්‍යාවශ්‍ය දේවල් හදන්න උනන්දුවක් නැත්තේ ඇයි?(නදී)

:       0       0

සෑම් Wednesday, 26 June 2013 04:26 PM

මේක රියදුරාගේ අතපසුවීමක්. ඒ ගැන විවාදයක් නැහැ .මිනිසුන් අතින් අතපසුවීම් වෙලා සිදුවන ජීවිත හානි වලක්වා ගන්න යම්කිසි පිලියමක් යොදන්න තමා ප්‍රාදේශීය සබා, පළාත් සබා, මධ්‍යම රජය ආදී ආයතන තියෙන්නේ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 26 June 2013 08:24 AM

අනේ දළදා හාමුදුරුවනේ, මේ වගේ අපරාධ කොහොම උහුලන්නද? මිය ගිය සැමට නිවන් සැප ලැබේවා. රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 June 2013 08:28 AM

මෙවැනි දේවල් නැවත අසන්නට නොලැබේවා! (නි)

:       0       0

දිනේෂ් Wednesday, 26 June 2013 10:34 PM

කොහොමහරි මැරිලා අඩු වෙන්නේ සිංහල ජාතියයි (නි)

:       0       0

නිමල් Wednesday, 26 June 2013 09:01 AM

මේ විනාශ වන්නේ වටිනා මිනිස් ජීවිත.මෙය රියදුරුගේ වරදින් සිදුවූවක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ගේ වරදින් සිදුවුවක් විය හැකියි.මෙම හරස් මාර්ගයේ ගේට්ටුවක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ.කිසිවක් නැතත් යකඩ බට ගේට්ටුවක් රුපිය විසි දහසකට වඩා අඩු මුදලකින් සාදා ගන්න පුළුවන්.අවශ්‍ය වන්නේ තිදෙනෙකුට රැකියාව දීම පමණි. මහජන මුදලින් තමන්ගේ සුඛ විහරණය ඉහලින්ම සලසා ගන්න දේශපාලකයන්, රජයේ උසස් නිලදාරීන් මේවට වග කිව යුතුයි. නැත්නම් පළාතේ මහජනතාවට තියෙන්නේ ඔවුන් අයිති පළාත් පාලන ආයතනයේ හැම පක්ෂයකම නියෝජිතයන්ට යකඩ බට ගේට්ටුවක් සවි කරන තුරු බලකර සිටීමයි. ඇත්ත වශයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන් සහ ඇමතිවරයා මේ ගැන ලැජ්ජා විය යුතුය.මේවට වන්දි ගෙවුවත් ගෙවන්නේ මහජන මුදලින් මිස ඔවුන්ගේ සාක්කුවෙන් නොවේ. (නි)

:       0       0

නිලන්ක Wednesday, 26 June 2013 09:13 AM

මේකට වග කියයුතු අය ඉල්ලා අස්විය යුතුයි (නි)

:       0       0

චමි Wednesday, 26 June 2013 09:13 AM

රජය අපකීර්තියට පත් නොවී සිටීමට නම් වහාම මේ සදහා ක්‍රියාමාර්ගයක් ඉක්මනින් ගත යුතුයි. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Wednesday, 26 June 2013 09:31 AM

අපි ඔලුවෙන් හිටගෙන කෑගැහුවත්, පාරවල් වහලා මොන උද්ගෝෂණ කළත්, මේ වගේ අනතුරු වලක්වන්න කාගෙන්වත් පිලියමක් ලැබෙන පාටක් නැහැ (රියදුරොත් නොසැලකිලිමත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් මුකුත් කරන්නේ නැහැ). තමන් ප්‍රවේශම් වෙනවා හැරෙන්න කරන්න තියන එකම දෙයනම් හදිසි අනතුරු ජීවිත රක්ෂණයක් ගන්න එක තමා. (නි)

:       0       0

චින්තන ප්‍රනාඩු Wednesday, 26 June 2013 09:32 AM

අනාරක්ෂිත රේල් පාරකට බම්බුවක් දාන්න බැරි ආණ්ඩුවක්ද මේක?(නදී)

:       0       0

වජිර Wednesday, 26 June 2013 09:49 AM

තව කොපමණ මැරුණත් බලධාරීන් මෙවැනි අනතුරු වලක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීද කියලා සැකයි.(නදී)

:       0       0

ලතිප් Wednesday, 26 June 2013 09:55 AM

මෙච්චර මිනිස් ජීවිත අහිමි වෙනවා හමුදුරුගොල්ලන්ට මේවා පේන්නේ නැහැ. පේන්නේ හරක් මරන එකයි ආගමට දේපලවලට හානිකරන දේවල් විතරයි.(නදී)

:       0       0

ජනක Wednesday, 26 June 2013 10:04 AM

ඇයි අපේ රටේ මිනිස් ජීවිත ගැන හිතන්නේ නැත්තේ. ඉහල මට්ටමේ මන්ත්‍රීවරු ඉන්නවා කිසිම වැඩක් නැහැ. මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන කෑගහනවා. ඇයි මේ වගේ ජීවිත ආරක්ෂාවක් හදන්න බැරී? (නි)

:       0       0

චන්දිම Wednesday, 26 June 2013 10:05 AM

දුම්රිය හරස් පාර වලට බොහෝ වෙලාවට ඔහොම කොටුවෙන්නෙ නොදැනුවත්වමයි. සමහරු පිට පලාත් වල අය. ඒ ඒ තැන් වල මෙහෙම මරු කපොලු තියෙන බව එක පාරටම හිතාගන්න බැරිවෙනවා. මේ මමත් මාතර පඹුරන දි දුම්රිය හරස් පාරෙ නොදැනුවත්වම ඔය විදියට කොටුවුනා. කරුම රේල් පාරකට ඇවිත් කියලා වැටහුනේ ඒ භයානක තත්පරේදී .ඔය තියෙනවයි මාර්ග අනතුරු සංඥා විවිධ හේතු නිසා සමහර නරක වෙලාවලදී පේන්නෙ නැතුව යනවා. පෙර පිනකට ගෑවී නොගෑවී බේරුනේ. රටේ වෙන දේවල් වලට ඕනෑ තරම් මුදල් වියදම් කරනවා. ඒත් මේ ගේට්ටු දාන්න කිව්වහම හපොයි ඕක හරිම අමාරු වැඩක් ඔන්න ඉතින් සල්ලී නැහැලු අහේනියලු. එහෙම නැත්නම් කටින් බතල හිටවනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 26 June 2013 10:09 AM

මේ වගේ අපරාධ වලක්වගන්න පිළියම් යොදන්න හිටපු ජනාධිපති පේමදාස මැතිතුමා වැනි දේශපාලකයෝ ඉන්න ඕනෑ. දැන් ඉන්න මැති ඇමතිලාට මේවා බලනවාට වඩා වැඩ තියෙනවනේ. එක මරණයකට ලක්ෂය ගන්නේ දේවි. එතකොට ප්‍රශ්නේ අවසානයි. මියගිය සැමට නිවන් සුව පතමු! (නි)

:       0       0

පියල් Wednesday, 26 June 2013 10:21 AM

ගේට්ටු දාන්න සල්ලි නැහැ. නැත්නම් නොදා ඉන්නේ නැහැනේ (නි)

:       0       0

පවන් Wednesday, 26 June 2013 10:53 AM

අළුතින් බස් දැම්මට වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරිනම් වැඩක් නැහැ. අනතුරට පත් වුන අය‍ට නිවන් සුව පතනවා.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 488 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 495 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 150 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1473 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1114 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 438 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site