IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අලුත්ගම රෝහලට අලි පනිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට කඩා වැදුණු ඇතකුගෙන් බේරීමට දිව ගිය  රෝහල් උපස්ථාවකවරයා රෝහල් කෝරිඩෝවේදි වැටුණු අවස්ථාවේ ඇතා වැටි සිටි උපස්ථායකයා ඇදගෙන යාමට කළ උත්සහාය  හෙදියක නිසා වැළකී ඇතැයි සැලිය වැව පොලිසිය කියයි. 

රෝහල් උපස්ථාදායකවරයා කොරිඩෝවේ ඇද වැටීම නිසා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ සාලිය වැව පදිංචි අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ සේවය කරනු ලබන ඩබ්ලියු .චමින්ද කිත්සිරි නැවති දෙදරු පියකු බව කියයි.

ඇතෙක් කඩා වැදුණු බව නොදැන උපස්ථායකවරයා  අද දින අලුයම රෝහල් භූමියේ ගමන් කරමින් සිටියදී එකවර කඩා වැදි මෙම උපස්ථායකවරයා පසු පස පන්නා ඇති බව කියයි.

එහිදි දිවි බේරා ගැනිම සදහා මෙම උපස්ථායකයා අසල තිබු රෝහල් වාට්ටු සංකිර්ණයක් අසලට දිව ගොස් කොරිඩෝවට ඇතුල් වනවාත් සමග ඇද වැටි ඇති බව කියයි.

ඒ සමගම පසුපසින් දිව ආ ඇතා බිම වැටි සිටි රෝහල් උපස්ථායකවරයා සොඩින් ඇද ගැනිමට සුදානම් වනවාත් සමග එය දුටු එම වාට්ටුවේ හෙදියක් මහා හඩින් විලාප තබා ඇති අතර එයින් කලබලයට පත්වු ඇතා ආපසු හැරි ගොස් තිබු බව කියයි.

කෙසේ වෙතත් ඇතාගෙ ග්‍රහණයෙන් බේරි ගිය රෝහල් උපස්ථායකවරයා කොරිඩෝවේ ඇද වැටිමත් සමග අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.

නමුත් ඇතා රෝහල් භුමියෙ රැදි සිටිමින් අඹ ගස් සොලවමින් රැදි සිටිම නිසා අස්ථි බිදිමකට ලක්වු උපස්ථායකවරයා පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට පවා ප්‍රමාද වී ඇති බව රෝහල් සේවකයින් කියයි.

අලුත්ගම රෝහලේ කාර්ය මණ්ඩල සේවකයන් රාත්‍රි කාලයෙ රාජකාරී සිදුකිරීමට මහත් බියක් දක්වන බව ද කියයි.



අදහස් (0)

අලුත්ගම රෝහලට අලි පනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 128 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 409 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 1020 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1692 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 139 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2079 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site