IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘අලුත් අවුරුදු සතියේ දුම්රිය රැසක් නවතී‘‘

(මහින්ද නිස්සංක)

කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 25 ක් පමණ 13 සහ 14  දෙදිනේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රියන් යෙදවීමට සහ මගීන් නොමැති වීම එම දුම්රියන් අවලංගු කිරීමට හේතු වී ඇතැයි පවසන දෙපාර්තමේන්තුව ඇතැම් දුම්රියන් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද ධාවනය නොවන බව පවසයි.

මෙම අවලංගු කරන දුම්රියන් අතර ප‍්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට වේගයන්ගොඩ, මීරිගම සිට කොටුව, කොටුව සිට රඹුක්කන, කොටුව සිට පොල්ගහවෙල සහ කොටුව සිට මාතලේ යන දුම්රියන් ද, මුහුදුබඩ මාර්ගයේ කොටුව සිට පානදුර, කොටුව සිට දකුණු කළුතර, අලූත්ගම සිට කොටුව සහ අලූත්ගම සිට ගාල්ල යන දුම්රියන් ද, පුත්තලම මාර්ගයේ කොටුව සිට මාදම්පේ, කොටුව සිට මීගමුව සහ කොටුව සිට පුත්තලම යන දුම්රියන් ද, කැලණිවැලි මාර්ගයේ කොටුව සිට පාදුක්ක, කොටුව සිට හෝමාගම සහ කොටුව සිට අවිස්සාවේල්ල යන දුම්රියන් ද වෙතැයි දෙපාර්තමේන්තුව කියා සිටියි.

මෙයට අමතරව කොටුව සිට හපුතලේ දක්වා ධාවනය වීමට නියමිත ඉන්ධන දුම්රියක් ද අවලංගු කර ඇතැයි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

 



අදහස් (1)

‘‘අලුත් අවුරුදු සතියේ දුම්රිය රැසක් නවතී‘‘

අනුර පැස්කුවල්, කළුතර Sunday, 11 April 2021 01:02 PM

මිනිස්සුන්ට යන්න තියෙන කොච්චි ටික අවලංගු කරලා තෙරපෙන්න එපාලු. මෙහෙමත් පිස්සු ලෝකයක්.... දුම්රිය වෘත්තිය සමිතිත් තුන්වැනි කොරෝනා රැල්ලට උදව් කරනවා මයේ හිතේ....

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 7 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 13 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 216 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 517 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 281 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 67 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site