(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව පත්කොට රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැංවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (11) පැවසීය.
රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් කොළඹදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීවේය.
මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් ආණ්ඩුව හදන්න සූදානම්
Himali Monday, 11 July 2022 02:06 PM
සජිත් අරගලේ දවසේ බොරුලෙඩ අරගෙන ඉස්පිරිතාලේ නැවතුණා...
duminda Monday, 11 July 2022 02:07 PM
ආවට කමක් නෑ... යන දවස කියලා එන්න. කෙටි කාලීන ආණ්ඩුවක් වෙන්න ඕනෑ. ඡන්දෙ තියලා හරි ජනවරමක් ගන්න ඕනෑ. නැතිනම් ඔයිට වඩා අන්ත විදිහට එළවන්නේ...
Sam Monday, 11 July 2022 02:08 PM
ජනාධිපති ධුරය සඳහා මහාචාර්ය ජී.එල්.පීරිස්... සුනිල් හඳුන්නෙත්ති අගමැති සඳහා වඩාත් සුදුසුයි..!
surasena Monday, 11 July 2022 02:19 PM
ඔය පීරිස් දන්න දෙයක් නැහැ... ඔය වගේ මහාචාර්යකම් නිසා තමයි පොහොට්ටුවන්ට කෙළවුණේ..
සුරංග Monday, 11 July 2022 04:07 PM
සහතික ඇත්ත ඔය ඇදුරුතුමා අසූගණන්වල කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති වෙලා සිට සිසු උද්ඝෝෂණ නිසා තනතුර අත් හැරියා... උන්දැට කොරන්න පුළුවන් එකක් නැහැ.
kalinga Monday, 11 July 2022 02:09 PM
මේ දැකපු, අහපු දේවල් වලින් ඔබතුමාත් හුඟක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.
Nihal Dharmatileke Monday, 11 July 2022 02:13 PM
පෝලිම් පෙරමුණේ අවසානයේ දුක් විඳින්නේ රට වැසියන්ගේ ජයග්‍රහණයක්...
Wasantha Monday, 11 July 2022 02:25 PM
මෙයාලාට රට දෙන්න නෙමෙයි අරගල කළේ... මෙයා යන්නේ කොහේද මල්ලේ පොල්... සර්ව පාක්ෂික රජයක් ඕනේ මාස 06 කට.
SUNIL MILANO Monday, 11 July 2022 02:25 PM
ගරු ගෝඨාභය ජනාධිපතිතුමා, කොතරම් කිව්වද සියලුම දෙනාට සහයෝගය දෙන්න කියලා. කෝ දුන්නද? දැන් බයිලා කියවනවා. සහයෝගය නොදෙන අය දේශද්රෝහීලු.. තමනුත් දේශද්‍රෝහියෝ තමයි බලලෝභියෝ...
ganegoda Monday, 11 July 2022 05:22 PM
පොහොට්ටුවන්ට සහයෝගය දෙන්නේ ඒ වගේම මැට්ටෝ තමයි..! කවුද කැමැති සහයෝගය දීලා රාජපක්ෂලාගේ මාටියා ගැහිලි වලට සම්මාදම් වෙන්න.
Chinthaka Monday, 11 July 2022 02:42 PM
මාස 03ක් තිස්සේ තරුණයෝ අරගලයක යෙදුණේ ඔයාව ගේන්න නොවේ...
Anu විරාජ් Monday, 11 July 2022 02:59 PM
පුතාණෝ අපිට ආතල් දෙනවා. පව් අනේ...!
නිහාල් Monday, 11 July 2022 03:04 PM
මේ ගමන්ම ඔයත් ආවා නම් එක ගොඩේම පන්නලා දාන්න ලේසියි...
මහසෙන් Monday, 11 July 2022 03:16 PM
දේශය ගලවා ගැනීමේ මුරදේවතාව. ඔබත් එන්න. ජාතිය ගලවා ගන්න ඉස්සෙල්ලා ඉස්පිරිතාලෙට එහෙම ගිහිල්ලනේ ආවේ නේද? ගන්න ඇවිත්. ඕකමනේ කියෙව්වේ. දැන් බාරගන්න.
මංගල Monday, 11 July 2022 03:36 PM
පාර්ලිමේන්තුවට පිටතින් ජනාධිපති, අගමැති පත්විය යුතුයි. එච්චරයි.
Bamunuarachchi Monday, 11 July 2022 05:17 PM
අලුත් ආණ්ඩුවක් හදන්න සූදානම්ලු... ඒ දුන්නොත්නේ. ලැබෙන්වා යයි සිතමු. ලැබුණොත් මන්ත්‍රී වැටුප්, පැන්ෂන්, දීමනා, නිවාස, වාහන දීම නවත්වනවාද?
විපරමා Monday, 11 July 2022 05:31 PM
කවුරු කවුරුත් හදන්නේ මේ වෙලාවේ බලයට එන්න. සමහරු තියෙන බලය රැකගන්න උත්සාහ කරනවා. දූෂිතයෙක් නොවන හැමෝගේම විශ්වාසය දිනාගත් කෙනෙක් පත්වෙනවා නම් හොඳයි..