IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අලුත උපන් බබා කැලණි ගඟට දාලා

කැලණිය, ගඟේ පාවි ආ බිළිඳු මළ සිරුරක් පෑලියගොඩ කැලණි පාලම අසලින් ගොඩ ගත් බව පොලීසිය කියයි.

මෙම බිළිඳිය පෙර දින බිහිවන්නට ඇතැයි සැකකරයි.

බිලිඳිය ගඟට විසි කළ සැකකරු හෝ සැකකාරිය අත් අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

අලුත උපන් බබා කැලණි ගඟට දාලා

ධම්ම Saturday, 26 April 2014 11:51 AM

අහඹු පිළිසිඳ ගැනීම් වලින් බිහිවෙන දරුවන් භාර ගන්නා ක්‍රමවේදයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කල යුතුයි. මේ දරුවන් භාර ගන්න ඕනෑ තරම් අය ඉන්නවා මේ සමාජයේ. (අ)

:       0       0

ඔෂාන් Saturday, 26 April 2014 12:05 PM

සමහර අම්මලා තාත්තලා දරු සම්පත් නැතුව අනන්ත දුක විඳිනවා.. මේ කාලකන්ණි ඇගේ අමාරුවට දරුවන්ව හදලා මරලා දානවා.. පාරවල් වල නෙවෙයි කැමරා තියන්න ඕනේ. ගඟවල් වල්‍. පාලම් වල. අනේ අපේ රටට ගිය කලක්,,(අ)

:       0       0

සාමා Saturday, 26 April 2014 12:18 PM

අවුරුදු වලින් පසුව අහන්න ලැබෙන්නේම කණගාටුදායක සිදුවීම් මේවගේ ලමය් ගංගාවල්වලට විසිකරන්න පුළුවන් උනේ ලංකාවේ නීතියේ දුර්වලතාවයක් ඇතිබවයි (අ)

:       0       0

දලා Saturday, 26 April 2014 12:19 PM

අනේ ජෙසුනේ අපේ රට යන දිසාව නම් හොද නැහැ ඉදිරියදී අපට මිට වඩා භයානක දේවල්වලට මුහුණ දෙන්න විද දන්නේ නැ (අ)

:       0       0

භානු Sunday, 27 April 2014 07:24 AM

මේ වගේ දරුවෝ නැති කරන මිනිස්සු ගැන හිතනවාට වැඩ අමාරුවෙන් හරි දරුවෝ රකින උදවියට අපි පිහිට වෙමු. මම නම් අර ඇස් අන්ධ වෙලාත් දරුවා රකින සෙල්වරාජ් ට උදව්වක් කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. එහෙම බැරි නම් දරුවෝ නැතිව දුක් වන උදවියට සතුටක් ලබා දෙමු. ඒ වගේ අය අනුන්ගේ දරුවන් කවියක් ගීතයක් ගයනවා බලා හෝ සතුටු වන බව මම අත්දැකීමෙන් දන්නවා. (දී)

:       0       0

චාන්දනී Sunday, 27 April 2014 08:46 AM

තමන්ට අනපේක්ෂිත අයුරින් ලැබුන දරුවා වුනත් මරා දැමීම මම නම් සාධාරණීකරණය කරන්නේ නැහැ. අඩු වශයෙන් පන්සලක් පල්ලියක් ළඟ තබා ගියානම් පරිවාස භාරයට වත් පත් වේවි. එහෙමත් කරගන්න බැරි නම් දරුවාට අනතුරු නැති තැනක. දැකපු කෙනෙක් පොලිසියට දන්වා හෝ ආරක්ෂා කරාවී. ආර්ථික හෝ සමාජ ප්‍රශ්න වලට කාන්තාවන් ලෙස අපි හැමෝම ජීවිතයේ එක වතාවක් හෝ අහු වෙලා තියනවා. තමන්ගේ දරුවකු මරන්න ඒ කිසිම සාදකයක් සාධාරණ හේතුවක් වෙන්නේ නැහැ. මේ මගේ අදහසයි. (දී)

:       0       0

නෙලුම් Sunday, 27 April 2014 08:07 AM

අපේ රටේ තියන අමුතුම ආකල්පයක් තමා සිය දිවි නසා ගැනීම් සහ , වෙනත් නොහොබිනා වැඩ සාදාරනීකරණය කිරීම. ඉතින් තව තවත් උදවිය මේවා ට පෙළඹෙනවා. අනේ එයාට එක කරන්න සාධාරණ හේතු තිබුනා. මේක මේ සමාජ ක්‍රමයේ වැරැද්ද කියලා. මේ දරුවා ගඟට දැමීම ගැන ඒ මවට නිදහසට හේතු සපයා දුන්නොත් තවත් කාන්තාවන් මේකම කරාවී. (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 27 April 2014 09:15 AM

මොන ප්‍රශ්න තිබ්බත් මොන කරදර ආවත් මොන හිතකින්ද දෙය්යනේ මේවගේ අපරාදයක් කරන්නේ. (දී)

:       0       0

ශාන්ති Saturday, 26 April 2014 02:04 PM

අනේ දෙවියනේ මොනවද මේ අපට අහන්ඩ ,දකින්ඩ ලැබෙන්නේ ?දුවේ ඔබට නිවන් සැප ලැබේවා (අ)

:       0       0

මනෝජ්-සාජා Saturday, 26 April 2014 02:16 PM

මේකත් රැල්ලට යයිද ?.මේවගේ වැඩකරන පාපතරයින් පන පිටින් වලලන්න ඕන .(අ)

:       0       0

ජිලෝ Saturday, 26 April 2014 03:23 PM

පුරවැසියනි ! අවදිවෙන්න .රට විනාස මුකයට රැගෙන යන .ජාතින් අතර බේද ඇති කරන.ධර්ම දීපය අධර්ම දීපයක් කරන්නට උත්සහ කරන විදෙස රටවල්වල අවශ තාවයන් මුදලට සපුරාලන ජාතිය රකින බවට මහජනයා මුලාකරන්නන්ට එරෙහිවන්න !සත්‍ය බුදුදහම නැවතත් රටේ ප්‍රචාර කර ධර්මය රකින සමාජයක් ගොඩනැගිමට ඒකරාශි වෙන්න.අ(අ)

:       0       0

කුසුම් Saturday, 26 April 2014 03:59 PM

ජිලෝ මහත්මය, මේක රට,ජාතිය, ආගම වනසන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් එහෙම නෙවෙයි. අහඹු දරු පිළිසිඳ ගැනීමකට ලක් උන කාන්තාවකට සමාජය හමුවේ මුහුණ පෑමට සිදුවන ගැටළු ගැන සමහරුනට වැටහීමක් නැතිව ඇති. මෙවැනි සංවේදී කරුණු ගැන සමාජය මිට වැඩිය දැනුවත්වී, මෙවැනි ගැටළු ගැන යහපත් ආකල්පයක් සමාජය දරනවා නම්, ඉදිරියේදී මෙවන් ඛේදවාචක අසන්න දකින්න නොලැබේවි. තමන් පමණක් ශුද්ධවන්තයන් වෙමින් යම් ඇබැද්දියකට පත්වූවන් පව් කාරයින් ලෙස හංවඩු ගසමින් ගල් ගසා මරා දැමීමට උත්සහ කරන සමාජයක අවාසනාවන්ත ඉරණමකට ගොදුරු උන සමහර කාන්තාවන් මෙවන් පාපිෂ්ඨ සිතුවිලි මත ක්‍රියා කිරීම ඉතා කණගාටුයි. නමුත් ඇයගේ හර්ද සාක්ෂිය මත හෝ ලොව පවතින නිතිය මත ඇයට ගැලවීමක් නම් නොලැබෙනු ඇත. ඇයට මේ අවාසනාවන්ත ඉරණමට පත් වීමට දායක වූ ඒ "අධම හවුල් කරුවා" තව දුරටත් සමාජයේ ධර්මිෂ්ඨයෙක් ලෙස පෙනිසිටිනු ඇත. එවන් අධමයන් මෙවන් පව් කාරියකට පළමු ගල ද ගසනු ඇත. (අ)

:       0       0

ජානක Saturday, 26 April 2014 03:31 PM

කුසුම් ඔබ වැනි 1ක් අයෙක් හෝ මේ රට පාලනය බාරගන්නවා නම් (අ)

:       0       0

පුබුදු Saturday, 26 April 2014 05:19 PM

කුසුම් ඔබ හරි. ජනක ඔය කියපු එකත් හරි. හැමදෙයක් ගැනම හොඳට හිතන්න ඕන.(දී)

:       0       0

වසන්ත Saturday, 26 April 2014 04:36 PM

මෙවැනි අපරාධ වලට හේතුව සොයා පිළියම් කරන්න (දී)

:       0       0

රෙක්ස් ද සිල්වා Sunday, 27 April 2014 07:46 PM

මේවට වග කිව යුත්තේ මේ රට පාලනය කරන දේශපාලුවන්. (නදී)

:       0       0

නුවන් Saturday, 26 April 2014 08:21 PM

දැන් ගබ්සාව නීති ගතකරන්නට කල් ගත්තා අැති.(නදී)

:       0       0

සිල්වා Saturday, 26 April 2014 09:22 PM

ශ්‍රී ලංකා සමාජය තවම කාන්තාවට සලකන්නේ ඉතා පහත් තත්වයන්. බැදපු නැති කාන්තාවකට ළමයක් ලැබුනම ඒක මහා පහත් කමක් වගේ සලකනවා . අනික ඒකට වගකියන පිරිමියා අතුරු දන්වනවා .අර කාන්තාව තවත් අසරණ වෙනවා .දියුණු රට වල ඔකේ අනිත් පැත්ත .පිරිමියා කාන්තාව ගැන වැඩියන් හොයබලානේ ළමය ඉපදුනාට පසු .සමහර අය විවාහ යෝජනාව කරනෙත් ළමය ඉපදුනාට පසු. (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 26 April 2014 10:04 PM

කුසුම් ගේ අදහස් දෙකම හරි,(ස)

:       0       0

ජිලෝ Sunday, 27 April 2014 12:13 AM

කුසුම් මගේ අදහස රට තුල මෙවැනි දරුණු අපරාද සිදුවෙන්නේ ධර්මයට මුල්තැන නැති උක කිසා. අද අපිට අවශ්‍ය ධර්මයෙන් ජිවත් වෙන්න අවශ්‍ය පරිසරයක් සැදීමට අපි එකමුතුව විය යූතූයි. (නදී)

:       0       0

රණතුංග Saturday, 26 April 2014 09:18 AM

නිල්වලා ගගට දරුවන් විසි කරපු පියාව ආදර්ශයට ගන්න ඇති.කාටද මේවා කියන්නේ.ලබන ආත්මයේ මේ අපරාධය කරපු අයටත් සිදු වන්නේ ඔවැනිම සිදුවීමක් තමයි. (අ)

:       0       0

සිල්වර් Saturday, 26 April 2014 10:28 AM

මේකට හේතුව යම් ප්‍රචාරයක් උනාම එවිදිහට වෙනත් අයත් ක්‍රියාකිරීම. කලකට ඉහත කප්පන් ඉල්ලලා ළමුන් පහර ගැනීමත් මේ වගේ පැතිරුණ. (අ)

:       0       0

කැලුම් Saturday, 26 April 2014 10:14 AM

මේවා තිරිසන් වැඩ

:       0       0

සෆානා Saturday, 26 April 2014 10:18 AM

හිතක් පපුවක් නැති අම්මා කෙනෙක්.අම්මා කියන වචනයටත් සුදුසු නැ. (අ)

:       0       0

සුජානි Saturday, 26 April 2014 11:09 AM

බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකා දීපය. දහම් සගුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය මොකද්ද ශ්‍රීලංකාවට උණු විනාසය. තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බිය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 7 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 1941 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 264 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2780 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1741 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 721 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33512 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23920 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site