IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අලුත් උසාවි දෙකක් එයි

බදු හා ඇස්කීසි නඩු විභාග කිරීමට වෙනම උසාවි දෙකක් පිහිටුවන බව මොහාන් පීරිස් අගවිනිසුරු කළුතර නීතීඥ හමුවක දී පැවසීය.

බදු , ඉඩම් හා දේපළ නඩු කඩිනම් කිරීම එහි අරමුණ බවත් අගවිනිසුරු ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

අලුත් උසාවි දෙකක් එයි

නිර්මාල් Thursday, 07 November 2013 03:47 PM

මෙම නඩු කල් යැවීම කලාවක් කරගෙන ලංකාවේ කිසිම වග විභාගයකින් තොරව. සමහරු තමන්ට කිසිදු කිසි අයිතියක් නැති ඉඩම් වලට පවා නඩු දාලා කල් ඇද ඇද ඉන්නවා. ඉඩම් අයිතිකාරයට තමන්ගේ බව ඔප්පු කරන්න විධියක් නැහැ. අද කොලයක් භාරදුන්නොත් නැවත කැඳවීම මාස 3 ට පස්සේ. එදාට විනිසුරු නැහැ. ආයිත් මාස 3 කල් දානවා. එදාට ලොයර් නැහැ. ඔහොම ඇද ඇද ඉන්නවා. අවාසිය සාධරණ මනුස්සයටයි. (ස)

:       0       0

උපාලි Thursday, 07 November 2013 11:25 PM

අමිල කටුනායක, අවුරුදු 20 ද ගතවුනේ? ඔබ වාසනාවන්තයි. කෝකටත් ඔබේ දරුවන්ටත් කියල තියන්න නඩුවේ විස්තර. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන්නේ ඔබේ මුනුපුරන්ටත් විස්තර කියන්න. නඩුව අහන්න පටන්ගත්තු විනිසුරුතුමාගේ මුනුබුරෙක් නඩුව අහල ඉවරකරලා දෙයි. (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 07 November 2013 06:12 PM

අපේ ඉඩම් නඩුවක් තිබෙනවා,අවුරුදු 20කටත් වැඩියි (නි)

:       0       0

පියල් Thursday, 07 November 2013 01:51 PM

කැලුම්ගේ යෝජනාව හරි හොඳයි. (ස)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 10:14 AM

දුප්පතාට සතුටු දායක ආරංචියක්. (දී)

:       0       0

සුමේද Thursday, 07 November 2013 01:59 PM

නීතියේ දෙවගන තවම සිටිත්ද ? (නදී)

:       0       0

උපාලි Thursday, 07 November 2013 02:12 PM

අග විනිසුරුතුමා නඩු විසඳීම ඉක්මන් කිරීමට ගන්න වෑයම ප්‍රශංසනීයයි. අර කොහෙද උසාවියකට නයෙකුත් ආව කියල තිබුනනේ කලින් ආත්මයෙදී දාපු ඉඩම් නඩුවක තොරතුරු බලන්න. කොහොම වුනත්, නීතිඥ මහත්තුරු නම් කැමති වෙයිද මන්ද. (ස)

:       0       0

නිර්මාල් Thursday, 07 November 2013 02:21 PM

අනේ වාසනාවන්. උසාවි දාලම විතරක් මදි. බොරුවට නඩු කල් යවන විනිශ්චයකාරවරු ගැනත් බලන්න. ඒ අයටත් නීතියක් තිබිය යුතුයි. (ස)

:       0       0

ගුණේ Thursday, 07 November 2013 10:40 AM

ඉඩම් නඩුවකට ජිවිත කාලයම උසාවි බඩගාලා උසාවියේ බංකුව උඩ, අවසන් හුස්ම වා තලයට පිට කල ඒ "මාතාව" නැවත හුස්ම ගන්න හඬ ඇසුනා. (දී)

:       0       0

ස්ටැන්ලි Thursday, 07 November 2013 02:28 PM

උසාවි දාන එක හොඳයි. ඒත් මෙතරම් අපරාධ දවස ගානේ වැඩි වෙන්නේ මොකද? ඒකට මොකද කරන්නේ කියලා පිලියමක් යොදනවා නම් හොඳයි. (ස)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 05:54 AM

කුලියට හෝ බද්දට දෙන නිවාස අයිතිකරුවන්ටත් ඇතිවන ගැටළු හා නීතියම ප්‍රශ්න වලටත් මෙම උසාවියට යා හැකි ද?කුලියත් නොගෙවා,විදුලි සහ වතුර බිල් ,ඒ වගේම කඩලා බිඳලා දමලා අලාබහානි කර යන පිරිසගෙන් මෙම උසාවිය මාර්ගයෙන් ඒවා අය කර ගත හැකි ද ? (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 03:21 PM

නිර්මාල්ගේ අදහස දැක්කාම මතක් වුනේ. ඔබ කියන්නේ සහතික ඇත්ත, නිර්මාල්. නඩු කල් දාන එක බොහෝවිට සිදුවෙන්නේ දෙපැත්තේ නීතිඥ වරුන්ගේ ඉල්ලීමට කිසිම වග විභාගයකින් තොරවම විනිසුරුවරු ඉඩ දෙන නිසා. මං දන්නා නෑදෑයෙකුගේ සිවිල් නඩුවකට නීතිඥවරයා කිව්වා රුපියල් 25000 කින් ඉවර කර දෙන්නම් කියලා. එයා පාර්ශවකරුවාගේ කිසිම ඉල්ලීමක් නැතුව වරින්වර උසාවියෙන් කල් ඉල්ලුවා. ඒත් එහෙම නිකම් හිටපු නඩු වාර වලටත් 10000 ගන්නේ අයකලා. දැන් ලක්ෂ දෙකත් පැනලා. විනිසුරු නිකමටවත් අහන්නේ නැහැ ඇයි කල් ඉල්ලන්නේ කියලා. ඒකටත් හේතු ඇති, නේද? (ස)

:       0       0

කැලුම් Thursday, 07 November 2013 11:55 AM

පළාත් සබා, ප්‍රාදේශීය සබා සබාපති වරුන්ගේ නඩු අහන්නත් උසාවියක් ලඟදීම පිහිටුවිය යුතුයි. (ස)

:       0       0

සේකර සිල්වා Thursday, 07 November 2013 03:26 PM

නිර්මාල් ඔබ හරියටම හරි. මම හිතන්නේ මොවුන්ට උවමනාවක් තිබේ නම් බොහෝ නඩු ඉක්මනින් ඉවර කළ හැකියි. නමුත් සමහරු කිසිදු පදනමක් නැතිව මාස ගනන් කල් යවනවා. අන්තිමට විනිසුරුට මතකත් නැහැ කලින් නඩුවාරේ මොකද උනේ කියලා. උඩින් පල්ලෙන් බලල තීන්දු දීම නිසා ආපසු ඇපීල් කිරීමට යාමෙන් කාලය, මුදල් හා රටේ සම්පත් නාස්තිවේ. (ස)

:       0       0

සමන් Thursday, 07 November 2013 03:28 PM

නීති ක්ෂේත්‍රයේ අග්‍ර තලයේ සිටිනා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව අයැද සිටින්නේ හැකිනම් වයස අවු. 70 ඉක්මවූවන්ගේ ඉඩම් නඩු වැනි සිවිල් නඩු පමණක් ඉක්මනින් අසා අවසන් කිරිම පිණිස ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දෙන ලෙසයි. මක්නිසාදයත්, එසේ නොවුණහොත් අපට මෙම ජීවිත කාලය තුලදී සාධාරණයක් ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි. (නි)

:       0       0

සේනක ජයලත් Thursday, 07 November 2013 03:36 PM

ගැහැනුන්ට ලිහිල් ලෙස සැළකිය යුතුයි කියලා ‍අපේ රටේ නීතියක් තියනවද? එසේ ඇත්නම් එය ඉවත් කළ යුතුයි. සමහර ගැහැණු ඉන්නවා යකින්නියො වගෙයි. හැබැයි උසාවියෙදි අඬා වැලපිලා අනුකම්පාව අරගෙන තමන්ට වාසියට නියෝග ගන්න. මෑතක දාපු ප්‍රසිද්ධ දික්සාද නඩුවක දැක්කනේ ඉල්ලලා තියෙන දේවල්. හත්මුතු පරම්පරාවයි, තවත් පරම්පරා හතකුයි ගොඩ යන්න තමයි මහත්තයගෙන් වන්දි ඉල්ලා තිබුනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 171 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 285 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 629 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 370 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 551 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 524 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site