IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න

(අංජුල මහික වීරරත්න)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.

නව කැබිනට් මණ්ඩලය මෙසේය.

01-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

02-අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

03-විජිත හේරත්-විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය

04-මහාචාර්ය චන්දන අබේරත්න- රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

05-නීතිඥ හර්ෂණ නානායක්කාර- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

06-සරෝජා පෝල්රාජ්-කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

07-කේ.ඩී ලාල් කාන්ත-කෘෂි කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

08-අනුර කරුණාතිලක-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය

09-රාමලිංගම් චන්ද්‍රසේකරන්:- ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

10-මහාචාර්ය උපාලි පන්නිලගේ- ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය

11-සුනිල් හඳුන්නෙත්ති- කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

12-ආනන්ද විජේපාල- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

13-බිමල් රත්නායක-ප්‍රවාහන මහා මාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

14-මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

15-වෛද්‍ය නලින්ද ජයතිස්ස- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

16-සමන්ත විද්‍යාරත්න- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

17-සුනිල් කුමාර ගමගේ- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

18-වසන්ත සමරසිංහ- වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර  සංවර්ධන​ අමාත්‍ය

19-මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

20-මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-කම්කරු අමාත්‍ය

21-ඉංජිනේරු කුමාර ජය කොඩි- බලශක්ති අමාත්‍ය

22-වෛද්‍ය ධම්මික පටබැඳි- පරිසර අමාත්‍ය

 



අදහස් (40)

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න

randil dunuwille Monday, 18 November 2024 11:01 AM

මගේ රට ලස්සන රටක් කරන්නට හැකි වේවා... ජයම වේවා...!

:       34       218

indrajith Monday, 18 November 2024 11:01 AM

මම හිතුවේ මීට වඩා විද්‍යාත්මක විදිහට කරයි කියලා. ඉදිරි කාලයේදී තීරණාත්මක ආර්ථික බලවේගය වන්නේ සාගරය හා බැඳුණු ආර්ථික ක්‍රියාකාරකම්. ඒවා ගැන වගේම ඩිජිටල් ආර්ථිකය ගැනත් මේ කැබිනට් එකේ අවධානයක් යොමුවෙලා නෑ වගේ...

:       69       147

janahithaMonday, 18 November 2024 11:53 AM

මීට වඩා හොඳ වෙන්න අපේ ස්කාගාරේ අයිති මහත්මයාට තැනක් දෙන්නේ නැතෙයි.

:       10       49

athulaMonday, 18 November 2024 12:04 PM

ඩිජිටල් භාර ඇමැතිවරයා ජනාධිපති අනුර දිසානායක...

:       7       74

වික්‍රමMonday, 18 November 2024 01:39 PM

ඔබ හරි මහත්මයා, නමුත් මුලින්ම ඉන්දු, ලංකා ධීවර ගැටලුවට වැඩි අවධානයක් යොමුකර ඇති බවක් හැඟෙනවා. ඒක වෙන්න ඇති...

:       12       34

අමල්Monday, 18 November 2024 03:04 PM

උඩරට තේ වගාව කරපු කෙනෙක්..., ධීවර ඇමැති කරලා මාළු අල්ලන්න දාලා...! කොහොමද අපේ විද්‍යාත්මක ක්‍රමයට කැබිනට් ඇමැතිකම් බෙදිල්ල! අති විශිෂ්ටයි සර්...!

:       35       23

Chandima Monday, 18 November 2024 11:06 AM

හොඳයි පේන ආකාරයට... බලමු ක්‍රියාත්මක වීමේදී... ජයවේවා...!

:       40       107

ජයන්ත Monday, 18 November 2024 11:29 AM

පුනරුධ යුගයක ඇරඹුම. දුන් ඡන්දය, සහය දැක්වීම ගැන සතුටු වෙන්න පුලුවන් මොහොතක්.

:       29       49

m. saman perera Monday, 18 November 2024 11:30 AM

රටේ පාලනයට උගත් පරපුරක් ... නව රජයකට සුබ පැතුම්

:       21       65

Prasanna Monday, 18 November 2024 11:35 AM

සුබපතනවා.

:       43       69

Sujeewa Monday, 18 November 2024 11:41 AM

පොහොසත් රටක් යහපත් හෙටක් ගොඩනැගීම උදෙසා සුදුසුම පුද්ගලයින් ඇමැති තනතුරු සඳහා පත් කර ඇති බැව් පෙනේ. පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි සැම ඉහළ පහල සාමාජිකයෙකුගේම අපේක්ෂාව වූයේද එයයි. ඔවුන් රට අපේ රට යැයි ආඩම්බරයෙන් කිව හැකි තැනකට ඔසවා තබනු නිසැකයි. මගේ රටට ජයවේවා...! ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලය හා සියලු පාර්ලිමේන්තු සාමාජිකයන් හට ධෛර්යය ලැබේවා.

:       38       80

Janahitha Monday, 18 November 2024 11:42 AM

අපේ වයින් ස්ටෝර්ස් එකේ මහත්තයාට මොකුත් නැතෙයි. ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනවා.

:       17       53

janabala asamagi Monday, 18 November 2024 11:54 AM

බාර් අයිති මහත්වරුත් නැතිව මෙලෝ රහක් නෑ වගේ...

:       7       37

යෝගා Monday, 18 November 2024 12:01 PM

ඇල්මැරිච්ච පරණ අච්චුවේ කැබිනට්ටුවක්. නව ආදායම් උත්පාදනය ගැන හිතලවත් නෑ වගේ. කට්ටිය දැන් බජට් එක හදලා, අමාත්‍යාංශය ගැන දැනුමක් අරගෙන වැඩට බහිනකොට ටිකක් රෑ වෙයිද මන්දා.

:       48       81

chinthaka Monday, 18 November 2024 12:02 PM

රටට යහපතක්ම මෙතුමන්ලාගෙන් සිදුවේවා...!

:       14       43

Athula Monday, 18 November 2024 12:17 PM

ලංකාවේ පළවෙනි වතාවට කතෝලිකයෙක් බුද්ධශාසන ඇමැති වුණු.... සුබ පැතුම්....

:       9       120

රම්බොඩ Monday, 18 November 2024 12:20 PM

බලාපොරොත්තු සහිතව බලා සිටිමු. සියල්ල හොඳින් සිදුවීමයි පැතුම. අපට මේ මිහිපිට ඇති එකම බිම්කඩ සුරැකෙන්න ඕන.ආර්ථිකය විතරක් නෙවෙයි. රට , දැය , සමය. සහ විනය.

:       9       55

fairoos Monday, 18 November 2024 12:29 PM

ජයවේවා

:       24       24

sukitha Monday, 18 November 2024 01:38 PM

තමන්ට, පවුලට ඥාති හිත මිත්‍රයින්ට කිසිම ප්‍රතිලාභයක් නොමැතිව මෙතුමන්ලාට ඇමැති පුටුව උඩම නින්ද යාමට ඉඩ තිබේ. මගේ වැඩට උනන්දුව තිබෙන්නේ වැටුප ලැබී දින 3ක් පමණි. වාර්ෂික වැටුප් වැඩිවීමක් නැතිවිට එම උනන්දුවද හීන වේ.

:       13       35

ආනන්ද පිටබැද්දර Monday, 18 November 2024 01:41 PM

ලස්සන රටක් ලස්සන අනාගතයක් අනිවාර්යයෙන්ම සැමට උදාවන සුබ මොහොතක ආරම්භය කියලා හිතෙනවා. පත්වූ නව රජයට සෑම දෙනාටම උතුම් දළදා සමිඳු පිහිට හා සියළු දෙවි රැකවරණ ලබේවායි හදවතින්ම පතමි.

:       22       30

සෙනෙවිරත්න Monday, 18 November 2024 01:52 PM

අතුල, එතුමා දකුණේ බෞද්ධයෙක්...!

:       43       15

AthulaMonday, 18 November 2024 02:51 PM

දකුණේ තමයි. ඒත් බෞද්ධයෙක් නෙමෙයි. අපිට ආගම කිසිම ප්‍රශ්නයක් නෑ. වෙන අමාත්‍යාංශෙකට නම්. බෞද්ධයින්ට මෙහෙම කරන එක හරි නෑනේ...!

:       15       40

පැරකුම්Monday, 18 November 2024 10:52 PM

දෙමාපියන් පාරම්පරික බෞද්ධයින් බව මම හොඳින් දන්නවා.

:       0       1

saman Monday, 18 November 2024 02:02 PM

ජයවේවා මගේ රටට...

:       8       32

Don perea Monday, 18 November 2024 02:21 PM

ගෝඨාභය අංක 2 ජයවේවා... තව මාස 6ක් රට බංකොළොත්...

:       145       33

randilMonday, 18 November 2024 04:14 PM

ඔය වගේ හිතන මිනිස්සු රටටම ශාපයක්...

:       4       7

Dasa PMonday, 18 November 2024 06:17 PM

කුහක නොවී ඉඳහන් බන්..!

:       3       13

අමල් Monday, 18 November 2024 02:39 PM

උඩරට තේ වගාව කරපු කෙනෙක්, ධීවර ඇමැති කරලා මාළු අල්ලන්න දාලා...! කොහොමද අපේ විද්‍යාත්මක ක්‍රමයට කැබිනට් ඇමැතිකම් බෙදිල්ල! අති විශිෂ්ටයි සර්...!

:       17       15

අමල් Monday, 18 November 2024 02:47 PM

කේ ඩී ලාල් කාන්තට කියාපුම ඇමැතිකම ලැබිලා ! - පශු සම්පත්. ඒ වුණාට 1994 ඉඳලා ජෙප්පන්ගේ කුණු හෝදපු, උසාවි ගානේ රස්තියාදු වුණු සුනිල් වටගලට බොරුවේ කොම්බුව...!

:       17       27

කිත්සිරි Monday, 18 November 2024 02:53 PM

අපේ මාලිමාවට ජයවේවා... ප්‍රථම කැබිනෙට්ටුව තුළින් ජනතාවගේ සිතුම්පතුම් ඉටුවේවා. ශ්‍රී ලාන්කික ජනතාවට යහපත උදාවේවා..!

:       10       19

Lal Gomis Monday, 18 November 2024 03:08 PM

කවුද මේ අන්ලයික් කරන්නේ මෙච්චර...!

:       17       14

randil dunuwilleMonday, 18 November 2024 04:14 PM

19 ලක්ෂයේ අයයි, හරින්ටයි, විජිතටයි, වඩා පහළින් ඡන්ද ගත්තු එවුනුයි...

:       5       5

සන්ක Monday, 18 November 2024 03:52 PM

ඔය අන්ලයික් කරන සෙට් එක තමයි පොහොට්ටු කුක්කෝ. ඔවුන්ට යනඑන මන් නැහැ...!

:       16       24

karolisMonday, 18 November 2024 04:29 PM

සංක, ඔය පොහොට්ටුවට දීලා අනාගත්තු 69 ලක්ෂයක් අනාථයින් තමයි මාලිමාවේ ඉන්නේ දැන්...!

:       8       9

AJITH Monday, 18 November 2024 04:31 PM

කමෙන්ට්ස් දැක්කාම පේනවා තවමත් රට වැටෙනකන් බලාඉන්න අපතයින් කොපමණ ඉන්නවද කියලා. හරිම කණගාටුයි.

:       3       18

Nihal Dharmatileke Monday, 18 November 2024 05:31 PM

පළමුව, අපි ඔබ වෙනුවෙන් අපගේ යුතුකම ඉෂ්ඨ කළා, දැන් අපි වෙනුවෙන් ඔබලාගේ කොටස ඉෂ්ඨ කරන්නේ... මෙම පින්තූරයේ දෙදෙනෙක් අතර හිස්තැනක් දකින්න තියෙන්නේ වසර ගාණකට පස්සේ...

:       2       8

Kalu Monday, 18 November 2024 05:55 PM

පොඩි කැබිනට් එකක්... සරලයි, ලස්සනයි... දිගටම ඔහොම යං... මගේ සුබපැතුම්...

:       5       22

Galkotuwe Gedara Suneth Hemantha Kumara Monday, 18 November 2024 06:59 PM

වනජීවී එක අදාළ වන අමාත්‍යාංශයක් නැද්ද? අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්නම වෙනවා...

:       0       0

Janitha Monday, 18 November 2024 11:13 PM

දැන් තුන්දෙනෙක්ට හම්බුනා .පොඩ්ඩක් ඉවසලා ඉඳහල්ලකෝ .කකුලෙන් අදින්න එපා . කුහක වෙන්නත් එපා

:       0       2

Ruwan De Silva Tuesday, 19 November 2024 06:16 AM

ලංකාවේ සුළුතර 30-40% වගේ ප්‍රතිශතයක් නැමති ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරලා, රට විනාශ කල් ද සැපක් කියා. විරුද්ධ පක්ෂයක් රට දියුණු කලද ඔවුන් කැමති නැත. ඔවුන් තම රටට කල දෙයක් නැත මන්ද ඔවුන්ද දුෂිතයින් වන බැවින්. රට යනු කණ්ඩායමක්, ආණ්ඩුව කියන්නේ ඒ කණ්ඩායමේ නායකයන් ඔවුන් වගේම අපිත් කැපවීමෙන් වැඩ කල යුතුයි - දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පහලට වැටිච්ච චීනයේ පාර්ලිමේන්තු කතාව. අවුරුදු 20ක් යෑමට පෙර ජපානය තුන්වන බලවතා වුනා නේද? අපිට වැඩක් නෑ ජාතී, ආගම්, කුළ භේද අපි එකතුවෙලා මේ රට ආසියාවේ ඊලඟ මකරා කරමු.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 714 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2236 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 557 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 576 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 287 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 524 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site