IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි

(අංජුල මහික වීරරත්න)

පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින්  කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ  මහත්මිය පැවසුවාය.

පටක රෝපණයෙන් පොල්පැල සැකසීම සිදුවී ඇත්තේ ලෝකයේ පළමු වරට බවද රණසිංහ මහත්මිය කීවාය.

මෙම නව නිපදවීම දැක බලා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට ගියේය.

 පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මගින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා  මෙහිදී නිරීක්ෂණය කළේය.සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමයෙන්  පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබිණි.

ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයෝ මෙම පර්යේෂණය සිදු කළහ.

 



අදහස් (5)

අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි

සෙනෙවිරත්න Tuesday, 23 January 2024 10:43 AM

ඒක බොහොම හොඳ වැඩක්, මව්ගසේ ගුණාංග 100%ක් ලැබෙන ගසක් සිටුවීම, දැන් වෙලා තියෙන්නෙ වසර පහක් හයක් දැඩි කරල අංග විකල දරුවෙක් හදපු එක වගේ වැඩක්, ගස් විතරයි ගෙඩි නැහැ, නැත්නම් ගෙඩි දෙක තුනයි.

:       2       8

sachith Tuesday, 23 January 2024 10:53 AM

ඡයාරුප පලකරන්න පුලුවනම් තවත් වටිනව.

:       1       7

රංබොඩ Tuesday, 23 January 2024 11:54 AM

ඔය මොනා කෘත්‍රිම ව කළත් රටට ආවේනික.අපේ පොල් ගහ වගේ පරම්පරා ගණනාවක් පළදාව දෙන්න බෑ. බොහෙත් පොහොර ගහලා ඉක්මනින් පළදාව ගන්න පුලුවන් ඇති නමුත් ඉක්මනින් ම මැරිලා යයි.

:       5       4

Maddumage Tuesday, 23 January 2024 06:19 PM

රංබොඩයියා නිවැරැදියි කියන්න පුළුවන්... මොකද අපේ පාරම්පරික පොල්ගස්වල ඵලදාව අඩුයි තමයි... ඒත් ඒ ගස් බොහෝ කාලයක් කෘමි වුවදුරු නැතුව පවත්වා ගන්න පුළුවන් ඔය පර්යේෂණ ආයතනවල නිපදවන වර්ග අස්වැන්න හොඳ වුණත් ඉතාමත් ඉක්මණින් කෘමීන්ට ගොදුරුවෙනවා... සාමාන්‍යයෙන් පැරණි වර්ග වල ලීයෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්... කොහොම වුණත් කමක් නැහැ... කෘමී හානි නොවෙන්න අධිකව පොහොර අනවශ්‍ය පොල් වර්ගයක් නිපදවීම කරන්න පුළුවන් නම් වටිනවා...

:       0       1

Arambepola Tuesday, 23 January 2024 02:20 PM

ඔය තාක්ෂණයේ තායිලන්තයේ විශාල ප්‍රමාණයෙන් කරනවා... ලෝකයටම පොල්වතුර පැකට් කිරි දෙන්නේ ඒ අයයි. අමරවීර කොන්දොස්තර මහත්තයාට ඕවා පුදුම වැඩ...

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 763 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1638 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2339 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6005 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4108 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site