IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලුත් කැලණි පාලමට කෝටි 4450ක්

කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ නගරයේ උද්ගතව ඇති රථ වාහන තදබදයට පිළියමක් ලෙස කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ජපානය හා ශී‍්‍ර ලංකාව පසුගියදා අත්සන් තැබීය.

පාලම සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් කෝටි 4550 කි.එම මුදල ජපන් රජයෙන් විශේෂ ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇත්තේ ජපාන අන්තර්ජාතික සහයෝගීතාව සදහා වන ඒජන්සිය (ජයිකා) ආයතනයයි.

ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.ශී‍්‍රලංකාවේ ජපාන තානාපති නොබිහුටෝ හොබෝ මහතා ජපාන රජය වෙනුවෙනුත් ජයිකා ආයතනයේ ශී‍්‍ර ලංකා නියෝජිත කියෝෂි අමාඩා මහතා එම ආයතනය වෙනුවෙනුත් ගිවිසුමට අත්සන් තැබීය.

ඉදිකෙරෙන නව පාලමෙන් කටුනායක අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන රථ වාහන සෘජුවම කොළඹ නගරය කරා යොමුකෙරෙනු ඇති බව සදහන්ය.එමෙන්ම කොළඹ නගරයේ සිට පිටත්වන රථවාහන වලට තදබදයකින් තොරව කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමටත් නව පාලම ආධාරයෙන් හැකිවනු ඇත.

 



අදහස් (0)

අලුත් කැලණි පාලමට කෝටි 4450ක්

උමේෂ් Thursday, 03 April 2014 02:23 PM

හොඳ වැඩක්. කන බොන එක ගැනම හිතන,කොච්චර පඩි වැඩි වුණත් මදි අයට නම් මේවා ටිකක් ඉවසන්න බැරි වැඩ තමා. එහෙත් මෙවැනි දේවල් රටේ ඇති වෙන්න ඕනෑ. ජය වේවා! (නි)

:       0       0

අමිල Tuesday, 01 April 2014 07:36 PM

නියමයි... (නි)

:       0       0

සාලිය Tuesday, 01 April 2014 07:37 PM

රට දියුණු වෙනවා කියන්නේ මේවට තමයි. මේකෙන් දේශපාලන වාසි ගන්න අයට ඒකත් එක සටන් පාඨයක් වෙනවා. නමුත් බුද්ධිමත් ජනතාවට තේරෙනවා තිබෙන වටිනාකම. කන බොන එක ගැනම හිතන එකයි අපේ මිනිසුන්ගේ වැඩේ (නි)

:       0       0

සචින්ත Tuesday, 01 April 2014 07:47 PM

අපේ රටේ පුදුම මිනිස්සු තමයි ඉන්නේ. හොඳ වැඩක් කළත් හොඳක් අහන්න බැහැ (නි)

:       0       0

බ්‍රයන් Tuesday, 01 April 2014 07:50 PM

මෙය වසරේ විශිෂ්ටතම කාර්යය වේවි. (නි)

:       0       0

සමීර Tuesday, 01 April 2014 08:00 PM

නැවතත් ණය අරගෙන මේ දේවල් කරනවට වඩා වියදම් අඩුකරගෙන ඉදිරියට යන එක හොඳ නැද්ද? (නි)

:       0       0

දර්ශන Saturday, 05 April 2014 01:22 PM

මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)

:       0       0

දොන් Monday, 07 April 2014 12:36 PM

පාලම නම් ලස්සනයි. (ස)

:       0       0

ආඒ Saturday, 05 April 2014 02:00 PM

මේකට අදහස් දාන ගොඩක් දෙනා කිසිම තේරුමක් නෙතුව ඔහේ ලියනවා. රටක් දියුණු වෙනකොට අනිත් හැම දෙයක්ම දයුණු විය යුතු බව සමහර ඇත්තෝ දන්නේ නැහැ. අපේ මිනිසුන් කවදාවත් ලෝකය දිහා ඇස් ඇරලා බලන්නේ නැහැනේ. (දී)

:       0       0

චමින්ද Tuesday, 01 April 2014 08:44 PM

අපේ සිංහලයට ඔනේ බඞ පුරවගන්ඞ විතරයි (දී)

:       0       0

චාමර Wednesday, 02 April 2014 11:37 AM

ඇයි මෙච්චර ණය ගන්නේ? (නි)

:       0       0

විජේසේකර Wednesday, 02 April 2014 11:43 AM

මේක අප්‍රේල් පළවැනිදාට දාපු එකක් එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

තිලක් තිලකරත්න Monday, 07 April 2014 10:47 PM

මෙන්න කරනවානම් වැඩ නියමයි (දී)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Tuesday, 01 April 2014 09:07 PM

හොදයි (දී)

:       0       0

සිසිල Tuesday, 01 April 2014 09:08 PM

මම මේ කියන්නේ මේ සල්ලි වලින් පාරක් වත් නැති ගමකට ගිහිල්ලා ඒ ගමේ පාරවල් ටික හදන්න (දී)

:       0       0

බමුණු Sunday, 06 April 2014 09:19 PM

මේක ඉක්මණට හදලා අවසන් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

යු ජේ රෝද්ජිගෝ ඔස්ට්රෝලොජික් Tuesday, 01 April 2014 09:18 PM

මේ ණය ගෙවන්නේ කව්ද ? (දී)

:       0       0

එඩී Wednesday, 02 April 2014 12:16 PM

අලුතින් පාලමක් එක් වූ පමණින් වාහන තදබදය අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකියි. අග නගරය ඇතුළත අලුත් මාර්ග පද්ධතියක් නිර්මාණය වීම වැදගත්. (ස)

:       0       0

අශෝක Wednesday, 02 April 2014 12:22 PM

වාහන තදබදය නිසා විකල්ප අවශ්‍යයි තමයි. නමුත් වියදම වැඩියි (නි)

:       0       0

ලයනල් Tuesday, 01 April 2014 09:46 PM

රටට හොදක් වෙනවනම් හොදයි නමුත් වැය කරන ගණන වැඩියි නේද (දී)

:       0       0

රේවන් Wednesday, 02 April 2014 06:31 PM

මම නම් හිතන්නේ අපිට පුළුවන් නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න,තමාගේ පෞද්ගලික රථ වෙනුවට සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවයක් ඇති කරන්න, මීට වඩා විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. හොඳම විසඳුම එය බවයි මට නම් හැ‍ඟෙන්නේ. (නි)

:       0       0

එරන්ද පෙරේරා Tuesday, 01 April 2014 10:03 PM

ණය ගත්තා වගෙ නෙමෙයි පොලිය ගෙවන්න ගියාම. දැනටමත් බඩු මිල අහස උසට. (දී)

:       0       0

පුජිත Tuesday, 01 April 2014 11:21 PM

හොඳ වැඩක් වැරද්දක් කියන්නේ නැහැ (දී)

:       0       0

වෙනුක Thursday, 03 April 2014 08:59 AM

නියමයිනේ, මෙදා පාරත් අපි ඡන්දෙ දෙන්නම්කෝ. හැබැයි ඔයාලට නෙමෙයි (නි)

:       0       0

නිශ Tuesday, 01 April 2014 11:29 PM

ගෙම්බන්ට මොන සන්වර්දනයක්ද. ඉන්ටෙර්නෙට් එකෙන් හරි දියුණු රටවල් ගැන හොයල දනගන්න (දී)

:       0       0

පියා Wednesday, 02 April 2014 12:19 AM

හැමදාම ලිදේ ගෙම්බෝ වගේ ඉන්නැතුව ලෝකේ අනිත් රටවලුත් එක්ක ඉදිරියට යන්න ඕන.රට දියුණු වෙනකොට පිටරට ආයෝජන වැඩිවෙනවා එතකොට රට සංවර්දනය වෙනවා .අපේ රට විතරක් නෙමෙය් ඇමරිකාවත් නයයි .කව්රුවත් සදාකාලිකවම ජිවත් වෙන්නේ නැහැ .ඉපදෙන හැමෝම මැරිලා යනවා.ඔය කියන කව්රුත් නයගේවන්නේ නැහැ.කව්රුත් නොකා නොබි ඉනෙත් නැහැ.මෙහෙම දේවල් නොකලොත් අනාගත පරපුරට කන්න බොන්නවත් නැතිවෙය් . (දී)

:       0       0

සුජිත් මිලානෝ Wednesday, 02 April 2014 03:15 AM

කෝටි 4550, මීටර් 415 ක් කියන්නේ මීටරයට කොටි 11ක් පමණ වෙනවා. ඒ වියදම බොහෝ දුරට හරියන්න පුළුවන්. මේක ගොඩබිම වැලි පුරවල හදන එකක් නෙවේ, ගගක් හරහා හදන මංතීරු කිහිපයක් විශාල පාරක්. එත් එක්කම තව යටිතල පහසුකම් ගොඩක් පාලම සමග ඉදිකරන්න වෙනවා. (දී)

:       0       0

අමින්ත Tuesday, 01 April 2014 05:03 PM

අම්මෝ! පිස්සු හැදෙනවා මට නම්. (නි)

:       0       0

නුවන් Tuesday, 01 April 2014 05:17 PM

අර චීන්නු නැතුව ජපානයත් සමඟ වරායන්,ගුවන් තොටුපළවල්,අධිවේගී මාර්ග හැදුවා නම් ගොඩක් රටේ සල්ලි ඉතුරු වෙන බව මගේ හැඟීමයි. (නි)

:       0       0

දේවා Tuesday, 01 April 2014 05:22 PM

අම්මෝ! අපේ අනාගතය කොහේදෝ? (නි)

:       0       0

ගමා Tuesday, 01 April 2014 05:34 PM

ඇයි මේ හැමෝම "අම්මෝ!, අම්මෝ!" ගාන්නේ? ඊර්ෂ්‍යාවටද? (නි)

:       0       0

සිරි Tuesday, 01 April 2014 05:39 PM

පාලමේ දිග මීටර් 415යි. පළල මීටර් 10 යි.ඕක හදන්න මෙච්චර වියදමක් යන්නේ පාලමේ වැඩට විශේෂ අමුද්‍රව්‍යයක්වත් යොදාගන්නා නිසාද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 01 April 2014 05:39 PM

මේ තමයි අපේ රටේ සීඝ්‍ර දියුණුව. වැඩි වාසිය සල්ලිකාරයින්ට මිස බස් වලින්, පයින් යන අපිට නෙමෙයි. (නි)

:       0       0

පාලිත Tuesday, 01 April 2014 05:40 PM

ලංකාවට හොඳ කලක් යයි වගේ. (නි)

:       0       0

ජොනතන් Tuesday, 01 April 2014 05:57 PM

යුද්ධය අවසන් කළා නම් ඊට පස්සේ කරන්න ඕනෑ, ඒ ජනතාවට ඉක්මනට සහන සලසා දෙන එකයි. ඒක වුණා නම් අද අන්තර්ජාතික ප්‍රශ්න නැහැනේ. පාලම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 April 2014 06:10 PM

අපේ සමහර අයට රට එක තැන තිබුණත් කමක් නැහැ, අඩුවට කන්න තියෙනවා නම්! (නි)

:       0       0

ලක්මාල් Wednesday, 02 April 2014 02:38 PM

විපක්‍ෂයට හොද මාතෘකාවක්.(නදී)

:       0       0

සරසි Tuesday, 01 April 2014 06:11 PM

මේකට මොනවගේ අදහසක් දානවද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

ශ්‍රිමාල් Tuesday, 01 April 2014 06:22 PM

වැඩේ නම් හොඳයි. ඒත් ඊට වඩා දේවල් කරන්න ඉතිරිවෙලා තිබෙනවා නේද? (නි)

:       0       0

ලසන්ත Tuesday, 01 April 2014 06:23 PM

අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න, රටේ සංවර්ධනය දෙස. (නි)

:       0       0

සාමන්ත කුමාරගේ Wednesday, 02 April 2014 03:02 PM

සංවර්oනය හොඳයි. ඒත් ගසා කෑම හොද දෙයක් නෙමෙයි. සංවර්දනය අගයන්න කොමිස් ගැසිමට ගසා කෑමට එරෙහි වන්න. දේශපාලනයට ඒමට පෙර සතේ නැතිව හිටපු අය ආවට පසු කෝටිපතියන් වන රටක් නොකරන්න.(නදී)

:       0       0

ට්‍රීෂාන් පෙරේරා Tuesday, 01 April 2014 06:36 PM

මේ පාලමත් සමඟ මංතීරු 6ක නව මාර්ගයකුත් ඉදිවෙනවා. ඒ නිසා තමා මෙතරම් මුදලක් වැයවෙන්නේ. දැනට කැලණි පාලම අසල තියන තදබදය ඉදිරියේදි උතුරු අධිවේගී මාර්ගය ඉදිවීමත් සමග තවත් වැඩිවිය හැකි නිසා මේ පාලම අත්‍යවශ්‍ය වනවා. (නි)

:       0       0

අල්විස් Tuesday, 01 April 2014 06:39 PM

වැඩේ අවසන් කරලා වියදම සටහන් කළා නම් කවුරුවත් මෙහෙම අ‍ඳෝනා නඟන්නේ නැහැ. පාරේ කාණුවක් හරහා අඩි පහේ තුනේ කොන්ක්‍රීට් එකක් දාපු කෙනෙකුට වුණත් වියදමේ අත්දැකීම තියෙනවා. මෙවන් පාලමක් හිටවන්නේ වතුරේ. මං තීරු හයයි. දිගපළල මනින එකට වඩා කළ යුත්තේ ප්‍රතිපලය ගැන හිතන එකයි. වාහනයක නැඟලා කොළඹට ආ කෙනෙක් නම් මේ කටයුත්ත අගය කරනවා. (නි)

:       0       0

නිරාන් Wednesday, 02 April 2014 08:45 AM

වැඩේ නම් නරක නැහැ. හැබැයි අපිත් රජයට බදු ගෙවන මිනිස්සු. සංවර්ධනය සීමිත නගර කිහිපයකට පමණක් සීමා නොකර ගම් මට්ටමිනුත් කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. (නි)

:       0       0

චිත්‍රා Tuesday, 01 April 2014 06:48 PM

රටක දියුණුව කියන්නේ මේ දේට තමයි. වයසක අපිට බුක්ති විදින්න බැරි වුණත්,අපේ දරුවන් වාසනාවන්තයි. ඒ විතරක් නෙමෙයි. නැවත යුද්ධයක් අාවොත් ඔක්කොම සුන්. එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරමු හැමෝම (නි)

:       0       0

අනුර එල්. පතිරණ Wednesday, 02 April 2014 08:58 AM

පාලම සහ බඩ වියත සම කළ නොහැකි උනත් ඉන්දන සහ කාලය ඉතිරිවීමත් අපේ දරුවන්ගේ අනාගත සංවර්ධනයත් වැදගත් වෙනවා.(නදී)

:       0       0

අනුර එල්.එස් පතරණ Wednesday, 02 April 2014 09:00 AM

පාලම සඳහා වන වියදම මිටර වලින් මනින්න බැහැ. නිර්මාණ සැලැස්ම බලන්න වෙනවා.(නදී)

:       0       0

තුසිත කුමාර Tuesday, 01 April 2014 06:56 PM

භුක්ති වින්දට කමක් නැහැ. හොරකම් කරන්නේ නැතිව.(නදී)

:       0       0

අචිනි Wednesday, 02 April 2014 09:52 AM

කොමිස් එක කාටද ලැබෙන්නේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 350 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2544 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1958 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1317 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26877 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site