IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අලුත් ගුවන් බසය පිළිගන්න වතුර මල් පිපේ

ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය  සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300  වර්ගයේ ගුවන් යානාව  ප්‍රංශයේ ටුලුස් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද පැමිණියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම  සිය ගුවන් යානා බල ඇණිය ශක්තිමත් කිරීමට පුලුල් බඳ සහිත මෙම වර්ගයේ ගුවන් යානා 7 ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර ඉන් පළමුවැන්න මෙය වෙයි.

මෙම ගුවන් යානය දිවයිනට  පැමිණි මොහොත ඉතා විචිත්‍ර විය.  කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා යාත්‍රාංගනය වඩා උඩු ගුවනේ වට දෙකක් කැරකුනු  යානය එහි   ගොඩ බසින අවස්ථාවේ  වතුර බවුසර් දෙකක් දෙපසින් සිට  දේදුන්නක් අයුරින්  ජල දහරා විද   යානය   නහවා සම්ප්‍රදායික ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව  ගුවන් යාත්‍රාංගනය  තුළට යානය ගෙන එනු ලැබීමෙන් අනතුැරුව  මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද ශ්‍රී ලංකා ජාතික ධජය බාර දෙනු ලැබීය.

මෙම  සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විදායක නිදධාරී කපිල චන්ද්‍රෙස්න, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති  ප්‍රසන්න වික්‍රමසුරිය යන මහත්වරුන් ඇතුලු උසස් නිලධාරීන්ද, මහා සංඝ රත්නය ඇතුලු සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයෝද එක් වුහ.

ද්විත්ව රෝල්ස් රොයිස් ට්රේන්ට් 700 එන්ජිමකින් පන ගැන්වෙන ඒ 330-300 ගුවන් යානා ඉන්දන කාරයක්ෂමතාවයෙන් හා ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුළුල් බඳ සහිත ගුවන් යානයකි.

මෙහි මැදිරි ඉතා උසස් තත්වයෙන් සුවපහසු ලෙස නිමවා ඇත. ගුවන් මගීන් 297  සඳහා ව්‍යාපාර පන්තියේ ආසන 28 ක් ද,  පිරිමැසුම් පන්තියේ  ආසන 269 ක් වන ලෙසින් මෙය නිමවා ඇත.

මෙම ගුවන් යානාව තුළ අති නවීන  ‘තැලස් ඇවන්ට්‘ නම් ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හඳුන්වා දී ඇති අතර ගුවන් මැදිරිවල සුව පහසු ආසන පහසුකම් ඇත.

ලබන දෙසැම්බර් මාසයේ සිට මෙම ගුවන් යානාව ඈත පෙරදිග ගමනාන්ත වන ටෝකියෝ සහ චීනයේ ගුවන්ෂෝ වෙත සතියකට ගුවන් ගමන් 4 ක් සඳහා යොදා ගැනේ.

 

 1  3  5  

_DSC49678  10 11 12

DSCF1011 DSCF1038 DSCF1066 DSCF1070 DSCF1111 DSCF1122 DSCF1139 DSCF1140 DSCF1141 DSCF1174

දීපා අධිකාරී

RDS_7522 RDS_7613 RDS_7664 RDS_7746

රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (0)

අලුත් ගුවන් බසය පිළිගන්න වතුර මල් පිපේ

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Friday, 31 October 2014 10:53 AM

ගුවන් ටිකට් පත් මිලත් අඩු වෙනවානම් හොදයි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට ජයවේවා,..(අ)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Friday, 31 October 2014 11:08 AM

ගුවන් මගින් පැය ගණන් රස්තියාදු නොකර , සුදුසු කමට සේවකයන් රැගෙන , අවංක සේවයක් ( ගසා නොකන ) කළහොත් මේවායේ ණය හෝ වාරික ගෙවීම් කල හැක , නැතිනම් , ඕවයේ බරත් අහිංසක මහජනතාව පිට තමා (අ),

:       0       0

පාලිත Friday, 31 October 2014 11:11 AM

මම නිතරම යන කෙනක් සුබ පතනවා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ,(අ)

:       0       0

සාන්ත Friday, 31 October 2014 11:26 AM

අලුත් ප්ලේන් එකතු වෙන එකට හරිම සන්තෝෂයි , හැබැයි කෝටි ගනන් දිගටම පාඩු වෙන එක තමයි වරද....(අ)

:       0       0

dhana Friday, 31 October 2014 11:39 AM

පිලි අරගෙන තියන විදිහේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, දැනට තියන පාඩුවට මේවත් ගත්තම. අනේ මන්දා?. මොන කියන්නද?.(අ)

:       0       0

ජයා Friday, 31 October 2014 11:53 AM

උඩ යන කට්ටියට වඩා බිම යන කට්ටිය වැඩි නරකද ලංගම බස් වැඩිකර නම් දැම්මොත් කටත් හොදයි. (අ)

:       0       0

නිරෝධ Friday, 31 October 2014 12:04 PM

මස්කට් හා කොලඹ ගමනටත් අලුත් ගුවන් යානයක් දෙන්න,දැනට තියෙන ඒවා ගොඩක් පැරණි...(අ)

:       0       0

ජයරත්න Friday, 31 October 2014 12:10 PM

අපේ ගුවන් සේවාව අතේ පාඩුවට නේද දුවන්නෙ.එහෙව් එකේ තව තවත් ගුවන් බස් ගෙන්වන්නෙ ලෝකෙට ණය වෙලාද. එහෙමනම් ඉතිං ජීවිතේ කිසිම දවසක ගුවන් යානයක යන්න නොළැබෙන අයට පවා ලෝකෙට ණය කාරයො වෙනව.ජාතික ගුවන් සේවය වුණත් මේව ව්‍යාපාරික මට්ටමින් කරන්න ඕන.එතකොට රටට බරක් නෑ.පෞද්ගලික ආයතන ඔය අගේට කරගෙන යන්නෙ.ඒ සදහා නිසි දැනුම ඇති අයට වගකීම පවරන්න ඕන.ආයතනය කෙසේ වෙතත් පිංතූර ටිකනම් සුන්දරයි. (අ‘)

:       0       0

මන්ජුසිරි Friday, 31 October 2014 12:15 PM

කොමිස් ගහල නැතිනම් සතුටු වෙන්න ඕන කාරණයක් නමුත් මේ රජයේ සීයට අනු අටකට වැඩිය ඉන්නේ හොරු (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 31 October 2014 12:22 PM

මෙතෙක් කල් අපේ රටේ භාවිතා කරේ ඇමරිකාවේ බෝයින් ගුවන් සමාගමට අයිති ගුවන් යානා, ජාතික ගුවන් සේවයට ප්‍රංශ සමාගමට අයත් එයාර් බස් ගුවන් යානා ලබාගෙන ඇත්තේ ප්‍රථම වතාවට විය යුතුයි,(අ)

:       0       0

මහේෂ් Sunday, 02 November 2014 03:41 AM

අලුතින් ගුවන් යානා එකතු වීම ගැන සතුටුයි. හැබැයි ඒ වගෙම මොලයක් ඇති, ඉන්ඩස්ට්‍රි එක ගැන දැනුමක් ඇති, කාබාසිනියා නොකරන උගත් පාලකයන් පත් වීම ඉදිරි ගමනට අත්‍යවශයයි. (නදී)

:       0       0

විජය Friday, 31 October 2014 12:24 PM

හොඳයි. සතුටුයි. (අ)

:       0       0

නන්දසිරි Friday, 31 October 2014 12:37 PM

කෝ කවුරුවත් නැද්ද මේ වැඩේට ආණ්ඩුවට බණින්න. (අ)

:       0       0

චන්දිමා Friday, 31 October 2014 12:45 PM

ඔසරිය අඳින්නේ හොඳට බඩ බේරලා පහතින්ද? එතකොටද ලස්සන? (අ)

:       0       0

කටුනායක අපි Friday, 31 October 2014 12:48 PM

සුභ පතමි හදවතින්. (අ)

:       0       0

අරත් Friday, 31 October 2014 01:10 PM

සතුටුයි! (අ)

:       0       0

නිහාල් Friday, 31 October 2014 01:11 PM

මේකේ මිල අපිට දැනගන්න තියෙනවනම් හොදඊ.හුඟක් ගණන් ඇති. (අ)

:       0       0

චාමික Saturday, 01 November 2014 04:08 AM

එමිරේට්ස් වලින් ඉවත් වුණ දවසේ සිට අපි යන්නේ වැරදි පැත්තට තමයි. පෙර සහ පසු ලාබ පාඩු බැලුවොත් කොයිපත්තට යනවද කියල පෙනේවි.(හේ)

:       0       0

ගුණපාල Friday, 31 October 2014 01:37 PM

අනික් රටවල් දිහා බැලුවාම ගුවන් යානාවක් අලුතින් ගත්තාම මේ වගේ විකාර කරන්නේ ලංකාවේ අනික් රටවල මේ විකාර කරන්නේ නැහැ (අ)

:       0       0

විජයසිරි Friday, 31 October 2014 01:48 PM

අනේ ෂෙරිෆ් මහත්තයූ දන්නේ නැති දේවල් කියන්න එපා ශ්‍රී ලන්කන් එකේ එකම එක බෝඉන්ග් එකක්වත් නෑ ඔක්කොම එයාර් බස් (අ)

:       0       0

ශාන්ත ඉතාලිය Friday, 31 October 2014 01:57 PM

ෂෙරිෆ් එයාර් බස් ශ්‍රී ලන්කන් එකේ තියන්නේ අවුරුදු 15-20 ක කාලයක ඉඳල . ගුණපාල මහත්තය නොදන්නාදේ කතා නොකර හිටියොත් තමා හොදා . (අ)

:       0       0

නිහාල් විතානගේ Friday, 31 October 2014 01:59 PM

ලෝකේ වෙනත් ගුවන් යානා සේවිකාවෝ තමන්ගේ මවු භාසාවෙන් මගියෙක් කතා කරනවිට සතුටෙන් උනන්දුවෙන් සිනමුසුවෙන් ප්‍රතිචාර දක්වනවා.එ්කටත් එක්ක අපේ හුගදෙන්ක් ඇහුනේ නෑ,සිංහල තේරුනේ නෑ වගේ යන්නේ අපරාදේ කියන්න පිරිමි ටික එහෙම නෑ.මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවද? (අ)

:       0       0

සුදත් ශ්‍රී Friday, 31 October 2014 02:03 PM

ගුණපාල, අළුතින් ගත් දෙයකට පලමු දින පුද සත්කාර කිරීම අපේ සංස්කෘතියේ අංගයක්. අනිත් රටවල් කරනවද නැද්ද කියන එක අපට අදාල නැහැ.(අ)

:       0       0

සුනිල් Friday, 31 October 2014 02:06 PM

ඔසරිය නම් ගූඩ් බඩගෙඩිය නම් නොට් ගූඩ්. (අ)

:       0       0

අකිල Saturday, 01 November 2014 04:35 AM

අලුත් ගුවන්යානා එකතු කර ගැනීම සතුටුයි(හේ)

:       0       0

සුමේද Saturday, 01 November 2014 04:35 AM

අලුත් ගුවන්යානා එකතු කර ගැනීම සතුටුයි,ඒ වගේම ඉදිරියේදී ගුණාත්මක ,කාර්යක්ෂම හා නිසි කළමනාකරණයකින් මෙම සේවය පවත්වාගන යාමට සියලු දෙනා කැපවුනොත් රටට බරක් නැති සිතට සතුට ඇති ආයතනයකට සැමගේ ප්‍රසංසාව හිමිවනු ඇති (හේ)

:       0       0

ශාන්ත කුමාරන Friday, 31 October 2014 02:50 PM

අලුත් ගුවන් යානයට ලස්සන තරුණ ගුවන් සේවිකාවන් බදවගත්තොත් තමා හොඳ. ඔය ෆොටෝ වල ඉන්න අයනම් හැට පැනපු අය වගේ. බඩ ගෙඩිය පෙන්නගෙන හිටියට මොකද අලුත් පෙනුමක් නම් නෑ. අපේ රටේ මීට වඩා ලස්සන ගෑනු ළමයි නැත්ද. (අ)

:       0       0

ගුණපාල Friday, 31 October 2014 03:08 PM

මේ වගේ දේවල් වලට නිකරුනේ කරන වියදම් වගේම මේ හැම වියදමක්ම එකතුවෙනවා පාඩු වලට.මේ තිබෙන එයාර් බස් අවුරුදු 15-20 තිබුනත් වැඩක් නැහැ,ගුවන් සමාගම පාඩු විඳිනවා නම්.නිහාල් කියන විදියට ලොව එකම ගුවන් සමාගම ලංකාවේ රටේ භාෂාවෙන් ගමන පටන්ගත් තැන සිට අවසානය දක්වා තමන්ගේ මවුබසින් කිසිම දෙයක් නොකියන එක ගැන කණගාටු වෙන්න ඕනෑ (නි)

:       0       0

නිහාල් Friday, 31 October 2014 03:09 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 31 October 2014 03:23 PM

හරිම සතුටුයි. තව තවත් අපේ ගුවන් සේවාව දියුණුවෙන් දියුණුවට පත්වේවා! ශාන්ත කුමරන, ඔබ හරි. මමත් කියන්නේ ගුවන් සේවයේ යෙදී සිටින නිලධාරි / නිලධාරිනියන් ලස්සන පෙනුමෙන්, කාර්යක්ෂම හා සිනහමුසු මුහුණින් ගුවන් මගීන් පිළිගන්න අය විය යුතුයි. (නි)

:       0       0

මිනිපෙ Friday, 31 October 2014 03:32 PM

මට ලස්සන වැඩක් නැහැ.කාරුණික සේවයක් තමයි අවශ්‍ය. (නි)

:       0       0

දිලාන් Saturday, 01 November 2014 05:57 AM

මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයේ ඉංග්‍රීසි දැනුම නම් දියුණු විය යුතුයි. . සමහරවිට ඒ අවට ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සුදුසු කම ලෙස සලකා බඳවා ගත් තරුණ තරුණියන් වෙන්න ඇති. කටුනායක වගේ ජාත්‍යන්තර තත්වයකට ගෙන්න අවශ්‍ය නම් කාර්ය මණ්ඩලයේ වෘත්තීය කුසලතා තව දියුණු විය යුතුයි.(හේ)

:       0       0

රෝචෙල් Saturday, 01 November 2014 06:09 AM

අපිට ඉස්සර බෝයින් තිබුනේ 747 වර්ගයේ 2යි 737 වර්ගයේ 6ක්. ඒවා වෙනුවට තමයි දකුණු ආසියාවේ පලවෙනි එයාර්බස් යානා අපේ රටට ගෙනාවේ. එදා ඉඳලා අපේ ගුවන් යානා එයාර්බස්. දැන් අපිට බෝයින් වලට යන්න බෑ බෝයින් නඩත්තු කරන්න අපේ කටුනායක ඒවාට අවශ්‍ය පහසුකම් නැති නිසා. බෝයින් වලට වෙනම නඩත්තු කාර්යාංශයක් වෙනම හැන්ගර් ආම්පන්න ඕනේ වෙනවා.(හේ)

:       0       0

නිසාර් කුවේට් Friday, 31 October 2014 05:14 PM

සනට කුමාර,ඔබගේ කතාවට කණගාටු වෙමි. මෙම ගුවන් සේවිකාවන් මඟීන්ට අතිවිශිෂ්ට සේවාවක් දෙන බව මම සහතික කරමි. (නි)

:       0       0

රොමේෂ් Saturday, 01 November 2014 06:13 AM

ඇත්තටම සතුටුයි.(හේ)

:       0       0

අම්රිත් Friday, 31 October 2014 05:16 PM

ඉන්න අපේ හොඳ කෙල්ලෝ වෙන රටවලට යනවා. බලන්නකෝ ජපානයේ අයගේ සහ අපේ අයගේ වෙනස.ඕවා හින්දා තමයි ජපානය දියුණු වෙන්නේ. අපි පල්ලම් බහින්නේ. (නි)

:       0       0

රෝචෙල් Friday, 31 October 2014 05:33 PM

ගොඩක් අය කතා කරන්නේ මේ අංශය ගැන නොදැනුවත්ව. සරලව කියනවා නම් අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තිබෙන පැරණි ගුවන් යානා වන ඒ340 ගොඩක් තෙල් නාස්තිය වැඩි නිසා හා ගොඩක් පැරණි නිසා ඒවා වෙනුවට තමයි මේ අලුත්ම තෙල් වැඩිය පාවිච්චි වෙන්නේ නැති ගුවන් යානා මිලදී ගන්නේ. 2016 වෙනකොට ඒ350 ගුවන් යානාත් අපේ සේවයට එකතු වෙනවා. සන්තෝෂ වෙන්න ගරහන්න එපා. (නි)

:       0       0

සුරනි Saturday, 01 November 2014 06:36 AM

මමත් පිලිගන්නවා මත්තල කාර්ය මණ්ඩලයේ උදවිය තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ කුසලතාවන් තව දියුණු කරගන්න ඕන. (හේ)

:       0       0

සිසිර Saturday, 01 November 2014 07:16 AM

මේ ගුවන් යානා ගෙන්වපු මුදලත් අපෙන්ම තමයි.(හේ)

:       0       0

ප්‍රනීත් Friday, 31 October 2014 06:57 PM

ෂෙරිල්ට වැරදිලා. බොයින් භාවිතා කරන්න ඇති එයාර් ලංකා තියෙනකොට. හැබැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නම් මම දැනුවත්ව තියෙන්නෙම එයාර්බස් කියන වර්ගය.ගුණපාල මහත්තයා ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ කතා කරන්න එපා. ලෝකේ ඕනෑම ගුවන් සේවයක් අලුත් ගුවන්යානා මිලදී ගන්නකොට ඒක සමරනවා. (නි)

:       0       0

මැතිව් Friday, 31 October 2014 07:46 PM

අපි හඳට යන දවසට මොනවා කරයිද දන්නේ නැහැ. අම්මෝ! බයත් හිතෙනවා. (නි)

:       0       0

ගයානි Friday, 31 October 2014 08:03 PM

මෙතන උදවිය නම් හොඳයි. වෙනත් තැනක ගුවන්තොටුපළ සේවිකාවන්ගේ ඡායාරූපයක් දැක්කා. හරියට ඔලුව පීරලාවත් නෙමෙයි අමුත්තන් පිළිගන්න දුවගෙන ඇවිල්ලා හිටියේ. මේවා කියනකොට වැරදි සොයනවා කියලා හිතාවි. නමුත් මේ වගේ වෘත්තියකට අදාළ සේවිකාවන් පිළිවෙලට සැරසීම අනිවාර්යයයි නේද? (නි)

:       0       0

නිමල් Friday, 31 October 2014 08:33 PM

අනේ! මටත් එතන ඉන්න තිබුණා නම් කියලා හිතුනා (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:48 AM

තව තවත් දියුණුවෙන් දියුණුවට පැමිණේවා!.(හේ)

:       0       0

සුමිත් Friday, 31 October 2014 08:43 PM

ජාතික ගුවන් සේවයට ප්‍රංශ සමාගමට අයත් එයාර් බස් ගුවන් යානා ලබාගෙන ඇත්තේ ප්‍රථම වතාවට වියයුතුයි. (නි)

:       0       0

නලීන් Friday, 31 October 2014 08:44 PM

හරිම චමත්කාරජනකයි! (නි)

:       0       0

කසුන් Friday, 31 October 2014 09:21 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කරුණාරත්න Friday, 31 October 2014 09:28 PM

අලුත් ගුවන් යානා ගත්තට කමක් නැහැ. සේවයේ ගුණාත්මකභාවයත් ඉහළ නංවන්න ඕනෑ. සුදුසු සේවකයන් බඳවා ගන්න ඕනෑ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 31 October 2014 09:46 PM

මේක ගන්න මෙච්චර ප්‍රමාද කරන්න ඇත්තේ මොකද දන්නෙ නැහැ. මොනවා වුණත් අපි ආයෙත් දිනනවා. ජයවේවා!!! (නි)

:       0       0

සමන්ත Friday, 31 October 2014 09:46 PM

ශාන්ත, වෙනත් තැනකට අදාළව මේ උදවියගේ ඡායාරූප අපි පසුගිය දවස් වල දැක්කනේ! වෘත්තීය පෙනුම ගැන කිසිම සැළකිල්ලක් නැතිබවයි පෙනුනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 31 October 2014 10:37 PM

නිහාල් විතානගේ මහත්මයා, ඔය අතරේ හොඳ අයත් සිටිනවා. (නි)

:       0       0

නිශ්ශංක - බදුල්ල Saturday, 01 November 2014 08:21 AM

නිතරම පාඩු ලබන ආයතනයක් කිය කියා ඉන්නවට වඩා පාඩුව නැති කර ගන්න වග බලා ගන්න එක ශ්‍රී ලංකා ගුවන් සේවක නිලධාරීන්ගේ වගකීමක්. (හේ)

:       0       0

ලුම්බිණි Friday, 31 October 2014 11:24 PM

අලුත් ගුවන් යානා පිළිගන්නෙත්, පරණ ඒවාට සමුදෙන්නෙත් මේ විදියට වතුර මල් විදීම තුළින් වීම බොහෝ රටවල කරන දෙයක්. එකම ප්‍රශ්නය මෙම ආයතනය ලාබ ලබන විදියට පවත්වාගෙන යන්න අවශ්‍යවීමයි. එමිරේට්ස් වලින් ඉවත්වුණ දවසේ සිට අපි යන්නේ වැරදි පැත්තට බවයි මගේ නම් අදහස වෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Friday, 31 October 2014 11:30 PM

මෙහි වටිනාකම රුපියල් කෝටි 3242 ක් පමණ වෙනවා, මම හිතන හැටියට (නි)

:       0       0

මොහාන් Friday, 31 October 2014 11:32 PM

හරිම සුන්දර මොහොතක්! (නි)

:       0       0

චමින්ද Friday, 31 October 2014 11:49 PM

කෙසේවෙතත් මත්තල නංගිලාට වැඩිය කටුනායක නංගිලා පෙනුමයි. (නි)

:       0       0

සේනාරත්න Saturday, 01 November 2014 09:16 AM

මේකෙන් දැනට සිද්දවෙන පාඩුව වලක්වන්න පුළුවන්ද?(හේ)

:       0       0

සිරිසේන Saturday, 01 November 2014 09:39 AM

වතුර නෙවෙයි දුම් ගැහැව්වත් ඕකෙන් සිද්ධවෙන පාඩුව වලක්වන්න බැහැ. (හේ)

:       0       0

පාලිත Saturday, 01 November 2014 10:00 AM

පරක්කු වෙලා හරි කරපු වැඩේ හොදයි.(හේ)

:       0       0

නිමල් Saturday, 01 November 2014 10:07 AM

හැමදාම පාඩු ලබන ගුවන් සේවයකට මොකටද තවත් අලුත් ගුවන් යානා.(හේ)

:       0       0

ගයනි Friday, 31 October 2014 10:49 AM

මේ ගුවන් සේවිකාවන් බොහොම පිළිවෙළට ප්‍රසන්නව පෙනී සිටිනවා. ඒකට පසුගිය කාලෙක පළවූ ඡායාරූපයක මම දුටුවා වෙනත් ගුවන් තොටුපළක සේවිකාවන්. අමුත්තන් පිළිගන්න ඇවිල්ලා තිබුනේ කොණ්ඩයවත් හරියට පීරාගෙන නෙමෙයි. ඔසරිය පිම්බිලා. වැරදි කියනවා නෙමෙයි. නමුත් මේවායින් පෙනෙන්නේ අදාළ වෘත්තීය ගැන ඔවුන්ගේ නොසැළකිළිමත්කම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2349 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site