IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ)

අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන්  කරුණු සොයා බැලීමට පත්කෙරුණු   පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව  සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ  එම විශේෂ කාරක සභාව ඊයේ (15) රැස්වීමෙන් අනතුරුව  අදහස් දක්වමිනි.

කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට පිළියෙලවී අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සහ  ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන  ඉදිරිපත් කිරීම සඳහා  මෙම විශේෂ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරනු ලැබුවේ  මීට මාස ගණනාවකට ඉහතදීය.

මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද  දිනේෂ් ගුණවර්ධන මහතාය.

මෙම කමිටුව දේශපාලන පක්ෂ සහ  සිවිල් සංවිධාන ඇතුළු අංශ ගණනාවක නියෝජිතයන්ගෙන් සහ මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන්   දැනටමත් කරුණු  විමසා තොරතුරු ලබාගෙන ඇත.


 



අදහස් (0)

අලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 105 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1368 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 481 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1451 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 161 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 988 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site