IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’’අලුත් ණයට පෙර පරණ ණයට විසැඳුමක් ගත යුතුයි’’

(විමුක්ති එස් රුද්‍රිගු)

නව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජපානයේ මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුකිකෝ ඔකානෝ මහත්මිය දෙරට අතර පැවති සාකච්ඡාවන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිතකර සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළ බවත් මේ අවස්ථාවේ ජපානයට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මණින් සහ ගැටලුවකින් තොරව අවසන් කිරීම බවත් ඔකානෝ මහත්මිය පෙන්වා දී තිබේ.

වගකිව යුතු ණය දෙන්නකු ලෙස ණය බරින් පීඩිත වී සිටින රටකට නව ණය ලබා දීම කළ නොහැකි බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ කිසිඳු ද්වි පාර්ශ්වික ණය හිමියකුට ශ්‍රී ලංකාව විශේෂයක් නොකරන බවට ජපානයට සහතිකයක් ලබා දී තිබෙන බව ඔකිකෝ මහත්මිය පවසා ඇත.

චීනය, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති අනුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති විශාල පරිමාන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ජපානය අවධානයෙන් පසුවන බවද ඔකානෝ මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානය සාකච්ඡා නොකළ බවත් ඉදිරියේදී ජපාන රජය ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවත් ඇය පවසා ඇත.

වාර්ෂිකව සියයට 1.5 ක ස්ථාවර පොලී අනුපාතිකයකට යටත්ව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ද්වි පාර්ශ්වික ණය කල් පිරීම වසර 15 ක් දක්වා දීර්ඝ කිරීමටත් වසර නවයක් යන තෙක් පොලිය ගෙවීම අත් හිටුවීමටත් ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙන බව ඔකානෝ මහත්මිය පෙන්වා දී තිබේ.

 



අදහස් (3)

’’අලුත් ණයට පෙර පරණ ණයට විසැඳුමක් ගත යුතුයි’’

SAM Sunday, 30 July 2023 03:07 AM

ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානයට අවස්ථාවන් වැඩිකර / පුළුල් කර වාර්ෂිකව සියයට 1.5 ක ස්ථාවර පොලී අනුපාතිකයකට යටත්ව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ද්වි පාර්ශ්වික ණය කල් පිරීම වසර 15 ක් දක්වා දීර්ඝ කිරීම වෙනුවට ලබාදී තිබෙන්නා වූ නය "හරි අඩකින් අඩුකිරීමට / කපාහැරීමට" සහ ඉතිරිය සඳහා වසර නවයක් යනතෙක් පොලිය ගෙවීම අත් හිටුවීමටත් ජපානය එකඟ කරවා ගැනීමට උත්සාහ කළයුතු වේ. එක් රටක් මේ සඳහා එකඟ කරවා ගැනීමට හැකි නම් අනෙක් රටවල් ද මේ සඳහා අවධානය යොමු කෙරෙනු ඇත. චීනයට ලබා දී තිබෙන්නා වූ අවස්ථාවන් නැවත සලකා බලා එම අවස්ථාවන් ජපානය, ප්‍රංශය සහ ණය ලබාගෙන තිබෙන්නා වූ වෙනත් රටවලට අවස්ථාවන් ලබාදීමට කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුවේ. ආසියානු කලාපයේ ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාව යනු බටහිර / ඇමෙරිකානු සමග සමීප සම්බන්ධතාවය පවත්වාගෙන යන්නාවූ රටවල් වේ.

:       0       0

ලංකාපුත්‍ර Sunday, 30 July 2023 05:42 AM

ලංකාවේ සියලු දේශපාලුවන්ට නොතේරුණාට සත්‍ය තත්වය ඒක තමයි. ඒ වගේම ලංකාව කරන්නේ නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කරන්න බලා ගෙන වගේ ආදායම් මාර්ග කිසිවක් ඇති නොකර තියෙන සොච්චමත් ඇති හැකි අයට ඇස්වැසීම හරහා බෙදාහැරීම සමග ණය ගෙවීම් ප්‍රමාද කරමින් තව තවත් ණයට ගැනීමට කටයුතු සැලසීම තමයි පාලකයින් කරන්නේ... ඔවුන් අපි හොඳම බෞද්ධයින් කිව්වාට අදහන්නේ නිගන්ඨනාථ පුත්තගේ දහම කියලා මතක් කරන්න අවශ්‍ය නැහැ නේද?

:       0       7

Nimesh Sunday, 30 July 2023 07:36 AM

පිනා හැමදාම ජපානෙන් තමයි හොඳට අහගන්නේ...!

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 20 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 261 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 894 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 570 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 123 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී
2024 ඔක්තෝබර් මස 15 388 0

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 459 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1448 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site