IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අලුත් තෙල් පිරිපහදුවකට සෞදියට ආරාධනා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා සෞදි අරාබියට ඊයේ  (30) ශ්‍රී ලංකාව ආරාධනය කළ බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මෙම ආරාධනය කර ඇතැයි පැවැසෙයි.

සෞදි අරාබිය සමඟ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අදහසින් ශ්‍රී ලංකාව මෙම ආරාධනය සිදු කර ඇතැයි සෞදි මාධ්‍ය පෙන්වා දුන්නේය.තවද ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තය සඳහාද සෞදි ආයෝජකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඉකුත් 28 වෙනිදා නිල සංචාරයක් සඳහා රියාද් නුවරට පැමිණි බවත් නිල සංචාරයේදී සෞදි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වලීඩ් අල් කුරයිජි සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල්-මර්ෂාඩ් මහත්වරුන් ඇතුළු බලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කළ බවත් සෞදි මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබිය සමඟ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා උපකාරී වනු ඇතැයි නසීර් අහමඩ් මහතා ඇරැබ් නිව්ස් සමඟ පැවැතී විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියට තමාගේම තෙල් පිරිපදුවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන ගබඩා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවට හැකි බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී අහමඩ් මහතා පවසා තිබේ.

සෞදි අරාබිය සමඟ ගෑස් සහ බොරතෙල් සැපයීම ඇතුළු බලශක්ති සහ ඉන්ධන ක්ෂේත්‍රයන්හි දිගු කාලීන සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව සෞදි මාධ්‍ය පෙන්වා දුන්නේය.

සෞදි අරාබියේ 2030 ඉදිරි දැක්ම සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරන බවත් එමගින් සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ආරක්ෂණ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අහමඩ් මහතා ප්‍රකාශ කර ඇත.මෙම සහයෝගීතාව මගින් ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක් වූ ද්වි පාර්ශ්වික වෙළඳාම අනාගතයේ බිලියන ගණනක් දක්වා වැඩි වෙනු ඇතැයි තමන් සුභවාදීව විශ්වාස කරන බව අහමඩ් මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.



අදහස් (9)

අලුත් තෙල් පිරිපහදුවකට සෞදියට ආරාධනා

fairoos Wednesday, 31 August 2022 02:24 PM

ජාතිවාදය අවුස්සලා ලංකාව මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයටම හොඳක් සිද්ද වෙන්නේ නැහැ.. ලැජ්ජයි මෙහෙම හිඟාගන තත්වයකට අපිව පත්කරපු එකට...

:       15       51

BamunuarachchiWednesday, 31 August 2022 04:29 PM

මොනවද මේ කියන්නේ...? අපිට අරාබි ජාතිකයින් එක්ක ජාතිවාදයක් ඇත්තේ නැහැ. සෞදි ජාතිකයින් මෙරට හම්බකරණය කරන්න ආවේ නැහැ. අපේ ඉඩම් ගන්න ආවේ නැහැ. මෙරටට ගම්මිරිස් හොයාගෙන ආව හම්බසෙට් එකයි මෙරට මුස්ලිම්කරණය කරන්න හදන්නේ... අපේ ඉඩම් අත්පත් කර ගන්න හදන්නේ. අපිට හම්බයෝත් එක්ක ජාතිවාදයක් නැහැ. මොකද මුස්ලිම් කියලා ජාතියක් ලෝකේ නැහැ. අපට මොවුන් සමග තිබෙන්නේ ආගම් වාදයක්. පාස්කු ප්‍රහාරයත් ආගම් වාදයේ කොටසක්... නොදන්නා මගුල් කතා නොකර ඉන්න හලෝ...

:       0       0

Bamunuarachchi Wednesday, 31 August 2022 04:22 PM

රටේ තියන එකවත් හරියට කරගන්න බැරුව තව මොන පිරිපහදුදද? සෞදි අරාබියන්ට තෙල් ලබාදුන්නෙත් තෙල් පිරිපහදු හැදුවේත් ඇමරිකානුවන්... මුලින් සෞදි අරාබියේ තෙල් ගවේෂණය කළේත් නිපදවීම කළේත් ඇරම්කෝ නමැති කම්පැණියයි. 1990 ගණන්වල එය සෞදි ඇරම්කෝ වුණා. ඒත් මූලික වැඩකොටස කෙරුනේ ඇමෙරිකානුවන්ගෙන්. මමත් ඇරම්කෝ එකේ අවුරුදු 15ක් පමණ සේවයකළා.

:       29       5

bamunaWednesday, 31 August 2022 06:00 PM

ඒකයි, මුස්ලිම් අය එක්ක තරහ...

:       3       9

BamunuarachchiThursday, 01 September 2022 08:22 AM

මම සේවය කළේ ඇරම්කෝ එකට... ඇරම්කෝහි සේවය කරන සෞදියෝත් ඇමරිකානුවෙක් කියන විදිහට වැඩ කරන්නේ... සෞදියේ අවුරුදු 15ක් හා කටාර්වල අවුරුදු 11ක් වැඩකරපු නිසයි මුස්‌ලිම් ආගම ගැන හොඳට දන්නේ...

:       0       0

BamunuarachchiThursday, 01 September 2022 06:20 PM

ඔහෙත් තරහ වෙන කාලයක් ඒවි. එතකොට පරක්කු වැඩියි. එතකොට ඔහේ ඉඩම් අහිමි අස්සට දත නියවන අනාථයෙක්.

:       0       0

Pradeep Kumara Wednesday, 31 August 2022 04:43 PM

තියන පිරිපහදුවටවත් අවශ්‍ය බොරතෙල් නැතුව අළුතින් පිරිපහදු මොකටද? පුළුවන් නම් තියන එකට ඇතිවෙන්න බොරතෙල් ගන්න ක්‍රමයක් ගැන හොයලා බලන්න...

:       0       0

de silva Wednesday, 31 August 2022 05:48 PM

අපේ පිරිපහදුව පාඩු ලබන්නේ කම්කරුවන්ගේ සිට පාලකයා දක්වාම සියලු දෙනාම පගාව, සොරකම් සහ කොමිස් ගහන නිසා.. සෞදිකාරයින් පිරිපහදුවක් හැදුවොත් එහෙම හොරකම් කරන මිනිස්සු වහාම අස්කරලා දමාවි. සෞදිකාරයෙක් නම් එහෙ ගෙනගොස් සෞදි නීතිය අහලා දඬුවම් දේවි. මේක හොඳ වැඩක්. ඔවුන්ට තෙල් තිබෙන නිසා අපට තෙල් හිඟයකින් තොරව සපයාවි..

:       2       17

Athula Wednesday, 31 August 2022 05:56 PM

රනිල්ට කවුද බලය දුන්නේ? තියෙන පිරිපහදුව වහලා තක්කඩි පවුල ඉන්ධන වෙළඳාම වවාගෙන කොමිස් කුට්ටි කනවා එහෙම රටකට...!

:       10       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1694 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1322 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 833 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6311 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2346 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 893 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1761 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site