(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන "මලී PINK" සහ "ලංකා RED" නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙම දෙළුම් ප්‍රභේද හඳුන්වා දී ඇත.
නවතම දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වා දීම හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නව දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර එක ගසකින් වසරකට දෙළුම් කිලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි බව පර්යේෂකයෝ පවසති. අක්කරයකට ගස් 400ක් වගා කළ හැකිය. එමඟින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 80ක ආදායමක් ඉපයිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප ඉතිරි කර ගැනීමට හැකිවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් දෙළුම් ප්‍රබේද දෙකක් එයි
Jayasekara Wednesday, 24 January 2024 02:21 PM
මොන විකාරද? ලංකාවේ වැවෙන සමහර පලතුරු අපිට ගන්න වෙන්නේ රට ඉඳලා ගේන මිලටමයි. කිසිම නියාමනයක් නැහැ.