IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අලුත් පනතකින් මැතිසබයත් පුපුරණ හැඩ

(සුජිත් හේවාජුලිගේ )

ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව  පැවසෙන  ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.

මෙම පනත් කෙටුම්පතට  මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක්  දැනටමත්  පළවී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  ජනතාවට  විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක්  ලැබෙයි. මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට   විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටිති.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි  එහි  සඳහන්වේ. පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයාගේ නියමය පරිදිය.



අදහස් (10)

අලුත් පනතකින් මැතිසබයත් පුපුරණ හැඩ

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 03:24 PM

මෙය හොද අදහසක් ස්ත්‍රී හො පුරුෂ නොවන පුද්ගලයන්ටද සමාජය තුළ සමාන හා ගෞරවාන්විත පිලි ගැනීමක් හිමිවිය යුතුයි. එයට එරෙහිව වන්නේ කවර ඝනයේ මිනිසුන් දැයි හිතා ගන්නට බැහැ. විශේයෙන්ම සියලු සත්වයන් හට කරුණාව දැක්වු ගෞතම බුදුරජාණන්ගේ අනුගාමිකයන් මෙවැනි සමාජය සුවපත් කරන කරුණු වලට එරෙහි වන්නේ කුමන පදනමකින් දැයි ප්‍රශ්නකි.

:       6       61

Jangi hora Monday, 13 May 2024 03:35 PM

ලිංගිකත්වය ඇති හෝ නැති හෝ ද්වි ලිංගික කියා හෝ මනුෂ්‍යයෙක් පහත් කොට නොසැලකිය යුතුය . ඔවුනටද සමාජයේ සමාන අයිතිවාසිකම් තිබිය යුතුය. නමුත් එය සම ලිංගික චර්යා සම්මත කිරීමක් ලෙස යොදා නොගන්න.

:       1       47

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 04:37 PM

අද ලෝකයේ බොහෝ රටවල් සමලිංගික චර්යාවන් සඳහා අනුමැතිය දී තිබෙන අතර සමලිංගික විවාහයන් සඳහාද දැන් අනුමැතිය ලබා දෙමින් පවතිනවා. සමලිංගික චර්යාවන් ස්වභාවික ක්‍රියාවලියක් ලෙස දැන් මානව විද්‍යාඥයින් පිළිගන්න නිසාත් අපේ කැමැත්ත හෝ අකැමැත්ත අනිත් මනුෂ්‍යයින්ගේ කැමැත්ත හා අකමැත්ත විය යුතුයි සිතීම මුලාවකි.

:       5       22

Pinjana Monday, 13 May 2024 03:47 PM

මේ පනතේ කොටසක් ව තිබුණේ සම ලිංගික ක්‍රියාකාරකම් සහ විවාහ අනුමත කිරීම. ඒක ඉවත් කර හෝ සංශෝධන කර ඇත්ද ? මෙය හුදෙක්ම පිනා, සාගල් වැනි අයගේ අභිමතාර්ථ සපුරා ගැනීමටයි.

:       23       21

Prabha Monday, 13 May 2024 04:14 PM

පන්සලේ වෙන දේවල්වල හැටියට මහා සංඝරත්නය මොකට විරුද්ධ වෙනවද?

:       5       30

Rosa Monday, 13 May 2024 04:28 PM

ගොනා හැරෙන්නේ මොකටද කියලා අපි දන්නවා..මේ අර "අවමංගලයා" ගේන්න හදපු "පොන්න පනතමයි" හරිනේ ඉතිං රනිල්,සාගල,අකිල වගේ උන් ඉන්නකොට මේ වගේ ඒවා එනවා...ඔය අධිකරණ ඇමතියා එදා හිටපු ස්ථාවරයෙම ඉඳීවි කියලා හිතනවා..බලමු..

:       10       11

upul Monday, 13 May 2024 04:52 PM

ඕකට සමාජයටම බලපාන පනත් හදන්න අවශ්‍ය නෑනේ... අරයාට අරයා එක්ක පවුල් කන්න දැනටමත් අපි අවසර දීලනේ තියෙන්නේ...!

:       6       20

Lalla Monday, 13 May 2024 09:42 PM

හැම දේටම සංඝ රත්නය හොට දාන්නේ ඇයි.මේ කියන ජන කොට්ඨාශය මහණවී නැතිනම් ඒ කණ්‌ඩායමටත් සමාජීය පිලිගැනීම ලැබුණම චීවරධාරීන්ට තියෙන ප්‍රශ්නය මොකක්ද? ඉන්දුනීසියාව පිලිපීනය තායිලන්තය වැනි මොන්ගොලයිඩ් ජන වර්ගය ජීවත්වන රටවල මේ ජනතාව 2% තරම් ඉන්නව.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 05:06 AM

උපතින් එන තමන්ගෙ දුර්වලකම් කවුරුත් කියල ගෙන්නගත්තෙ නැහැ, ලප කැලැල් , ලිංගික දුබලතා පිහිටීම් වලට අපහාස කරන්නෙ නියම බෞද්ධයන් නෙවෙයි.

:       0       2

Ariyarathna De Alwis Tuesday, 14 May 2024 08:20 AM

පුම ඉතිරිි බව උලුප්පා දැක්වීම ම වරදෙකි. සමාජයේ මනුෂ්‍යයන් එසේ වර්ග නොකර සිටීමෙන් හා මනුෂ්‍යයන්ට සමාන අයුරින් සැලකීමෙන් බොහෝ ගැටලු ඉබේම අහෝසි වේ. රටේ ඇති ප්‍රශ්නය මෙය නොවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 238 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 279 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 291 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 544 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 235 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site