IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අලුත් වන එජාප ගමනට නායකත්වය ගන්නැයි තරුණයන්ගෙන් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බව එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.

තව වසර විසි හතකින් නිදහසේ සියවස සමරන දා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. "ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන තේමාවෙන් මෙවර එජාප සංවත්සර සැමරුම් උත්සවය ඔන්ලයින් තාක්ෂණයෙන් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය අමතනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පිළිගැනීමේ කතාව කළ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ,උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (20)

අලුත් වන එජාප ගමනට නායකත්වය ගන්නැයි තරුණයන්ගෙන් ඉල්ලයි

gampila Sunday, 05 September 2021 06:28 PM

අපිට නම් ඔහෙගේ මොන මළදානයක්වත් එපා..

:       8       47

RaveendraMonday, 06 September 2021 06:53 AM

රටක මිනිසුන් දේශපාලුවන්ව (සියලුම පක්ෂ වල ) විශ්වාස කරනවා යනු ඒ රටේ මිනිසුන් සැමදා "ඇන ගන්නවාමය". මේ එයට තවත් එක් කදිම උදාහරණයකි.

:       0       1

Ra Sunday, 05 September 2021 06:43 PM

මොකටද ආයෙත් රට කන්නද..?

:       5       30

de silva Sunday, 05 September 2021 06:45 PM

ඔබතුමා ප්‍රමුඛ ගිලෙන නැවකට නගින්න අලුත් තරුණයෝ සූදානම් නැත. අර ඉස්සර හිටි කපුවාත් කළා කියන ජාතියේ මෝඩයින් සෙට් එක 3% දක්වා වැඩිවී ගොස් ඇත.

:       5       27

senaSunday, 05 September 2021 08:48 PM

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයින් බිහිකළ එක්සත් ජාතික පක්ෂය බාරදිය යුතුවන්නේ රටේ අනාගතය වෙනුවෙන් සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැපවන කණ්ඩායමකට බව දේශපාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොඳින්ම දනී. මෙතෙක් පක්ෂයේ නායකත්වය ලබාගැනීමට උත්සාහ කළ අවස්තාවාදී පිරිසට පක්ෂයේ නායකත්වය ලබා දී තිබ්බේ නම් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයක් නොමැත. ලංකාවට නිදහස ලබාගැනීමට කැපවූ එක්සත් ජාතික පක්ෂය රට නගාසිටුවීම වෙනුවෙන් කැපවන පක්ෂයක් බව රටේ ජනතාව හොඳින්ම දනී. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් රටේ වර්තමාන දේශපාලන දිසානතිය වෙනස් කිරීමේ මූලික පසුබිම සකස් කිරීමේ හැකියාව සහ අත්දැකීම් අනුව රටට නව දේශපාලන යුගයක් නිර්මාණය කිරීමට එතුමාගේ මගපෙන්වීම සහ නායකත්වය අත්‍යාවශ්‍යම යුගයකට රට මේ වනවිට පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂය බවට පත්කරමු...

:       30       6

Niel Sunday, 05 September 2021 07:05 PM

මෙයාගෙන් නායකත්වය ගන්න නම් ලේසි වෙන එකක් නෑ...

:       3       37

කිරි පුතා Sunday, 05 September 2021 07:12 PM

එයා යටතේ තරුණ නායකයින්... මෙයා තමයි කවදත් නායකයා...

:       3       38

JAGATH Sunday, 05 September 2021 07:20 PM

නායකත්වය බාරගන්නයි කියා කිව්වම නායකත්වයේ එල්ලිලා ඉන්නවා. අඩියටම වැටිලත් නැත්තටම නැති වුණත්, ලැජ්ජ නැතිකමට තවත් නායකත්වයේ එල්ලිලා ඉන්න හැටි..

:       2       31

Sriland Sunday, 05 September 2021 07:43 PM

හැමදාම ඕක කියවනවා. ඒ වුණාට පක්ෂයේ නායකයාට වලපයයි, ගොඩපයයි තවම අත්හරින්නේ නැහැ. අපිට මතකයි නායකත්වය ඉල්ලපු තරුණයින්ට මොනවද දුන්නේ කියලා..

:       3       31

කිරි ටොයියා Sunday, 05 September 2021 07:46 PM

ජය වේවා! ජය වේවා! අපේ අසහාය නායකයාට ජය වේවා. තරුණ තරුණියන් ඔබ සමගයි.

:       21       8

CHANDIMA Sunday, 05 September 2021 08:15 PM

කොල්ලනේ දෝලාව කරට ගන්න,

:       4       16

සිරිබිරිස් Sunday, 05 September 2021 08:26 PM

ඔය මහත්තයා කොහොමත් තරුණයන්ට හරි කැමතියි...

:       4       21

Wasantha Sunday, 05 September 2021 08:57 PM

මේ අදහස් ටිකවත් මෙයා බැලුවොත් හරි. එජාපයට ආයේ නැගිටින්න බැ.

:       2       11

ranjith Sunday, 05 September 2021 09:45 PM

බලේ තියෙන කාලේ රට ජාතිය වෙනුවෙන් වැඩක් කලේ නැහැ දැන් තාම අතහරින්න කැමති නැහැ වගේ.

:       2       19

Chandi.a Monday, 06 September 2021 01:36 AM

එන්න කිව්වට ඇවිත් නටන්න එහෙම ලෑස්තිවෙන්න එපා. කවුරු ආවත් මමයි රජා හරිද.?

:       0       1

sudanthi muhandiram Monday, 06 September 2021 05:32 AM

එජාප නායකතුමන් කවදත් තරුණයන් වෙනුවෙන් පෙනී සිටි නායකයා.

:       2       0

R.M.L.Ratnayake Monday, 06 September 2021 05:59 AM

ගියපාර බලය දීල මොනවාද කලේ. අගමැතිගෙයි-ජනාධිපතිගෙයි කඹ ඇදිල්ල බල බල හිටියා මිසක්.

:       0       2

Lal Monday, 06 September 2021 06:55 AM

වර්තමාන තරුණ පරපුර අතරේ තරුණ ගොන් නාම්බෝ නැත.

:       0       4

kamal Monday, 06 September 2021 09:29 AM

තරුණ ළමයි ඔය ලනු කන්නේ නැහැ.

:       0       3

Inoka perera Wednesday, 08 September 2021 04:39 PM

මම එජාපයට එකතු වෙන්න කැමැතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 627 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1561 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 765 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 682 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 998 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 483 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site