IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක්

මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත.
 
මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි සහ නිරවද්‍ය පිළිතුරු අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට දැනුම් දී තිබේ.
 
ශ්‍රි ලංකා නීතීඥ සංගමය එහි ශ්‍රවණාගාරයේදී අද  (23) පවත්වන ලද විශේෂ රැස්වීමකදී ගන්නා ලද තීරණයකට අනුව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මඟින් රජයට මේ බව   දැනුම් දී ඇත.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමය යොමු කළ ප්‍රශ්නාවලිය මෙසේය.
 
01. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?

02. (අ) ශ්‍රි ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද?
    (ආ) එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න.

03. පළාත් වලට කුමන බලතල පවරන්නේද?

04 (අ) මධ්‍යම රජයට හෝ පාර්ලිමෙන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද?
   (ආ) එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද?

05. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද?

06.  විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද?

07. (අ) අධිකරණ ව්‍යුහය කුමක්ද?
    (ආ) ව්‍යවස්ථාවක අධිකරණයක් තිබේද?
    (ඇ) එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?

08. (අ) ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචානාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
    (ආ) 1. එම පත් කිරීම් සඳහා යම් ක්‍රමවේදයක් තිබේද?
         2. එසේ නම්, ඒ ක්‍රමවේදය කුමක්ද?

09. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද?

10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ වල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්ථාන මාරූ කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද?

11. (අ)  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මුලික අයිතිවාසිකම් මොනවාද?
   (ආ)   එම මුලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද?

12. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?



අදහස් (26)

අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක්

අනුර ඉලන්කෝන් Monday, 23 October 2017 07:44 PM

තවම හදලවත් නැති ව්‍යවස්ථාවක් ගැන ප්‍රශ්න කරන්න. මොකක්ඳ ඔච්චර හඳිස්සිය?

:       24905       18171

Ranjith Silva Tuesday, 24 October 2017 12:06 AM

දැන් තියෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු සකස් කරනවා මිස අලුත් උගුලක් මේ අවස්ථාවේ මොකටද? මධ්‍යස්ත පුද්ගලයින් ඔතන නැහැ. ඉන්නේ ඔක්කොම අන්තගාමීන්.

:       16765       18776

bamunu Tuesday, 24 October 2017 12:15 AM

ඔය ඔබ දන්නා තරම. නීතීඥ සංගමය වෙන්න යන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබට වඩා දන්නවා.

:       6292       10017

ධනුෂ්ක Tuesday, 24 October 2017 12:16 AM

අනුර ව්‍යවස්ථා කෙටුම්පත හදද්දි බුද්ධිමත් මිනිස්සු මේවා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. නැත්තම් අපේ පාලක උතුමන්ලා දිව දෙකේ වගන්ති ව්‍යවස්ථාවට දාලා පස්සේ ජනතාව ගොනාට අන්දලා පස්සෙ එයාලට ඕනේ විදියට අර්ථ දක්වනවා. රටක සමාජ, අාර්ථික, අැතුලු සියල්ල යහපත් හෝ අයහපත් වෙන්නේ එ් රටේ ව්‍යවස්ථාවේ හොඳ නරක අනුව. ව්‍යවස්ථාවට පුලුවන් මිනිස්සුන්ගේ අාකල්ප වෙනස් කරන්න. මීට අවුරුදු 70 ඉස්සර ලංකාවේ බාල වයස්කාර හා බහු විවාහ සාමාන්‍ය දෙයක්. හැබැයි එ්වට නීති ගෙනාවම අද එ් දේවල් නීති විරෝධි මෙන්ම සමාජය පිලිකුල් කරනවා.

:       1758       6007

Aruna Tuesday, 24 October 2017 01:24 AM

මේ මහත්වරුන්ගේ අරමුණු මොකක්ද කියල අපිටනම් පැහැදිලි. මේගොල්ලෝ කා වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියල අපි දන්නවා. මේ අයට ඕනේ ප්‍රශ්න ඉවර කරන්න නෙවෙයි ඒවා වවාගෙන කන්න.

:       5354       1457

weere Tuesday, 24 October 2017 01:49 AM

හදිසි වෙන්න! හිටපුගමන් බස් එක ගිහිල්ල තියෙයි! ප්‍රදේශීය සභා පනත අනුමත වෙච්ච හැටි දන්නවනේ.

:       317       5673

sathyapala Tuesday, 24 October 2017 02:44 AM

මෙය හරියටම පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වතුර බිදක් හෝ බිමට නොදී අධික පිපාසය ඇතිවිට වතුර වීදුරුවක් ඉදිරිපිට තබා එය ලබාදෙන්නට පොරොන්දුව මත සියල්ල ඉටුකර ගැනීමට සමානය.

:       35       7304

සිරි Tuesday, 24 October 2017 03:09 AM

කෙටුම්පතක් ලෙස හෝ හදලද නැද්ද කියන එක නීතීවේදියන්ට වඩා හොඳින් දන්නෙ කවුද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉන්නෙ එයාලගෙ අයනෙ. ඉතින් අනුර මොකද මේ කලබල වෙලා.

:       285       5352

B.L.Ramanayake Tuesday, 24 October 2017 03:37 AM

නීතීඥවරුන් කල යුත්තේ රජයෙන් ප්‍රශ්න ඇසීම නොව ඔවුන්ගේ අර්ථ නිරුපන දැක්වීම බව ජනතාවගේ මතයවේ. මෙසේ ප්‍රශ්න ඇසීමේ තේරුම කිමද ? ජාතිවාදීන්ට උඩගෙඩි දීම නොවේද?

:       5136       162

nuwan Tuesday, 24 October 2017 03:47 AM

අනුර ඉලන්කෝන්, හදල නැහැ කියල අරය කියන නිසා ඔයත් පිළිගන්නවනේ.

:       4       5212

Kandepola Tuesday, 24 October 2017 03:50 AM

හදන්න කලින් තමයි ප්‍රශ්න කරන්න ඕනේ. නැත්නම් හදලා සම්මත කරලා තමයි රටට කියන්නේ.

:       152       5335

s jayasiri Tuesday, 24 October 2017 04:16 AM

අලුත් ව්‍යවස්ථාවක් දෙකකද මේ මහත්තුරු

:       1       3

Rohan Tuesday, 24 October 2017 04:18 AM

මේ අහන ප්‍රශ්න වැල ව්‍යවස්ථාව කෙටුම්පතේ තියෙනවා තේරුම් කරලා පැහැදිලිව. මේ සංගමයත් හරියට අර දොස්තර සංගමය වගේ. හැමදේම දකින්නේ වැරදි විදියට. අනික යහපාලන ආණ්ඩුව කියන්නේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක්.

:       5374       295

saliya Tuesday, 24 October 2017 04:28 AM

මෙය ඉතාම හොඳ දෙයක්. කාලයක් තිස්සේ කට්ටිය බලය ගන්න J R ගේ බහුබූත ව්‍යවස්ථාව කියල, විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව අපිට කරුණු කිව්වා. බලය අරන් වෙනස් කලෙත් නැහැ. බලතල බුක්ති වින්දා. ඒ ගොල්ලන්ම දැන් ඒක වෙනස් කරනවාටත් විරුද්ධයි. මේ අලුත් එකෙන් රටට වෙන අහිතකර බලපෑම මොකක්ද කියල විමර්ශනය කරලා , උගත් මහත්වරු හොයල අපිට කියන්න. අපි වෙනස් කරන්න කියනකොටයි, එපා කියනකොටයි, දෙකටම හා කියන දේශපාලකයින්ගේ එහෙයියෝ වෙලා ඉවරයි.

:       9       69

Ravindra Tuesday, 24 October 2017 04:58 AM

ඔය මෝඩ මනුස්සයාට කියන්න. කලින් නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථාවක් සඳහා ලබා දුන් යෝජනාවලිය කියවන්න කියලා.. දෙවැනියට අර ප්‍රසිද්ධ කරලා තියෙන අතුරු වාර්තාව කියවන්න කියලා.. සිංහල තේරෙනවනම් මේ ප්‍රශ්න අහන එකක් නෑ...

:       5198       114

බුද්ධික Tuesday, 24 October 2017 06:40 AM

ඔබ නිවැරැදියි.

:       228       171

AkaTuesday, 24 October 2017 11:01 AM

තව දෙයක්. මේ ප්‍රශ්නාවලිය හදලා තියෙන්නේ රොමේෂ් ද සිල්වා මහත්මයා විසින්. සංගමේ සභාපති හදලා නෙමේ.

:       0       0

gayan Tuesday, 24 October 2017 05:34 AM

ප්‍රශ්න විමසන එක කාටත් පුළුවන්. මතය ප්‍රකාශ කිරීමයි වැදගත්

:       5087       117

gamage Tuesday, 24 October 2017 06:45 AM

ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණාම ඔක්කොම ප්‍රශ්න කරන එපා කියනවා. විරුද්ධවෙනවා. මේ රටේ කිසිදෙයක් කරන්න දෙන්නේ නෑ. ඒකාධිපතියෙක්ම තමා හරියන්නේ.

:       5083       163

aka Tuesday, 24 October 2017 06:57 AM

ප්‍රශ්න අහන්නේ කෙටුම්පතේ කරුණු පැහැදිලි නැති නිසා. පැහදිලි නැති තැන් පැහැදිලි කර ගන්න ප්‍රශ්න අහන්නේ නැතුව වෙන මොනවා කරන්නද?

:       8       5521

Ranga Tuesday, 24 October 2017 07:46 AM

ව්‍යවස්ථාව කියන්නේ රටේ මුලික නීතිය පිලිබඳ ලියවිල්ල. ඒ ගැන ප්‍රශ්න කිරීමේ සාධාරණ සහ යුක්තිසහගත අයිතියක් ඕනෑම පුරවැසියෙක්ට තියනවා. මොකද සෑම පුරවැසියෙක්ටම පුද්ගලිකව නීති සැදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේ ප්‍රයෝගික ගැටළු තිබෙන නිසා, ඔවුනගේ නියෝජිතයන්ට බලය පැවරීම තම චන්දයකදී කරන්නේ. ඒකවත් නොදැනද සමහර අය ප්‍රශ්න කරන්නේ, නීතිඥ සංගමයට ඇති අයිතිය ගැන? නීතිඥ සංගමය, පුරවැසියන් වන අප වෙනුවෙන් කරන මේ අත්විශාල මෙහෙය, අතිශය පැසසුම් කටයුතුයි. ජර්මනියේ මිනිස්සු එකට එකතුවෙන්න නිසඟ කැමැත්තක් දක්වන නිසා, එහි පැවැත්ම තහවුරු වී තිබුනත්, වෙන්වීමටම පිටපොට ගස සිටින අන්තවාදී දේශපාලඥයන් සිටින රටක මුලික නීතිය පිළිබඳව බැරෑරුම් ලෙස සිතිය යුතුයි. මේ වාර්තාව සම්පාදනය කිරීම සාතිශය බහුතරයක් ෆෙඩරල් වාදීන්ට බාරදීමයි වැරැද්ද. නැතුව වගකිවයුතු පුරවැසියන් ලෙස ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනුමට උත්සහ කිරීම නෙවෙයි.

:       2       7

bamunu Tuesday, 24 October 2017 08:13 AM

ප්‍රස්නයක් ඇසීමත් තම මතය වක්‍රව ප්‍රකාශ කිරීමක් හා තම මතය සමග ගැලපේද කියා බැලීමක්.

:       1       2

මරික්කාර් Tuesday, 24 October 2017 08:34 AM

අපටත් කියවන්න ලංකාදීපට බැරිද කෙටුම්පත සම්පුර්ණයෙන්ම පල කරන්න..

:       0       30

rama Tuesday, 24 October 2017 09:56 AM

රනිල් කියන්නේ බලය ලැබෙන අලුත් ව්‍යවස්ථාවක් ගැන .අනෙක ශ්‍රීලංකා පොදුජන පක්ෂය කිව්වේ නේ එක වෙනස් කරනවා කියල.... දැන් එයාලව ආණ්ඩුවේ විදියට සලකන්න බෑ මෙතනදි.... හදපු කෙටුම් පත තම ව්‍යවස්ථාවක් වෙන්නේ නෑ. මේ පිරිස බොරු කියා කියා අපහු කොටි එක්ක සම්බන්ධ වෙන්නයි යන්නේ. දෙමල සන්ධානයට පොරොන්දු වෙච්ච ඉටු කරන්න ගියාම ඔහොම වෙනවා තමා...

:       0       45

සිංහවංශ Tuesday, 24 October 2017 10:38 AM

ලංකාවේ එක්සත් ජාතික පක්ෂයට ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව තියෙන ඉතිහාසය හොඳ එකක් නොවේ.ජේ ආර් 1972 ජනරජ ව්‍යවස්ථාව අවලංගු කරලා 1978 ව්‍යවස්ථාව ඔහුට ඕනේ විදියට ලියාගෙන සම්මත කරගත්තේ 6/5ක එ ජා ප මන්ත්‍රීන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන. එයට විරුද්ධ වෙන්න ස්වදේශික චින්තනය දේශපාලන දර්ශනය කරගත් ශ්‍රීලනිපයේ හිටියේ මන්ත්‍රීන් 8 දෙනයි. ස්වදේශිකත්වය සම්පූර්ණයෙන් යටපත් කර 1978 ව්‍යවස්ථාව හැදුවත් ජේ ආර් සිංහල ජාතියට හානියක් වන දේ ඒ අවස්ථාවේදී සම්මත කලේ නෑ. 13 වන සංශෝධනය සම්මත කරවුයේ ඔහුව රජීව් ගාන්ධි බෙල්ලෙන් අල්ලා සිංහල දහස් ගණනකගේ ලේ මතින් ගමන් කරවමින්. රනිල් 2002දි ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර ලියල දුන්නේ පාර්ලිමේන්තුවේ කතානයකටවත් නොකියා. එවැනිම කපටි වැඩක් පසුගියදා පනත් සම්මත කිරීමේදී කළා. සිංහලයින් මෛත්‍රී රනිල් ප්‍රමුඛ එජාපය මේ ව්‍යවස්තාවේදී විශ්වාස කිරීම සිංහලයාගේ සියදිවි හානිකර ගැනීමයි.

:       13       213

de silva Tuesday, 24 October 2017 10:46 AM

අනුර මහත්මයාණෙනි ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න කිරීමට පෙරකදෝරු මහත්වරුන්ගේ සංගමය විසින් අනිවාර්යයෙන් කලයුතුය. නැත්නම් මේවගේ ප්‍රතිපල අපට විදින්න වෙන්නේ ඉදිරියට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 37 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 207 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 114 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 198 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 490 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 535 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site