IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අලුත් හොරෙක් හොයන පරණ ඇමැති

2016-05-12-ent-102

"අයිසෙ හොරකම නීතිගත කළොත් එහෙම ඒක රටට බලපාන ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් වේවි. ඔය සේරම මඟ ඇරගන්න පුළුවන් හොඳ හොරෙක්ව අධිකරණ ඇමති විදිහට පත්කළානම්...."

 

මේ වගේ බරපතළ ප‍්‍රකාශයක් කරන්නෙ කව්ද?

"කව්ද" කව්ද දන්නවද ඇමති කෙනෙක්.

 

ඇමති කෙනෙක්? මොන ඇමතිද?

නාට්‍ය හා විනෝදාත්මක කටයුතු බාර ගරු ඇමති විජය නන්දසිරි.

 

පහුගිය දවස්වල ඇමතිකම ලැබුණු මේ අලූත් ඇමතිතුමා එක්ක පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන්න මට ඇමතිතුමාගෙන් පොඩි ‘‘එපොයිමන්ට්” එකක් හම්බවුණා.

මේ පළවෙන්නෙ අන්න ඒ මාධ්‍ය සාකච්ඡුාව.

 

ඇමතිතුමා ඔබතුමාගෙ ජනතා සේවය මොනවගේද?

බොහොම හොඳින් කරගෙන යනවා. රටේ ඉලන්දාරින්ට මත්ද්‍රව්‍ය සපයනවා. තරුණ සහ වැඩිහිටි අයට මත්පැන් ලබාගැනීමට බාර් එකක් පවත්වාගෙන යනවා. වාහන හිමියන්ට ඉන්ධන ලබාගැනීමට ෂෙඞ් එකක් පවත්වාගෙන යනවා.

 

2016-05-12-ent-103ඇමතිතුමා මේ ඔක්කොම ජනතා සේවය. එතකොට ඔබතුමා වෙනුවෙන් මොකුත්ම කරන්නෙ නැද්ද.

මං වෙනුවෙන් පුංචි පහේ පේ‍්‍රම සම්බන්ධකයක් පවත්වනවා.

 

ඒ කිව්වෙ?

මමයි මගෙයි සෙකට්රියි දෙන්නා දන්නවනෙ ඉතිං....

 

නෝනට හොරෙන්ද?

නැතිව ඉතිං.

 

ඒ කියන්න ඔබ ස්වර්වසම්පූර්ණ දේශපකයෙක්.

ඔව්. ගරු ඇමතිතුමෙක්. ඊයෙ අද වගේම හෙටටත් ගැලපෙන ස්වර්ණකාලීන ඇමතිකෙනෙක්.

 

එතකොට අලූත් හොරෙක් ඕනෑ කියල කියන්නෙ මොකද?

මගේ ජනතා සේවය උපරිමයෙන් කරගෙන යන්නනෙ....

 

හොරා කියන්නෙ හොඳම රාජය නායකයටද?

අන්න හරි.

 

ඔබ ඇමතිතුමෙක් වෙන්නෙ කී වෙනි වතාවටද?

ජයග‍්‍රාහී පස්වැනි වතාවට.

 

මුලින්ම ඇමතිකමක් ලැබුණෙ?

එතුමා ටෙලිනාට්‍යයෙන්.

 

ඊට පස්සෙ?

කෝ මාර්ක් නෝ මාර්ක්, කිං හන්තර්, සුහද කොකා.

 

එකම චරිතය හැමදාම කරන කොට එපා වෙන්නෙ නැද්ද?

ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිකම වෙනස්..... සෙකටි‍්‍රලා වෙනස්. එකම විදිහට කෙරෙන්නෙ පෞද්ගලික බිස්නස් ටික විතරයි.

 

කොහොමද මේ වෙනස්කම කරන්නෙ..?

කරන්නෙ... දෙබස් වලින්... අංග චලනයෙන්.... වේෂ නිරූපණයෙන්... ඇඳුමෙන්...

 

2016-05-12-ent-112ඔය කිව්වට ඔබ එතුමාගෙන් වෙනස් වුණු බවක් මට නම් මතක නෑ... එකම ඇඳුම.... එකම බොරු ටික....

බොරු ටික වෙනස් කළොත් එයා ඇමති කෙනෙක් නෙමෙයිනෙ..

 

එතකොට පෙනුම?

ඔන්න ලකී ඩයස් බ්‍රේකිං නිවිස් කියල අලූත් චිත‍්‍රපටයක් කළා. ඒකෙත් මම ඇමති.. හැබැයි මේ ඇමතිගෙ තට්ටෙ තියෙනවා... ඔන්න පෙනුම වෙනස්...

 

ලකී ඩයස් කියන කොට මට මතක් වෙන්නෙ ඉයර්ස් බොස්...

මටත්.

 

පේ‍්‍රමචන්ද්‍රගෙ ලව් සීන් ටිකද ඔබට මතක් වෙන්නෙ.

වෙන මොනවද?

 

ඔබ වැඩිපුරම කැමති මොන ඇමතිටද?

මට නම් හැම ඇමතිකමක්ම එකයි. හැම එකටම එකවගේ කැමතියි. 

 

එතකොට මිනිස්සු.

මිනිස්සුත් එහෙම තමා. කොතන ගියත් ඉතිං යහපත් ප‍්‍රතිචාර තමයි ලැබෙන්නෙ.

 

මොකක්ද රහස?

මගෙ රඟපෑම තමයි.

 

රඟපාන්න පටන් අරන් දැන් කොච්චර කල්ද?

අවුරුදුම පනහක්.

 

දිග කාලයක්නෙ.

මගේ විවාහ ජීවිතයටත් වැඩියෙ, අවුරුදු විස්සක් වැඩියි.

 

ඔය කාලෙ චිත‍්‍රපටි කීයක, ටෙලි නාට්‍ය කීයක, වේදිකා නාට්‍ය කීයක රඟපෑවද?

කාටද මතක.

 

එක සති අන්තෙකවත් විජය නන්දසිරි ගෙදර නැහැලූ.

2017 දෙසැම්බර් වෙනතුරුම එහෙම තමා.

 

අනිත් දවස් වලටත් හැමදාම ෂූටිං ලූ.

කලාතුරකින් දවසක් ෆ‍්‍රී වෙනවා.

 

ඇයි ඉතිං ඔබට ඔච්චරම ඉල්ලූම.

මම රඟපාන විදිහ. හාසසෝත්පාදක චරිත කරන්න හැමෝටම බෑ

 

ඔබ හිතන්නෙ මේ ඔබේ හැකියාවද? වාසනාවද?

වාසනාව.මිනිස්සුන්ට සතුට දෙන්න මිනිස්සු හිනස්සන්න ලැබෙන එක වාසනාවක් කියලයි මං හිතන්නෙ.

 

ඔබ අනුන්ව හිනස්සන්නෙ දෙපිට කැපෙන කුණුහරුපවලින් නෙමෙයි නේද?

චී.... මල්ලි මං කවදාවත් ඒ වගේ බාල වැඩ කරන්නෙ නෑ, මගේ ළඟ මෝඩ ජෝක් නැහැ. ගොන් ජෝක් නෑ.

 

ඒ වුණාට නාට්‍ය පිටපත් ලියන්නෙ ඔබ නෙවෙයිනෙ.

මම රඟපාන්න තෝරගන්නෙ හොඳ පිටපත් විතරයි. බාල කුණුහරුප, ගොන් ජෝක් මම ප‍්‍රතික්ෂේප කරනවා.

 

ඔබ ඇමතිකම දරන අලූත් හොරෙක් ඕනෑ. නාට්‍යය හොඳ පිටපතක් කියලද ඔබ ඔය කියන්නෙ.

අනිවා.... එහෙමනෙ දැන් භාෂා ව්‍යවහාරය... නේද?

 

මෙච්චර ඇමතිකම් කරලත් ඇත්තටම ඡුන්දෙ ඉල්ලන්න හිතුනෙ නැද්ද?

පිස්සුද...?

 

2016-05-12-ent-113කවුරුවත් කතා කළෙත් නැද්ද?

මොකද නැත්තෙ?

 

ඒ පැත්තෙන්ද මේ පැත්තෙන්ද?

හැම පැත්තකින්ම.

 

හැමෝමට බෑ කිව්වද ඉතිං...

නැතුව.

 

ඇයි ඒ දේශපාලනයට කැමති නැද්ද?

ලංකාවෙනෙ... මං කැමති නෑ...

 

ඉල්ලූවනම් උඩින් දිනන්න තිබුණෙ නේද?

ඒකනම් එහෙම තමා. එහෙම වුණානම් මෙලහට මම ඇත්තම ඇමති කෙනෙක්.

 

කතාවටත් රුසියනෙ නේද?

ඕනෙතරම් කතා නම් පවත්වන්න පුළුවන්.... හතර පැත්තටම ආයුබෝවන් කිව්වහැකි.

 

විහිලූ තහලූත් සපයතැහිනෙ...

ඒක අත්‍යවශ්‍යයි. දේශපාලනය කියන්නෙ තනිකරම විහිලූ සැපයීමනෙ.

 

මේ දවස්වල ටීවී එකෙනුත් දකින්න පුළුවන්.

ඔව්.... ටෙලි නාට්‍ය තුන හතරක ඉන්නවා.

 

මොනවද ඒ..?

සට කපට, ක්ලාස් සිංහල ක්ලාස් ඇතුළුව හිරු නාළිකාවෙම ටෙලි නාට්‍ය හතරක්. කොටින්ම හිරු නාලිකාවෙ වීරයා මම.

 

එතකොට වේදිකාවෙ?

වේදිකාවෙත් එහෙම තමා.

 

තව මොනවද?

මගෙ දුවට දුවක් හම්බවුණා. මං දැන් සීයා කෙනෙක් කියලත් ලියන්න.

 

කවුරු හරි කිව්වොත් සීයා මනමාලයා කියලා...

ඒ ඉතිං රඟපාද්දිනෙ...

 

ශාන්ත කුමාර විතාන

 

2016-05-12-ent-104
2016-05-12-ent-105
  2016-05-12-ent-108
2016-05-12-ent-109
2016-05-12-ent-110
2016-05-12-ent-111

 



අදහස් (0)

අලුත් හොරෙක් හොයන පරණ ඇමැති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 16 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1352 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site