IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අලින්ට කිරි පොවන්න බැරිවෙයි

පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන්ට කිරි ලබා දිමේ අවසර පත්‍රය නවත්වා ඇතැයි දෙස් විදෙස් සංචාරකයෝ කියති.

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පැටවුන්ට කිරි දීමේ ටිකට් පත රුපියල් 350 ක මුදලට ලබා ගත් පසු දෙස් විදෙස් සංචාරකයන්ට පින්නවල අලි අනාථාගාරය මගින් පැටවුන් සදහා ලබා දෙන බෝතල් වලට පිරවු කිරි එහි පුහුණුව ලැබු සේවකයන් යටතේ අලි පැටවුන්ට පෙවීමට අවස්ථාව ලැබේ. අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් දවසකට වාර 3 ක් ඇති අතර උදැසන 9.15-දහවල් 1.15 හා පස්වරු 5.00 යන වේල් තුනෙන් එක වේලක් සඳහා ටිකට් පත් 30 ක් පමණ නිකුත් කරන අතර දිනකට රුපියල් 30 000 ට ආසන්න මුදලක් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට ලැබෙන බව එහි නිලධාරියෙක් පැවැසීය.

මිට අමතරව අලින්ට පළතුරු ලබා දිමේ ටිකට් පතක්ද සංචාරකයන්ට නිකතු කරනු ලබයි.

තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුයේ දරුවෙකුට කිරි පෙවුවත් පිරිසිදුව කිරි පෙවිය යුතු බවත් ලැබෙන ලාභයට වඩා සතුන්ගේ ශරිර සෞඛ්‍ය තත්වය ගැන සිතා එය නැවැත්වු බවයි.

කිසිදු පුහුණුවක් නොලබා නරඹන්නන් කිරි පිරවු බෝතල් වලින් පෙවීමේදි යම් ගැටළු උදා විමටද හැකියාව ඇති බවයි. වැඩි වශයෙන් අලි පැටවුන්ට ව්‍යායාමයක් නොලැබෙන බවද වැඩි කාලයක් කොටු කර තැබිම යම් පෝෂණ ගැටලු ඇතිවිය හැකි බවද මුදලට ටිකට් පත් අලෙවිය නවතා දැමුවද අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් ප්‍රමාණය කිසිවිටක නවත්වා නොමැති බවද අමාත්‍යවරයා පැවැසිය.

PINNAWALA-KIRI20151020-0 PINNAWALA-KIRI20151020-1

 



අදහස් (0)

අලින්ට කිරි පොවන්න බැරිවෙයි

මේනක විජේසුරිය Tuesday, 20 October 2015 11:39 AM

ඕක නම් මොනවද අපි හැමදාම දේසපාලන නයින්ට නොමිලේම කිරි පොවන්නේ (රේ)

:       0       0

උපාලි Tuesday, 20 October 2015 11:42 PM

මේක වඩා ක්‍රමවත්ව කිරීම නේද සුදුසු වෙන්නේ? (නි)

:       0       0

සුරංග Wednesday, 21 October 2015 01:19 AM

අලින්ට නම් කමක් නැහැ, හැබැයි සර්පයින්ට නම් කිරි පොවන්න හොඳ නැහැ (නි)

:       0       0

වසන්ජය Tuesday, 20 October 2015 12:24 PM

කිරි ගෙදරින් ගෙනෙනවා නොවෙයිනේ. ඇරත් පුහුණු සේවක අධීක්ෂණය යටතේ සිදුකරනවා නම් සතුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්නේ කොහොමද? (නි)

:       0       0

සඳුන් Wednesday, 21 October 2015 02:11 AM

මේ කටයුත්ත නවත්වන එක නම් අපරාදේ (නි)

:       0       0

තුෂාර Tuesday, 20 October 2015 12:25 PM

ඒ වුණාට මේක විදේශිකයන්ගෙන් ආදායම් ලබන්න පුලුවන් හොඳ ක්‍රමයක් (නි)

:       0       0

ජයලත් Tuesday, 20 October 2015 12:35 PM

මට නම් පෙනෙන්නේ මේක බොහොම හොඳ වැඩක් වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 October 2015 12:53 PM

කිරි දෙනකොට අත් වැසුම් අඳින්න කිවුවා නම් සෞඛ්‍යාරක්ෂිතයි නේද ? අපරාදේ ආදායම (නි)

:       0       0

සෙනරත් Wednesday, 21 October 2015 03:38 AM

අභය සහ නදීක සමඟ එකඟයි. රටටත් ආදායමක් ලැබෙනවා වගේම ඒ අයත් සතුටු වෙලා පිනකුත් කරගන්නවා. මෙයාලට ඕනෑ තිබෙන ක්‍රමවේදය වෙනස්කරලා තමනුත් මොකක්හරි කළා කියලා පෙන්වන්න (නි)

:       0       0

සරණපාල Tuesday, 20 October 2015 01:06 PM

අර අබය කියන කතාව ඇත්ත. (නි)

:       0       0

විජිත Tuesday, 20 October 2015 09:15 AM

යහපාලනයේ මෝඩ වැඩ ! (බ)

:       0       0

සෑම් Tuesday, 20 October 2015 02:40 PM

මේක නම් ගොන්ම ගොන් තීරණයක් .ඔය තරම් බය නම් සංචාරකයන්ට අත්වැසුම් වත් දමල කිරිපොවන්න දෙන්න තිබුනනේ .එ්කටත් තව ගානක් අරගෙන මේක කරන්න දෙන්නයි තිබෙන්නේ.සංචාරකයෝ එ්කෙන් අහිංසක සතුටක් සහ මානසික තෘප්තියක් ලබනවා නේද ?සත්ව කරුණාව කියන එක අවබෝධ වෙන්නේ නැද්ද මේ ලොක්කන්ට .අනික රජයට මොන තරම් සහනයක්ද මෙතුලින් සිද්ධ වෙන්නේ .කරුණාකර පිරිසිදුව දෙන්න පුළුවන් ක්‍රමයක් සහිතව මේ ක්‍රමය නැවත පටන් ගන්න (බ)

:       0       0

රදේ-බර්ලින් Wednesday, 21 October 2015 05:26 AM

මෙච්චර කාලයක් දුන්න කිරි හොඳයි, දැන් තමා නරක්වෙලා තියෙන්නේ. වැඩ නැතුවට වැඩ. කොහොම නමුත් සතෙකුට බොන්න දෙන දේ නවත්වන්න එපා. (නි)

:       0       0

අනුර Tuesday, 20 October 2015 03:11 PM

බල්ලාගේ වැඩේ බූරුවා භාර ගනී කියලා කියමනක් මම අහලා තියෙනවා! (අ)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 05:52 AM

මුහුණ එක්ක තරහට නාසය කපාගැනීම (නි)

:       0       0

මොහාන් Tuesday, 20 October 2015 09:30 AM

මම හිතන්නේ නං හොඳ දෙයක්. (රේ)

:       0       0

අභය Tuesday, 20 October 2015 09:43 AM

මේ සමාන්‍යන් දවසට දෙන කිරි වෙල් 3 (අලි අනාථාගාරයෙන් දෙන ) එක නරබන්නන් අතින් දෙන්න තමයි මේ 350/= ක් ගන්නේ නැතුව නරබන්නෝ ගෙදරින් හෝ කඩේකින් ගන්න කිරි නෙවයි.ඉතින් මේක නවත්වපු එක වැරදි නේ අලින්ට යන කිරි වල වියදමින් කොටසක් හරි පියව ගන්න තිබුන අදායමක් නේ. (ම)

:       0       0

ගිම්හාන Tuesday, 20 October 2015 09:44 AM

හොඳින් සලකනවානම් මමත් හිතන්නේ මේ කරපු දේ හොඳ දෙයක් කියල. විජිත කියන්නේ අලින්ව කකුල් වලින් තුවාල වෙනකම් බැඳලා ගෙවල්වල තියාගෙන. පුද්ගලික බුදලයක් වගේ රට රට වලට, නෑදෑ පරපුරට පරිත්‍යාග කළ සුබ අනාගතය හොඳයි කියලද (ම)

:       0       0

නදික Tuesday, 20 October 2015 09:56 AM

අවසර පත් නිකුත් කරන එක නවත්තන්නේ නැතුව , නිසි ප්‍රමිතියකට කිරි බෝතල් පිළියෙළ කර ඒවා මිලට ගැනීමේ ක්‍රමෝපායක් සකස්කොට සංචාරකයන්ට අලින්ට කිරි දීමේ අවස්ථාව ලබා දෙන්න බැරිද?සංචාරක ආකර්ෂණය ලබා ගන්න මේවගේ දේවල් අපි වගේ රටකට වැදගත් නේද? නැත්නම් ඉතින් නිකන්ම අලි බලන්න ඕනේ නම් සංචාරකයන් සියලුම දෙන දෙහිවල සත්තු වත්තට යයිනේ ...(රේ)

:       0       0

වරුණ Tuesday, 20 October 2015 10:07 AM

අනේ මන්ද මේවා නිකන් පිස්සු වගේ....(ම)

:       0       0

ජයරත්න Tuesday, 20 October 2015 10:09 AM

අලි අනාථාගාරය තුළම ප්‍රමිතියට සාදා බෝතල් වලට පිරවූ කිරි පුහුණු සේවකයන්ගේ සහය ඈතුව අලි පෑටවුන්ට ලබාදීමේ වරද කුමක්ද? එමගින් කිරි සදහා යන වියදමින් කොටසක් හෝ පියවා ගතහෑකී නේද. අනේ මන්ද මෙතන දෑන් තවත් මූල්‍ය අර්බුදයක් ඈතිවෙනවා (ම)

:       0       0

ජයලත් Tuesday, 20 October 2015 10:14 AM

අලි කිරි පොවපල්ල කොටි පෑටවුන්ට. (ම)

:       0       0

රදේ - බර්ලින් Tuesday, 20 October 2015 06:21 PM

මේවා ඵලක් නැති වැඩ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

දොන් Tuesday, 20 October 2015 10:34 AM

70 ට වැඩි අය‍ට දේශපාලකයන් වීම තහනම් කල යුතු නොවේද ? තීරණ ගැනීමේ දුබලතාවය පේනෙවානේ. (රේ)

:       0       0

බුද්ධි Tuesday, 20 October 2015 07:23 PM

මේ වැඩේ නම් මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

නජීව Tuesday, 20 October 2015 10:46 AM

දැන් අලින්ට කිරි පොවන එක නවත්තල කොටින්ට කිරි පොවන්න පුරුදු වෙන්න (ම)

:       0       0

චතුරි Tuesday, 20 October 2015 08:36 PM

අපේ. අයට සතෙකුට කරුණාවක් දක්වන්නේ. කොහොමද . අසරණ දරුවන්ට කරන දුෂණ වල හැටියට ලෝකේ. ඕනෑම රටක විදේශිකයෝ තමයි සතුන්ට. කරුණාව දක්වන්නේ. අපිට තියෙන්නේ. ඒවා දැකල. ඉගෙන ගන්න. මිසක්. වැරදි හොයන්න නොවේ (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 10:46 AM

අලි පැටවුන්ට ලබාදෙන කිරිවේල අලි අනාථාගාරයේ පුර්ණ අධීක්ෂණය යටතේ පිළියෙල කර විදේශිකයින්ට සහ දේශීය නරඹන්නන්ට ලබාදීමේ වැඩපිළිවෙලකට යන්න.සංචාරක ආකර්ෂණය ලබාගැනීමේ මෙවැනි වැඩපිළිවෙලක් තේරුම් ගැනීමට තරම් අලි මහත්වරු දුප්පත්ද? නඩත්තු වියදමෙන් සෑහෙන මුදලක් ඉතිරි කරගත හැකිනේද? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 180 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 291 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 638 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 371 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 554 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 527 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site