IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අලිමංකඩ ලුණු යළි කඩේට

තිස් වසරක යුද්ධයේ දී වරින් වර හමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණු ලේවායේ අස්වැන්න වසර 25කට පසු මෙවර නෙළාගැනීමට යයි.

සෙබළ ගාමිණී කුලරත්න කොටි සටන්කරුවනට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ අලිමංකඩදී ය. කිලිනොච්චියේ යුද හමුදා කඳවුර ගිය වසරේ ලුණු ලේවාය පිළිසකර කළේය.

මෙවර ලුණු ටොන් 8000ක් ලබාගත හැකිවෙතියි හමුදාව කියයි. 1938 අලිමංකඩ ලුණු ලේවාය ඇරැඹිණි. එතැන් සිට 1990 වනතෙක් ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 40%ක්ම ලබාගත්තේ අලිමංකඩිනි.

එදා යුද්ධයට පෙර ලුණු මෙට්‍රික් ටොන් 8000ක් පමණ නිෂ්පාදනය කළ අලිමංකඩ සේවකයෝ 650ක් පමණ වූහ. යුද්ධයත් සමග ඔවුන්ටද රැකියා අහිමි විය. දැනට ලුණු ලේවායේ 30කට ආසන්න පිරිසක් සේවය කරති. ලුණු අස්වනු නෙළීමේ අවස්ථාව කිලිනොච්චිය අතිරේක දිසාපති එන්.සත්‍යසීලන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

solt_829 solt_8292 solt_8293 solt_82934 solt_829346



අදහස් (0)

අලිමංකඩ ලුණු යළි කඩේට

ගුණවර්ධන Monday, 29 August 2016 06:33 AM

බොහොම සන්තොසයි ලුනුවගේම අනෙකුත් නිෂ්පාදනත් වෙළඳපොළට එනකොට ජීවන වියදම ටික ටික අඩුවේවි (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 29 August 2016 05:21 PM

අපේ හමුදාව කරන හොඳ වැඩ රජය ලෝකය හමුවේ ප්‍රසිද්ධ කළයුතුයි (නි)

:       0       0

නිරේෂ් Monday, 29 August 2016 07:32 AM

බොහොම සතුටුයි. අපි ටික ටික දියුණු වෙමු. ගමන හිමින් යමු.(ම)

:       0       0

නුවන් Monday, 29 August 2016 07:46 AM

ගාමිණී හසලක විරුවට මගේ ප්‍රණාමය! (බ)

:       0       0

මොහාන් Monday, 29 August 2016 07:49 AM

අපි බලමු විග්නේශ්වරන් මහත්තය මොකක්ද මේකට පෙරලන බකට් එක කියලා (බ)

:       0       0

චන්ද්‍රා Monday, 29 August 2016 06:45 PM

මොනවා තිබුනත් වැඩක් නැහැ ලුණු නැත්නම්, කාලා ඉවරයි (නි)

:       0       0

සමන් Monday, 29 August 2016 08:21 AM

මොහාන් ගේ කතාව කොච්චර අවුල් වුනත් ඒ කතාව 100% ඇත්ත. විග්නේශ්වරන් කොරහේ කිඹුල්ලු පෙන්නන්න හරි හපනා. ලුණු හෘදයාබාධ ඇති කරනවා මේ කරන්න යන්නේ දෙමල මිනිස්සු ලෙඩ කරන්න කියල කියයි ළඟදීම (බ)

:       0       0

නිලුපුල් Monday, 29 August 2016 08:48 AM

ජයවේවා ....!!! (බ)

:       0       0

ධනූ Monday, 29 August 2016 09:17 AM

හොදයි නම් තමා..ලුණු බද්ද තවත් වැඩි කරයි දැන්...ලංකාවේ වෙන්නේ ඒ වගේ දේවල් නේ...(බ)

:       0       0

අසෝකා Monday, 29 August 2016 09:19 AM

අනේ ඒ වුනාට මේ අලිමංකඩ කොළඹට කොච්චර කිට්ටුද (පාමංකඩ ළඟනේ තියෙන්නේ!!) කියල මේ ආණ්ඩුවේ කට්ටිය හොදට දන්නවා. (බ)

:       0       0

ජයරත්න Monday, 29 August 2016 09:37 AM

ලුණු හැදෙන්නෙත් වතුරෙන් දිය වෙන්නෙත් වතුරෙන් කියලා දන්නා නිසා විග්නේෂ්වාරන් උන්නැහේ මේකට නම් මොනවත් කියන්නේ නැහැ , අපි වැඩේ කොරගෙන යමු (හේ)

:       0       0

සරත් Monday, 29 August 2016 09:40 AM

ලංකාවට ලුණු; අහිංසක මිනිස්සුන්ට රක්ෂා. බොහොම හොඳ වැඩක්.(හේ)

:       0       0

හෆීල් Monday, 29 August 2016 09:55 AM

හරිම සතුටුයි. මොහාන් ඔය හරියට හරි. (හේ)

:       0       0

රංග Monday, 29 August 2016 10:02 AM

කලක් ලංකාවේ ආර්ථිකය ඉහලින්ම තියන්න දායක උන කර්මාන්ත නැවත දකින විටත් සතුටුයි..! මේ වගේම කන්කසන්තුරේ සිමෙන්ති කම්හලත්, පරන්තන් වල රසායන නිස්සරණ කම්හලත්, පුල්මුඩේ වැලි නිදියත්, වැනි දැවැන්ත කර්මාන්තශාලා නැවත ඇති වේවා...! (ර)

:       0       0

කුමාර Thursday, 01 September 2016 07:46 AM

බිම රකින්න යුද්දේ කළේ ගම්වල අහිංසක තරුණ දු පුත්තු, නැතුව වේදිකා දෙදරන්න බෙරිහන් දුන්නු දේශපාලුවෝ නෙවෙයි. අත නැතිවුනෙ, ඇස නැතිවුනෙ, කකුල් දෙක නැතිවුනේ ජීවිත නැතිවුනේ ඒ අයගේ, යුද්ධ කළ අහිංසක පුරවැසියන්ගේ. (බ)

:       0       0

නිශාන්ත Tuesday, 30 August 2016 01:21 AM

දැන් එහෙනම් ලුණු වල මිළ අඩුවෙයි (නි)

:       0       0

සමරසේකර Tuesday, 30 August 2016 01:23 AM

මේ ලුණුත් ජාත්‍යන්තර රස පරීක්ෂකයෝ දාලා කාලා බලන්ඩ ඕනෑ කියයිද දන්නෙ නැහැ අපේ විග්නේශ්වරන් මහත්තයා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 August 2016 02:57 AM

හමුදාව යුද්දේ ඉවර කරලා දීල අවරුදු 7 ක් ගිහිල්ලත් මහින්ද මහත්තයට මේ වැඩේ කරගන්න බැරුව ගියා. මෛත්‍රී මහත්තය අවුරුද්දෙන් මේ වැඩේ කළා. මෛත්‍රී මහත්තය පුදුම වැඩකාරයෙක්නේ. මෛත්‍රී මහත්තයට සුබ පැතුම්. (බ)

:       0       0

බෙනට් Monday, 29 August 2016 11:33 AM

සේවකයෝ 650 කින් ලුණු ටොන් 8000 ක් යුද්දයට පෙර නිෂ්පාදනය කලත් , වර්තමානයේ එම ටොන් 8000 ම සේවකයන් 30 දෙනෙක් මගින් නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා කියන්නේ සේවක කාර්යක්ෂම තාවය ඉතාම ඉහලයි කියන එකයි . හැබැයි මම එකක් කියන්න කැමතියි .. හෙට අනිද්දට අපිට තව පුවතක් අහන්න ලැබෙයි අලිමංකඩ ලුණු ලේවායේ 1000 ක් පමණ වන සේවකයන් පඩි මදි නිසා වැඩවර්ජනයක් හෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්බ කර ඇති බවත් , ලුණු නිෂ්පාදනය ඇනහිට ඇති බවත් .. එහෙම නොවුනොත් තමයි පුදුමේ . (හේ)

:       0       0

සේන Monday, 29 August 2016 12:28 PM

මහින්දනිසා තමා ඔය පැත්තට යන්නවත් පුළුවන් වුණේ (අ)

:       0       0

චතුරි Monday, 29 August 2016 01:17 PM

හරිම සතුටුයි අහන්න. දකින්න මෙවැනි දේ පුළුවන් ඉක්මනට සේවකයින් බදවාගෙන ඉක්මනින්. දියුණුවී. අලිමංකඩ ලුණු කියා වෙළද පොලට දමන්න සේවකයින්ට අත්වලටත් ආරක්‍ෂිත පල්දනාවක් දෙන්න මගේ ,,,රටට ,,,දළදා ,,හිමි සරණයි ,,,,(හේ)

:       0       0

සෙනෙවි Monday, 29 August 2016 01:43 PM

විෂ එන්නත් ගැන දොඩවන විග්නේෂ්වරන්ගෙ පලාතෙන් දකුණට එවන කෑම ජාති වල සාම්පල් පරීක්ෂණයකට ලක් කරන එක නුවණට හුරුයි (අ)

:       0       0

රූපවතී Monday, 29 August 2016 02:25 PM

මේක හොද වැඩක්.(හේ)

:       0       0

පසිදු Monday, 29 August 2016 02:44 PM

ලාබයි ලාබයි ලුණු ලාබයි එදා වගේ ලුණු සේරුව සත .06ක් වේදෝ ....(හේ)

:       0       0

කමල් Tuesday, 30 August 2016 05:46 AM

ගාමිණී රණවිරුවා ගෞරවයෙන් සමරමු! (ම)

:       0       0

විපුල Tuesday, 30 August 2016 05:51 AM

අලිමංකඩ ලුණු දැන් පාමන්කඩින් වෙළද පොළට. ජයවේවා! ලුණු මිල පොඩ්ඩක් අඩුකරන්න.(ම)

:       0       0

ජනහිත Monday, 29 August 2016 04:07 PM

වැඩි වුණොත් ලුණුත් තිත්තයි කියල මම අහල තියනවා. (අ)

:       0       0

දහම් Monday, 29 August 2016 04:44 PM

මහින්ද නිසා ලත් තවත් ජයග්‍රහණයක්. හැබැයි මේකටත් යහපාලන බෝර්ඩ් එක ගහයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 282 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1313 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 938 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1510 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 593 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 1958 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39312 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25635 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site