(අංජුල මහික වීරරත්න)
වගා හානි කරන සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වගා හානි කමිටුවෙි අවධානයට යොමුවී තිබෙි.
වන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට ද කමිටුව තීරණය කර ඇත. ජාතික සත්වයා වුවද දඬුලේනා බෝගහානි සිදු කරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කර තිබෙි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වගා කරන බෝගවලින් සියයට 40ක් වාර්ෂිකව සතුන් විසින් හානි කිරීම නිසා විනාශයට පත් වන බවත් ජාතික ආහාර සුරක්ෂිතතාවයට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑමක් එල්ල කර තිබෙන බවත් හඳුනාගෙන තිබෙි.
වනසතුන්ගෙන් වන බෝගහානි අවම කර ගැනීම සම්බන්ධව සියලු ගොවි සංවිධාන සමග කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවල දී ගොවි නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් සතුන් විසින් කරන බෝග විනාශයන් නිසා නිසි පරිදි ආදායමක් ලබා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා කමිටුවක් පත් කරනු ලැබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජනරාල් කමිටු සාමාජිකයෝ වෙති.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලියාට සහ දඬුලේනාට හැඳි දෙකකින් බෙදයි
සමිත අලුත්ගමගේ. Sunday, 28 August 2022 11:47 AM
මිහිපිට උපන් අලියාට හා දඬුලේනාටත් මේ නිජබිම අයිතියි. වන සතුන්ද මිනිසා විසින් රැකගැනීම වැදගත්... බෞද්ධයින් නොවන විදෙස් ජාතීන් සත්ව කරුණාව, දයාව සෙනෙහස පෙන්වා ලේනුන් වැනි සතුන්ට ඇපල් ඇතුළු බෝග අස්වැන්නෙන් සුළු හෝ කොටසක් ඉතිරි කොට තබනවා. සීත කාලයේදී කුරුල්ලන්ට වෙනමම ආහාරපාන සැපයීම කෙරෙනවා. බෞද්ධ නොවුණත් ඔවුන් පිං සිද්ධ කරගැනීමට නොව, සත්ව කරුණාව නිසා ඒ සතුන්ට ආහාරපාන ලබාදෙනවා. බෞද්ධ අපට වඩා ඒ අතින් ඔවුන් ඉදිරියෙන් සිටිනවා. මෙය අපද ආදර්ශයක් කරගත යුතු දෙයක්. ඒත්, රටේ ඇතැම් දේශපාලකයින් විසින් ඇති කරනු ලැබූ තත්ත්වය හමුවේ මන්ද පෝෂණයෙන් පෙළෙනා අපට මේ දේවල් සිදුකළ හැකිදැයි කියා සිතා බලන්න වෙනවා...
Pradeep KumaraSunday, 28 August 2022 02:16 PM
මේ පුවතින් පෙන්වා දී තිබෙන්නේ වගා හානි වන එකම ක්‍රමය වන සත්ව හානිය ලෙසයි. නමුත් ප්‍රවාහනයේදී සහ පසු අස්වනු ගබඩා කිරීමේදි මීට වැඩිය විශාල ලෙස හානි සිදුවෙනවා. ඒ වගේම නිසි කළමනාකරණයකින් තොරව බෝග වගා කිරීමත් අස්වනු හානියට ප්‍රධාන ලෙසම බලපානවා. ඇතැම් කාලවල බොහෝමයක් ගොවි මහතුන් එකම බෝගය වගා කිරීම නිසා ඉල්ලුමට සාපේක්ෂව අධික සැපයුමක් ඇති අවස්ථාවන් අප රටේ ඕනෑතරම් සිදුවෙනවා. නමුත් ඒ අතිරික්තය කල්තබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැතිකමින් සිදුවන විනාශය අති මහත්... නමුත් අවාසනාවකට මෙන් බලධාරීන්ගේ ඇස් මේ දෙස යොමු නොවීම කණගාටුදායකයි...!
nimalSunday, 28 August 2022 06:39 PM
මේ වනවිට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වගා කරන බෝගවලින් සියයට 40ක් වාර්ෂිකව සතුන් විසින් හානිකිරීම නිසා විනාශයට පත්වන්නේ නම් මේ සඳහා ලබාදී තිබෙන්නා වූ විසඳුම් මොනවාද? කරුණු සොයාබැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජනරාල්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම ගොවීන්ට ලැබෙන එකම විසඳුමද?
යෝගා Sunday, 28 August 2022 01:29 PM
අනිවාර්යයෙන්ම හැඳි දෙකකින් බෙදන්න ඕන. මොකද අලියා හුඟක් ලොකුයි දඬුලේනා පොඩියිනේ...!
මහසෙන් Sunday, 28 August 2022 01:35 PM
එසේ නම් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සංකේතවත් කරන සතා ' කොවුලා', අනුන්ගේ කූඩුවල බිත්තර දාලා පනින තමුන් විසින් පැටවුන් පෝෂණය නොකරන පිටදේසක්කාර සතෙක් නේද? දඬුලේනාට අසාධාරණයක්...
විජේ Sunday, 28 August 2022 03:26 PM
දැවෙන ප්‍රශ්න මේවා...!
විජේ Sunday, 28 August 2022 03:30 PM
බැරිවෙයිද අපිට ඉන්න කොටලුවෝ ටික ලැයිස්තුවෙන් ඉවත්කරලා ඒ වෙනුවට බූරුවන් ටිකක්වත් එකතු කරගන්න. අශ්වයින් වගේ ලොකුනම් මේ කපේට බෑ.
චමින්ද Sunday, 28 August 2022 03:41 PM
අලියා සෑම ප්‍රදේශයකම නැහැ.. අලින් හානි කරන්නේ ඔවුන්ගේ මාර්ග හරස්කර වගාවන් කළාම සහ එම ප්‍රදේශවල මිනිස්සු පදිංචි වුණාම තමයි. නමුත් දඬුලේනා රටේ සෑම ප්රදේශවලම ඉන්නවා. ඔවුන්ගෙන් විශේෂයෙන් පොල් ඵලදාවට මහා පරිමාණයට හානියක් වෙනවා. එනිසා ඇමැතිවරයා ගත් තීරණය නිවැරැදියි.