අනුරාධපුර බසවක්කුලම දෙසින් අද (26) උදේ උඩමළුව පැත්තට ආ වල් අලියාගේ ප්‍රහාරයෙන් උඩ මළුව තේවාව කරන හැට දෙහැවිරිදි ගැමියකුද පෞද්ගලික ආරක්ෂකයකුද (62) මිය ගිය බව පොලීසිය කියයි.
අනුරාධපු නව නගරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයට ඔබ්බේන් ගලා යන මල්වතු ඔය ඉවුරේ අලියා සිටිතියි වනජීවී නිලධරයෝ කියති.
එම ප්‍රදේශයේ හා පුජා භූමියේ මාර්ග පොලීසිය විසින් වසා දැමිණි.අලි වෙඩි ගසා අලියා එලවීමට වනජීවී නිලධරයෝ වෙහෙසෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලියා අලි වෙඩි වලටත් බය නෑ
බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 02:46 PM
අලියා දවසක් ඉස්සර වුනානම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුන..අපරාදේ.(අ).
පුෂ්පකුමාර Wednesday, 26 November 2014 08:17 AM
සමහර අය මේ අලි ජරමරය අස්සෙත් දේශපාලනය කරන්න හදනවා. (ර)
බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 08:19 AM
අලි කුලප්පු වෙන්නේ ඔහොම නෙමෙයි. (ර)
අසෝකා Wednesday, 26 November 2014 09:05 AM
බන්දුල පෙරේරා මහත්තය නම් එක ගැනු පරාණයකින් නෙමෙයි සැහෙන ගැහැණු පරාන තොගයකින් දිරච්ච විතරක් නෙමයි පොළවටම පස් වෙන්න ගිය තරම් ලනු ගිලල කියලයි මටනම් හිතෙන්නේ! දැන් වමාරන්න බැරුව ඉන්නවා වගේ! (ස)
කරුණාපාල Wednesday, 26 November 2014 10:57 AM
ඒ අලියට වැඩිය මෙතන අදහස් දාල තියන අයනේ කුලප්පු වෙලා තියෙන්නේ. (ර)
ඇසිලින්නෝනා Wednesday, 26 November 2014 04:36 AM
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. (අ)
ජෙනී Wednesday, 26 November 2014 04:38 AM
මේ අලි ඊළඟට එළවන්නේ මේ නගරයට එන දේශපාලකයන් පස්සේ තමයි. වන්දනා කරන්න කියලා ගිහිල්ලා හැමෝටම පෙනෙන්න මල් වට්ටිය අරගෙන ගිහින් ඊළඟට කරන්නේ අනිත් පැත්තේ කෙනාට බනින එක. තමන්ගේ වචන ටික ගැනවත් සැළකිල්ලක් නැහැ මේ පුජනීය නගරයක් නේද කියලා. ඉතින් වටේම ඉන්න අලි කුලප්පු වෙනවා. (නි)
ජෙහාන් Wednesday, 26 November 2014 04:46 AM
මේ කාගේ හරි මගුල් ඇතා වද්ද? අපේ රටේ දැන් රජවරු වැහි වැහල නේ ? (නදී)
ධම්ම Wednesday, 26 November 2014 04:49 AM
බීරි අලි වෙඩි ගසා එළවන්න බැහැ.(අ)
ලසිත් Wednesday, 26 November 2014 04:50 AM
අලියෝ කුලප්පු වෙන්න තිබුනේ කට හොඳ නැති දේශපාලුවෝ මේ පුජා නගරයට වඳින්න එනකොට .(අ)
මෙලනි Wednesday, 26 November 2014 04:52 AM
අලියා ගිහින් කෙලින්ම අර පුජා භුමිය අවට තියනව කියන සමාජ ශාලාවකට හරි බාර් එකකට හරි ගොඩ වැදුනා නම් හරි. (අ)
දිලිප් Wednesday, 26 November 2014 05:01 AM
වෙඩි දාන්න ඕන වනජීවී එකට නගරයේ ඉන්න අලි එලවන්න වෙඩිදාල. (අ)
නිලංක Wednesday, 26 November 2014 05:11 AM
මේ අලියට දිනේ මාරු වෙලා.ඊයේ එන්න තිබුනේ. තියෙන්නේ ආණ්ඩුව පාවල දුන්න කට්ටිය මුණ ගැහෙන්න. (ස)
බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 05:24 AM
අලි කුලප්පු වෙන්නේ ඔහොම නෙමෙයි,,මෛත්‍රී මහත්තය ඔය ආපු පස් හය දෙනා එක්ක විතරක් ආව කියල හරියටම දැනගත්තම..හැමෝටම ලනු ගිල්වන රනිල් මහත්තය මෙදා පාර ගෑණු පරානෙක හැට හතර මායමට අහුවෙලා කඹයක් ගිලල. (ස)
ප්‍රිමේශිකා Wednesday, 26 November 2014 05:31 AM
බීරි අලියෙක්ලු.(හේ)
ගාමිණි Wednesday, 26 November 2014 05:34 AM
මේ පෙර නිමිත්තක් වගේ.(හේ)
සමන් පැරිස් Wednesday, 26 November 2014 06:11 AM
මේ අලියා අනිත් උන්ට කලින් මගුල් ඇතා වෙන්න හදනවා ඇති. (ස)
විමල් Wednesday, 26 November 2014 06:22 AM
මේ අලියා NGO රජතුමාව මාළිගෙට කැන්දන් යන්න ආපු එකා වෙන්න ඇති. හරියට දුටුගැමුණු කුමාරයව වගේ. (ස)
දිල්ෂාන් Wednesday, 26 November 2014 01:24 PM
අලින්ට ඉන්න තියෙන කැලේ කැපුවාම ඕක තමයි වෙන්නේ. උඩ මළුවත් දැන් මිනීමරුවන්ට, ළමා අපයෝජකයින්ට,හොරුන්ට, කුඩ්ඩන්ට පමණක් යන්න පුළුවන් තැනක් නේ. නියම බෞද්ධයන්ට උඩ මළුව තහනම් (නදී)
වරුණ Wednesday, 26 November 2014 06:53 AM
අසරණ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අලි වැටවල් ටික ගහන්නේ නැත්තේ ඇයි? පූජා නගරයට එන මිනිසුන්ගේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න වේවි. (ර)
දසුන් Wednesday, 26 November 2014 07:03 AM
දිලිප්, මට හිතෙනවා ඔයාලගේ ගෙදෙරටත් අලි වෙඩිල්ලක් දාන්න. (ර)
නාලක Wednesday, 26 November 2014 07:22 AM
පුරුදු වෙලා (දී)
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 07:37 AM
මොනවා කරන්නද.සතාට දොස් කියලත් පලක් නැහැනේ.වෙලාව අවාම ඔක්කොම දාල යන්න වෙන නමුත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවෙවාවී කියල පතනවා!(දිල්)