IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අලියා ආවොත් පොලිස් රාජ්‍යයක්‘ - ඩලස්

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔවුන් ආණ්ඩු බලය ලබාගතහොත් පොලිසිය සම්බන්ධ නව පනතක් ඇති කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට විරුද්ධව රටේ විරෝධයක් ඇතිවුවහොත් එය මර්දනය කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (06) ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

එක්සත් ජාතික පක්ෂය යළි පාලන බලය ලබාගතහොත් ඔවුන් පොලිස් බලතල අසීමිතිව යොදවන පොලිස් රාජ්‍යයක් ඇති කරන බව දැනටම පෙරනිමිති පළ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා පැවසීය.

දකුණු පළාත් බස් රථ ඩිපෝ සේවකයන් 200ක පිරිසක් නිවාඩු දමා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

web1 web2



අදහස් (0)

‘අලියා ආවොත් පොලිස් රාජ්‍යයක්‘ - ඩලස්

පියුමි Thursday, 06 August 2015 01:52 PM

ඉස්සර හිටපු අය පොලිසිය පමණක් නොවේ මුළු හමුදාවම යොදා ගත්තේ. (නදී)

:       0       0

කුමාර් Thursday, 06 August 2015 02:07 PM

තිබුනේ සුදු වෑන් මිනීමරු රාජ්ජයක්නේ, ඉතින් මොකෝ පොලිස් රාජ්ජයක් ආවාම. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 03:57 AM

ඒ ඒකාධිපති පාලන යුගය අපිට අමතක නැහැ.අමතක කරන්නෙත් නැහැ.නැවත එහෙම පාලනයක් ඕනෑම නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:01 AM

පහු ගිය කාලේ නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නකොට ගේ ඉස්සරහ "පාසැල් සුදු වෑන්" එක නතර කලත් හදවතට පුදුම බියක් දැනෙන්නේ. කවුද දන්නේ අතුරුදහන් කරන්න එවලද කියලා. එකම වරද අපි සත්‍ය අදහස් පල කරන එක විතරයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:03 AM

මෙතන තිබෙන අදහස් දැක්කම හදවතට ඇත්තටම සතුටුයි. ඒ 95% දෙනාව බොරුවෙන් අන්දන්න හැදුවට අන්දන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. (නදී)

:       0       0

නිමල් Thursday, 06 August 2015 02:25 PM

ඒ කියන්නේ එතුමාලගේ කාලේ තිබුණු හමුදා රාජ්‍ය ක්‍රමය වෙනුවට ද ඔය කියන පොලිස් රාජ්‍ය ක්‍රමය එන්නේ ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:05 AM

නැවත අපේ දුප්පත් රටට අවුරුද්දකට මහජන මුදලින් රුපියල් කෝටි 10,450ක් වියදම් කරලා රජවරු,බිසෝවරු,කුමාරවරු නඩත්තු කරන යුගයක් ඕනේ නැහැ. (නදී)

:       0       0

ජයනාත් ශ්‍රී Thursday, 06 August 2015 02:33 PM

අපෝ ..බුලත් කොලේ නෙමෙයි ...මොකෙන් මහින්ද අාවොත් ...මැරයින්ගේ රාජ්‍යයක් තමයි කියල අපි දන්නවා ..මහින්දත් කියනවනේ එයා අාවොත් විරුද්ධ පක්ෂයේ අයට වැඩේ දෙනවා කියල (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 06 August 2015 02:35 PM

එ්ක හොදයි ගිය ආණ්ඩුව හොරු පාතාල එතනෝල් හා කුඩු රාජ්‍යයක් ලෙස පවතී නිසා දැන් පොලිස් රාජ්‍යයක් පැමිණ රට පිරිසිදු කරන එක ගොඩක් වටිනවා (බ)

:       0       0

දිල්රුක්ෂි Friday, 07 August 2015 04:06 AM

අපිට ඔය වැඩක් නැති දේවල් කියන්නේ නැතුව කොටින්ගෙන් අල්ලාගත්‍ ධනස්කන්දයට මොකද වුණේ කියනවද? රනිල් මහත්තයාගෙන් අපි ඉල්ලන්නේ එයාලා පිටරට පටවපු කළු සල්ලි කොහොමහරි ඉන්ටර්පෝල් සහය ඇතුව අල්ලාගෙන ලංකාවට ගෙනෙන්න කියලයි. ඉස්සර ගුවන් තොටේදී ප්‍රභූ ඇතුළුවීමේ දොරටු කිසිම පරීක්ෂාවක් කළේ නැහැ. ලොක්කන්ගේ ළමයි රට පටවලා, අපේ දුප්පත් මිනිසුන්ගෙන් හොරකම් කළ සල්ලි වලින් ප්‍රකෝටි ගණන් දේපල අරගෙන දුන්නා. (නි)

:       0       0

ලංකා Thursday, 06 August 2015 02:41 PM

අනේ මන්ද මේ මිනිස්සු හීනෙන් ඇවිත් කතා කරනවද කියලා. වෙලාවකට කොටි නැගිටිනවලු, වෙලාවකට පොලිස් රාජ්‍යයක්ලු. (බ)

:       0       0

ද සිල්වා Thursday, 06 August 2015 02:43 PM

මහින්ද අවොත් මැර රජයක් (නදී)

:       0       0

ජයන්ත පෙරේරා Thursday, 06 August 2015 02:45 PM

නුඹලා ගෙන ගියේ දැහැමි රජයක්ද ? (නදී)

:       0       0

දිලිප් Friday, 07 August 2015 04:10 AM

තමන්ගේ ඇසේ පරාල පෙනෙන්නේ නැති අය අනෙක් අයගේ පොල් කෙඳි ගැන කියවීම ජුගුප්සාජනකය. (නි)

:       0       0

තිනුග Friday, 07 August 2015 04:12 AM

අපි නම් හරි කැමතියි (නි)

:       0       0

ගුණසිරි Thursday, 06 August 2015 02:56 PM

ඈයි බයද? (නි)

:       0       0

අරුණ Friday, 07 August 2015 04:16 AM

නලින්ගේ අදහස දැක්කහම මට මේ දේ හිතුනා. ලංකාවේ නීතියට අනුව මිනීමෝරු ඇති කරන්න බැහැ. එහෙම ඇතිකළ විත්තිය කෙනෙක් පිළිඅරගෙන තියෙද්දිත් ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

නුවන් Thursday, 06 August 2015 03:19 PM

ඔය තියෙන්නේ අලුත් සින්දුවක්. දැන් කොටි එන එක නවතී මගෙ හිතේ (නි)

:       0       0

කුලරත්න Thursday, 06 August 2015 03:42 PM

ඩලස් මහත්තයෝ මං දන්නා තරමින් පොලිස් කියන වචනයට හොඳ තේරුමක් තියෙනවා ඒ විදියට බැලුවම ඒක කොච්චර හොඳද (බ)

:       0       0

සුසිලා ජයන්තිමාල Thursday, 06 August 2015 03:48 PM

ඒ අයගේ කාලේ ආවේ "කෙලියා"නේ. (බ)

:       0       0

ලලිත් Thursday, 06 August 2015 04:28 PM

පසුගිය ආණ්ඩුවේ මැර දේශපාලනය සහ හොර තක්කඩි කොමිස් කාක්කෝ, කුඩුකාරයෝ පගාමරුවෝ,බාර්කාරයෝ කැසිනෝකාරයෝ ,මිනීමරුවෝ නීතිය හමුවට ගෙනෙන්න පොලිස් හමුදාවක් නැතුව පුලුවන්ද? අනික මේ අය දැන් නන්දොඩවන්නේ ඒ අයගේ කුණු හෝදාගන්න මොනවාහරි බේගල් කියලා අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නයි (නි)

:       0       0

සුජීව(ජර්මනි ) Thursday, 06 August 2015 04:50 PM

බොරුකීමේත් සීමාවක් තිබීම වැදගත්. 17 වැනිදාට ජනතා තීන්දුව බලාවත් ඔය දේශපාලනය ගැන ඉගෙනගන්න (නි)

:       0       0

චන්දිම Friday, 07 August 2015 05:39 AM

ආසියාවේ මිණිපහන ලෙස හැදින්වෙන රනිල්ගේ මොළෙත් එක්ක ඕගොල්ලන්ට හැරෙන්නවත් බැහැ.(ම)

:       0       0

කමල් Thursday, 06 August 2015 05:42 PM

සමහරුන්ගේ මුහුණ දැක්කහම සසර කළකිරෙනවා. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 06 August 2015 06:11 PM

යුද, නාවික,පොලිස් හමුදා ඇත්තේ රාජ්‍යවිරෝධී රැලි මැඩපවත්වන්න නේන්නම්. (නි)

:       0       0

ලලීන් Thursday, 06 August 2015 06:18 PM

කුඩු එතනෝල් රාජ්‍යයකට වඩා පොලිස් රාජ්‍යයක් හොඳයි. (නි)

:       0       0

රූපසිංහ Thursday, 06 August 2015 06:23 PM

කට්ටියක් පොලිස් රාජ්‍යයකට කත් අදිනවා. තවත් කට්ටියක් සුදු වෑන් සහ හමුදා රාජ්‍යයකට කත් ඇද්දා. අපේ මේ මෝඩ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එකතුවෙලා කරන්නේ රටට වැදගත් වන යමක් නොවේ. ඔවුනට අවශ්‍ය තමන්ගේ පිල රජ කරවන්නයි. මේ කිසිම කෙනෙක් රට, ශ්‍රී ලාංකික( ජාතිය), මහජන බලය කියන ඒකීයබව නොසිතනතාක් අපි සියලු දෙනාට ජීවත්වන්නට වෙන්නේ ඇමරිකාවටත් යුරෝපයටත් ඉන්දියාවටත් ඕනෑ විදියට කියන එක නම් පැහැදිලියි.මෙය මහජන මතයක් ගොඩනංවන්න මිස අනුන් කෙටවීමට නොවේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 06 August 2015 06:43 PM

ඒ කියන්නේ මොනවගේ පොලිස් රාජ්‍යයක්ද? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 06 August 2015 07:07 PM

මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

බන්දුල Thursday, 06 August 2015 07:07 PM

ඒක ඉතින් හොඳයිනේ! (නි)

:       0       0

බුද්ධි Thursday, 06 August 2015 07:07 PM

පොලිස් රාජ්‍යයට අපි කැමතියි (නි)

:       0       0

දීන් Friday, 07 August 2015 06:25 AM

ඩලස් මරබියෙන් දොඩවනවා ! කව්රුත් ගණන් ගන්න එපා !(නදී)

:       0       0

නලින් Thursday, 06 August 2015 07:33 PM

මිනීමෝරු , සුදු වෑන් වලට වැඩිය පොලිස් රාජ්‍යය ඉස්තරම්. (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 August 2015 07:49 PM

මහින්දගේ ආණ්ඩුව ආවොත් පොලිස් නිලධාරීන්ට ගල්ගසා මරණ බව අර කෙනෙක් කිවුවේ නාමලුත් ළඟින් තබාගෙන. පොලිසියට එහෙමනම් සාමාන්‍ය ජනතාවට කොහොම වෙයිද? (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 06 August 2015 08:09 PM

පොලිස් රාජ්‍ය කාටත් සාධාරණ නම් කමක් නැහැ.දැන් මෙයාලා කතාකරන්නේ හරියට තාපසයෝ වගේ. රටම කාලා තවත් කන්න හදනවා. (නි)

:       0       0

අතුල Thursday, 06 August 2015 08:27 PM

පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවිට මොවුන් හොල්මන්වෙලා. මොකද එහෙම අත්දැකීමක් මෙතෙක්කල් මොවුන්ට නොතිබුන නිසා. (නි)

:       0       0

සමන් Thursday, 06 August 2015 09:24 PM

ඉතින් හමුදා රාජ්‍යයට වඩා පොලිස් රාජ්‍යය හොඳයි නේද? (නි)

:       0       0

ජයන්ත පෙරේරා Friday, 07 August 2015 07:02 AM

අපි පොලිස් රාජ්‍යයට කැමතියි. ඔබ කැමැති නැද්ද? රට කන්නැතිව ඇමරිකාවට යන්න (බ)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 10:26 PM

ඒකතමයි. පසුගිය ආණ්ඩු කාලේ කළා වගේ කට්ටිය පඩි පිට ඡන්දෙ කරන්නේ නැතුව, නිවාඩු අරගෙන වැඩ. වැඩිපුර නිවාඩු ඔක්කොම නෝපේ යවන්න තියෙන්නේ. (නි)

:       0       0

රෝහණ Thursday, 06 August 2015 10:27 PM

මොනවාද මේ කියවන්නේ? (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 06 August 2015 11:42 PM

අලි බබා සහ හොරු 40 ට වැඩි රැල මට්ටු කරන්න පිරිසිදු,ස්වාධීන කොමිසමක් යටතේ හොඳ පොලීසියක් නියත වශයෙන්ම ලබන 17 න් පස්සේ එනවා . (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 06 August 2015 11:50 PM

ඒකාධිපති නොහොත් පවුල් රාජ්‍යයක් හොඳද? නැත්නම් පොලිස් රාජ්‍යයක් හොඳද? ඩලස් මහත්තයම අපිට පහදලා දෙන්නකෝ. (නි)

:       0       0

රිතික් Thursday, 06 August 2015 11:52 PM

ඒ කාලේ තිබුණේ ඉතින් එතනෝල් රාජ්‍යයක්නේ! (නි)

:       0       0

ජගත් Friday, 07 August 2015 12:07 AM

මොනවා මොනවා හරි කියලා බලය ගන්නයි බලන්නේ. හැබැයි දවසකට හරි බලය ගත්තොත් එදාට රටම ඉවරයි. මේ නඩේ කුපිතවෙලා ඉන්නේ. සදාකාලික ඉන්න හිතාගෙන් හිටියා. නමුත් නොදැනීම බලය නැතිවුණා. (නි)

:       0       0

ටිෂාන් Friday, 07 August 2015 12:09 AM

වන්දිබට්ටයො කියන ප්‍රශස්ති දැන උගත් ජනතාව අහන්නේ නැහැ. දූෂණය ඔප්පුකළා හෝ නැතුවා අපි දන්නවා එකල මේ නඩේ වැජඹුනු හැටි. ඒවා නැහැ කියන්න බැහැ. (නි)

:       0       0

මහසෙන් Friday, 07 August 2015 12:12 AM

බලය නැතුව නින්ද යන්නේ නැහැ වගේ. නැත්නම් මොනවා නැතුවද මේ දඟලන්නේ? මේ අයට කප්රුක පහළ වෙලානේ තිබුනේ අවුරුදු 20 ක් විතර තිස්සේ. (නි)

:       0       0

ලලිත් Friday, 07 August 2015 12:13 AM

පොලිස් රාජ්‍යයක් කියන්නේ නීතිය රජයන සමාජයක් නෙමෙයිද? (නි)

:       0       0

ස්මිත් Friday, 07 August 2015 07:41 AM

සුදු වෑන් බලකායට වැඩිය පොලිස් බලකාය හොඳයි. (නදී)

:       0       0

මියුරු Friday, 07 August 2015 12:44 AM

හොර රාජ්‍යයකට වඩා හොඳයිනේ (නි)

:       0       0

සමන් Friday, 07 August 2015 01:11 AM

නලින් කියන දේ සහතික ඇත්ත. සුදු වෑන් එකේ ගිහින් මිනි මෝරෙකුට කෑමක් වෙනවට වඩා පොලිසිය, නීතිය රජයන යුගයක ජීවත් වෙන්න ලැබීම කොච්චර වාසනාවක්ද? (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 07 August 2015 01:53 AM

පොලිසිය දැන්තමයි කොන්ද කෙළින් තියාගෙන තම රැකියාව කරන්නේ (නි)

:       0       0

ඩයස් Friday, 07 August 2015 02:32 AM

මේගොල්ලන්ට ඕනෑ හොරුන්, තක්කඩින් රකින රාජ්‍යයක්. අපිට ඔබතුමන්ලාගේ පාලනයෙදී පොලිසියේ හමුදාවේ තත්වය හොඳට මතකයි. (නි)

:       0       0

ආනන්ද Friday, 07 August 2015 08:03 AM

අලි නාවොත් රාජ්‍ය පොලිසියක් නේද? (බ)

:       0       0

සචිත් Friday, 07 August 2015 02:45 AM

දේශපාලනයකට කඩේ යනවා නෙමෙයි. හැබැයි දැන් ඉස්සරට වඩා පොලිසිය හරියට අකුරට වැඩ කරනවා. කාගේ කාගේත් පෝස්ටර් ගළවනවා. මට පෙනෙන්නේ වැරදිලා නිවාඩු කතාව කියලා තියෙන්නේ. ඒකෙන් වාසිය තියෙන්නේ එජාපයටනේ. රටට ගමට වැඩක් කරලා නම් පොලිස් බැරි නම් ඕනෑ රජයක් බිහිවුණාම මොකෝ. ජනතාව තමන්ගේ පැත්තේ ඉන්නවනේ. ඒක නොකර දැන් බයිලා කියවනවා. (නි)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Friday, 07 August 2015 02:47 AM

වතුර ඉල්ලුවහම කොහොම සළකයිද දන්නෙ නැහැ ‍ (නි)

:       0       0

සම්පත් Friday, 07 August 2015 02:54 AM

සමහරු හීනෙන් දොඩවනවා (නි)

:       0       0

නයෝමි Friday, 07 August 2015 03:05 AM

මට පෙනෙන හැටියට මේ සෙට් එකටම කරපු කියපු දේ අමතක වෙන රෝගය හැදිලා. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න එපා. ගියොත් ලොකු විනාශයක්. (නි)

:       0       0

ශාන් Thursday, 06 August 2015 01:02 PM

පොලිස් රාජ්‍යයන් වල සුදු වෑන් වලින් මිනිස්සු උස්සගෙන යනවද දන්නේ නැහැ නේද? කරුණාකරලා ඒකත් කිවුවා නම් තමා හොඳ? එතකොට කාටද ඡන්දය දෙන්නේ කියලා තීරණය කරන්න තිබුණා. ලංගම සේවකයින් නිවාඩු දාලා තමන් කැමති දේශපාලන පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයකට සහය දක්වන එකේ වරද මොකක්ද?ඒක ඔවුන්ගේ අයිතිවාසිකමක්. ඩලස් මහත්තයලගේ ආණ්ඩුව කාලේ වගේ පඩිත් ගෙවලා මැතිවරණ කටයුතුවල යෙදෙව්වා නම් තමයි වැරදි.මම හිතන්නේ මහත්තයා නිදාගෙන ඉඳලා අවදිවෙලා වගේ. (නි)

:       0       0

සෙලනිකස් Friday, 07 August 2015 03:20 AM

බලන්නකෝ කට්ටියගේ මුහුණු වල හැටි (නි)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 03:27 AM

යුද්දේ දිනන්න කලින් 30 වසරක් හදිසි නීතිය තිබුන පොලිස් පාලනයක් නේද ? (නදී)

:       0       0

සාමන්ත වෙල්ගම Thursday, 06 August 2015 01:06 PM

එතකොට සන්දානය ආවොත් හොරා පොලිස් රාජ්‍යක්ද ? (නදී)

:       0       0

සේන Thursday, 06 August 2015 01:19 PM

මොන බොරුද සර්, දැනුයි රාළහාමිලා නිදහසේ රාජකාරී කරන්නේ. පහුගිය දවස් වල රාළහාමිලා කි දෙනෙක් දේශපාලන හෙන්චයියලාගෙන් ගුටිකෑවාද ? කී දෙනෙක් දේපල අහිමි කරගත්තාද සමහරු රස්සාව පවා අත්හැරලා ගියා. (නදී)

:       0       0

සම්පත් Thursday, 06 August 2015 01:22 PM

මේ මනුස්සයට තමන්ගේ ආණ්ඩුව කලේ කරපුවා දැන් මතක නැහැ. රට විනය ගරුකව සැදී ගෙන එනකොට එකට බොරු බේගල් අෑදා මිනිසුන් මුලාවේ දමනවා (නදී)

:       0       0

පාලිත Thursday, 06 August 2015 01:24 PM

දැන් මෙයාල පොලිසියට හරිම බයයි වගේ. ඒ මදිවට කියන බොරු (නදී)

:       0       0

චන්න බුවනක Thursday, 06 August 2015 01:34 PM

ඔය කවුරුත් එකයි. ජනතාව එ්ක දන්නවා. ලගදීම ජනතාව නියම පිළිතුර දෙයි. (නදී)

:       0       0

සංක Friday, 07 August 2015 03:38 AM

මේ නොකියා කියන්නේ ඒ අය කරපු වැඩ සහ දිනුවොත් කරන්න හිතාගෙන ඉන්න වැඩ වෙන්න ඇති. අපිට පහුගිය කාලයේ දේවල් මතකයි... (නි)

:       0       0

සහීඩ් කටාර් Friday, 07 August 2015 03:40 AM

ජනතාව මෝඩ කරන්න කියන කතා !!! (නි)

:       0       0

විරාජ් Thursday, 06 August 2015 01:41 PM

‍යූඑන්පිය කරන වැඩේ වැරදියි. ඒත් තමන්ගේ අයත් ලංගමට මිලියන 1400ක් ගෙවන්න තියෙද්දී මෙහෙම කියන එක කුජිතයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1015 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1385 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5498 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1333 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5516 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5006 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17485 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site