IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අලියා ත්‍රිමලේ දුම්රිය නතර කරයි

කොළඹ සිට මඩකළපුව දක්වා අද (5) අලුයම ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට  පළුගසවැව ඇඹුල්ගම වාන්කඩවල ප්‍රදේශයේ දී අලියකු ගැටීමෙන් එම දුම්රියේ මැදිරි තුනක් පිළිපැන ඇතැයි දුම්රිය ආරංචි කියයි.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ මීටර් 50ක් පමණ දුරකට දැඩි හානි සිදුව ඇති අතර   දුම්රිය ධාවනය තාවකාලිකව නතර වූ අතර අද දහවල් වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතියි දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. අනතුරින් අලියා ද මියගියේය.



අදහස් (0)

අලියා ත්‍රිමලේ දුම්රිය නතර කරයි

ලක්ෂපාන Saturday, 05 July 2014 12:51 PM

හැමදාම අලියන්ට වෙන මේ අසාධාරණය ගැන වගකිව යුත්තෝ ඇස් කන් වසාගෙන අඳ,ගොළු,බීරො වගේ සිටීම මහා කනගාටුදායකය. අලියන්ට වගේම අනිකුත් සතුන්ටත් නිදහසේ ජීවත්වීමට අයිතිය ලබාදිය යුතුයි. අලියෝ කෝච්චි පාර හරහා පනින ස්ථානවලින් විදුලි වැටක් සවිකර ඔවුන් පාර හරහා පනින එක නැවැත්විය හැක. නැත්නම් අලියන් එහා මෙහා යන තැනින් කෝච්චිය ගුවන් පාලමකින් යවා අලින්ට නිදහසේ එහා මෙහා යාමට සැලැස්විය යුතුයි. කෝටි ගණන් මුදල් යොදවා මහා මාර්ග හදනවා නම් අපිට ඉන්න මේ අපුරු සත්වයා ආරක්ෂා කරන්න සුළු මුදලක් වෙන් කරන්න බැරි ඇයි. (නදී)

:       0       0

රජින්ද Saturday, 05 July 2014 01:04 PM

කොච්චියට නම් හෙණ ගැහුවත් කමක් නැහැ අර අහිංසක සතා බේරිලා නම් ඒ ඇති. පව් අසරණයින්. (නදී)

:       0       0

මානගේ Saturday, 05 July 2014 01:47 PM

කොච්චර කිව්වත් අහිංසක සත්තු මැරෙන එක නවත්තන්න පිලියමක් යොදාගන්න තවම බැරිවුනානේ. සත්තු අවදියෙන්. නිලධාරීන් මර නින්දේ. (නදී)

:       0       0

ගාමිණි - සිරි Saturday, 05 July 2014 02:41 PM

මෙවැනි වනරොද වල අලින්, මුවන්, ගෝනුන් වැනි සතුන් මාරුවෙන ස්ථාන රුප පුවරු දුම්රිය මාර්ග අයිනේ සවිකර තියෙනවා. එවැනි ස්ථාන වලදී හෙමින් ධාවනය කිරීම , සතුන් පලවා හරින නලා හඬ නැංවීම රියදුරුගේ රාජකාරියක්. හාවෙක් , මුගටියෙක් යට උනත් අලියෙක් කියන්නේ ඉදිකට්ටක්ද ? මම නම් කියන්නේ රියදුරුගේ නොසැලකිල්ල (නදී)

:       0       0

ලක්ෂපාන Saturday, 05 July 2014 03:26 PM

අනේ දෙවියනේ අපේ රට පාලනය කරන මේ ඇත්තන්ට නුවන පාදලා දෙන්න. මේ අලියන්ට වෙන අසාදාරනයට වගකියන්න කිසිම කෙනෙක් නැද්ද. අනාගතයේදී අපේ රටට අලියෝ පිට රටින් ගේන්න උනේ නැත්නම් ඇති. (නදී)

:       0       0

රජින්ද Saturday, 05 July 2014 04:31 PM

අයියෝ, අසරණ සතා ඉවරයි නේද? මේ ශාපලත් දිවයිනෙන් මිදී නැවත තිරිසන් ආත්මයක නුපදීවා අලි රජුනි. (නදී)

:       0       0

ගමගේ Saturday, 05 July 2014 04:58 PM

මිනිස්සු නම් කීයක් මලත් කමක් නෑ. අලියෙක්නේ අලි අපරාදයක්. පව් අලියා. (නදී)

:       0       0

තරිඳු Saturday, 05 July 2014 05:42 PM

අහිංසක සතා. මේ අහිංසක සතුන්ට මොන තරම් දුක් දෙනවාද මේ රටේ. (නදී)

:       0       0

අශාන් Saturday, 05 July 2014 06:58 PM

වන සතුන් ගැන හැගීමක් නැති ම්නිසුන් ඉන්න රටක්. මේ වගේ තැන්වල හෙමින් යන්න මේ රියදුරන්ට හිතක පපුවක් නැද්ද නැත්නම් මොලයක් නැද්ද ? (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 07:22 PM

කෝ සංගමය, අලියෙක් අහම්බෙන් පාරට ඇවිත්ද? අලි ගැවසෙන ප්‍රදේශයේ වේගය සීමාකර ප්‍රවේශමෙන් යාම නේද හොඳ. දුම්රියේ ගමන් කරන්නේ අසරණ ජනතාව නේද? පීලි පැනපුවා පෙරලුනා නම් හොඳට හිටීවි නේද? (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 09:23 PM

දුම්රියක් සන්ඥ නැතිව නතර කිරීමට නොහැකිය. නමුත් මේ සතාට යන්න දීල පසුව දුම්රිය ගියානම් මොකද වෙන්නේ? මේ සතාත් දුම්රියත් රේල්පාරත් අද දෙපා වගේම නේද? මොලේ නැති මිනිස්සු වගේ වාහන එලෙවනකොට එවල යන ජිවිත වලට මොකද වෙන්නේ? කවුද අද මේ අලාභයට වගකියන්න? . (දී)

:       0       0

ජයත් Saturday, 05 July 2014 12:11 PM

ඕකා කාලයක් මුළු රටම නවත්තගෙන හිටියා මතක නැද්ද 88,89 කාලේදී ? (නදී)

:       0       0

විපුල් Saturday, 05 July 2014 12:40 PM

අලිමංකඩ හරහා පාරවල් හදද්දී අහස් පාලම් දාන එක දියුණු රටවල කරන දෙයක්. දැන්වත් බැරිද මේ ආණ්ඩුවට ඒ දේ කරන්න. තවත් විනාස වෙන්න ඉස්සර? අපේ සංස්කෘතියේ සත්තු ගැනත් හිතුවා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 111 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 140 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 236 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 831 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 555 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 374 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site