IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලියා බැඳ දමයි

බෙල්ලන්විල පෙරහැරේ ගමන් කළ හේමන්ත නම් ඇතා කුලප්පුවීමෙන්  වාහන 3 කට පමණ අලාබ හානි සිදු වී  20 කට වැඩි පිරිසක්  තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

ඇත් ගොව්වෝ ඇතා මෙල්ලකර බැඳ දමා ඇත.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

DSC02830

DSC02836

  DSC02579 DSC02638 DSC02716 DSC02836  DSC02847 DSC02861 DSC02879

(ඡායාරූප එච් ඩී ධර්මපාල)

fff6

DSC_0455 DSC06467 DSC06469.jpg5 ff2 ff5 fff fff3 fff4

 

 

 

 



අදහස් (0)

අලියා බැඳ දමයි

නිමල් Sunday, 31 August 2014 07:56 AM

අනේ අහිංසක සතාට දෙන වදයක්! (නි)

:       0       0

පියතිලක Sunday, 31 August 2014 01:58 AM

කැලේ ඉන්න ඕනෑ අහිංසක සතුන්ට දෙන වදහිංසා අනුමත කරන්න බැහැ. සතුන්ට මෙහෙම සළකන එක වැරදියි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 31 August 2014 02:14 AM

ඇතෙක් කුලප්පු වෙන්නේ නිකම්ම නොවෙයි. මේකට මොකක්හරි හේතුවක් ඇති. පෙරහැර කරන අය මීට වඩා සැළකිළිමත් විය යුතුයි. (නි)

:       0       0

ගුණසිරි Sunday, 31 August 2014 02:17 AM

දැන්වත් සතුන්ට නිදහසේ ඉන්න දෙන්න. (නි)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 02:22 AM

දැන් මේ අලාභහානි සිදුවූ වාහන වලට වන්දි ගෙවන්නේ කවුද? වාහන රක්ෂණය කර ඇති රක්ෂණ ආයතන කියයිද දන්නෙ නැහැ අලියාගෙන් වන්දි ඉල්ලා ගන්න කියලා...... (නි)

:       0       0

චින්තක Sunday, 31 August 2014 02:48 AM

පියතිලකගෙයි, ගුණසිරිගෙයි මොළය වැඩ කරන්නේ බාගයයිද කොහේද? පෙනෙන්නේ එක ඇහැයි. රටේ මෙච්චර සත්තු මරද්දී රටේ ප්‍රධානම සංස්කෘතික අංගයක් වෙන පෙරහරේ යන අලියා ගැන දොඩවනවා. (නි)

:       0       0

ලලිත් මිලානෝ Sunday, 31 August 2014 01:18 PM

නිමල්සිරි බෙල්ලන්විල පෙරහරට ආලෝකය සපයන්නේ කොප්පරා පන්දම් වලින් නොවේ.මිනිසුන් කර උඩ තබාගෙන යන විශාල ලාම්පු විශේෂයකින්.ඒ නිසා ගිනිඅගුරු පෑගෙන්න විදිහක් නැහැ.(අ)

:       0       0

ප්‍රසන්න Sunday, 31 August 2014 03:19 AM

පියතිලකට සහ ගුනසිරිට චින්තක කරන චෝදනාව වඩා ගැලපෙන්නේ චින්තකටමයි.කකුල් යදමින් බැඳලා ගෙනියන එක සත්ව හිංසාවක් නොවේද.කාටවත් හිරි හැර නොකොට අපිට රකින්න සංස්කෘතික අංගයන් කොච්චර තියෙනවද.දෙවරක් හිතන්න චින්තක. (අ)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 03:35 AM

ලුම්බිණි,අලි කුලප්පු වෙනවා එක කාලයකට.ඒ හේතුවට, පෙරහැර සංවිධායිකයින්ට නම් විසදුමක් නැහැ.ඇත් ගොව්වට නම් කරන්න තියන දේ, අලියව ගස් බදින එකයි. (අ)

:       0       0

පියතිලක Sunday, 31 August 2014 03:46 AM

මට සමාවෙන්න (අ)

:       0       0

අශේන් Sunday, 31 August 2014 03:54 AM

චින්තක,මට හිතෙන්නේ ඔබයි වැරදි. අලියා කියන්නේ ලෝකයේ රටවල් සීමිතයක ජීවත් වෙන වදවී යන වටිනා සතෙක්. සංස්කෘතිය නිසා පරිසරය විනාස වීම නොව රැකීමයි සිදුවිය යුත්තේ.අලි හීලා කිරීම නිසා උන්ගේ ස්වභාවික ජීවන රටාව,හැසිරීම,බෝවීම ආදී සියල්ල වෙනස් වෙනවා. (අ))

:       0       0

බුද්ධි Sunday, 31 August 2014 03:55 AM

චින්තකගේ මොලේ වැඩ නෑ වගේ (අ)

:       0       0

නන්දසිරි Sunday, 31 August 2014 03:58 AM

සතුන් (අහිංසක) යොදා කරන මේ බෞද්ද වැඩ බෞද්දයෙක් වශයෙන් කිසිසේත් අනුමත කල නොහැක. (අ)

:       0       0

ටෙනිෂන් Sunday, 31 August 2014 02:14 PM

ඇතා බෞද්ධ සංස්කෘතිය හා බද්ධ වුනේ කවද ඉදලද කියල දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිළි කරලා දෙන්න. (අ)

:       0       0

චමල් Sunday, 31 August 2014 05:09 AM

ලංකාවේ පෙරහැර සංස්කෘතිය නැති කරන්න පිරිසක් බලාගෙන ඉන්නවා. අලියෙක් කුලප්පු වීම ඉතාමත් විරලව සිදුවෙන දෙයක්. අලියව යදමින් බැඳලා අරන් යන්නේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට. එකෙන් අලියට හානියක් නැහැ. අලියෙක් කුලප්පු උන වෙලාවට අපේ මිනිස්සු තව තවත් කුලප්පු කරනවා . අනේ මහලොකු අවිහින්සාවාදියෝ. (ස)

:       0       0

බුද්ධි Sunday, 31 August 2014 05:25 AM

චින්තකගේ මොලේ 50% වැඩ නෑ. මගේ මොලේ 75% විතර වැඩ නැහැ.එක පාර්ශිකව අදහස් දැක්වීම ගැන මට සමාවෙන්න. (ස)

:       0       0

පරණ චින්තක Sunday, 31 August 2014 05:30 AM

අලි කුලප්පු වෙන්නේ මද කිපෙන කාලෙට. එවිට ඌට තේරෙන්නෙත් නෑ කරන්නේ මොනචාද කියල. එකම බෙහෙත ගැහැණු සතෙක් දීම. (ස)

:       0       0

රංගන Sunday, 31 August 2014 05:40 AM

කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. පෙරහැරට අලි අවශ්‍ය නැත. එය සත්ත්ව හිංසාවක්. අපි බෞද්ධ වුනු පලියට හැමදේම අනුමත කළ නොහැක. (ස)

:       0       0

සම්පත් Sunday, 31 August 2014 05:42 AM

පෙරහැර සංස්කෘතිය හොඳයි. අලි අයින් කරන්න. ඒ වෙනුවට විකල්ප වාහනයක් ගන්න. එතකොට සත්ව හිංසාවකුත් නැහැ. මර බයේ ගැහි ගැහි පෙරහැර බලන්න වෙන්නෙත් නැහැ. ළමයෙක් එහෙම පෙරහැර බලන්න ගිහින් අලි පාගලා මැරුනොත් එදාට තේරෙයි රඟේ. (ස)

:       0       0

සෑම් Sunday, 31 August 2014 05:44 AM

චමල්,, අලින්ව යදමින් බැඳලා ගෙනියන්නේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට නොවේ. මිනිසුන්ගේ ආරක්ෂාවටයි. කැලේ නිදහසේ සිටිය යුතු සත්තු යදමින් බැඳ ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. යදමින් අලින්ට හානියක් නැහැ කියන්නේ කොහොමද? ඒකවත් තේරුම් ගන්නේ නැතුව පෙරහැර සංස්කෘතියක් ගැන කියලා වැඩක් නැහැ. (ස)

:       0       0

නිමල්සිරි Sunday, 31 August 2014 05:47 AM

මේ අලියා කුලප්පු වෙලා තියෙන්නේ මද කිපිලා නෙමෙයි. ඌට ගිනි අගුරු පෑගිලා හරි. කොහේ හරි ඈත පළාතක ඉඳන් පයින්ම ගෙනල්ලා මහන්සියට හරි වෙන්න ඇති. මද කිපිචිච අලි ගැන පරණ චින්තකට වඩා ඇත්ගොව්වො දන්නවා ඇති කියලා හිතනවා. එහෙම සත්තුන්ව ගේන්න තරම්ම මෝඩ නැහැ ඒ මිනිස්සු. (අ)

:       0       0

දීපාල් Sunday, 31 August 2014 05:51 AM

අනේ අහිංසක සතාට දෙන වදයක්. මමත් හොඳ බෞද්ධයෙක් . හැබැයි පොතේ බෞද්ධයෙක් නෙමෙයි. වැරදිදේ වැරදි හැටියටත් හරි දේ හරි හැටියටත් දකින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් එයයි.(අ)

:       0       0

කුෂී Sunday, 31 August 2014 06:03 AM

මද කිපෙනා කාළේ නම් ඇත් ගොව්වාට තේරෙනවා ඇතිනේ . ඇයි දැන දැනම පෙරහරේ ගෙනිහින් තියෙන්නේ ? බලන්නකෝ වුණ විනාසේ. ජීවිත හානියක් නැති වුණේ තෙරුවන් ගුණ බලයෙන්ම වෙන්න ඕන. (අ)

:       0       0

විදානේ Sunday, 31 August 2014 06:12 AM

පරණ වුණත් චින්තක කියන දේ හරි. සෑම පෙරහැරකම සංවිධායකයන් ඇතින්නක් වැඩිපුර තියා ගන්න ඕනේ. (අ)

:       0       0

සමන්ත Sunday, 31 August 2014 06:51 AM

පෙරහරට අලි ගෙන එක මෝඩ වැඩක්. මේ සත්තුන්ට නිදහසේ සතුටින් ඉන්නදෙමු . (අ)

:       0       0

කුමාර් Sunday, 31 August 2014 06:56 AM

දැන් ඕනෑතරම් වාහන තියෙන්නේ සරසල ගෙනියන්න. අනික දැන් අලි සාස්තරේ හරියට දන්නා මිනිස්සු නෑ(අ)

:       0       0

ධනුෂ්ක Sunday, 31 August 2014 06:58 AM

පියතිලක, ගුණසිරි, ප්‍රසන්න. නන්දසිරි, රජකාලෙ ඉදන් ආපු දේවල් ඔයාලට වෙනස් කරන්න බෑ. ඒක තේරුම් ගන්න. බෙෘද්ධ සංස්කෘතිය, කාටවත් වෙනස් කරන්න බෑ. බෙෘද්ධ නෙමෙයි නම් කට පියන් ඉන්න (අ)

:       0       0

උපුල් Sunday, 31 August 2014 07:21 AM

අපේ රටේ බහුතරයක් බෞද්ධයන් බෞද්ධ දර්ශනයයි සංස්කෘතියයි පටලවාගෙන. (අ)

:       0       0

සේන Sunday, 31 August 2014 07:25 AM

පෙරහරේ ගෙනයන අලි සංඛ්‍යාව පුළුවන් තරම් අඩු කරගත යුතුයි. ගොඩාක් දුර ඉඳලා සතුන් අරගෙන එනවා දවස් ගණන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1770 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1109 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1662 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1157 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1142 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site