IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අල්ලක් වවා මල්ලක් පුරවමු‘

මෙරට වගාකළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර භෝග සඳහා වසරකට රුපියල් කෝටි හයදහසක මුදලක් වැයකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) කොළඹදී පැවසීය.

මේ නිසා දේශීය ආහාර නිශ්පාදනය සඳහා දැඩි අවධානය යොමුකර ඇති බව පැවසූ ජනපතිවරයා මෙරට වගාකළ හැකි ආහාර වර්ග පිටරටින් ගෙන්වාගෙන කෑම ගැන අප කණගාටුවට හා ලැජ්ජාවට පත්විය යුතුයැයිද කීවේය.

ජනපතිවරයා මේ අදහස් පළකළේ රාජගිරියේ මහබැංකු අධ්‍යන මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති ශ්‍රීලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 30 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.

‘දේශීය කර්මාන්ත පිළිඹඳ අපේ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් විය යුතුයි.ආනයනය අපනයන පරතරය අඩු කිරීමට විදේශ වෙළදපොළ සඳහා අපි ශක්තිමක් විය යුතුයි පුළුල් විය යුතුයි.අන්තර්ජාතික වෙළදපළේ අපට හිමිව ඇත්තේ සියයට එකකටත් වඩා අඩු ස්ථානයක්.‘ යැයි ජනපතිවරයා කීය.

DSC_2048 DSC_2106 DSC_2119 DSC_2140 DSC_2160



අදහස් (0)

‘අල්ලක් වවා මල්ලක් පුරවමු‘

විජේසුන්දර ප්‍රංශය Friday, 30 October 2015 09:17 PM

මහනාමගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

වින්සන්ට් Friday, 30 October 2015 11:17 PM

මේ ප්‍රකාශයට අදාළව යම් ක්‍රියාත්මකවීමක් සිදුවුණි නම් ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී පමණය. මුල් අවස්ථාවේදී ජනතාවට දැනුණ අපහසුතාවය තේරුම් නොගැනීමේ විපාකය අද අපි විඳවමින් සිටින්නෙමු. වර්තමාන දේශපාලකයන්ගෙන් මේ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිද? අද නිවැරදි දේ දකින සහ කියන නායකයෙක් සිටියත් ඒවා ක්‍රියාත්මක වන්නේදැයි ජනතාව වශයෙන් අපි බලා සිටින්නෙමු (නි)

:       0       0

මනෝජ් Saturday, 31 October 2015 01:10 AM

ඔයාලා දන්නවද පසුගිය අවුරුදු 20 ක කාලයේ සිට සබරගමු හා බස්නාහිර පළාත් හා දකුණේ වැඩි කොටසක කුඹුරු අතහැරලා කියලා. වර්ෂාව වැඩිහින්දා පහතරට එළවලුත් දැන් නැහැ. විකල්ප වලට යන්න පාර්ලිමේන්තුව හිතලාවත් නැහැ වගෙයි. (නි)

:       0       0

චමින්ද Saturday, 31 October 2015 04:58 PM

කටින් බතල හිටවන්න එපා ..(රේ)

:       0       0

රොහාන් Saturday, 31 October 2015 03:08 AM

වින්සන්ට් මහත්තයෝ මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.එදා අපි ඉවසුවා නම් අද අපි සිංගප්පුරුවට වඩා දියුණුයි.එක කාල දැම්මේ ඊට පස්සේ ආපු කට්ටිය.ඉස්සර අපේ රටේ ගුවන් විදුලි යන්ත්‍ර තිබුනා.යුනික් , ඇන්ටන් , ඩිවෙලෝ, ඉලෙක්ට්. එතකොට උපාලි ෆියට් කාර් ඒවා වැහිලා නැති වෙලා ගියේ සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව පැරදුනාට පස්සේ ආපු ආණ්ඩුව හැමදේම පිට රටින් ගෙන්වපු නිසා. එහෙම නොවුනා නම් අද?(අ)

:       0       0

අනුර Saturday, 31 October 2015 04:23 AM

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා ගයමින් ඇවිදිනවා (අ)

:       0       0

සේන Saturday, 31 October 2015 04:34 AM

සිද්ද විය යුත්තේ ගොවියාගේ නිෂ්පාදනවලට නියමිත මිලක් ලැබීම සදහා ප්‍රතිපත්ති සකස් කිරීම සහ නිශ්පාදනය අලවියට අවශ්‍ය පහසුකම් සැපිරීම පමනයි . (අ)

:       0       0

පීරිස් Saturday, 31 October 2015 04:57 AM

මේවා එක එක තැනට ගියාම කියන දේවල් පමණයි. මිරිස් කරලත් පිටරටින් ගෙන කාලේ , ඕවා නැවැත්තුවහම ලොකු කට්ටියට කොමිස් ගහන්න බැරි බව ලොක්කාට තේරිලා නැහැ වගේ? (අ)

:       0       0

ප්‍රවීන් Saturday, 31 October 2015 05:12 AM

මටනම් දැන් එන එන ආණ්ඩුවල ඉන්න අයගේ මලු පුරවගන්න හැටි දැකල ඇතිවෙලා තියෙන්නේ අපේ මලු කවදාවත් පිරෙන්නේ නැ (අ)

:       0       0

ද සිල්ව මෙල්බර්න් Saturday, 31 October 2015 06:25 AM

එළවලු වාරය අවහම එළවලු කිලෝ එක රුපියල් 2-3 වත් විකුණා ගන්න බැරුව දඹුල්ලේ කුණු වෙනවා , දකුණේ එළවලු කිලෝ එක රුපියල් 100 ට නැගල , අතරමැදියන් තමා සල්ලි හොයන්නේ , දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ තනිකර මාෆියාවක් , එකේ සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙක් පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන්ට සම්බන්ධ පුද්ගලයන් බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා . විවෘත ආර්ථිකයක් තිබෙන රටක පිටින් ගෙන එන ආහාර ද්‍රව්‍ය සම්පුර්ණයෙන් නවතදමන්න බැහැ, නමුත් ලංකාව තුල නිෂ්පාදනය වන එළවලු පලතුරු නිසි පරිධි කල්තබාගැනීම සහ ප්‍රවාහනය කරගෙන අපතේ යාම නතර කරගෙන , ගොවියාට හොඳ මිලක් ලබාදී පාරිභෝගිකයාටත් දැරිය හැකි මිලකට එළවලු පලතුරු සහ වෙනත් අහරභෝග ලබාදීමෙන් අපේ අපිට පුළුවන් පිටරටින් එන ආහාර භෝග වලට වෙළදපලේ සටනක් දෙන්න එතකොට ඉබේම ඒවා ගෙන්වීම නතරවේවි , මේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට මට බලයක් නැත , බලය ඇත්තේ ජනාධිපති තුමනි ඔබට සහ ඔබගේ ආණ්ඩුවටය , පොළොන්නරුවේ ගොවි පරිසරයක හැදී වැඩුන ඔබට මේ ගැන හොඳ දැනුමක් ඇති බව මගේ වැටහීමය , (අ)

:       0       0

පද්මිණි Saturday, 31 October 2015 06:38 AM

කොස්,දෙල්,දිවුල්,අඹ පොල් කිරි මේ සියලු දේ කල් තබා ගතහැකි ක්‍රම තිබේ යුරෝපයට එන්නේ සේරම තායිලන්තය වියට්නාමය වැනි රට වලින් අපේ රටේ මේක්‍රම ක්‍රියාත්මක කරන්න (අ)

:       0       0

සිල්වා බර්ලින් Friday, 30 October 2015 01:57 PM

එළවලු පලතුරු වර්ග සෙල්ෂියස් අංශක 1 ක උෂ්ණත්වයේ ගබඩා කළොත් මාස 6 දක්වා කාලයක් නරක නොවී තබාගන්න පුළුවන් මේ ක්‍රමය තමා යුරෝපයේ ගිම්හාන කාලයේ එලවලු පලතුරු සීත කාලෙදිත් වෙළඳ පලට එන්නේ , අපිටත් පුළුවන් නිසි ගබඩා පහසුකම් තිබෙනවා නම් අපේ එළවලු පලතුරු කල්තබගෙන පිට රටින් මේවා ගෙන එන එක නවත්වන්න , ඔබතුමාලා මෙම ප්‍රශ්න රැස්වීම් වල රසකරල කීවට අනාගතය ගැන හිතල ඒවගේ වැඩසටහනක් ක්‍රියාවට නගන්නේ නැහැනේ ? හැමදාම ආඩපාලි කියා කියා ඉන්නවා මිසක් වැඩක් පටන්න්ගන්නේ නැහැනේ ? මොන ආණ්ඩුව අාවත් එකයි , දැන් බලේ තිබෙනකොට කරන්නකෝ අලුත් දෙයක් (බ)

:       0       0

ශානක Sunday, 01 November 2015 04:14 AM

මෙයා කවදා මේ කියන දේවල් කරන්න ඉන්නවාද මන්දා (බ) 

:       0       0

ඩයස් Friday, 30 October 2015 02:13 PM

පිටරටින් ගෙන්වන මෙරට වගා කළහැකි ද්‍රව්‍ය එකින් එක ගෙන්වීම අත් හිටුවමු. මුලින්ම මිරිස් සහා ලුණු ගෙන්වීම 2016 ජනවාරියේ සිට නවත්වා, මෙරට නිෂ්පාදකයාට දිරි දෙමු. ඉතරි ඒවාත් ප්‍රතිපල බලා ක්‍රියාත්මක කරමු. (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:38 AM

කැමති වෙනසක් වෙනවනම්. ඒ වෙනස දකින්න තමයි අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ජනතාව. (අ)

:       0       0

නිශාන්ත Sunday, 01 November 2015 06:41 AM

අපිත් එයාට දුන්න එක ගැන අද කනගාටු වෙනවා (බ)

:       0       0

ශාන් Friday, 30 October 2015 04:14 PM

වී ගොවියාගේ අස්වැන්නට පසුගිය දවස් වල කරපු දේ මතක ඇතිනේ. බුද්ධිමත් රජයක් හා රජයේ නිලධාරින්ට වැඩ කරන්න නිදහස දුන්නොත් මේකට හොඳ ප්‍රතිපල දෙන්න පුළුවන් (බ)

:       0       0

මහානාම - කඳාන Friday, 30 October 2015 04:22 PM

රනිල් මහතා රට පාලනය කරනවා , ජනාධිපති තුමා මොන්ටිසෝරි , පාසල් , රෝහල් , ගෙවතු , මල් වතු ආදිය විවෘත කරමින් බණ දේශනා කරනවා (බ)

:       0       0

සිල්වා Friday, 30 October 2015 04:33 PM

දැන් ඉතින් වැඩට බහින්න කාලය හරි. කතා කරනවා වගේම ප්‍රායෝගිකව වැඩේ වෙන්නත් ඕනෑ. විෂය දන්නා කට්ටිය පත්කරලා හරි මේ දේ ඉක්මනට කරන්න. ලංකාවේ හැම දෙයක්ම වගාකරන්න පුලුවන් නම් මොකටද පිටරටට දත නියවන්නේ? (නි)

:       0       0

ඇන්ටන් Saturday, 31 October 2015 10:40 AM

මුලින්ම ලංකාවේ වැවෙන පිටරටින් ගේන සියලු බෝග ගෙන්වීම නතර කළ යුතුයි එවිට ඒවායේ මිල වැඩිවෙනවා එක අවස්ථාවක් කරගෙන එම බෝග වැවීමට ආධාර දී දිරිමත් කළ යුතුයි මෙය යුද්ද කළා හා සමාන වැඩකි මිනිස්සු කෑගහයි, නැත්නම් හැමදාම කතා කරකර ඉදිවී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1480 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 597 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 703 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2459 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2373 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 953 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22657 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22597 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site