IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගනී

පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර ගන්නැයි මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අල්ලස් කොමිසම අද ඉල්ලා අස්කරගත්තේය.

මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් නඩුව ඉල්ලා අස් කර ගත් නිසා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එම් තිලකරත්න, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් සහ ජනාධිපති සබන්ධීකරන නිලධාරී හේමා මාදිවෙල යන සැකකරුවෝ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින්  මුදා හරිනු ලැබූහ.



අදහස් (0)

අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගනී

පාලිත Friday, 24 May 2013 12:49 PM

නඩු දාන්නෙත් අයින් කරගන්නෙත් මේ අයමයි.(නදී)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 10:17 PM

මම හැමදාම කියනවනේ බල්ලාගේ නීතිය කියලා. ඔය නීතිය තියෙන්නේ මහා අයට හොර වැඩ කරලා රිංගලා යන්න.(නදී)

:       0       0

සනත් Friday, 24 May 2013 12:51 AM

මානව හිමිකමි කොමිසම දැන් සුදු අලියෙකු බවට පත් වී ඇත.(නදී)

:       0       0

පෙරේරා Thursday, 23 May 2013 04:36 PM

ඔව් ඉතින් එහෙම වෙන්න ඕනා නේ දැන් ක්‍රමය අනුව. (නදී)

:       0       0

කුමාර Thursday, 23 May 2013 04:52 PM

අයියෝ සල්ලි

:       0       0

ටානිය Thursday, 23 May 2013 04:50 PM

දෙයියෝ සාක්කි

:       0       0

වරුණ Thursday, 23 May 2013 04:50 PM

අල්ලස් කාරයෝ මිනිමරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්නා ආකාරයෙන් පෙනී යන්නේ මේකද සැබෑ අස්චාර්ය කියලා.(නදී)

:       0       0

උපාලි Friday, 24 May 2013 02:28 AM

ලකී, සමන් කුමාර, හොඳයි ඔය දෙක වහල දැම්ම කියමුකෝ. එතකොට ඉතාම අහිංසක අපේ කට්ටිය ගෞරවනීය විදිහට නිදහස් කරන්නත් අනික් කට්ටිය අල්ලල පොළොවේ ගහන්නත් නීත්‍යානුකුල ආයතනයක් නැතුව යනවනේ. එක නීත්‍යානුකුල නොවන විදිහට කෙරෙනවා තමයි. එක වෙනම කතාවක්. එත් රටට පෙන්නන්න මොකක් හරි තියෙන්න එපාය. නැද්ද හොඳයි? (නදී)

:       0       0

බමුණු Friday, 24 May 2013 02:45 AM

ඕකවත් කරගන්න බැරිනම් මගේ මහා ඇමති කමෙන් වැඩක් තිබෙනවද?(නදී)

:       0       0

සුමනා Thursday, 23 May 2013 05:05 PM

"නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ", අල්ලස් කොමිසමත් මහා ඇමතිතුමාත් එකම පැත්තේ.(නදී)

:       0       0

ලකි Thursday, 23 May 2013 05:03 PM

ලංකාවේ උසාවි සියල්ලම වසා දැමුවොත් කොහොමද? මම මේ නිකන් යෝජනාවක් විතරයි කළේ (නි)

:       0       0

අපොන්සු Friday, 24 May 2013 03:39 AM

අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වගෙයි. (නි)

:       0       0

දේශාන් Thursday, 23 May 2013 05:08 PM

ඉතිහාසය වෙනස් වෙමින් පවතී (නි)

:       0       0

සුදීර Thursday, 23 May 2013 05:08 PM

ලංකාවනෙ ඉතින්.. රට ගැන අවසානයේ ඉතිරි වෙන්නෙ කලකිර්‍රමක් විතරයි. මේකෙන් පිටව යන්න කාලය හරි වගේ.(නි)

:       0       0

සුනිල්-මෙල්බර්න් Friday, 24 May 2013 04:11 AM

ලංකාවේ තියෙන සියලුම උසාවි ව්හලා නීතිපති විහරක් හිටියම මදිද? මේ වගේ ශිරාණි බණ්ඩාරනයකව නිදහස් කරන්න බැරි ඇයි? (නදී)

:       0       0

සමන් කුමාර Thursday, 23 May 2013 05:14 PM

අල්ලස් කොමිසමත් අහෝසි කරල දැම්මොත් නරකද? (නි)

:       0       0

සරත් හේවගේ Thursday, 23 May 2013 05:15 PM

එතකොට අල්ලස් කොමිසම කියන එකේ තේරුම මොකක්ද ? මේ රටේ හුගක් අය වගේ මමත් ඉස්කෝලේ ගිහින් නැහැ. ඒක නිසා දැනගන්න මේ අහන්නේ (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 24 May 2013 04:42 AM

අල්ලස් කොමසාරිස් ට බලපෑම් කර ඇත /නැත . නිවැරදි පිළිතුරට ඉරක් ගසනු.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 May 2013 05:32 PM

මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා හොඳ මහත්මා ගති ඇති පුද්ගලයෙකි. ඔහු නිතරම දුප්පත් ජනතාව අතරට පැමිණි අයෙකි (නි)

:       0       0

අසාද් Thursday, 23 May 2013 05:37 PM

නීතිය උස් මිටිකම් අනුවයි.(නදී)

:       0       0

මාලා Thursday, 23 May 2013 06:02 PM

ඔය නීති තියෙන්නෙ අපි වගේ සොක්කන්ට මිස රට කරවන ලොක්කන්ට නොවේ ආයිබොවං. අල්ලස් කොමිසමේ අයට ඒක තේරිල තියෙන්නෙ දැන් වගේ.(නදී)

:       0       0

සරත් Friday, 24 May 2013 08:44 AM

ෂෙරිෆ් ඔයා මකියවලි ගේ කුමාරයා පොත කියවන්න.(නදී)

:       0       0

උපාලි Friday, 24 May 2013 08:52 AM

අල්ලස් කොමිසම පිහිටෙව්වේ කිසිවෙකුට යටත් නැති ඉතාම ස්වාධීන ආයතනයක් හැටියට පනතකින්. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු ඒකඡන්දයෙන් අනුමත කල එකම පනතත් මේක වෙන්න ඇති ඉතිහාසෙටම. ප්‍රශ්නේ තියෙන්නේ ඒ තරම් ස්වාධීන ආයතනයක් අවුරුදු කීපයක් යනතුරු මේ නඩුව පවත්වාගෙන ගිහින් එක පාරටම ඉල්ලා අස් කරගත්තේ ඇයි කියන එකයි. (නි)

:       0       0

චන්දිමාල් Thursday, 23 May 2013 06:45 PM

තවත් ආශ්චර්යයක්. මේක තමයි ශ්‍රී ලංකාව. (නි)

:       0       0

අලි ඛාන් Friday, 24 May 2013 10:26 AM

අල්ලස් කොමිසමත් අල්ලස් අරගෙනද වැඩේ කළේ. නැත්නම් බලයට බයේද?(නදී)

:       0       0

පෙරේරා Thursday, 23 May 2013 07:33 PM

සරත්, මයේ හිතේ අල්ලස් ගන්න අය ඒ සල්ලි තැන්පත් කරන තැනක් වෙන්ඩ ඇති.(නදී)

:       0       0

රංගන Thursday, 23 May 2013 07:40 PM

ඉල්ලා අස් කරගන්න නම් නඩු දැම්මේ ඇයි? මොනවද මේ වැඩ වල තේරුම? (නි)

:       0       0

පියුමි Thursday, 23 May 2013 08:10 PM

ෂෙරීෆ් බ්‍රෑන්ඩ් මඩ සෝදන වොෂින් මැසිම.(නදී)

:       0       0

ජෙප් Friday, 24 May 2013 11:13 AM

මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයේ විදුහල්පති තුමනි ඔබතුමා දැන් පරිස්සමින්. (නදී)

:       0       0

ප්‍රියනාත් ඉද්දමල්ගොඩ Friday, 24 May 2013 11:19 AM

ඔබ අවංකාව හා නිහතමානිව කළ උපකාර කෘතවේදිව සිහිපත් කරමු. එයින් සැනසුම ලැබු දරුවන් හා මාපියන් අපමනය. සුභ පැතුම් (නි)

:       0       0

චන්ද්‍රභානු Thursday, 23 May 2013 08:29 PM

සරත් හේවගේ මහතාණෙනි, මෙවැනි සරල දේ ඉගෙන ගැනීමට පාසල් යා යුතුද? (නි)

:       0       0

අරුණ Thursday, 23 May 2013 08:57 PM

දැන් උසාවි තියෙන්නේ හෙල්මට් නැතිව යන, ත්‍රී ව්හීල් වලට, ඩිමෝ බට්ට වගේ අන්තිම අඩියේ ඉන්න අපි යන වාහන වලට නඩු දන්නා විතරයි. පෞද්ගලික බසුත් ඒ ගොඩේම තමයි.(නදී)

:       0       0

විජේසුරිය Friday, 24 May 2013 12:11 PM

තව ටික දවසකින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ කෙනාට නඩු දායිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 904 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 420 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 918 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3339 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 602 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site