IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අල්ලස් කොමිසම වැඩට බසී

මේ වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග කියයි.

එම පැමිණිලි අනුව මේ වන විට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පස් දෙනකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත, සංචාරක ප්‍රවර්ධන කාර්යශයේ හිටපු කළමනාකර අධ්‍යක්ෂ රූම් ජවුෆර් එම රාජ්‍ය නිලධාරීහුය. ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ද ගුවන් ගමන් බලපත්‍ර තහනම් කරනු ලැබ ඇත.

ඔවුන් සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් කර නැතැයි ද, විමර්ශන අවසන් වූ පසු නඩු පැවරීම බලාපොරොත්තු වන බව ද කොමිසම පවසයි.

තවත් දේශපාලනඥයන් පිරිසක් ළඟදීම කොමිසමට කැදැවීමට නියමිතය.

 



අදහස් (0)

අල්ලස් කොමිසම වැඩට බසී

දිල්හානි Thursday, 05 March 2015 07:16 AM

ඉතාම හොදයි. වැඩ කොහෙන් හරි පටන් ලගන්න තමයි ඕනේ. එකපාරට ආශචර්ය කරන බැහැ බව ජනතාව දන්නවා. (ර)

:       0       0

කරුණාදාස Thursday, 05 March 2015 07:23 AM

එක්කෙනෙක් හරි අල්ලනව නම් ඒකත් හොදයි. මොකද පහුගිය කාලේ එක හොරෙක්වත් ඇල්ලුවෙ නැහැ. (ර)

:       0       0

ලසිත Thursday, 05 March 2015 07:27 AM

ලංකාවේ සමහර අයට මොනව කලත් හොදක් දකින්න බැහැ‍. තමන්ගේ පැත්තෙ අය තමන් කැමති අය කරන දේවල් විතරයි ඇත්ත. ඇස් පනා පිට වැරදි දැක දැකත් ඒ වැරුද්ද වැරැද්දක් විධියට දකින්නේ නැහැ. අනික් මනුස්සයගේ වැරදිම හොයනවා. අනේ මන්ද මේ රට කවදා ගොඩ ගන්න පුවවන් වෙයිද කියලා. (ර)

:       0       0

විසල් Wednesday, 04 March 2015 01:54 PM

කෝ...තාමත් දැනෙන දෙයක් සිදු වුනේ නැහැනේ.කියන තරම් යකා කළු නැහැ නේද ! ඒ වාගේම ගොරවන තරමට වැහින්නේත් නැහැනේ.අපි බලා සිටිමු.(හේ)

:       0       0

කපිල Thursday, 05 March 2015 07:36 AM

දූෂිතයන් අල්ලන්න අමාරුයි. ඉතිම කට්ට හා සුක්ෂම විධියට තමයි ඕවා කරලා ඇත්තේ. මම නම් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට මේ රටේ දූෂිතයන්ට පගා ක‍ාරයන්ට කුඩු කාරයන්ට ඉඩක් නොලැබේවා කියලයි. දැනටත් කුඩු අඩු වෙලාලු, පගා ගැනිම් අඩු වෙලාලු, ඒවා ඇත්තටම හොඳ අනාගත ලකුනු. ඔය අතරේ කෙවින් කිව්වා වගේ කම්බා හොරුන්ව අල්ලා ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. (ර)

:       0       0

සම්පත් උදාර Thursday, 05 March 2015 07:47 AM

මේ රජය මේ දින 50 ඇතුලත කරපුවා ඉතාම හොදයි. (ර)

:       0       0

සම්පත් වන්නිආරච්ච් Thursday, 05 March 2015 09:00 AM

අළුත ගෙනා මනමාලී. ඉහල ගෙටයි පහළ ගෙටයි දෙකටම බෙදුවට පරණ වෙනකොට තමයි ඇගේ නියම චර්යාවන් දකින්න ලැබෙන්නෙ.(නදී)

:       0       0

ගයන් Wednesday, 04 March 2015 04:40 PM

2014දී බොදු බල සේනාව විසින් රාජිත සේනාරත්න ධීවර නැවූ 8 සම්බන්දව අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේවා ගැන පරීක්ෂණ කරලා ඉවරද ? මාර්තු 3 දින තව කණ්ඩායමක් මෙය ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරා. (ස)

:       0       0

යශෝධා Wednesday, 04 March 2015 05:02 PM

බලමුකෝ වැඩ කොහොමද කියලා (නි)

:       0       0

පෙරේරා Wednesday, 04 March 2015 05:35 PM

පසුගිය පාලනයේ දූෂිත පුද්ගලයින් කී දෙනෙකුට විරුද්ධව මේ වෙනකොට නඩු දාලා තියෙනවද කියන එකයි අපිට වැදගත් වෙන්නේ. (නි)

:       0       0

නඩරාජා Wednesday, 04 March 2015 07:40 PM

ඔහොම යමු දින 100 යනතුරු (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 04 March 2015 10:27 PM

කවුද ඉතින් කැමති නැත්තේ නිකන් ඉඳලා තමන්ගේ මල්ල පිරෙනවා දකින්න.හැමදාමත් අපේ රටේ වෙන්නේ ඔයදේනේ (නි).

:       0       0

විකුම් Thursday, 05 March 2015 12:59 AM

යන්තම් ඇති යමක් පටන් ගත්තා. හැබැයි අවසානයටම ගෙනයන්න. (නි)

:       0       0

විකුම් Thursday, 05 March 2015 01:03 AM

දැනට සෙවුවේ ඔය නම් ටික ගැන විතරද? (නි)

:       0       0

කෙවින් Thursday, 05 March 2015 01:35 AM

කම්බා හොරුන් පළමුව අල්ලන්න. ජනතාව බලාඉන්නේ ඒ දෙසයි. විධායක බලය අතේ තියාගෙන රට හදන්න සාධාරණ දේවල් වෙනුවෙන් එය පාවිච්චි නොකර ඉන්න එපා. පාවිච්චි නොකර සිටියයුත්තේ දූෂණය හා අසාධාරණ වැඩ වෙනුවෙන් පමණි. (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:38 AM

අර උඩුවියන් බැඳලා, පාවඩත් දාලා හකුරු හදපු කතාව මට මතක්වුණා (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 05 March 2015 03:44 AM

මේ පරීක්ෂණත් හරියට බාලගිරි දෝසෙ වගේ. දින 100 ඉවරවෙනකම් මාධ්‍ය සංදර්ශන තිය තියා යමු. දවසින් දවස ප්‍රමාදයට හේතු කියනවා. ආයේ ඡන්දයක් එනවා නේද.? (ර)

:       0       0

කරූ Thursday, 05 March 2015 03:54 AM

අපි තව තව රජයට පිඩනයක් එල්ල කරන්න ඕනෙ මේවා කඩිනම් කරන්න හා කෙවින් කිව්වා වගේ කම්බා හොරුන්ව අල්ලා ගන්න. (ර)

:       0       0

ධම්ම Thursday, 05 March 2015 04:10 AM

තුන්දෙනෙක් කොටුකරගන්න දින පනහටකට වැඩිය ගියා. මැතිවරණ කාලේ කියපු හොරු රංචුව අල්ලන කොට ආණ්ඩුවේ කාලය ඉවරවෙයි වගේ. (ර)

:       0       0

ලක්ෂමන් Thursday, 05 March 2015 04:55 AM

අල්ලස් කොමිසම කියන්නේ කුණුහරුප වචනයක් නේද? කැත වචන පොඩි අයත් ඉගෙනගන්නවා මේවා (නදී)

:       0       0

නිහාල් Thursday, 05 March 2015 05:01 AM

ඔය එකක්වත් ඔප්පුකරන්න පුළුවන් විදියට කරලා නැහැ. අපරාදේ හොයන්න වියදම් කරන සල්ලි (නදී)

:       0       0

අබේරත්න Thursday, 05 March 2015 04:44 PM

නො‍කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ. මේවා ඔක්කම මහජනතාව රවටන වැඩ කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 65 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 485 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 247 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 358 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1115 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2905 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site