ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ
මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
අල්ලස් කොමිසම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක් තුළ දීය.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අල්ලස් ගත්තැයි ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති අත්අඩංගුවට
Chandana F Thursday, 03 May 2018 02:55 PM
අපේ රටට දෙයියංගෙම පිහිටයි
C.K.Lankaputhra Thursday, 03 May 2018 02:58 PM
මේ වගේ පුදුම දේවල් ඉස්සර සිදු වුනාද? මැදහත් සිතින් ටිකක් හිතලා බලන්න.
Mahee Thursday, 03 May 2018 03:22 PM
ඔන්න පළමු වතාවට අල්ලස් කොමිසමට මගේ ප්‍රණාමය පුදන්න අවස්තාවක් ලැබුනා. මං හිතන්නේ සරත් ජයමාන්න මහත්තයාගේ වැඩ කිඩ මේ. ඔබට ස්තුතියි, ජය වේවා!!!
Sisili Bisili Thursday, 03 May 2018 03:37 PM
අල්ලස් හෝ දුෂණ හෝ විමර්ශන කොමිෂන් සභාව දැන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එහි සභාපතිතුමාට ස්තුතියි.
සතයපාල Thursday, 03 May 2018 04:12 PM
රටේ නායකයයගේ කාර්යාලයේ ප්‍රධානියා අල්ලස් චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගත්තා කිව්වම හිතට සතුටක් ඇති වුනා. ඒ මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරලා තියනවා කියන අදහස ඇතුව.
Pohottu Bamunaa.Friday, 04 May 2018 02:34 AM
අපිටත් එහෙම සතුටු වෙන්න තිබුනා ඒක අල්ලස් එකෙන් අල්ලන්න කලින් අදාළ අංශ අල්ලා ගත්තා නම්.ඒත් තනතුර අහෝසි කලේ අල්ලස් එකෙන් ඒ බව දැනුම් දුන්නම.මෙහිදී නීතිය හා සාමය ඇමතිටයි,අල්ලස් එකටයි,අදාළ අනෙක් දෙනාටයි ස්තුතිවන්ත විය යුතුයි.මොහු හා සම්බන්ධ තවත් ය සිටීදැයි ඉක්මනින්ම සොයා බැලිය යුතුයි.
naradha Thursday, 03 May 2018 05:19 PM
ලංකාවට විදේශීය යෝජනා නොපැමිණීමට එක් හේතුවක් නම් රජයේ නිලධාරීන් සහ මන්ත්‍රීවරු ආයෝජකයින්ගෙන් අල්ලස් සහ කොමිස් ඉල්ලා සිටීමයි.
sanath Thursday, 03 May 2018 06:04 PM
මැති ඇමතිවරු අල්ලස් ගන්නේ නැතිනම් ගන්න සොච්චම් පඩියෙන් කොහොමද එයාල අවුරුදු 5ක් ඇතුලත කෝටි දහයේ පහලවේ ගෙවල් දෙක තුන හදන්නේ කෝටි පහේ දහයේ සුකෝපභෝගී වාහන හතර පහ ගන්නේ. අල්ලස් කොමිසම මේවා ගැනත් සොයා බැලුවොත් රටේ සල්ලි යටිමඩි ගහන්නේ කොහොමද කියලත් සොයාගන්න පුළුවන් වෙයි.
sunil perera Friday, 04 May 2018 12:34 AM
අල්ලස් කොමිසමට ජයවේවා !!! මීට පස්සේ අල්ලස් සිද්ධිය දැනගත්තොත් බය නැතිව කොමිසමට කියන්න. පේනවා නේද යහපාලනයේ තරම...? බඩ ගැන පමණක්ම සිතන්න එපා. දියවන්නාව පැත්තට ගියොත් 200කට වඩා අල්ලාගන්න පුළුවන්... අල්ලස් කොමිසමේ අදාල නිලධාරින්ට හිස නමා ආචාර කරමි.